• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාතික උරුමයක් කළ දන්නෝ බුදුන් ගීයේ කවුරුත් නොදත් කතාව I Sri Lanka Latest News

May 25, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණයත් සමග එම ගීතය පිළිබඳ කතාබහක් මතුව තිබේ. 1903 වර්ෂයේදී ජෝන් ද සිල්වා සූරීන් රචනා කොට, විශ්වනාත් ලව්ජී තනු නිර්මාණය කර තිබෙන සිරිසඟබෝ නෘත්‍යයේ ඇතුළත් මේ ගීතය වසර 120ක් පමණ පැරැණි ගීතයකි.(Sri Lanka Latest News)

මෙම නෘත්‍ය ගීතය මෙරට ජාතික ගීය භාවිතයට ගැනෙන තුරු උත්සව සහ වෙනත් අවස්ථාවලදී එම ගීතය ජාතික ගීතයක් හා සමානව භාවිතයට ගෙන ඇති බවට සාක්ෂි පවතී. ජාතික වින්දනයට සහ චින්තනයට ශතවර්ෂයකට අධික කාලයක් එම ගීතය අඛණ්ඩව බලපා තිබෙන බව සැලකිල්ලට ගනිමින්, ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත කර ඇත.

මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රවීණ සංගීතවේදී විශාරද එඩ්වඩ් ජයකොඩි පවසා සිටියේ මෙම ගීතය ජාතික උරුමයක් ලෙස නම්කිරීම ඉතා වටිනා ක්‍රියාවක් බවයි.

‘ඔය ගීතය කවදාවත් නොමැරෙන ගීතයක්. ඉතින් මේ ගීතය ජාතික උරුමයක් ලෙස නම් කරපු එක, දැනට නෘත්‍ය ගී ගායනා කරපු සහ ඒවා දැනට උගන්වන කලාකරුවෙක් ලෙස මට හරිම සතුටක් දැනෙනවා.’ ඔහු පවසා සිටියි.

නෘත්‍ය කලාවේ ඉතිහාසය සහ ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය වීමට හේතු

1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණි නූර්ති කලාව මෙරට ජනතාව අතර ඉක්මනින් ජනප්‍රිය වූ බව සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පවසා සිටියේය.

‘1880 වර්ෂයේදී උතුරු ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන නාට්‍ය කණ්ඩායමක් තමයි නෘත්‍ය රංග සම්ප්‍රදාය පළමුවෙන් මෙරටට රැගෙන එන්නේ. ඔවුන්ගේ පළමු උත්සාහය වුණේ රුවල් නැවකින් එංගලන්තයට ගොස් මේ නාට්‍ය සම්ප්‍රදාය එහෙදී රඟදක්වන්න. නමුත් එංගලන්තය වැනි දීර්ඝ මුහුදු ගමනකදී මුහුණ දෙන්න සිද්ධ වෙන විවිධ ආපදාවල පෙරහුරුවක් විදිහට තමයි එම කණ්ඩායම ඉන්දියාවට ආසන්නම රට වන ලංකාවට එන්නේ.’

‘ඒගොල්ලෝ පාර්සි භාෂාව කතාකරන නාට්‍ය කණ්ඩායමක්. පළමු වරට රඟදක්වපු නාට්‍ය තමයි ඉන්දර් සභා. ඒ කියන්නේ දේව සභාව කියන නාට්‍යය. ඒකේ ප්‍රධාන නළුවා බොහොම රූපසම්පන්න කෙනෙක්. එයාගේ නම තමයි බලිවාලා කියන්නේ.’

‘මේ නාට්‍ය කණ්ඩායම ඉතිහාසයේ නම් තුනකින් හඳුන්වනවා. බලිවාලා රූමත් නළුවා නිසා බලිවාලා නාට්‍ය කණ්ඩායම විදිහටත්, පළමුව රඟදක්වපු ඉන්දර් සභා කියන නාට්‍යයේ නම නිසා ඉන්දර් සභා නාට්‍ය කණ්ඩායම කියලා වගේම ඔවුන් නාට්‍ය පෙන්වූ භාෂාව වූ පාර්සි භාෂාව නිසා පාර්සි නාට්‍ය කණ්ඩායම කියලත් මේ අයව හඳුන්වා තිබෙනවා. මේ නම් තුනෙන්ම හඳුන්වන්නේ එකම නාට්‍ය කණ්ඩායම.’

‘මේ අය ඇවිල්ලා මුලින්ම පිටකොටුවේ වර්තමානයේ කොළඹ වරාය ඉදිරිපිට තිබ්බ ශාමස් ධාන්‍යගාරයේ තමයි පළමු නාට්‍ය රඟදක්වලා තියෙන්නේ. මේ නාට්‍යයේ තිබුණු වර්ණවත්භාවය සහ සංගීතය නිසා ඉතා ඉක්මනින් මෙරට ජනතාව අතර නෘත්‍ය රංග සම්ප්‍රදාය ජනප්‍රිය වුණ’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පවසා සිටියේය.

නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රවීණයන් කවුරුන්ද?

සිංහල නූර්ති රංග සම්ප්‍රදායේ පුරෝගාමීන් ලෙස අමතක කළ නොහැකි නම් කිහිපයක් ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පවසා සිටියේය.

‘නෘත්‍ය රංග සම්ප්‍රදායේ මෙරට ප්‍රාරම්භකයා තමයි දොන් බස්තියන් ජයවීර බණ්ඩාර. ඔහු නාඩගම් රචකයෙක් වගේම ආරම්භක නෘත්‍ය රචකයෙක් විදිහට සැලකෙන්නේ. ඊට පස්සේ මහා දැවැන්තයෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නම නීතිඥවරුන්. ඔවුන් තමයි නීතිඥ ජෝන් ද සිල්වා, නීතිඥ චාල්ස් ඩයස්. ඔවුන් මේ කලාවට විශාල දායකත්වයක් ලබාදීලා තියෙනවා. ඒ නීතිඥ චාල්ස් ඩයස්ගේ මාමා තමයි හෙන්රික් සෙනවිරත්න. ටවර් රඟහලේ අයිතිකරු තමයි ඔහු.’ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවැසුවේය.

‘වර්තමානයේ දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා ගීතයේ තනුව වැරැදියි’

වර්තමානයේදී ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා’ ගීතය සඳහා භාවිත වන තනුව වැරැදි එකක් බව කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවැසීය.
‘ගුවන් විදුලි සංස්ථාවේ තැටි ගබඩාවේ තියෙනවා මුලින්ම ගායනා කළ තැටිය. එය ගායනා කර තියෙන්නේ එච්.ඩබ්ලිව්. රූපසිංහ හෙවත් රූපසිංහ මාස්ටර් විසින්. හැබැයි ඒකෙ පොඩ්ඩක් තනුව වෙනස්. දැනට වර්තමානයේ භාවිත වන්නේ වැරැදි තනුවක්. ඔරිජිනල් තනුව අහන්න ඕනේ නම් රූපසිංහ මාස්ටර් ගායනා කරපු ගුවන්විදුලි සංස්ථාවේ තියෙන තැටිය අහන්න ඕන.

ගීතය ඉතාම වැරැදි විදියට භාවිත වුණා. වරක් ලෝරන්ස් කියලා නමක් තියෙන කෙනෙක් බටහිර උරුවට මේ ගීතය ගායනා කළා. අන්තිමේදී ගොඩක් අය කිව්වා මේක බටහිර ගීතයක් කියලා. ඒ වගේ ගොඩක් විකෘතිවලටත් ගීතය භාජනය වුණා.’

‘මේ ගීතය බටහිර විදියට කියන්නත් පුළුවන්, හින්දුස්තාන් විදියට කියන්නත් පුළුවන්, දේශීය විදියටත් කියන්න පුළුවන් අතිශය ලස්සන තනුවක් තියෙන ගීතයක්’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ කියා සිටියේය.

මෙරට භාවිත වන පැරැණිම තනුවක්

වසර 120කට වඩා පැරැණි දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා ගීතය දැනට මෙරට භාවිත වන පැරැණිම තනුව සහිත ගීතයක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පෙන්වා දුන්නේය.

‘අපේ දැනට තියෙන පැරැණිම තනුවක්, වර්තමානයේ මංගල උත්සවයන්වලදී මංගල යුවල පෝරුවෙන් බැහැලා කේක් කපන්න ගියාම මුලින්ම පටන්ගන්න කියලා ඥාතීන් ඉල්ලන්නේ දන්නෝ බුදුන්ගේ ගීතයේ අනුවාදනය. හැබැයි ඒකට හේතුව ඥාතීන් දන්නෙත් නැහැ. හේතුව තමයි දීර්ඝායුෂ. ලංකාවේ තියෙන දීර්ඝායුෂ ගීතය නිසයි මේක වාදනය කරන්න කියන්නේ. දැන් ඕනෑම රංග ශාලාවක් විවෘත කරන්න යද්දී පෙන්වන්න කියන්නේ මනමේ නාට්‍යය. ඇයි දිර්ඝායුෂ. මනමාල යුවලට දීර්ඝායුෂ පතන්න මේ ගීතය භාවිත කරනවා, සමාජ උත්සවවලදී එහෙම.’ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහානාම වික්‍රමසිංහ පැවැසුවේය.

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා’ ගීතය පළමු වරට ගායනා කළේ කවුද?

‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්දා’ ගීතය පළමු වරට ගායනා කළේ කවුරුන්ද යන්න ඉතිහාසයේ සඳහන් නොවන බව අප කළ විමසීමකදී ටවර් හෝල් රංග පදනමේ වැඩසටහන් අංශය සඳහන් කළේය.

ඔවුන් සතුව ඇති පුස්තකාල තොරතුරු අනුව එම ගීතය වික්ටර් වික්‍රමගේ, නිශ්ශංක දිද්දෙණිය, නිමල් ජයසිංහ යන ශිල්පීන් ගායනා කර තිබේ. එමෙන්ම අතීතයේදී රුක්මනී දේවි ද මෙම ගීතය ගායනා කර ඇති බව ප්‍රකාශ වී ඇත.

බීබීසී සිංහල සංදේශය

SendShareShare
Previous Post

වන්දි කන්ද ගන්න ගිහින් එක්ස්ප්‍රස් පර්ල් නැවෙන් එළියට ආපු කුණු නැව I Sri Lanka Latest News

Next Post

ලෝකයේ ආණ්ඩු පෙරළන රැල්ල ලංකාවටත් බෝ වෙයිද I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.