• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කසුන්ලගෙ ඉරාජ්ලගෙ ගැටුම අලුත් නෑ… මේක පිටුපස තිරනාටකය හොඳින් කියවන්න I Sri Lanka Latest News

August 1, 2023
in Exclusive, Heart, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ කලාකරුවන් දේශපාලන වේදිකාවට පය තැබීමේ කලාව ප්‍රසිද්ධ මාතෘකාවක් වූයේ අදක ඊයේක නෙමේය. එයට අප කවුරුත් දන්නා තරමක් ඈත අතීතයක් තිබුණේය. ඒ, තරමක් ඈත අතීතය ගැන කතාකරන කොට බොහෝ විට රසකර කියන්නට පුළුවන් එක සංසිද්ධියක් වන්නේ එක්දහස් නවසිය හැත්තෑ එකේ මහ මැතිවරණයයි.(Sri Lanka Latest News)

එහිදී සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහ පක්ෂය සහ ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය අතර තිබුණේ මහා සටනක්ය. ජනප්‍රිය කලාකරුවෝ ජය පහට පිලෙන් පිල බෙදී සිටියහ. එතැනදී වැඩිපුර කලර්ස් පෙන්වූයේ දීප්තිමත් කොළ පාටින් හැඩවුණු නළු නිළියන් පිරිවරාගත් එක්සත් ජාතික පක්ෂයයි. රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා, සෝනියා දිසා, රුක්මණී දේවි ඇතුළු සුපිරි තරු දේශපාලන මීටින්වල මුලසුන දැරූහ.

හෙළ රැජින මාලනී ෆොන්සේකා සමග ජෝඩු විලාසිතාවට රඟපෑ විජය කුමාරතුංග හිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමගය.

ජය පරාජය කෙසේ වුවද නිල්, කොළ පාට කොයික වුවද එදා කලාකරුවන් දේශපාලන වේදිකාවට නැගීමේ කලාව තුළ හැඳුනුම්කම් තිබුණේ නැත. එකිනෙකාට මඩගසා ගත්තේ නැත. මොනර කඩදාසි මිටි ගණන් පිරුණු බෑග් ඒ ඒ පක්ෂය වෙනුවෙන් කතා කළා කියා හිලව්වට ගත්තේ නැත.

මොනවා හෝ තනතුරක් ඉල්ලා තම තමන්ගේ පක්ෂ නායකයන් පසුපස ගිහින් වැඳවැටුණේ නැත. ඡන්දයෙන් පසුව ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය කලාකරුවන් වෙනුවෙන් ස්තුති කළ එකම ක්‍රමය වූයේ සුපිරි භෝජන සංග්‍රහයක් පිළියෙල කොට, ඩිනර් පාටියක් දීපු එක හෝ කලාවේ උන්නතිය වෙනුවෙන් යමක් ඉටුකොට දීම පමණය.

කලාකරුවන් අතරද තම තමන්ගේ දේශපාලන දැක්ම ගැන මතිමතාන්තර ඇතිවූ සංගදි ඒ දවස්වල තිබුණේ නැත. එදා දවස තුළ තම තමන් තෝරාගත් පක්ෂ වෙනුවෙන් කතාකරන්නට වේදිකාවට නගින විජය සහ රවීන්ද්‍ර පසුදා නැවත සෙට් එකේදී සිය චරිත නිරූපණය සඳහා ඉතා සුහදව එකතු වූහ.

විජය හෝ රවීන්ද්‍ර විතරක් නෙමේය. එක්දහස් නවසිය අසූ ගණන්වලදී යූ.ඇන්.පී.යේ තනතුරු දරපු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා යූ.ඇන්.පී. ආණ්ඩුව යටතේ දඟගෙට නියම වූ විජය කුමාරතුංගගේ නිදහස වෙනුවෙන් බොහෝ වෙහෙස වූ බව කලාකරුවන් මෙන්ම මාධ්‍යවේදීන්ද හොඳාකාරව දැනගෙන සිටියහ.

‘සරසවිය’ පුවත්පතේ කූපන් ක්‍රමයට ජනප්‍රිය නළු සම්මානය විජයට හිමිවන්නට තිබූ එක් අවස්ථාවකදී එවක පැවැති ප්‍රේමදාස ආණ්ඩුව එය ගාමිණීට පිරිනැමීමේ සැලසුමක ඉන්නකොට ගාමිණීම තමයි සම්මානය විජයට නොදුන්නොත් තමා සම්මාන උළෙල වර්ජනය කරන බවට තදින්ම කියලා තිබුණේ. ගාමිණී සමග තදින්ම ඇඟෑලුම්කම් පෑ ප්‍රවීණ මාධ්‍යවේදී ඒ.ඩී. රංජිත් කුමාර, ඒ විස්තරය වතාවක් ‘මව්රට’ ඉන්ටර්විව් එකකදීත් පවසා තිබුණා.

රණසිංහ ප්‍රේමදාසගේ වේදිකාවලත්, ගම්උදාවලත් සින්දු කිය කියා නටපු ජෝතිපාල යූ.ඇන්.පී.යට විරුද්ධව කතා කළ මහජන පක්ෂ නායක විජය කුමාරතුංගගේ අතිජාත මිත්‍රයෙකි. යූ.ඇන්.පී.ය තමාට කෙනෙහිලිකම් කෙරුවා කියලා ප්‍රේමදාස වෙනුවෙන් සින්දු කියා නටපු ජෝතිපාල එක්ක විජය අමනාප වූයේ නැහැ. ඔහුට මඩ ගැහුවෙත් නැහැ. දෙන්නට දෙන්නා බහින්බස් වුණෙත් නැහැ. ජෝති ගැන දේශපාලනය සම්බන්ධව කතාකරන කොට තවත් සිදුවීමක් මතකයට එනවා.

ඒ, ජී.එස්.බී. රාණි සහ ගීත කෝකිලාව ලතා වල්පොල ගැන. ජෝති, ලතා, ජී.එස්.බී. රාණි කියන්නේ ඒ කාලේ සංගීත කලාවේ එකම දම්වැලක පුරුක් වගේය. නමුත් දේශපාලනයේදී ජී.එස්.බී. රාණි පය තිබ්බේ සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු වේදිකාවලටය. ලතා, ජෝති පය තිබ්බේ ඒ කාලේ ජේ.ආර්. ජයවර්ධන සහ රණසිංහ ප්‍රේමදාස ප්‍රමුඛ යූ.ඇන්.පී. වේදිකාවටය. එහෙමය කියලා මේ ප්‍රවීණ ගායක ගායිකාවන් අතර ආරවුල් හෝ පොඩි පොඩි කොසු තිබුණේ නැහැ.

ඔවුන්ගේ දේශපාලන මතය එකකි. සංගීත කලාව සමග බැඳුණු යාළුකම එකකි. ප්‍රසංගයකදී හෝ සාදයකදීවත්, ගීත පටිගත කිරීමකදීවත් මේ යාළුවෝ තුන්දෙනා දේශපාලනය ගැන මොනවත්ම කතා කළේ නැහැ. ඒ වගේම දේශපාලනයෙන් හරිහම්බ කළෙත් නැහැ.

කොටින්ම කියනවා නම් ඒ දවස්වල කලාකාරයෝ දේශපාලනය එක්ක එක හවුලකට වැඩකරපු ඒ කලාව හරිම අලංකාරයි. බලන්න ලස්සනයි. පාවාදීම්, මඩගැසීම්, එකිනෙකා ගැන ද්වේශයෙන් කරන කතා, කල්ලිගැහීම් සහ පලිගැනීම් ඒ දේශපාලන ගනුදෙනුවල කවදාවත් තිබුණේ නැහැ. ඔවුන් කාටවත් විකිණුනේ නැහැ. කාගෙවත් පාවිච්චියක් වුණේ නැහැ.

ඒ, එදා….අපි අද ගැන කතාවට බහිමු.

එදාට සමගාමීව බලනකොට අද මොකද වෙලා තියෙන්නේ?

කියන්න ලැජ්ජයි. අහන්න හිරිකිතයි. අද කලාකාරයෝ දේශපාලනය කරන්නෙ හරිම පීචං විදියටය. ඒ පීචං වීමත් එක්ක උන් උන්ගේ ඉමේජ් එක විතරක් නෙවෙයි, මුළු ආත්මෙම නැතිකරගෙන ඉවරය. කතාකරන භාෂාවෙන් කියනවා නම් අද කාලේ කලාකාරයෝ දේශපාලනීකරණය වෙලා තියෙන කලාව අනුව බලනකොට ‘කලාව’ බල්ලට ගිහින් ඉවරය.

නිදසුන් සහිතව පැහැදිලිවම කියනවා නම්, ඉරාජ් වීරරත්නට, ජැක්සන් ඇන්තනීට ෆේස්බුක් එකේ ‘නිවන් සුව ලැබේවා’ කියලා පතන්න තරමට කලාකාරයන්ගේ වටිනාකම බල්ලට ගිහින්.

ඇයි මෙතැනදී ජැක්සන් ඇන්තනීවයි, ඉරාජ් වීරරත්නවයි ඇදලා ගත්තේ? දේශපාලනයට බැහැපු පොහොට්ටුවට උමතු වුණු තව කලාකාරයො කොච්චර ඉන්නවද?

කවුරු හරි එහෙම හිතන්න පුළුවන්. ඒ සිතුවිල්ලට උත්තර දෙන්න පුළුවන් වචනත් ඕනෑ තරම්ය.
අපි මෙහෙම කියමු. අද කාලේ කලාකාරයෝ දේශපාලනය කරන්න ගිහිල්ලා ඇදගෙන නාන හැටි දැක්කම පාච්චල් වෙලා ඉන්න හැටි දැක්කම වහ කදුරු ගානට සමාජය ඉදිරියේ තිත්ත වෙලා ඉන්න හැටි දැක්කම ඒ ගැන මේ විදියට කතා නොකරම බැරිය. කතා නොකර බැරි ඒ කතාවට පෙන්නන්න පුළුවන් හරියටම හරියන නිදසුනද ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී සහ ජනප්‍රිය ගායන ශිල්පී ඉරාජ් වීරරත්න කියන කතාවද මෙතැනදී නොකියාම බැරිය.

පුංචි වෙලාවක් අරන් ටිකකට හිතලා බලන්න. ජැක්සන් ඇන්තනී කියන්නේ මොන තරම් සුපිරි නිර්මාණකරුවෙක්ද? මොන තරම් දක්ෂතා ඇති නළුවෙක්ද? ඔහුට රඟපාන්න බැරිය කියන චරිතයක් සිනමාව වෙනුවෙන් හැදෙන කිසිම නිර්මාණයක තියෙන්නට බැරිය. කාටවත් හිතන්නටවත් බැරි චරිත එක අහුරට ගෙන ඔහු හැදූ කතා විස්මිතය. ඔහුට සම කරන්නට බැරි කිසිදු කලාකරුවකු අප කිසිවකුගේ මතකයට නොඑන තරමට ඔහු අපූරුය.

ඇත්තෙන්ම ජැක්සන් අසමසමය. ප්‍රේක්ෂකයන් ඇලුම් කළේ ඒ අසමසමභාවයටය. රාජපක්ෂ රෙජීමයට කැත විදියට කඩේ යන තුරුම මහින්ද රාජපක්ෂට බුදුරජාණන්වහන්සේගේ නෑකමක් ඇතැයි ප්‍රසිද්ධියේ කටමැත දොඩවන තුරුම ජැක්සන්ගේ ඒ අසමසමභාවයට තිබූ ඇල්ම ප්‍රේක්ෂකයන්ගේ සිතින් බැහැරව ගියේ නැත.

කලාකාරයන් දේශපාලකයන්ට පහත් විදියට කඩේ යනවාට ඔවුනට ආදරය කරන ප්‍රේක්ෂකයන් කොයි තරම් අකැමැතිද කියන එක සමාජය හමුවේ පෙන්වා දීමට ජැක්සන් ඇන්තනී නම් මේ මහා නිර්මාණකරු තරම් උදාහරණයක් තව කොයින්ද?

ඉරාජ් දිහා බලන්න. ඒ, තරුණ පරපුර උමතුවට පත්කළ අතිදක්ෂ ගායකයෙකි. නව නිර්මාණ බිහිකළ නිර්මාණශීලී සිතක් ඇති, ප්‍රේක්ෂකාගාරක් එකම හිස් ගොඩක් කරන්නට හැකි, උපන්ගෙයි හැකියාවක් සමග පැමිණි තරුණ ගායකයෙකි. අවාසනාවකටදෝ මොනර කඩදාසිවලට ඇති කෑදරකමට දෝ ඉරාජ්, රාජපක්ෂලාගේ ඉත්තකු විය. ඔහුට උමතුව හිටපු රසික රසිකාවියන්ට ‘මල පැන්නේය’ ඒ මල පැනීම සුළුපටු නොවීය.

ජැක්සන්ට එහා ගිය අපුලකින් ඔහු සිය රසිකයන් අතින් සවුත්තු විය. ඒ සවුත්තුව අදටත් එහෙමමය. තොරතුරු අනාවරණ වන හැටියට ඉරාජ් එක්ක මියුසිකල් ෂෝ එකක්වත් තියන්නට කසුන් කල්හාර සහ උමාරා සිංහවංශලා වැනි ප්‍රවීණයන්ද කැමැති නැත. කලක් තරුණ සිත් උන්මාදනීය කළ උමාරා, උමාරියාලා එක්ක හවුලේ මියුසිකල් ෂෝ පැවැත්වූ ඉරාජ්, ඒ විදියට දෙකේ කොළේට වැටුණේ චාරයක් නැතිව දේශපාලකයන්ට කඩේ පිලේ ගිය නිසාය.

භාතිය – සංතුෂ්ලාද රාජපක්ෂලාට පක්ෂව හොඳ හොඳ සෙල්ලම් නැටුවා මතකය. රාජපක්ෂලාගේ කාලයේ බිස්නස් කළා මතකය. ගෝල්ෆේස් අරගලයෙන් පසු ඔවුන් රෙදි හකුළාගෙන පාඩුවේ ඉන්න තීරණය කළ හේතුව හරි හැටි මොකක්දැයි වැටහුණේ නැතුවද එහෙමටවත් ඔවුන් පසෙකට වූ එක හොඳ යැයි හිතෙන්නේ ඉරාජ් තවමත් හැදෙන්නට හිතලා නැති නිසාය.

ප්‍රවීණ චිත්‍රපට නිර්මාණකරු සෝමරත්න දිසානායක සිය බිරිය එක්ක රූපවාහිනී කතිකාවකට පැමිණ කියා සිටියේ ‘දේශපාලකයන් සිංහල සිනමාව කඩාබාන්දු කර දැමුවා’ කියලාය. ඔහු කී ඒ දේශපාලකයන් රටෙහි පාලනය අරන් දෙන්නට රතු පලස් එළුවේ කිලෝ ගානට කඩේ ගියේ ඔවුන්ම නොවේද? මෙතරම් ඉක්මනට සෝමරත්නටයි ඔහුගේ බිරියටයි එය අමතක වුණාට ප්‍රේක්ෂකයන්ට ඒවා අමතකව නැත. ලුණු ඇඹුල් ඇති වෙන්න දැමූ කමෙන්ට්ස් ඔහු පැවැසූ සම්ඵප්‍රලාපයට යටින් සටහන්ව තිබුණේ ඒකය.

සෝමරත්නලා සමග එකට වාඩිවී රාජපක්ෂලාට උඩගෙඩි දෙමින් මාධ්‍ය හමු පැවැත්වූ ශ්‍රියන්තලා සහ කුසුම් රේණුලා ගැනද ලියන්නට බොහෝ දේ තිබේ. මොනවා ලිව්වත් ඔවුන්ට වගක්ද ඇත්තේ නැත. මන්ද යත් රටට වෙච්ච විපත ගැන කතාකරන්නට එයට පාර කපන්නට හවුල් වූ ඔවුන් අද අහලකවත් නැත. අපේ මිනිස්සු තෙල් පෝලිම්වල මැරී වැටෙන දවස්වල පත්තරයක් වෙනුවෙන් ඉන්ටර්විව් එකක් දෙන්නට මාධ්‍යවේදියෝ කතාකරන කොට ඔවුන් ෆෝන් එක ආන්සර් කළේ නැත්තේද ‘අබ කෑ මිනිහාගේ නහය දනවා’ කියන කියමන සනාථ කරමිනි.

තවමත් අදටත් අපේ ඇතැම් කලාකරුවෝ දේශපාලන ගේම්වලට මැදිවෙති. ඒවායෙන් තම අතට ලැබෙන ලාභ ප්‍රයෝජන තම වාසිය සඳහා හරවා ගන්නේ ආත්මයක් නැති ගානටය. තම ප්‍රතිරූපයට හෙණ ගහල ගියත් මේ අයට කාරියක් නැත. මේ දවස්වල ක්‍රිකට් ටීම් එකක් එක්ක සිම්බාබ්වේ ගිහින් සැප ගත්තාය කියන අපේ කලාකරුවන් ගැන මාධ්‍යවල ඇතිව තිබෙන කසුකුසුව ඊට හොඳ නිදසුනකි.

දේශපාලනය මූලික කොට ගෙන ඇති වන මෙවැනි ගේම්වලට කිසිදු තත්ත්වයක් නැතිව මැදිවන අපේ කලාකරුවන් හැදෙන්නේ හෝ පාඩමක් ඉගෙන ගන්නේ කවදාද? දේශපාලුවන්ට කඩේ යන්නට ගිහින් හතර ගාතේ දා වැටී සිටින ප්‍රවීණයන් දිහා බලලාවත් ඔවුන් පැත්තකට වී පාඩුවේ නොසිටින්නේ ඇයි? තව තව කලාකරුවන් ගැනද කිව යුත්තේ ඒ ටිකමය. මේ මොහොත වන විටත් අපේ ප්‍රවීණ යැයි සම්මත කලාකරුවෝ දේශපාලන වේදිකා මත අපූරුවට රඟති. මේ රැඟිල්ල නිසා තමා තුළ සිටින අද්විතීය කලාකාමියාගේ ගරුත්වය කෙලෙසෙන බව ඔවුන්ට නොදැනෙන්නේ ඇයි?

මොනවා කියන්නදැයි තේරෙන්නේ නැත.

එකක් සටහන් කොට තබමි. ඒ, දේශපාලනයේ අතකොලුවක් විදියට අපේ කලාකරුවන් රඟන රැඟිල්ලෙහි අවසානයක් තවම නම් පේන මානයක නැතැයි කියාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

විසඳුම ෆෙඩරල්! පළාත් සභා ඡන්දයත් අත්‍යවශ්‍යයි! දෙමළ සන්ධානය නිවේදනයක් නිකුත් කරයි! Sri Lanka Latest New‍s

Next Post

ග්‍රේට් වෙස්ටර්න් කන්ද මුදුනෙන් කාන්තාවකගේ මළ සිරුරක් සොයාගනී! Sri Lanka Latest News

MORE NEWS

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

“ලොවෙත් නැති වෙන්න ඡන්දෙ දුන්නා” - “දැන් අනිත් පැත්ත හැරිලා ගොවියාට ලොවෙත් නැතිවෙන්න දීලා” Sri Lanka Latest News

Read more
ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.