• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

TIN TIN ඩබල් ටිං වන් ටින් සැමන් ටින් I Sri Lanka Latest News

January 15, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටිං ටිං ගාන්නා තෝරා එවාපං
ටං ටං ගාන්නා තෝරා එවාපං
මග වැලි පිසින්නා තෝරා එවාපං
දෙගම්බඩ රාජා තෝරා එවාපං(Sri Lanka Latest News)

මේ තේරවිලි කවිය අපි පොඩි කාලේ නිතරම අහපු කවියක්. මේ කවියට අපි කැමැතියි. ඒකට උත්තරේකුත් තියෙනවා.

ටිං ටිං ගාන්නා ලේනා නොවේදෝ

ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ කියලා. ඒවා ඕගොල්ලෝ තේරුම් අරගන්න. ටිං ටිං ගාන්නා ගැන තමයි අද අපි කතා කරන්නේ. ටිං ටිං ටිං ගාන්නේ ලේනා. අපි කියනවා ලේනෝ ලේනෝ මේ දත අරගෙන අලුත් දතක් දියෝ කියලා. එතකොට ලේනා නැට්ට වනලා ටිං ටිං ටිං ගානවා. හැබැයි දැන් ටිං ටිං ගාන්නේ ලේනා නෙවෙයි. දැන් ටිං ටිං ගාන්නේ වෙන කෙනෙක්. වෙන කෙනෙක් කියලා නොකියා අපි කියමු දැන් ටිං ටිං ගාන්නේ ආණ්ඩුව. ආණ්ඩුව ටිං ටිං ගාන්නේ ඇයි? ආණ්ඩුව ටිං ටිං ගාලා කියන්නේ අපිට ඉක්මනට බදු අංකය හදාගන්න කියලා.

බදු අංකය හදාගන්න එක ගැන හරියට කියනවා. මේවා ඇත්තටම සංකීර්ණ වැඩ. ඉන්ටර්නෙට් එකට යන්න ඕනේ. ලේඛන පුරවන්න ඕනේ, අර අංක දාන්න, මේ අංක දාන්න ඕනේ. එක එක බහුබූතමයි මේක ඇතුළේ කියන්නේ. සාමාන්‍යයෙන් මනුස්සයෙකුට මේක හදාගන්නත් බෑ. හදාගත්තේ නැත්නම් 50,000ක් දඩ ගහනවා, ගෙයක් ගන්න බෑ, වාහනයක් ගන්න බෑ කියලා මිනිස්සුන්ව බයකරනවා. ඇත්තටම මේ ආණ්ඩුව යන විදියට නම් මිනිස්සුන්ට වාහනයක්, ගෙයක් දොරක්, ඉඩමක් ගන්න පුළුවන් විදියට ආර්ථිකයක් හදලා දෙන්නේ නැති නිසා ටින් අංක මොන අංක තිබුණත් ප්‍රශ්නයක් නෑ.

මොකද දැන් අපි ඉන්නේ කාලා ඇඳලා යන්තම් ජාමේ බේරගන්න පුළුවන් මට්ටමකනේ. ඔන්න මෙහෙම කිව්වොත් එහෙම අපි බයවෙන්න ඕනේ. ටින් අංකේ නැත්නම් පාන් ගෙඩියක් ගන්න බෑ, ටින් අංකේ නැත්නම් හාල් ගන්න බෑ, එළවළු ගන්න බෑ වගේ දෙයක් කිව්වොත් නම් අපි බයවෙන්න ඕනේ. මොකද හේතුව අපට ටින් අංකය තිබුණත් එළවළු ටිකක් ගන්න බැරි මට්ටමට ගණන් ගිහින් තියෙන්නේ. මිරිස් කරලක් රුපියල් 10ක් 15ක් වෙච්ච රටක මොන ටින් අංකද කියලා තමයි අහන්න තියෙන්නේ.

මේ ටින් අංකය ගැන උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයා අපූරු කතාවක් කියලා තිබුණා ඔහුගේ ටික්ටොක් ගිණුමේ. මේ කාරණාවත් එක්ක අපිටත් හිතුණා මේ ගැන මොනවා හරි ලියන්න ඕනේ කියලා. මොකද එතුමා කියන්නේ අපූරු කතාවක්. මේ අහිංසක මිනිස්සුන්ට වධ දෙන්න එපා, ඔයාලට පුළුවන්නේ ඔය ටින් අංකය හදාගන්න සරල ක්‍රමයක් පාවිච්චි කරන්න කියලා ඔහු කියනවා. ඒකට හේතුව තමයි අපි දන්නවා අපි හැමෝගෙම තොරතුරු, උපන්දිනේ, නම, ගම, රැකියාවත් එක්කම මැතිවරණ දෙපාර්තමේන්තුවේ තියෙනවා. අර කොලයක් පුරවන එකේ දානවනේ වෘත්තිය මොකක්ද, නෑදෑකම් මොනවද, වයස කීයද, රටද ඉන්නේ, ලංකාවෙද ඉන්නේ කියලා.

එතකොට ඇයි මේ අපි ටින් අංක හදන්නේ? අපි හදන්න දෙයක් නෑනේ. ඒගොල්ලන්ටම ඒක හදාගන්න පුළුවන්නේ. ඒගොල්ලොම ඒක හදලා ඒගොල්ලොම අපිට තොරතුරු ටික දීලා ඒගොල්ලොම අපිට ගෙවන්න ඕනේ බදු මුදල ගැනත් කිව්වා නම් අපි ඉතින් ඒක ගෙවනවා. අනිත් එක අපේ වගේ රටක මිනිස්සු පොලිසිය පේන්න නැත්නම් හෙල්මට් එක නැතුව යන්න හදන්නේ. කහ ඉරෙන් පනින්නේ නෑ, ඊට අඟල් දෙකක් තුනක් හරි එහායින් පාර පනින්නයි හදන්නේ. ඒ නිසා මේ රටේ ඉන්න ගොබ්බසේනලට ඔහොම නිකන් හදාගන්න මල්ලි, හදාගන්න පුතේ කිව්වට හදාගන්නේ නෑ. උන්ට කනට දෙකක් ගහලා කියන්න ඕනේ එක්කෝ. නැත්නම් හදලා දෙන්න ඕනේ, ගෙවනවා නම් ගෙවාපියව් කියලා.

ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. අපි විතරක් නෙවෙයි මහා ව්‍යාපාරිකයන්ගේ ඉඳලා, දේශපාලකයන්ගේ ඉඳලා හැමෝම බදු ගෙවන්න ඕනේ. නමුත් අපි දන්නවා ඒ බොහොමයක් අය බදු ගෙවන්නේ නෑ, ඒ අයගේ එව්වත් එක්කම අපිටයි ගෙවන්න වෙන්නේ. ඒක වෙනම කතාවක්. ඒක මේ රටේ අවාසනාව. බදු නොගෙවා ඉන්න නම් දේශපාලකයෙක් වෙන්න ඕනේ. ගේමක් ගහගන්න නම් ආණ්ඩුව කඩේ යන්න ඕනේ. දේශපාලකයට මොනවා හරි සපෝට් එකක් දෙන්න ඕනේ. ඒවා වෙනම කතන්දර.

ඒ වුණාට උපුල් ශාන්ත සන්නස්ගල මහත්තයා මේ ගැන කියන කතාව තමයි සුන්දරම දේ. ඔහු කියනවා ටින් අංකය හදාගන්න මිනිස්සු වෙහෙසන්නේ නැතුව අයිඩින්ටි කාඩ් එකේ වී අකුර අයින් කරලා ඒක ටින් අංකය විදියට පාවිච්චි කරන්න කියලා. ඒක හරිම ලේසියිනේ. ඇයි මේ මිනිස්සුන්ට මොළේ නැත්තේ? ඇයි මිනිස්සුන්ට වධ දෙන්නේ? මිනිස්සුන්ට මේක හරි කරදරයක්. අපේ රටේ මිනිස්සුන්ගේ පරිගණක සාක්ෂරතාව හරි අවමයි. අපේ රටේ අය අන්තර්ජාලය, පරිගණකය පාවිච්චි කරන්නේ සෙක්ස් ඇරියස් එකක් පියවාගන්න, සමාජ ජාලයකට යන්න, යූටියුබ් එකට යන්න වගේ පොඩි ආතල් එකක් ගන්න.

එහෙම මට්ටමක ඉන්න මේ අහිංසක මිනිස්සුන්ට ටින් අංක, අර අංක මේ අංක ගැන කියලා වධ දෙන්න එපා කියලයි සන්නස්ගල මහත්තයා කියන්නේ. ඒක ඇත්ත. ටින් අංකය හදාගන්න ආණ්ඩුවට ක්‍රමයක් නැද්ද? ආණ්ඩුවම මේ අංකය හදලා අපට එවනවා නම් හරිම ලේසියිනේ. මේකට ක්‍රමවේද කිහිපයක් තියෙනවා. එකක් තමයි අයිඩින්ටි එකේ අංකය. ඒකෙන් අපට පණිවුඩයක් එවනවා මෙන්න ඔයාගේ ටින් අංකය කියලා. එතකොට අපි ඒකට උත්තරයක් දීලා හරි ලේසියෙන් අපේ අංකය හදාගෙන වැඩේ කරගන්නවා. එහෙම නැත්නම් අපි හදාගන්නවා වෙන ක්‍රමයක් අයිඩින්ටි එකේ අංක කිහිපයක් තෝරාගෙන.

එහෙම නැත්නම් අයිඩින්ටි අංකයට ගැළපෙන විදියට තව මොකක් හරි අංකයක් ඒකෙ අගට එකතු කරලා මොකක් හරි විදියකට මේ අංකය හදාගන්න පුළුවන්. අපි දන්නවා අවුරුදු 18ට වැඩි සියලු දෙනාගේ තොරතුරු මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිරවුල්ව නිවැරැදිව සටහන් වෙලා තියෙන බව. අවුරුදු 18ට අඩු අයට මේක හදන්න ඕනේ නෑනේ. ඒ නිසා ප්‍රශ්නෙකුත් නෑ. ඒ වගේම ජාතික හැඳුනුම්පත නිකුත් කරලා තියෙනවා නම් 18ට වැඩි කෙනකුට, ජාතික හැඳුනුම්පත නිකුත් කළාට පස්සේ ඒ හැමෝම වෙනුවෙන් ටින් අංකයක් නිකුත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක ජාතික හැඳුනුම්පතත් එක්කම නිකුත් කරන්න අවශ්‍ය නෑ. ඒවාට තියෙන්නේ පොඩි වැඩ ටිකක් කරන්න. මේ ඩේටාබේස් එක අරගෙන හරියට පාවිච්චි කරන්න.

ඇත්තටම ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඩේටාබේස් හරියට පාවිච්චි නොකිරීම. ඒ නිසා අපි ආදරෙන් ඉල්ලා සිටිනවා මේ විදියට අහිංසක මිනිස්සුන්ව අමාරුවේ නොදා ඩේටාබේස් ටික හරියට පාවිච්චි කරලා මිනිස්සුන්ට ගැළපෙන විදියේ නිවැරැදි ක්‍රමයක් හදලා දීලා මේ වැඩෙන් මිනිස්සුන්ව ගොඩදාලා දෙන්න කියලා. එහෙම නැතුව ටින් අංක හදන්න කියලා මිනිස්සුන්ට තවත් කරදර කරන්න එපා කියලා.

උපන්දා ඉඳලම මිනිස්සුන්ගේ තොරතුරු එකතුවක් අපි ගාව තියෙනවනේ. සාමාන්‍යයෙන් ඉපදුණු දරුවගේ අවුරුදු 5ක් යනතුරු තොරතුරු ළමා හා මාතෘ සායනයේ තියෙනවා. විභාග දෙපාර්තමේන්තුව අපේ තොරතුරු තුන්පාරක් ගන්නවා. ශිෂ්‍යත්ව විභාගයේදී ගන්නවා, උසස්පෙළට ගන්නවා, සාමාන්‍ය පෙළට ගන්නවා. එහෙමත් එකතු කරනවා. විභාග ලියාපදිංචියේදීත් අපේ තොරතුරු එකතු කරගන්නවා. ඒ වගේම මැතිවරණයක් මැතිවරණයක් ගානේ අපේ තොරතුරු ටික එකතු කරගන්නවා. මෙහෙම එකතු කරපු තොරතුරුවලින් ඇයි මේ වැඩේට පාවිච්චි කරන්න බැරි? එහෙම පාවිච්චි කරන්න.

අපේ ඩේටා අපි ඕගොල්ලන්ට දීලා ඉවරයි. නිවාස සංගණන තියෙනවා, ඒවායින් ගෙන්ගෙට යනවා. මෙහෙම ගන්න තොරතුරු ටික සත පහකට වැඩක් නෑ කියලා අයින් කරලා දාන එකද කරන්නේ? ඒක ඇත්තටම එහෙම කරනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතා වටිනා දත්ත එකතුවක් අපි සතුව තියෙන්නේ. ඉතින් මෙච්චර වටිනා දත්ත එකතුවක් වැදගත් දේකට පාවිච්චි කරන්නේ නැතුව නිකන් නැති නාස්ති කරලා දානවා නම් ඇත්තටම ඉතින් හරි අපරාධයක්. මතක තියාගන්න.

මේක මේ ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි රටක් විදියට එකතු කරගත්ත මේ ඩේටා ටික හරියට පරිහරණය කරලා හරියට තොරතුරු ඒකකය ක් නිර්මාණය කරලා අපිට අපේ ඉදිරි අනාගතය සඳහා පාවිච්චි කරන්න පුළුවන් නම්, මොකද මේ ටින් අංක වගේ දේවල් මිනිස්සුන්ට හදන්න කියලා කරදර කරන්නේ නැතුව ඒ ඩේටා බේස් එකෙන් මේක හදලා, ගෙවන්න ඕනේ අයව නම්කරලා, ගෙදරටම ලියුමක් යවලා, එහෙම ගෙවන්නේ නැත්නම් ඒ නොගෙවන අයව තෝරාගෙන ඔවුන්ට නිශ්චිත වැඩපිළිවෙළක් හදලා, ඔවුන්ට දඬුවම් කරන්න, ඒ මුදල අයකරගන්න, මේ අංකය සහිත පුද්ගලයාව කොටුකර ගන්න ක්‍රමවේදයක් හදනවා නම් මේක වැඩක් ඇති වැඩක් වෙයි. නැත්නම් ඉතින් මේවා කතන්දරම තමයි. ලංකාවේ හැමදාම තියෙන්නේ බයිලනේ. මොකද බල්ටි නෑ, විසිල් විතරමයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සරත් ආණ්ඩුවෙන් එළියට බහින්න සූදානම් වෙයි? VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුද්දටම අයවැයෙන් ‌වෙන් කරපු සල්ලි ජනවාරි 15 වෙද්දි ඉවරයි! වැඩිපුර මිලියන 200ක් පාර්ලිමේන්තුවෙන් ඉල්ලනවා! දැනට 14 වතාවක් රට ගිහිල්ලා! මේ ගමන්වලින් රටට මොනවද ලැබුණේ? රාජ්‍ය නායකයන්ට අතට අත දීලා ෆොටෝ ගහන එක විතරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.