• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මයිනගෙ කොක්කන පයියෙ එල්ලී අපට (අ)සිස්ටම් චේන්ජ් හදන දේශපාලන කිනිතුල්ලන් I Sri Lanka Latest News

July 27, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපේ සංචාරක ව්‍යාපාරය දියුණු කළහොත් සිරි ලංකාව, කඩුගන්නාවේ “කැප්ටන් ඩෝසන්” උන්නැහේගේ කුලුනට අලගු තියන්ටත් බැරි අන්දමට “අම්මපා” කෙළින් කොරන්ඩ පුළුහං බවට මහ පොළොවේ අතගසා අපේ ආණ්ඩුවේ ලොක්කෝ බක්කෝ “අම්මාපල්ල, තාත්තාපල්ල, කණවැන්දුම් සොපියා පල්ල” යනුවෙන් දිවුර දිවුරා සුද්දන්ට රේස් පදින්න දළදා හාමුදුරුවන් ඉස්සරහා “ලබ්බෝගිනි” පන්දම් කරකවා රිහර්ෂල් යද්දී සුද්දියන්ටත් උන්ගේ කකුල් දෙක හංදිවෙන තැනත් එක්ක දළදා හාමුදුරුවන්ට ප්‍රදර්ශනේට “ජොගිං”ද “මොකිං”ද කරන්න තවත් මංතීරුවක් ද උමං තීරුවක් ද හදන්න අරඅඳින එකට කුක්කෝ සපෝර්ට් එකට කූහ්කූහ් ගෑවෝය.(Sri Lanka Latest News)

ඔය කර්තව්‍යයට අවශ්‍ය අන්දමටම සුදුමහත්වරුන්ට රටේ වරුණාව කියා දෙන්ට හැකි මාර්ගෝපදේශකයෝද (ගයිඩ්) ඔය අතරේ දුසිං ගණං බිහිවන්නට වූහ. ඔවුහු රටේ ඉතිහාසය, සාහිත්‍යය පරිසරය පමණක් නොව, “සැරද ගිරිගෝරිස් – රොසලිං හොරෙං ගෙන ආ. ඒ ශුභ මඟුල සඳහා – කරනෙමි සිදත් සඟරා” ආදී වශයෙන් කියැවෙන ඕනෑම මඟුලක් ගැන පිටින් එන රට්ටුන්ට කියා දෙන්නට හපන්නුය.

කුඹුරක් මැදින් හොර පොළකට සුද්දකු දක්කාගෙන යන කල්හි නියර ළඟ දිය බරියන් දෙදෙනකු දුටු වයිටා (සුද්දා) “වට් ඊස් දැැට්” යැයි ඇසූ කල “සර් දේ ආ වෝටර් බරීස්” යැයි අර “ගයිඩෙක්” විස්තර කර කීයේලු. එසේ ගොස් ආපසු එන විට ඒ දියබරියා සහ බරිච්චි එකට පැටලෙමින් සිටිනු දුටු අරූ “වටිස් දැට්” යැයි යළි ඇසූ කල “දැටීස් වෝටර් බරීස් කොම්පවුන්ඩ්” කීවේලු.

ඔන්න ඔය ජාතියේ තවත් ගයියෙකු සමග ගිය සුදු මහත්තයකු පොළොන්නරුවේ මහා පැරකුම්බා රජුගේ ප්‍රතිමාව දැක “වට් ඊස් හී ඩුයිං” යැයි ඇසූ විට “හි ඊස් ඊටිං පැපෝ” යැයි පැවසුවේලු. අන්න ඒ බඩුව පහු කාලෙක දේසපාලනයටත් රිංගුවේලු.

ඔය අටුවාව කියන්නට යෙදුණේ අපේ රටට මේ වනවිට “ලාපූනං සීදන්ති පාසානං තිට්ටති” (දියට දැමූ ලබු කටු දියෙහි කිඳා (ගිලී) බසින අතර ගල් දියේ පාවෙන බව)” කියන යුගය එළඹී ඇති බව කීමටය.

උපතින් සිංහල කතාකරන පවුලක අම්මකුට තාත්තකුට ජාතකව නැතත් අර “ගෑනිජ්ජා” (ගෑනිජ්ජා යන වචනය යෙදුවේ අපේ ඌරුවරිගේ වන්නිලැ ඇත්තා කාට හෝ උතුම් මිනිසා යැයි කීමට මිනිග්ගජ්ජා කියන්නා සේ) ලක්‍ෂ්මී බායි (ඒ නමට ගෞරව වේවා) “ආදී සිංහලුන් පිට දීප දේස ජයගත්තා” පමණක් නොව “තම රට දේවල් පිට රට පටවා පිට කාසිය මෙහි ඇද්දාආ..” යනුවෙන් අපේ එවුන්ගේ හොම්බට මිට මොළවා අනින ඇනිල්ලටය.

අපේ රජවරුන් අපේ හාල් එදා පිටරට පැටවූ බව කියන ඒ මනුස්සයා දැන් පිටරට හාලේ බත් ටික නැත්නං සිංහලයා බඩගින්නේ යැයි කීවාය.

ඇත්තට හැබෑවට මේ රටේ මහජනතාව යැයිද අයිතිකාරයන් යැයි ද කියාගන්නා උන්ට වඩා පිටරැටියන්ට අයිතිය තියා ඒ ගැන හිතන්නවත් ඉඩක් නැති උදවිය මේ රට ගැන කම්පාවෙන් කොච්චර නහින්න හදනවද?

ඇස්. මහින්ද හාමුදුරුවන් උපන්නෙ තිබ්බතයෙ (ටිබෙට්). ඒ උනාට නිදහසේ අරගලයේදී මේ රටේ උන්ගෙ පස්ස පැත්තට රිටකින් ඇන ඇන දැක්කුවෙ “ඇස්ගෙඩිවලට හෙණ වැදිලද? යකෝ” යැයි අසමින්ය.

මහින්ද හාමුදුරුවන් වහන්f්සලාගේ ලක්‍ෂ්මී බායිලාගේ කිහුං කෙරුං අපේ එවුංගේ ”ඇස්වලට, ඉස්වලට, මස්වලට, ලේවලට කැව්ව ජාත්‍යාලය කියන්නේ ඔන්න ඕකටය.

(ජාඇළ පැත්තේ ඌරන් සහ ගවයන් මරා පාරට පේන්නට කොකුවල එල්ලා ඇති අයුරු දකින සෑම විටකම මට සිතෙන්නේ අපේ මහජන මුදල් කොල්ල කෑ උන් ඔය කොකුවල ඔය ආකාරයට එල්ලන්නේ කවරදාද යන්නය. නැගිටින්නවත් පණක් නැති මුං හත්අට දෙනකුගේ කරේ එල්ලී ඇවිත් තව ඉස්සරහටත් රට සංවර්ධනය කරන්න එනවා යැයි ලබු බෑයවල් වැනි මූණත් තහඩු ටැලිවිසොං පෙට්ටියෙන් පෙන්වන විට අම්මපා හිතට දැනෙන සංතෝසෙ කියලා වැඩක් නැත.)

ඔය කියුම්වලට අප උතුම් කියමන් යැයි කීවත් ඒරොප්පෙ අය Great sayings යැයි කියත්.

මේ රටේ අවලමකු පරාක්‍රමබාහු රජු පැපොල් බෑයක් කන බව සුද්දකුට කීවත්, සිංහල අම්මකුට තාත්තකුට හරිහමං විදිහට ජාතකව, සිංහල හාලේ බත් බුලත් කා හැදුණු එකකුගේ ඇඟේ නහර, ඇට, ඇටමිදුළු, ලේ, රිහිරිවලට කැවෙන කතාවක් උතුම් කියමනක් කීවේ මේ රට එක්සේසත් (එකම රජකුගේ පාලනයට ගත්) කළ මහා පරාක්‍රමබාහු රජතුමාය.

“අහසින් වැටෙන එක දිය බිංදුවක් හෝ ගොවිතැනට (ප්‍රයෝජනයට) නොගෙන මුහුදට යවන්න එපා” යැයි එතුමා ලෝකෙ උන් පුදුම කරවමින් කීවේය.
තවත් මොන කතාද?

අපේ ගොයියලා මෙන් එතුමා එය වචනයට සීමා කළේ නැත. ශ්‍රී ලංකාව ‘පෙරදිග ධාන්‍යාගාරය’ යැයි ලෝකයම දනී. එය එසේ කළේ මහාපරාක්‍රම බාහු රජතුමාය. යථාවාදී තතාකාරී – තතාවාදී යථාකාරී (කරන දේ කියන – කියන දේ කරන) කෙනකුම වූයේය.

පරාක්‍රමබාහු යනු “ශත්තිමත් බාහුවක්” (අතක්) ඇත්තා යන්නය. ඔය පෙරදිග පළමු වැන්නාය. එමෙන් තවමත් පෙරමුණේ වැජඹෙන්නාය. First in the field and still in the lead ඔය නමම තියෙන තවත් එකෙක් ලෝකයේ ඇත්තේය.

කොල්ලන්ගෙ වචනයෙන් කියනවා නම් ඒකාත් හොඳ වැඩ්ඩෙකි. ඒ බඩුවත් අපේ “පරා” වගේම ඉතිහාසයේ නම රන් අකුරෙන් ලියා තැබූවෙකි. අපේ එකා පෙරදිග ඉපදුණත් මේකා නම් ඒරොප්පේය. කොහේ ඉපදුණත් මොන භාෂාව කතා කළත් මොන ආගම ධර්මය ඇදහුවත් අපේ එකා අපේමය.

නම අමතක නෑ නෙ. Armstrong (ඇයි යකෝ අර හඳට ගිය එකා නීල් ආම්ස්ට්‍රෝං)

හැබැයි අපේ පරා ඕනෑ අතකට ඔට්ටු “අතක් (බාහුවක්)” තිබ්බ එකෙකි. ඒ සතුරන් (සොලී) පොලු ගැසූ බාහුවකි. එසේම වැව් අමුණු බැන්ද බාහුවකි. කෙත්වතු කරවා රට ධන ධාන්‍යයෙන් සමෘද්ධිමත් කළ බාහුවකි. සුවිසල් නගර, මාලිගා, උයන් වතු වෙහෙර විහාර, රෝහල් ආදිය ගොඩනගා සිරිලක සුරපුරයක් කළ බාහුවකි. ඔය අත මේ ලෝකයේ උපන් වෙන එකකුටවත් ඇති බවක් හෝ තිබුණු බවක් හෝ මා නම් අසා නැත්තේය.

සිරිලංකාව එක් සේසත් කිරීමට නම් රට බත බුලතින් සරු (සුවයං පෝෂිත) කළ යුතුය යන ඉලක්කයට යාමට ජනගත කළ තේමා පාඨය අහසින් වැටෙන එක දිය බිඳක් හෝ ප්‍රයෝජනයට නොගෙන මුහුදට යා නොදිය යුතුය යන්නය.

කුඹුරු කරවීම සඳහා අවශ්‍ය ජලය සපයා දීමට තෝපා වැව, දඹුටුලු වැව, පාඩා වැව ඇතුළු වැව් කීපයක් එක්කර අපේ “පරා” පරාක්‍රම සමුද්‍රය ඉදිකෙළේය.

මේ සමුද්‍රයට අවශ්‍ය ජලය සපයා ගත්තේ මහවැලි ගඟේ අතු ගංගාවක් වූ අඹන් ගඟ අංගම්මැඩිල්ල ප්‍රදේශයේ දී හරස් කර වේල්ලක් බැඳීමෙනි.

කලා වැවේ ජලය අනුරාධපුරයට ගෙන යාමට ඉදිකළ සැතපුම් 54ක් හෙවත් කි.මී.87ක් දිග ජය ගඟේ ජල බැස්ම (සැතපුමට අඟල) නූතන ඉංජිනේරුවන් පවා මවිත කරවන්නක් වූයේ පරා වාරි ඉංජිනේරුවන්ගේත් ඉංජිනේරුවකු නිසාය. එපමණක් නොව අපේ එකා වාස්තු විද්‍යඥයන්ගේත් විද්‍යඥයෙකි. ඒ බව ලෝකෙට පෙන්වන්නට මෑන් තමන්ගෙ මාලිගාව ඉදිකළේ තට්ටු තුනකටය.

චූලවංශයේ සඳහන් අන්දමට මේ රජතුමා විසින් ඉදිකරන ලදැයි කියන මහවැව් සංඛ්‍යාව 163කි. කුඩා වැව් 2376කි. ඇළවල් 3,910කි. අමුණු 165කි.

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මහතා සේනානායක සමුද්‍රයද ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවද ඉදිකළහයි දතයුතු.

එහෙත් ඊට පස්සෙ බලය ගත් මහරජාලා පෘතුගීසි, ලන්දේසි ඉංගිරිසින්ටත් අන්ත අන්දමට මහජන දේපොළ කොල්ලකෑවා මිස මහජනයාට ප්‍රයෝජං වෙන අන්දමට අඩුම තරමේ මාළු ටැංකියක් හෝ ඉදිකළේ නැත.

බුදුන් සේම, ක්‍රිස්තුස් වහන්සේත්, මහමත්තුමාත් පශ්චාත්තාපය ගැන ඉගැන්වූහ. ඒ, කෙනකු තමන් කළ වරද ගැන පසුතැවෙන බවය. Repentance.

අපේ රට පාලනය කළ පරදේසක්කාරයන් අපේ ධනය කොල්ලකා ගෙන ගියේ උංගේ රටවල් පෝසත් තරන්නටය. උන් ධනය පමණක් නොව අපේ උන්ගේ ඇටකටු ටික පවා ගෙන ගියෝය. (කැප්පෙටිපොළගෙ හිස්කබල)

අපේ රටේ දේශහිතෛෂීන් යැයි කියාගන්නා මයිනලා කාක්කලා දිමිගෝඨලා වැනි සිහ පුතාලා නොව පූසිගෙ පුතාලා අපේම දේ කොල්ලකා ගෙනිහුං දෙන්නේ (තැන්පත් කරන්නේ) පරදේශක්කාරයන්ටය.

අපේ රට කොල්ලකෑ පරයන්ට (පරදේශක්කාරයන්ට) මේ වනවිට පශ්චාත්භාගය රත්වී (පශ්චාත්තාපය හැදී) එසේ ගෙනගිය ධනයෙන් ටිකක් යම් යම් සංවර්ධන යෝජනා ක්‍රම යටතේ ආධාර වශයෙන් දෙනු පෙනේ.

ඉංගිරිසින් (එංගලන්තය) උංගෙ මහ එකී සිහිපත් කර දෙමින් වික්ටෝරියා වැව (ජලාශය) අපට දෙන්නට ඇත්තේ එබැවිනි. ලංදේසිං දැන් නෙදර්ලන්ත හෙවත් නොරාඩ්කාරයන් අපෙන් ගෙන ගිය දේවල් ආපහු දෙන්න තටමනවා යැයි මගේ හිතමිත්‍ර ප්‍රියන්ත (පියන්ත හෙට්ටිගේ) පසුගිය ‘මව්රට’ (2023.06.16) පත්‍රයේ ලියා තිබුණේය.

හැබැයි තවමත් පරංගින් (පෘතුගීසින්) ඔය මොකුත් දෙන බවක් අඟවා නැත්තේ ඒවායේ ආරක්‍ෂාවට විය යුතුය. යම් හෙයකින් අපට දුන්නොත් මහරජාලා ඒවා කොල්ලකෑමටත් ඒවා සොරකම් කරවන ලද හොරුන් නැතිකොට හොරකම සම්පූර්ණයෙන්ම වසං කිරීමට බිහිසුණු අපරාධ කරවීමටත් හේතු වන බව දැනගෙන විය යුතුය.

ඉංගිරිසින්ගෙන් අපට Return වශයෙන් ලැබී තිබුණු ශ්‍රී වික්‍රම රාජසිංහ උන්නාන්සේගේ සිංහාසනය, කඩු කස්තාන ආදිය ඇතුළත් මෙකී නොකී වස්තූන් අන්ත්‍රස්දාන වීමත්, බොරැල්ලේ සිදුවූ මහා මිනිස් ඝාතනයත් පූර්වාපර සන්ධි ගළපා විමසා බලත්වා.

ප්‍රංශ විප්ලව සමයේ It was the best of time.It was the worst of time ආදී වශයෙන් චාල්ස් ඩිකන්ස් සිය A tale of two cities කෘතියේ දක්වා ඇති මිනීමරු යුගය දැන්මේ රටේ ඒ හා සමානවම ආරම්භ වී තියේ.

මේ උදාවී ඇත්තේ ශ්‍රී ලංකාවේ ඉතා දුර්දාන්ත යුගයයි. බිහිසුණු යුගයයි. අමනෝඥ පාලන යුගයයි. මහජනතාව නීත්‍යනුකූලව ඝාතනය කරන යුගයයි. (බාල ඖෂධ එන්නත් කිරීමෙන්) මහජන දේපොළ කොල්ලකන යුගයයි (අශූචි පොහොර නැව). නීතිය අවනීතිය කරගත් යුගයයි. බැරි එකා පාගා බලවන්තයා රජකරන යුගයයි. නැති එකා තුන්වේල කුසගින්නේ වේලෙද්දී ඇති එකා මහජන මුදලින් බඩ පැලෙන්න රාජ භෝජන (පාර්ලිමේන්තුවෙන්) ගිලින යුගයයි.

අරගලයේ කොල්ලනේ තොපිවත් ඉස්සරහට විත් මේ රට බේරාගනිව්. තොපි බලු කුක්කන් නොවේ. ලක් මවගේ කේසර සිංහ පැටවුන්ය.

නැත්තං අපේ ඇටකටු ටික පොහොර වෙන්නට (වළලන්නට) රටක් ඉතුරවන්නේ නැත. එසේ වළලතොත් වළලන්නට වන්නේ චීනාට හෝ ඉන්දියාවට අයත් රටක් වශයෙන් ඇති ශ්‍රී ලංකාවකය. ඒ නිසා මේ රට සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කෙරෙන සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යය. ඒක ඔය එක එක්කෙනාගේ කොක්කන පයියේ (මල්ලේ) නැත්නම් ඔලගුවේ එල්ලී සිටින දේශපාලන කිනිතුල්ලන් කියන අන්දමේ “(අ)සිස්ටම් චේන්ජ්” එකක් නොවේ.

මහජන සුබසිද්ධිය උදෙසා පැනවෙන නීතියේ ආධිපත්‍යය මත ක්‍රියාත්මක යාන්ත්‍රණයක් මිස මහජනයා දඬුකඳේ ගසන නීති පද්ධතියක් මත නොවන්නක් විය යුත්තේමය.

පන්දුව විලස විසිවුණු පහරක් නොහැර
බින්දුව තෙක්ම හින්දුව ජනයා පැහැර
සින්දුව දම දමා ඇන ඇන මරු පහර
ඇන්දුව ගොනුට කාලය ඉවරයි සොයුර

නුසුදුස්සාට හිමිවී මුල්පුටුව රටේ
කොන්වෙයි සුදුස්සා හිරවී මකර කටේ
ගල්වා සුපිරි තෙල් දැල්වෙන හැටට හැටේ
“පන්දම යකෝ…ඕ..ඕ.” දැන් ලක්දිව බදුරු ගටේ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අපි කියන්නෙත් පළාත් සභා ඡන්දය තියන්න කියලයි! අපි ඒක සර්වපාක්ෂික හමුවෙදිත් පැහැදිලි කළා! ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ජනාධිපතිතුමා දෙමළ-මුස්ලිම් ඡන්ද බලාගෙන කරන්න හදපු වැඩේ මිස්ෆයර් වුණා! අන්තිමේදී ඔක්කොම පොදු සන්ධානයක් විදිහට එතුමාට කිව්වේ ඡන්ද තියන්න කියලයි! ඊයේ වෙච්ච ඇත්තම දේ වාසු පෙන්වලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

Load More
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගි වූයේ එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා...

Read more
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

ජාත්‍යන්තර තේ දිනය නිමිත්තෙන් බැසිලර් තේ (Basilur Tea) සමාගම ‘රූට්ස් ඔෆ් සිලෝන්’(Roots of Ceylon) වැඩසටහන දියත් කරයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.