• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

June 15, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ මාධ්‍ය හමුවට සහභාගි වූයේ එස්.එම් මරික්කාර් මහතාය.Sri Lanka Latest News

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘ජාතික ජනබලවේග රජය බලයට පත්වී මාස 21 ක් ගෙවී ගොස් අවසානයි. ඒ වගේම මෙම කාලය තුළ ආර්ථික ක්ශ්‍රේත්‍රය , ආනයන අපනයන ක්ශ්‍රේත්‍රය, ආයෝජන ක්ශ්‍රේත්‍රය ඇතුළු රටේ සෑම ක්ෂේත්‍රයක්ම පරිහානිය කරා ලගා වෙමින් තිබෙනවා. කෙසේ නමුත් රටේ ජනතාවට ජිවත් විය හැකි ආර්ථික ආර්ථිකමය වශයෙන් ශක්තිමත් ජන සමාජයක් ගොඩනගන බව ජාතික ජන බලවේගය මැතිවරණ වේදිකාවල දිගින් දිගටම ප්‍රකාශ කරනු ලැබුවා.

ඒ වගේම ආහාර සහ සෞඛ්‍ය සඳහා අය කරන වැට් බදු ඉවත් කර දෙන බව ජනතාව තුළ විශ්වාසයක් ඇති වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. මෙවැනි දේවල් ජාතික ජනබලවේග රජය සිදුකරයි යන විශ්වාසය ජනතාව තුළ ඇතිවුණා. ඒ වගේම නැවෙන් ගොඩබාන මිලට ඉන්ධන ලබාදෙන බව , විදුලි බිල තුනෙන් එකකින් අඩුකරන බව මිල ගණන් සමඟ පවසා ජනතාගේ විශ්වාසය දිනා ගන්න ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් මේ වනවිට ඉන්ධන මිල විශාල මුදලකින් ඉහළ දැමීමටත් , සියයට 43 කින් විදුලි බිල වැඩි කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව වැට් බදු ඉවත් කරන බව පැවැසූ නිසා බස් ගාස්තු , විදුලි ගාස්තු , ආහාර , බෙහෙත් , පාසල් උපකරණවල මිල ගණන් අඩු වේවි යැයි ජනතාව විශ්වාස කළා. ඒ නිසා ජනතාව එක මිටට ගොස් ජනතාව ජාතික ජනබලවේගය ජයග්‍රහනය කරන්න එකතු වුණා.

ඒ වගේම 2024 වසරේදී බිලියන 140 ක් ලාභ ලැබූ ලංකා විදුලි බල මණ්ඩලය වර්තමාන ආණ්ඩුව යටතේ බිලියන 38 ක පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් ජනතාව ඔවුන්ගේ කෑම වේලෙන් එක් කෑම වේලක් ඉවත් කරන්න කටයුතු කර තිබෙනවා. කුඩා දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබා දෙන්න දෙමාපියන්ට නොහැකි වෙලා තිබෙනවා. ජනතාවට අනාගතය පිළිබඳව බලාපොරොත්තු කෙසේ වෙතත් අද දවස ජිවත් වෙන්න ජනතාවට නොහැකි තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ වගේම දෛනික ආදායම් උපයන ජනතාව හෙට දවස පිළිබඳව බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් උදා වෙලා තිබෙනවා.

ඒ වගේම එකවර තුන් වතාවක් විදුලි බිල වැඩි කරන්න ජාතික ජනබලවේග ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා. අදුරේ සිටිමට නොහැකි නිසා ජනතාව අසිරුවෙන් හෝ විදුලි බිල ගෙවන්න කටයුතු කරනු ලබනවා. කෙසේ නමුත් වැඩි වුණ විදුලි බිල ජනතාවට ගෙවන්න සිදුවී තිබෙන්නේ ආහාර සඳහා වෙන් කළ මුදල් වලින්. කෙසේ හෝ ජනතාවට පරිහානිය ලඟා කර දෙන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා.

ඒ වගේම ඩොලරය අද ඉහළ ගොස් තිබෙනවා. මාස කිහිපයක් තුළ ඩොලරය රුපියල් 50 කින් වැඩි වී තිබෙනවා. කෙසේ නමුත් එක් රුපියලකින් ඩොලරය අවප්‍රමාණය වුවහොත් ශ්‍රි ලංකාවේ ණය බර බිලියන 40 කින් වැඩි වෙනවා. ඒ වගේම පසුගිය මාස කිහිපයේ රුපියල අවප්‍රමාණය වීම නිසා රටේ ණය බර ප්‍රමාණය බිලියන 2000 කින් වැඩි වී තිබෙනවා. ඒ වගේම ආනයන අපනයන පරතරය ඉතා සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීමෙන් මෙගාවොට් 300 ක් ජනනය කිරීමට නොහැකි නිසා එම විදුලි ධාරිතාව ඩිසල්වලින් දහනය කිරීමට සිදුවීම නිසා අතිරේක ඩිසල් නැවක් රටට ගෙන්වන්න සිදුවී තිබෙනවා. ඒ වගේම පසුගිය වසර පුරාවටම ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 1500 ක් වැය වී තිබෙනවා. මේ වසරේ පලමු මාස 5 ඇතුළත පමණක් ඩොලර් මිලියන 1500 කට වැඩි ප්‍රමාණයක් රටට ගෙනැවිත් තිබෙනවා. මෙතරම් ප්‍රමාණයක් ඉන්ධන ගෙන්වීම ඩොලර් විශාල ප්‍රමාණයක් වියදම් කිරීම හේතුවෙන් ඩොලරය අවප්‍රමාණය වී තිබෙනවා. ආනයන අපනයන පරතරය ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අනෙකුත් සෑම භාණ්ඩයකම මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. මෙම කටයුතු නිසා ආනයන අපනයන හැකියාම හීන වී ගොස් , සංචිත ප්‍රමාණය අඩුවී තිබෙනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව ජන ජිවිතියට පරිහානිය කරා ගෙන ගොස් ඇති ආකාරයට මනාව උප්පු වෙනවා.

ඒ වගේම රාජ්‍ය ආයතන 527 ක් තිබෙනවා. මෙම ආයතනවලින් 51 ක වර්තා එළි දක්වා තිබෙනවා. එම ආයතවලින් 2025 දී බිලියන 444 ක ලාභයක් ලබා තිබෙනවා. 2024 එම ආයතනවල ලාභය බිලියන 539 , 2023 දී එම ආයතන බිලියන 445 ක ලාභයක් ලබා තිබෙනවා. ඒ වගේම 2025 දී ලැබු බිලියන 444 ක ලාභයෙන් බිලියන 320 ක් ලබා තිබෙන්නේ මුල්‍ය ක්ශ්‍රේත්‍රයේ. නමුත් ඉදිකිරිම් ක්ශ්‍රේත්‍රය වැනි තරගකාරි වෙළඳපොලක් තිබෙන ආයතවල බිලියන 709 ක පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමට ආණ්ඩුව බිලියන 23 ක් ආණ්ඩුව ලබා දි තිබෙනවා. නමුත් බිලියන 25 ක් පාඩු ලබනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයට බිලියන 45 ක් ආණ්ඩුව ලබා දෙනවා. නමුත් බිලියන 31 ක ලාභයක් ලබා තිබෙනවා. ජල සම්පාදන මණ්ඩලය බිලියන 14 ක පාඩුවක් ලබා තිබෙනවා. ඒ වගේම 2024 දී ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 141 ක ලාභයක් ලබා තිබෙනවා. නමුත් වර්තමාන ආණ්ඩුව යටතේ ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 34 ක පාඩුවක් ලබනවා.

ඒ වගේම රජය සතුව ට්‍රිලියන 16.5 වත්කමක් තිබෙනවා. දල දේශිය නිෂ්පාදිතයෙන් සියයට 50 ක් තිබෙන්නේ රාජ්‍ය ව්‍යාපාරවල වත්කම් වලින්. ඒ වගේම ට්‍රිලියන 16.5 ක වත්කම් වලින් භාණ්ඩාගාරයට ලැබි තිබෙන්නේ බිලියන 56.5 ක් පමණයි. ඒ මුදලත් ඇත්තටම ලැබිලා නැහැ. ආණ්ඩුව පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්න බිලියන 103 ක් ලබා තිබෙනවා. කෙසේ නමුත් රාජ්‍ය ආයතනවල ඇත්ත තත්ත්වය මෙයයි. ජන ජිවිතය කඩා වට්ටලා , රුපියල කඩා වැටිලා , සෘජු විදේශ ආයෝජන නැහැ , ආනයන අපනයන පරතරය වැඩි වෙලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතවල අලාභය ජනතාව මත පටවන්න ආණ්ඩුවව කටයුතු කර තිබෙනවා.

ඒ වගේම 2024 10 01 සිට මේ දක්වා රටට ගෙනැවිත් තිබෙන සෘජු විදේශ ආයෝජන ඩොලර් ප්‍රමාණය කොපමණද? කුමන ව්‍යාපෘති සඳහාද ? එම ව්‍යාපෘති ආරම්භ වන දිනය කවදාද අවසන් වන දිනය කවදාද? එවැනි සෘජු විදේශ ආයෝජන පැමිණ තිබෙනවානම් කොපමණ රැකියා ප්‍රමාණයක් උත්පාදනය වෙනවාද? යන ප්‍රශ්න පාර්ලිමේන්තුවේදී මා විසින් ඇසිමට කටයුතු කරනු ලැබුවා. නමුත් ආණ්ඩුව උත්තර නොදි කල් ඉල්ලනු ලැබුවා. මේ ප්‍රශ්නවලට ආණ්ඩුවට උත්තර නැහැ. කොළඹ කොටස් වෙළඳපොලට පැමිණි මිලියන 10 ට අමතරය කිසිදු ඩොලරයක් රටට ලැබිලා නැහැ. ඒ වගේම අනුර දිසානායක ජනාධිපතිවරයා රට භාර ගන්නා විට රටේ ණය බර ප්‍රමාණය බිලියන 93 ක් ව පැවැතුණා. එය 107 ක් ලෙස වැඩි වී තිබෙනවා. ආණ්ඩුව කිසිවක් නොකර රටේ ණය බර වැඩි වී තිබෙනවා.

කෙසේ නමුත් රටේ ජනතාව හිස් වචන වලට නැවත රැවටි තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව ජනතාව තවදුරටත් රවට්ටමින් සිටිනවා. ඒ පිළිබඳව ජනතාවට යම් අවබෝධයක් ලැබී තිබෙනවා. කෙසේ නමුත් ආණ්ඩුව ප්‍රකාශ කළ ආකාරයට ලස්සන ජිවිතයක් සකස් කර තිබෙනවාදැයි උප්පු කර ගන්න ආණ්ඩුව අවස්ථාවක් තිබෙනවා. ඒ බව පරික්ෂාව කර ගන්න බොරු ප්‍රචාර නොකර හැකිනම් පළාත් සභා මැතිවරණය පවත්වන්න ආණ්ඩුව අභියෝගයක් එල්ල කරනවා. පුලුවන්නම් පළාත් සභා මැතිවරණය දිනලා පෙන්වන්න.‘‘

SendShareShare
Previous Post

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

Next Post

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණමඩුවේ සමගි වනිතා බල මණ්ඩල පළමු රැස්වීමට කාන්තා සහභාගීත්වය ඉහළින්ම! PHOTOS I Sri Lanka Latest News

කෝච්චි හෝන් එකෙන් අරගලයට සපෝට් එක දෙන හැටි! (VIDEO)
Exclusive

අද කෝච්චියේ කාල සටහන දිහා බලන්න එපා! I Sri Lanka Latest News

Load More
කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කීර්ති නාමයට හානි වුණා කියලා ඇමැති සමන්ත විද්‍යාරත්න එවපු මිලියන 1000ක එන්තරවාසියට සජබ ප්‍රසාද් දීපු උත්තරේ! VIDEO I Sri Lanka Latest News

තමන් කළ ප්‍රකාශයක් මුල්කරගෙන ඇමැති සමන්ත විද්‍යාරත්න මිලියන 1000ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් එවා ඇති බව සජබ මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා...

Read more
පාතාලයයි කුඩුයි එක්ක සජබයට සම්බන්ධයක් නෑ කියලා ඇමැති නලින්ද පාර්ලිමේන්තුවේදී දීපු සහතිකය මරික්කාර් මාධ්‍ය හමුවේදී විකාශය කරලාම පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

2024 බිලියන 140ක් ලාබ ලබපු විදුලි බල මණ්ඩලය 2025 බිලියන 38ක් පාඩුයි! න ජිවිතය කඩා වැටිලා! රුපියල කඩා වැටිලා! සෘජු විදේශ ආයෝජන නෑ! ආනයන අපනයන පරතරය වැඩි වෙලා! රාජ්‍ය ආයතන පාඩු ලබනවා! මොකද්ද මේ රටට වෙන්නේ? කොහෙටද මේ රට අරන් යන්නේ..? VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News

ඩෙංගු බලන් ඉද්දී උඩ යනවා! රෝහල්වල ධාරිතාවත් ඉක්මවා ගිහින්! මරණ ගණනත් වැඩිවෙලා! වෙනදා නම් කට්ටිය එළියට බැහැලා කෑ ගැහුවත් දැන් ඒ ගැන කතාකරන්නවත් කවුරුත් නෑ! I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

දවස් පහේම නීතීඥයා හමුවෙන්න දෙන්න බෑ! බදාදා විතරක් දෙන්නම්! සලේ‌ගේ බිරිය මනෝරි එවපු ලියුමට ශානි උත්තර යවයි! I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

සාම ගිවිසුම් කතාවත් එක්ක බොරතෙල් මිල අඩියටම බහී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.