• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කුරුණෑගල රන්තාලිය වැවෙන් හිටිහැටියේ රන්තලියක් මතුවෙන්නෙ කොහොමද? I Sri Lanka Latest News

May 26, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රන්තාලිය වැව නැත්නම්, කුරුණෑගල වැව කියන්නේ කුරුණෑගල අනන්‍යතාව කිව්වොත් නිවැරැදියි. කුරුණෑගල නගරය ඓතිහාසික වශයෙන් වඩා වැඩි වැදගත්කමක් හිමිකර ගන්නේ අතීතයේදී රාජධානියක් ලෙස කලක් පැවැති නිසාවෙන්. ඉතින් ඒ හැරුණම කුරුණෑගල නගරය තවත් සුවිශේෂ කාරණයක් නිසාම කතාබහට ලක්වෙනවා. ඒ තමයි අද අපි කතා කරන්නට යන රන්තාලිය වැව නිසා. ඉතින් කුරුණෑගලට පිවිසෙන ඕනෑම අයෙක්ට කුරුණෑගල නගරය මධ්‍යයේ මේ වැව හමුවෙනවා.(Sri Lanka Latest News)

ඉතින් අද වෙද්දී ජනතාවගේ ආකර්ෂණය දිනාගත් සුන්දර ස්ථානයක් ලෙසට මේ වැව පත්ව තියෙනවා. මංගල ඡායාරූපකරණය සඳහාත්, සංචාරක කර්මාන්තය තුළ වඩාත් ආකර්ෂණීය තැනක් විදියටත් මේ වැව වැදගත් ස්ථානයක් හිමිකර ගන්නවා. ඒ වගේම ශරීර සුවතා සඳහා පැමිණෙන්නන් බහුල වීමත් නිසා කලබලකාරී ස්වභාවයක් මේ අවටින් දැකගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ රන්තාලිය වැව ගැන අපූරු කතා නම් බොහෝමයි.

මේ සම්බන්ධව තියෙන ප්‍රවාද අතරින් රාශියක්ම තවමත් ලක්වැසි ජනතාව අතර නොනැසී පැවත එනවා. ඒ අතරින් වඩාත්ම විශේෂ කතාවක් තමයි වත්හිමි රජුට ජීවිතය අහිමි කළ රන්තාලිය සහ බැඳුණු අපූරු කතාව.

අද වෙද්දී රන්තාලිය වැව අක්කර 150ක් පුරා පැතිර තිබුණත් මේ වැව අතීතයේ ඊටත් වඩා විශාලව පැතිර තිබුණු බව විශ්වාස කරනවා. ඒ අනුව එදා වැවේ පිටවාන අද ගැට්ටුවාන කියන ප්‍රදේශය දක්වා පැවැති බවත්, එක් කෙළවරක් සාරගම් වැවේ වැව් බැම්මට යාබදව පිහිටි බවත්, අනෙක් කෙළවර මාලිගා පිටිය ක්‍රීඩාංගණය ඇති භූමිය දක්වාත් විහිදී තිබුණු බවත් පැවසෙනවා. ඒ අනුව අද වෙද්දී මේ වාරි කර්මාන්තය පෙර පැවැති ප්‍රමාණයෙන් බොහෝ සෙයින් අඩුවී ඇති බව පෙනෙනවා.

මේ වැවේ ඉතිහාසය ගැන විමසා බැලුවොත් වංශකතාවල සඳහන් වෙන්නේ මේ වැව තුන්වැනි බුවනෙකබාහු, නැත්නම් වන්නි බුවනෙකබාහු ඔහුගේ රාජ්‍ය කාලය (1326 – 1335) තුළදී තනා ඇති බවයි. මේ කුරුණෑගල වැව රන්තාලිය වැව වුණු ආකාරය ගැන ජනප්‍රවාදයේ එක් ප්‍රසිද්ධ කතාවක් පැවතෙනවා.

එකල කුරුණෑගල රාජ්‍ය පාලනය ගෙනගිය තුන්වැනි විජයබාහු රජුට යෝනක දේශයෙන් ගෙන එන ලද පරිවාර බිසවක් සහ අග බිසවක් සිටි බව පැවසෙනවා. කොහොම වුණත් මේ බිසෝවරුන් දෙදෙනාගෙන් අගබිසවට කාලිංග නමින් පුත් කුමරෙක් සිටි අතර පරිවාර බිසවගේ පුත් කුමරු වත්හිමි නම් වුණා. මේ වත්හිමි කුමරුගේ මව මුස්ලිම් ජාතික බිසවක් වූ බවයි පැවසෙන්නේ.

කාලයක් ගතවෙද්දී කුරුණෑගල රාජ්‍ය පාලනය කළ මේ රජුට තවත් පාලකයෙක් සමග සටනකට යන්නට සිදුවුණා. ඒ සටනින් මේ රජු ජයගත්තත් රජ මාලිගයට ඒ ආරංචිය සැලවුණේ රජු යුද්ධයෙන් පරාජය වුණා කියලයි.

ඉතින් මේ නිසා රජුගේ බිසෝවරුන් විරාගලින් පැන දිවිනසාගෙන තියෙනවා. මේ අවස්ථාවේ පුත් කුමරෙක් මාලිගයේ මෙහෙකාර කාන්තාවක විසින් නාවමින් සිටි අතර ඇය කුඩා කුමරුගේ ආරක්ෂාව සඳහා ඒ කුමරුවන් ද රැගෙන ඇයගේ ගම්මානය බලා යන්නට වුණා. මේ අතරේ මාලිගයට පැමිණෙන රජු සිදුව ඇති විනාශය දැක මහත් කම්පාවට පත්ව රජු ඇතුළු පිරිසත් විරාගලින් පැන දිවිනසා ගත්තා.

ඉතින් මේ කුමන්ත්‍රණය නිසාවෙන් අවසානයේදී ජීවිතය බේරාගන්නේ වත්හිමි කුමරු පමණයි. ඉතින් ජනප්‍රවාදයේ සඳහන් වෙන විදියට පසුකාලීනව වත්හිමි කුමරුන් තමන්ගේ ඥාතීන් සිටින බේරුවල ප්‍රදේශයට ගොස් එහිදී ශිල්ප හදාරා නැවත කුරුණෑගලට පැමිණ තිබෙනවා. කල් ගතවෙත්ම තරුණ වියට පත් වත්හිමි කුමරුන් තමන්ගේ උරුමය ලබාගනිමින් කුරුණෑගල රාජ්‍ය කටයුතු පවත්වාගෙන ගියා. නමුත් ඔහු එතරම් සාධාරණව ප්‍රතිපත්තිගරුකව පාලනය ගෙන ගිය අයෙක් නොවන වගයි සඳහන් වෙන්නේ.

නමුත් ඔහු බලයට පත්වන මේ කාලයේ තමයි හදිසියේම කුරුණෑගල වැවෙන් රන් තලියක් මතු වෙන්නේ. ඉතින් අදහා ගන්නට බැරි මේ සිදුවීමෙන් රජු සිතුවේ එය නිධානයක් වෙන්න ඇති කියලා. ඉතින් රජු මේ නිධානය ගන්නට රහසේම සැලසුම් සකස් කළේ මාලිගාවේ ඇමතිවරු සමග. ඒ වගේම රන්තාලිය වැවෙන් අරන් එන කෙනෙක්ට බොහෝ තෑගි බෝග පිරිනමන බවත් රජතුමා ඇමැතිවරුන්ට දන්වා සිටියා.

කොහොම හරි මේ රන්තලිය ගෙන එන්නට වැවට බට බොහෝ අයෙක් ආයේ ගොඩට ආවේ නම් නැහැ. ඉතින් මේ නිසා නොයෙක් පළාත්වලින් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු කරන ඇත්තන් පවා ගෙනඑනු ලැබුවා. නමුත් ඒ කිසිවකුට රජුගේ බලාපොරොත්තුව සඵල ගන්වන්නට නම් නොහැකි වුණා.

ඉතින් ජනප්‍රවාදයේ පැවතෙන විදියට මේ රන් තලිය මතුවීමත් එක්තරා කුමන්ත්‍රණයක් ලෙසටයි පැවසෙන්නේ. ඉතින් කොහොම හරි මේ තත්ත්වය මත අවසානයේ ඇමති ප්‍රභූවරු රජුව ඝාතනය කරන්නට සැලසුම් කරනවා. ඒ සඳහා ඔවුන් රජුට පවසා සිටියේ ඇතුගල පර්වතය මුදුනේ සත් දිනක් පිරිත් දේශනාවක් කරවා ගත්තොත් නිධානය ලබා ගන්නට හැකි බවයි.

ඉතින් ඇමැතිවරුන්ගේ කූට උපක්‍රම නොදත් රජු ඊට එකඟ වූ අතර මේ අතරවාරයේදී ඇමැතිවරු රෝද සහිත පිරිත් මණ්ඩපයක් රජුට පිරිත් ශ්‍රවණය කරන්නට සකස් කළා. මේ පිරිත් දේශනාවට අමාත්‍යවරුන් එවපු අය ශ්‍රමණ වේෂාධාරීන් ලෙසයි සඳහන් වෙන්නේ. දවස් 6ක්ම වෙනසක් නොමැතිව පිරිත් දේශනයන් සිදුවුණා. නමුත් සත්වැනි දිනයේදී පිරිත් අසමින් මණ්ඩපය තුළ සිටි රජුව මණ්ඩපයත් සමගම ගලෙන් පහළට පෙරළා මරණයට පත්කළා.

ඉතින් මේ වත්හිමි කුමරුගේ සිරුර වැටුණේ සූරතිස්ස රජ සමයේ කළ බවට සැලකෙන ඇත්කඳ විහාරයට ආසන්න ස්ථානයකට බව ඇතැමුන්ගේ විශ්වාසය වෙනවා. කොහොම වුණත් ඒ අවස්ථාවේ රජු ඉතාමත් කේන්තියෙන් මියගිය නිසා රජු යක්ෂයෙක්ව ඉපිද ප්‍රදේශයේ ජනතාවට පීඩා ඇතිකළ බව පැවසෙනවා.

ඉතින් ඒ යක්ෂ කරදර නිසා දක්ෂ යන්ත්‍ර මන්ත්‍ර කටයුතු දත් භික්ෂුන්වහන්සේ නමක් ලවා රජුව යක්ෂ ආත්මයෙන් මුදාගත් බවත්, ඉන් පසු ඒ රජු දේවත්වයට පත්වුණු බවත් සඳහන්. ඒ අනුව අදටත් ජනතාව මහත් ගෞරවයෙන් වන්දනා කරන ගලේ බණ්ඩාර දෙවියන් වෙන්නේ මේ මරණයට පත්වුණු වත්හිමි කුමරුන්.

ඉතින් මේ රන් තලියට මොකද වුණේ? වත්හිමි රජුට විතරක් නෙවෙයි මේ රන් තලියට ලෝභ සිතූ බොහෝ අයගේ ජීවිත මේ රන් තාලිය වැවේ සැඟව ගියා. ඒ වගේම මේ සිදුවීමෙන් පසුවත් ඇතැම් අය මේ වැවේ පාවෙමින් තිබෙන ඒ රන් තලිය දැක තිබෙන බව පැවැසෙනවා. ඇතැම් අය ඒ දර්ශනයෙන් සතුටට පත්වුණත් තවත් බොහෝ අය නම් එය ශාපයක් ලෙසටයි සැලකුවේ. කොහොම හරි මේ රන් තලිය නිසාම කුරුණෑගල වැව රන්තලිය මතුවන වැව ලෙසට ප්‍රසිද්ධියට පත්ව රන්තලිය වැව, රන්තාලිය වැව ලෙසටත් ව්‍යවහාර වී තිබෙනවා.

රන් තලිය ගැන කතා කෙසේ වුවත් ප්‍රදේශයේ ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටුකරන්නට සැදීපැහැදී සිටින මේ වැව අපූරු ඉතිහාසයක් ඇති වටිනා සම්පතක්. ඉතින් අදටත් නොවිසඳුණු රහස් ගොන්නක් සමග නිහඬව සිටින මේ රන්තාලිය වැව අද කුරුණෑගල නගරයටම අභිමානයක්.

අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුව තහනම් කරන්න! රහීම්ට එරෙහිව පක්ෂ-විපක්ෂ සියලුම පක්ෂ නායකයෝ ඒකමතික තීන්දුවක! I Sri Lanka Latest News

Next Post

ගුරෝ මගුරෝ සහ පිඹුරෝ I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.