• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වඳුරො රිළව් හිවල් කුලේ සත්තුත් පව් මුන් නිසා..! හැසිරිල්ලෙන් කැමැති සතා හැබෑවටම මනුසතා…!

October 10, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
වඳුරො රිළව් හිවල් කුලේ සත්තුත් පව් මුන් නිසා..! හැසිරිල්ලෙන් කැමැති සතා හැබෑවටම මනුසතා…!
Share on WhatsAppShare on Facebook

සමාජ මාධ්‍ය, ෆේස්බුක් කියලා කියන්නේ මරු දෙයක්. මිනිස්සුන්ට ඕනෙ අටමඟලක් ඒකෙ අටවන්න පුළුවන් හින්දා මිනිස්සු හැම මඟුලම ඕකෙ දානවා. එහෙම දාන එක හරි කියලා කියන්න හදනවා නෙවෙයි. හැබැයි එහෙම දැම්මට පස්සේ ඒක දිහා බලාගෙන ඉද්දී අපට තේරෙනවා මේ රටේ ඉන්න තක්කඩින්ට, හොරුන්ට, නරක මිනිස්සුන්ට පහර ගහන්න තියෙන හොඳම තැන ඕක කියලා. දැන් මේ කියන්න යන්නේ ඔබට ඒ පින්තූර දැක්කට පස්සේ මොකද හිතෙන්නේ? මේ තියෙන්නේ කෝච්චියක යන ගමන් සෙරෙප්පු දාගෙන, කකුල් දෙක සීට් එක උඩින් තියාගෙන යන කෙනෙක්. ඒක හරිද වැරැදිද කියන එක ගැන කතා කරන්න නෙවෙයි මේ හදන්නේ. ඒක වැරැදියි. හැබැයි ඇයි මිනිහෙක්ට බැරි මේ යථාර්ථය අවබෝධ කරගන්න? මිනිහෙක්ට ඇයි බැරි මේ තැන හැසිරෙන විදිය ගැන හරි අවබෝධයක් හදාගන්න? ඒකට ප්‍රශ්න දෙක තුනක් තියෙනවා. මොකද අපේ රටේ පොදු ප්‍රවාහන සේවය කියලා කියන්නේ ඇත්තටම කකුල් උඩින් තියාගෙන නෙවෙයි, කොන්දට පත්තු බැඳගෙන, පුළුවන් නම් නිදාගෙන, සියලු සැප පහසුකම් සහිතව අපි උත්සාහ කරන්න ඕනෙ තැනක්. ඒක කිසිම සැප පහසුකමක් තියෙන, හිතට නිවනක් තියෙන එකක් නොවන හින්දා. ඒ නිසාද දන්නෙත් නෑ මේ මිනිස්සු මෙහෙම යන්නේ. කොහොම වුණත් ඇයි අපට බැරි තව කෙනෙකුට ගරු කරන්න? ඇයි අපට බැරි ඇත්ත හරියට තේරුම් ගන්න? ඇයි අපට බැරි මිනිස්සු විදියට හැසිරෙන්න? සත්තු කවදාවත් සත්තුන්ගෙ හැසිරීම වෙනස් කරන්නේ නෑ. සත්තු හුරුවෙච්ච ක්‍රමවේදයක් තියෙනවා. උන් ඒකට අනුව හැසිරෙනවා. සත්තු බොරු කියන්නේ නෑ. සත්තු මවාපාන්නේ නෑ. හැබැයි මිනිස්සු මවාපානවා. මිනිස්සු එළියට එකක් පෙන්නලා, ඇතුළෙන් තව එකක් කරනවා. ඒක මේ ලෝකෙ එහෙම කරන එකම ජාතිය මිනිස්සු විතරයි. අවාසනාවට අපිත් මිනිස්සුනෙ. ඒ නිසා මිනිස්සු ගැන අපි කියනවා.

කෝච්චියක යනකොට කෝච්චියට සලකන්න ඕනෙ. කෝච්චියට ආදරේ වෙන්න. කෝච්චියෙ බල්බ් එක වටේ යකඩ කූරුවලින් පෙට්ටියක් ගහන්න අවශ්‍ය නෑ. මොකද ඒ කෝච්චිය අපේ. අපේ දේවල් අපි හොරකම් කරන්නෙ නෑ. අපේ දේවල් අපි ගෙදර අරන් යන්න ඕනෙ නෑ. අපේ ගෙදර විතරක් නෙවෙයි අපේ කියන්නේ. කෝච්චියට නැග්ගට පස්සේ කෝච්චියෙ සීට් එක ඉරන්නේ නෑ. සී.ටී.බී. බස් එකේ බෙල් එකේ ඉඳලා වයර් එක දක්වාම ගලවගෙන ගෙදර ගෙනියන්නෙ නෑ. කෝච්චියෙ තියෙන ෆෑන් එක පරිස්සම් කරන්න ඔය තරම් දහදුක් විඳින්න අවශ්‍ය නෑ. මොකද ඒක අපේනේ. අපි ඒ දේවල් හොරකම් කරලා ගෙදර අරගෙන යන්න ඕනෙ නෑ. කෝච්චි පෙට්ටියත් අපේ. කෝච්චි පෙට්ටියේ යන්නෙත් අපි. අපි කාමරේ සැපට ඉන්නව වගේ කෝච්චි පෙට්ටියෙත් සැපට ඉන්නවා. මේ කිසි දෙයක් නොකර අපට මේවා රැකගන්න බැරි වුණාම මේවයින් හානිය වෙන්නෙත් අපටමයි. ඒක හරියට තේරුම් ගන්න බැරි නම් මේ තක්කඩින්ට කවදාවත් හරියන්නේ නෑ. දැන් අපි ලෝකෙට ණයයි. ඉතියෝපියාවට, උගන්ඩාවට, වියට්නාමෙට සමානව ලෝකෙ ඉන්න දුප්පත්ම රටවල් එක්ක අපි දැන් එක බිමක, එක තැනක ඉඳගෙන එකට කන බොන තැනකට ඇවිල්ලා. කන්න නැති ජාතීන්ගෙන් ලෝකයේ අංක එකේ ජාතීන් කිහිපය අතරට අපිත් එකතු වෙලා. එහෙම කෙලවෙච්ච අපට මෙහෙමවත් මනුස්සකම් ගැන හැදියාවන් ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕනෙ. මේවා ඇත්තටම මෙහෙම නිකන් කියලා දීලා වැඩක් නෑ. අපි තවදුරටත් යෝජනා කරනවා මේ වගේ තක්කඩින්ගෙ දේවල් ඔයාලා දැක්කොත් අපේ ‘මව්රට’ පේජ් එකට එවන්න. අපි මේක ලෝකෙට කියනවා. මේ වගේ විනයක් නැති මිනිස්සුන්ට විනය උගන්වන්න බැරි වුණාට ඒ විනයක් නැති එවුන් ගැන ලෝකෙට කිව්වම අඩුම තරමේ උන්ට රිදෙයි. මොකද අපි ඉස්කෝලෙන් දහම් පාසලෙන් පන්තියෙන් මොන්ටිසෝරියෙන් ආච්චි අම්මගෙන් සීයගෙන් තාත්තගෙන් අම්මගෙන් ඔක්කොගෙන්ම හොඳ සිරිත් අහගන්නවා. මේ එකෙක්වත් මනුස්සකමක් ගැන නොදන්න එවුන් නෙවෙයි. ජීවත් වෙන්න ඕනෙ කොහොමද කියන එක නොදන්න එවුන් නෙවෙයි. උන්ට ආයෙත් අමුතුවෙන් උගන්වන්න දෙයක් නෑ. තමන්ගේ දේවල් රැකබලාගෙන, ආරක්ෂා කරගෙන මේක ඊළඟ පරම්පරාවට ඉතුරු කරන්නේ නැතුව ලයිට් එකේ ඉඳලා, ෆෑන් එකේ ඉඳලා, ස්ටිකරේ ඉඳලා, සීට් එකේ ඉඳලා ඔක්කොම ටික හොරාකනකොට, ඔක්කොම ටික විනාශ කරනකොට සමහර විට පොදු වැසිකිළිය පාවිච්චි කරන්න අපේ එවුන් දන්නේ නෑ. පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න දන්නෙ නෑ. පාරෙ තියෙන ලයිට් එක පාවිච්චි කරන්න දන්නෙ නෑ. මේ සියල්ල කඩලා බිඳලා විනාශ කරන්නේ අපි. ඊට පස්සේ දේශපාලකයො කරන්නේ පෝස්ටරයක් ගහලා, බැනර් ගහලා, අණබෙර ගහලා, ගමටම කියලා ආයෙත් එකක් විවෘත කරනවා. අපේ එවුන් ගිහිල්ලා ආයෙත් ඒක කඩනවා. කඩන තරමට කඩනවා. හදන තරමට කඩනවා. කඩන එකයි හදන එකයි දෙකම කරන්නේ තක්කඩි. ඒක නිසා මේක තක්කඩින්ගෙ රටක් බවට පත්වෙලා. තක්කඩින්ගෙ රටක සුරංගනාවො හොයන එක අසීරුයි. මොකද මෙහෙම රටක තක්කඩින්ට තමයි ලේසියෙන් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා අපි තක්කඩියෙක් නොවී, ඔබේ දුම්රියට, ඔබේ බස් එකට ගරු කරන්න පුරුදු වෙන්න. ඔබේ ගෙදර තියෙන සෝෆා එකට වගේම, ඔබ නිදාගන්න ඇඳට වගේම, ඔබේ වාහනයට වගේම, ඔබේ වැසිකිළියට වගේම, ඔබේ ඇඳුමට වගේම, ඔබේ සපත්තු දෙකට වගේම, ඔබේ දරුවන්ට වගේම මේ රටටත් ආදරේ කරන්න. මේ රට තමයි ඔබේ දරුවන්ව හෙට රැකබලාගන්න නියමිතව තියෙන්නේ. මේ කෝච්චිවල, මේ බස්වල තමයි ඔබට, ඔබේ වැඩිහිටියන්ට, ඔබේ දරු මුණුබුරන්ට යන්න සිද්ධ වෙන්නේ. අපට රෝහලක් ආරක්ෂා කරන්න පුළුවන් නම් හෙට ඔබ රෝගී වුණාම රෝහල ඔබව ආරක්ෂා කරයි. හැබැයි අපි දැන් මොකද කරන්නේ? අපේ සබ්බ සකලමනාව අරගෙන ප්‍රයිවෙට් හොස්පිට්ල්වලට ගිහිල්ලා ඒකට පූජා කරලා එනකොට, ප්‍රයිවෙට් හොස්පිට්ල් කියන ව්‍යාපාරය දියුණු වුණාට, හෙට අපේ පරම්පරාව වෙනුවෙන් රෝහලක් හැදෙන්නේ නෑ. ඒ නිසා අපි තීරණය කරමු මනුස්සකම කොතැනින්ද පටන්ගන්නේ කියලා. කෝච්චියට, බස් එකට විතරක් නෙවෙයි අහල පහළ ඉන්න මනුස්සයටත් ගෞරව කරන එක අපි දැන්වත් පටන්ගමු.

කකුල් දෙක රිදෙනවා නම් කකුල් දෙක සීට් එක උඩින් තයාගත්තට කමක් නෑ. නමුත් ඒක නොකළ යුතු දෙයක් කියලා මෙතැන් සිටවත් හිතන්න පුළුවන් නම් අපට ඇත්තටම වරදින එකක් නෑ. ඒත් දැන් වෙන්න පුළුවන් හරිය වෙලා ඉවරයි. දේශපාලකයෝ අපේ රීරී මාංස උරාබීලා, කුජු පුහුලං හපේ වගේ වීසි කරලා තියෙන්නේ. ඒක හරියට තේරුණේ නැත්නම් තව පාරක් කල්පනා කරලා බලන්න. ඇත්තටම දැන් ඉන්නේ අපට කෙළවෙලා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ජුලි වෙද්දි තීරණයක් නොගත්තොත් ජනමත විචාරණයක්! පුංචි ජන්දය කල් දාන සිතියම රනිල් එළියට දමයි!

Next Post

ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් ටිකක් අපේ රටේ නායකයන් කරලා තියෙනවා! රටේ විනාශයට හේතුව ඒකයි! කාදිනල් හිමිපාණන් භයානක විනාශයක් ගැන පෙන්වා දෙයි!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.