• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පිළිකාවට බෙහෙතක් හොයාගත්ත ලංකාවේ දොස්තර I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවෙන් යුත් නව ඖෂධයක් නිපදවීමට කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ විශේෂඥ කණ්ඩායමක් සමත්ව තිබෙනවා.(Sri Lanka Latest News)

එම ආයතනයේ මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදුකර ඇත්තේ වසර 12ක් අධික කාලයක් සිදුකළ විද්‍යාත්මක පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසයි.

මෙය ස්වභාවික පෝෂක ඖෂධයක් වන අතර පියයුරු පිළිකා, පෙණහලු පිළිකා, ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා ඇතුළු පිළිකා වර්ග 15ක පමණ පිළිකා සෛල විනාශ කළ හැකි බව මහාචාර්යවරයා පවසයි. මෙම ඖෂධය පිළිකා රෝගීන්ට මෙන්ම පිළිකා සුවවෙමින් තිබෙන රෝගීන්ටද ලබාගත හැකි බව පැවැසූ මහාචාර්යවරයා සඳහන් කළේ මෙමගින් පිළිකා සෛල නැවත ඇතිවීම පාලනය වන බවයි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයත් සමග ඖෂධ වර්ගවල මිල ඉහළ යෑමත්, ඖෂධ ආනයනය සීමාවීමත් හේතුවෙන් පිළිකා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින පසුබිමක, මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම සිදුකළ මෙම නව සොයාගැනීම එම රෝගීන්ට මහත් සහනයක් වනු නොඅනුමානය.

සමාජ මාධ්‍ය සහ විද්‍යුත් මාධ්‍ය රැසක ප්‍රමුඛ පුවතක් ලෙසින් ගතවූ දෙසතියක කාලයේ වාර්තා කළ පිළිකා නාශක මෙම ඖෂධය පිළිබඳ දීර්ඝ විස්තරයක් මහාචාර්ය සමීර ආර්. සමරකෝන් මහතා පසුගිය දිනෙක ඉදිරිපත් කර තිබුණා. ඒ, Mee Massoo TV යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. පිළිකා රෝගයෙන් පීඩා විඳිමින්, එයින් සුවපත්භාවයට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන දහස් ගණනක් වූ අපේම ජනතාවට මහත් අස්වැසිල්ලක් වන මෙම නව ඖෂධය පිළිබඳ කියැවෙන සම්මුඛ සාකච්ඡාව, ‘මව්රට’ පාඨකයන් වෙනුවෙන් අප මෙලෙස ඉදිරිපත් කරමු.

Sri Lanka Latest News

මහාචාර්යතුමනි, මොකක්ද මේ ඖෂධය?

මේක ඖෂධීය ගුණයෙන් යුක්ත ඖෂධයක් තමයි. ඒක අපි ආයුර්වේද සභාවේ ලියාපදිංචි කරලා තියෙන්නේ පෝෂක ඖෂධයක් (Nutraceutical) විදියට. ලෝකෙ පිළිකාවලට පාවිච්චි කරන පළමු පෝෂක ඖෂධය මේක නෙවෙයි.

කියුබාව, චීනය වගේ රටවල පවා ප්‍රසිද්ධයි මේ පෝෂණ ඖෂධ කියන සංකල්පය. අපි හිතුවා අපි දීර්ඝ කාලයක් තිස්සේ කරපු පරීක්ෂණවලින් යම්තාක් ඉහළ ප්‍රතිඵල අත්කරගත්තට පස්සේ මේක පෝෂක ඖෂධයක් විදියට හඳුන්වා දෙන්න ඕනෙ කියලා. අපි හැමදාමත් පර්යේෂණ විතරක් කරමින් හිටියට ඒකෙන් ජනතාවට යහපතක් වෙන්නේ නෑ. අපි පර්යේෂණ කරන්න වියදම් කරලා තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි.

අපි දැක්කා ඇතැම් අය චෝදනා කරලා තිබුණා මේක බොරුවක් කියලා. ධම්මික පැණිය වගේ ඖෂධ ගැනත් පහුගිය කාලෙ විවේචන එල්ල වුණා. මට කියන්න මේ ඖෂධ නිර්මාණය වෙන්නේ කොහොමද? මෙහි විද්‍යාගාර පර්යේෂණ සිදුවුණේ කොහොමද?

හොඳ ප්‍රශ්නයක් ඔබ යොමුකළේ. ධම්මික පැණිය ගැන අදහස් ඉදිරිපත් කරන්න යන්නේ නෑ. අපි කරලා තියෙන්නේ ඒ ආකාරයේ නිර්මාණයක් නෙවෙයි. මම සෛල විද්‍යාව සහ අනුක ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක්. මගේ මහාචාර්යකම අභියෝගයට ලක්කරන්න බෑ කාටවත්. මම ඒක නියමිත පටිපාටියටත් ඉහළින් ලබාගත්ත දෙයක් නිසා. ඒ දැනුම විතරක් නෙවෙයි, අපේ කණ්ඩායමක් එකතුවෙලා සිදුකළ නිර්මාණයක් මේක.

අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ අතර පර්යේෂකයෝ ඉන්නවා, විද්‍යාඥයෝ ඉන්නවා, දේශීය වෛද්‍යවරු ඉන්නවා, බටහිර වෛද්‍යවරු ඉන්නවා, ඒ වගේම අපේ ශිෂ්‍යයොත් ඉන්නවා. ඒ හැම දෙනාගෙම මහන්සියේ ප්‍රතිඵලයක් තමයි එක තැනකදී මේ විදියට එළියට ඇවිත් තියෙන්නේ.

අපේ සාමාන්‍ය ජනතාවට තේරෙන විදියට මේ ගැන පැහැදිලි කරන්නම්. අපේ ශරීරය කියන්නේ සෛල ගොඩක එකතුවක්. එක එක වැඩ කරන්න එක එක සෛල විභේදනය වෙලා තියෙනවා. මොළයේ තියෙන්නේ නියුරෝන සෛල. මාංසපේශීවල තියෙන්නේ වෙනත් සෛල වර්ගයක්. මාංසපේශීවල තියෙන සෛල සංකෝචනය වෙන නිසා තමයි අපට වැඩකරන්න පුළුවන් වෙලා තියෙන්නේ.

මොළයේ තියෙන නියුරෝනවල විශේෂ හැකියාවක් නිසා තමයි ආවේග ගමන් කරවීම, ගබඩා කිරීම, හැසිරවීම සහ සිතීමට හැකිවීම වගේ දේවල් කරන්න පුළුවන් වෙන්නේ. මේ සෛල ඉපදෙනවා වගේම මැරෙනවා. අපේ ශරීරයේ කලින් තිබුණු සෛල නෙවෙයි දැන් තියෙන්නේ. නමුත් සමහර නියුරෝන සෛල තියෙන්න පුළුවන් ඉපදෙනකොටම තිබුණු ඒවා. සමහර සෛල පවතින්නේ දවස් 120යි.

අපේ ශරීරය ඉතා සංකීර්ණයි. අපේ කණ්ඩායමට ඒ පිළිබඳ හොඳ දැනුමක් තියෙනවා. ඖෂධයක් ශරීරගත වුණාම මොන ප්‍රෝටීන එක්කද බැඳෙන්නේ, ජාන ප්‍රකාශනය වෙනස් කරන්නේ කොහොමද කියන හැම දෙයක් ගැනම අපේ කණ්ඩායමට ලොකු දැනුමක් තියෙනවා. ඒ නිසා මේක නිකන් බෙහෙත් වර්ග දෙකක් කලවම් කරලා හදන ඖෂධයක් නෙවෙයි.

විකෘති ජානයක් නිසා සෛල වේගයෙන් බෙදෙන්න පටන්ගන්නවා. බෙදීමේ හැකියාව වැඩිවෙලා සෛල මරණයට පත්වීම අඩුවෙනවා. මේකට තමයි අපි පිළිකාව කියලා හඳුන්වන්නේ. උදාහරණයක් විදියට යුද්ධයක් ජය ගන්න විවිධ අය විවිධ යෝජනා ඉදිරිපත් කරනවා කියලා හිතන්න. කෙනෙක් කියන්න පුළුවන් අපි සාකච්ඡා කරමු කියලා. තව කෙනෙක් කියන්න පුළුවන් ආයුධ සැපයුම අඩාළ කරන්න ඕනෙ කියලා.

තව සමහරු කියනවා කණ්ඩායම ඇතුළේ මතගැටුමක් හදමු කියලා. නමුත් මගේ අදහස ඔය එක ක්‍රමයකින්වත් කවදාවත් යුද්ධයක් දිනන්න බෑ කියන එකයි. ඒ වගේ යුද්ධයක් තමයි පිළිකාවක් සුවකරනවා කියලා කියන්නේ. පිළිකාව සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන, පර්යේෂණ කරන අය ඒ ගැන හොඳින්ම දන්නවා. ලෝකෙ කොහෙවත් තනි ඖෂධයක් හොයාගෙන නෑ, මෙන්න මේ බෙහෙත ගත්තාම පිළිකාව සුව වෙනවා කියලා.

පිළිකාව ගොඩක් පැතිරිලා නම් ශල්‍යකර්මයක් කරලා ඒ සෛල කොටස ඉවත් කරන්න පුළුවන්. එහෙම අයින් කළා කියලා ප්‍රශ්නෙ විසඳෙන්නෙ නෑ. තවත් සෛල ඉතුරු වුණොත් ඒගොල්ලො ආයෙත් වැඩේ පටන් ගන්නවා. ඒකට කිමෝ තෙරපි කරන්න ඕනෙ.

ඔය විදියේ මොන ප්‍රතිකාර කළත් බොහෝ පිළිකා වර්ග 80%කට වඩා නැවත මතුවීමේ ඉඩක් තියෙනවා. ඒකට හේතුව විදියට විද්‍යාඥයෝ විශ්වාස කරන්නේ පිළිකා පියවි සෛල කියලා දෙයක්. ලංකාවේ මුලින්ම පිළිකා පියවි සෛල පිළිබඳ 2013දී පර්යේෂණ පටන්ගත්තේ අපේ කණ්ඩායම. ඒකට මට උදව් කළා ඇමෙරිකානු මහාචාර්යවරයෙක්. මම ටියුෂන් වගේ දේවල් කරලා මුදල් හොයාගෙන, ඇමෙරිකාව චීනයට පාකිස්තානය වගේ රටවලට අවස්ථා ගණනාවකදී ගිහින් තමයි මේවා ඉගෙනගත්තේ.

ඔබ ඇතුළු කණ්ඩායම සොයාගත් මේ ඖෂධයෙන් පිළිකා සෛල විනාශ කරන්නේ කොහොමද?

ශාක වර්ග 5කට ආසන්න ප්‍රමාණයක formulation අපි මේ සඳහා ඇතුළත් කරලා තියෙනවා. ඒකෙන් වෙන්නේ පිළිකා සෛලවලට මේ සංයෝගය ඇතුළු වෙන එක. මේකෙ ක්‍රියාකාරී සංයෝග 20කට අධික ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම ස්වභාවික සංයෝග.

ඒ සංයෝග හරහා එක එක වර්ගයේ පිළිකා සෛල මැරෙන ආකාරය අපි දැකලා තියෙනවා. ඒ වගේම මේ ඖෂධයෙන් සාමාන්‍ය සෛලවලට වෙන හානිය ගොඩක් අඩුයි. අපි මේ හැම දෙයක්ම අධ්‍යයනය කරනවා. මේක ප්‍රාථමික මට්ටමේ පර්යේෂණයක් කියලා සමහරු කියලා තියෙනවා. ඇත්තටම මේක ප්‍රාථමිකද කියලා ඔබලාම තීරණය කරන්න.

අපේ ඖෂධය අපි මුලින්ම සතුන් යොදාගෙනත් පරීක්ෂා කළා. එහි ලොකු මාත්‍රාවක් සතුන්ට දුන්නත් උන්ගේ අක්මාවට ඇතුළු අවයවවලට හානියක් වෙලා නෑ. අපේ මේ පෝෂණ ඖෂධය සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. හැබැයි Nutraceutical එකක් විදියට ලියාපදිංචි කරන්න සායනික පරීක්ෂණයක් අවශ්‍ය වෙන්නේ නෑ.

මේ ඖෂධය නිෂ්පාදන කරන්න ඔබ පෙලඹුණේ කොහොමද?

2009 විතර මම පිළිකා පිළිබඳ අධ්‍යයනය කරන්න පටන්ගත්ත කාලේ මම මිනිස්සුත් එක්ක කතාකරද්දී මට අවස්ථාව ලැබෙනවා විවිධ දේශීය වෛද්‍යවරුන්ගෙ බෙහෙත් වට්ටෝරු ගැන දැනගන්න. ‘මෙන්න මේ බෙහෙත් වට්ටෝරුව අපේ වෙද මහත්තයා පාවිච්චි කළා.

මේකට ලෙඩ්ඩු හොඳවෙලා තියෙනවා’ කියලා ඔවුන් කියනවා. ඇතැම් බෙහෙත් වට්ටෝරු කලින් පරම්පරාවෙ වෙදමහත්තුරුන්ගෙ ඒවා. ඒ බෙහෙත් ගොඩක් ප්‍රතිඵලදායකයි. ඒ අනුව මම ඒ වට්ටෝරුවල අන්තර්ගත ශාකයන් හොයාගෙන, ඒවා ශරීරයට අහිතකර නොවන බව තහවුරු කරගන්නවා. ඒක දවසින් දෙකෙන් කරපු දෙයක් නෙවයි, අවුරුදු ගානක් තිස්සේ කරපු දෙයක්.

එහෙම ඖෂධ සංයෝගයක් නිර්මාණය කරලා අපි බලනවා මේක මීට කලින් ලෝකෙ කවුරුන් හෝ හොයාගත්තු එකක්ද කියලා. වාසනාවකට මීට කලින් කිසිවෙකුත් නිර්මාණය නොකරපු සංයෝගත් අපට හොයාගන්න ලැබෙනවා. ඊට පස්සේ අපි ඒ සංයෝගය සෛලවලට දාලා බලනවා මොන යාන්ත්‍රණයෙන්ද ලෙඩේ හොඳවෙන්නේ කියලා. දැන් අපට මේ ඖෂධයෙන් රෝගීන් සුවවුණා කියන්න සාක්ෂි තියෙනවානේ, පාරම්පරික ඖෂධ වට්ටෝරු නිසා. ඒක අපි මිනිස්සුන්ට ලබාගත හැකි විදියට ෆෝමියුලේට් කරලා තියෙනවා, ඊට අමතරව විද්‍යාත්මකව ඒකෙ ඇතුළාන්තය බලලා තියෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රමය කියන්නෙත් දියුණු වෛද්‍ය ක්‍රමයක්. ඒක කාටවත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ඒකෙන් ලෙඩ්ඩු සනීප කරන්න පුළුවන්. කවුරු හරි ඒක ප්‍රතික්ෂේප කරනවා නම් එයාගෙ දැනුම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි අපේ දේවලට ගරහන්නේ?

මේ විෂය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන පිරිස අද රට දාලා යනවා. රටේ ජීවත් වෙන්න අමාරුයි. හැබැයි අපි රට දාලා යන්නේ නෑ. අපි බලනවා රටට ඩොලර් ගේන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවද කියලා. මේක හැදුවට පස්සේ රට ගිය ඔක්කොම ආපහු මෙහෙට එනවා.

මේ ඖෂධයේ නම මොකක්ද?

‘වර්නොලැක්’ තමයි මේකෙ නම. පැළෑටි කිහිපයක සාරයෙන් හදපු පෝෂක ඖෂධයක් මේක.

ඔබේ පර්යේෂණවලට අනුව අපේ දේශීය ආහාර රටාවේ තියෙන මොන ආහාරවලද පිළිකා නැසීමේ ගුණය තියෙන්නේ?

ගොරකා. පියවි පිළිකා සෛල නැසීමේ හැකියාව පවා ගොරකාවල තියෙනවා. අපි කරපු රිසර්ච් පහ හයකම ගොරකා ගැන සඳහන් කරලා තියෙනවා. මගේ ප්‍රොෆයිල් එකට ගිහින් ඒවා බලන්නත් පුළුවන් අවශ්‍ය කෙනකුට. අපි හොයාගත්ත දෙයක් තමයි ඒ වගේ දේවල් වෙන වෙනම යොදාගන්නවා වෙනුවට ඖෂධ වර්ග කිහිපයක් සංයෝග කරලා ගත්තාම ඒකෙන් සාමාන්‍ය සෛලවලට සිදුවන හානිය ගොඩක් අඩුයි කියන එක. ඒක තමයි සොබාදහම. මේ කැන්සර් එක කියන්නෙත් සොබාදහමේ සිද්ධියක්. ඒකට විසඳුම තියෙන්නෙත් සොබාදහමේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව අලුත් තක්කඩිකමක් කරන්න හදනවා! ඇමැතිවරයා හරහා පරණ සභාපතිලාට ආපහු පණ දෙන්නයි යන්නේ! ජනාධිපති හීන දකින රනිල්ට මේ කුපාඩිකම කරන්න අපි ඉඩ දෙන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

කෙල්ලන්ගෙ පින්තූර එඩිට් කරලා ෆේස්බුක් දාපු කොල්ලො දෙන්නට හොඳටම ගහලා! වාහනවලටත් ගිනිතියලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.