පුත්තූර් කැලෙයිඔලි ගම්මානයේ තරුණයන් දෙදෙනකුගේ නිවෙස්වලට කඩාවැදුණු 50කට අධික පිරිසක් ඔවුන්ට පහරදී වටිනා භාණ්ඩ විනාශ කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඔවුන් ප්‍රදේශයේ කාන්තාවන්ගේ පින්තූර විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇතැයි චෝදනාව මත අදාළ තරුණයින් දෙදෙනාගේ නිවාසයට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි අචුවේලි පොලීසිය පවසන්නේ.
පොලීසිය පැවසුවේ සිද්ධියෙන් තරුණයින් දෙදෙනෙකු සහ පොලිස් නිලධාරියෙකු තුවාල ලබා ඇති බවයි.
පුත්තූර් කැලෙයිඔලි ගම්මානයේ ගැහැනු ළමයින්ගේ ඡායාරූප විකෘති කර සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළ බවට අචුවේලි පොලිස් ස්ථානයට මීට පෙරද පැමිණිලි ලැබී තිබිණි.
පරීක්ෂණ පැවැත්වෙන අතරතුර ඊයේ (28) රාත්‍රී 11.30 ට පමණ පුද්ගලයින් 50කට අධික පිරිසක් ඔවුන්ගේ නිවෙස්වලට ඇතුළු වී තරුණයන් දෙදෙනාට දරුණු ලෙස පහර දී ඇත.
ප්‍රහාරයෙන් නිවස තුළ තිබූ වටිනා භාණ්ඩ සහ පරිශ්‍රයේ තිබූ වාහනවලටද හානි සිදුව තිබෙනවා.
තුවාල ලැබූ තරුණයන් දෙදෙනා රෝහලට ගෙන යාම වළක්වන විටත් එහි පැමිණි පොලිසිය අහසට වෙඩි තබා තත්ත්වය පාලනය කිරීමද සිදුවුණාග
සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු අචුවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර, තුවාල ලැබූ තරුණයින් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
newscenter