• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැඩරුව පටලවාගෙන ලෙල්ලටම ආ මාරයා I Sri Lanka Latest News

August 19, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුල තියෙන්නෙ අනියම් සම්බන්ධයක්ද?

වෙඩි තිබ්බෙ පැටලිලාද?

මරන්න හිටියෙ වෙන කෙනෙක්ද?

මීගමුව යනු ශ්‍රී ලංකාවේ ඇති අතිශය සුන්දර නගරයකි. මීගමුවේ එක කොනක ඇත්තේ ඉන්දියන් සාගරයයි. සාගරය කියන කවි සින්දු අහන මීගමු වැසියෝ නින්දට යන්නේ මේ අපූරු මුහුදු හුළං තුරුලේය. මීගමුවට පුංචි රෝමය යැයි කියන්නේ මීගමුවේ කතෝලිකයන් ඉන්නා නිසාම නොවේ. මීගමුව රෝමය තරම්ම ලස්සන නිසාය. මීගමුව පුරා තැනින් තැන ඉදිවුණු පල්ලිවලින් ඒ සුන්දර පුරවරයේ අභිමානය වැඩි කරවයි.(Sri Lanka Latest News)

මීගමුවේ මිනිස්සුන්ගේ හිතේ හයිය වැඩි බව සාමාන්‍ය පිළිගැනීමයි. මීගමුවේ මිනිස්සුන්ට ලස්සනට කවි ගී ගායනා කිරීමේ හැකියාව දෙවියන්වහන්සේ විසින් ලබාදී තිබේ. මීගමුවට වෙනමම සංස්කෘතියක් තිබේ. මීගමුවේ මිනිස්සුන්ගෙන් එක කොටසක් කරන්නේ සමහරු උදේටත් තවත් සමහරු රෑටත් මුහුදු යෑමය. මුහුදේ කරදිය නිල්ලේ රැළි සුළි අස්සේ සිය ජීවිතයේ අවසන් භාගය තෙක් ගතකරන මීගමු ගැමියා සාමාන්‍යයෙන් කිසි දේකට බය නැත. මහ මුහුදත් සමග ඔට්ටු වෙන මේ මිනිස්සුන්ගේ ඇඟපත හැඩය.

පිරිමින්ගේ මස්ගොබ අස්සේ පුදුම ශක්තියක් ඇති බව දකින ඕනෑම කෙනකුට සිතේ. මීගමුවට එන සුදු ගෑනු මීගමුවේ පිරිමින්ට ලෝභ වී ඒ අය රටට රැගෙන ගිය අවස්ථා බොහෝය. මීගමුවේ ගෑනු විලාසිතා කරති. ඒ අය සාමාන්‍යයෙන් හැඩට ඉන්නට, හැඩට අඳින්නට ප්‍රිය කරති. ඒ නිසා මීගමුවට පය තැබූ සැණින් ඔබට අපට දකින්නට ලැබෙන්නේ සුන්දර නමුත් අහංකාර එකමුතුකම පිරි සාමාන්‍ය මිනිස්සුන්ගේ ජීවිත කතාවකි.

මීගමුවේ මිනිස්සු කොහොමත් විලාසිතා කරති. නත්තල් කාලයට මීගමුව අතිශය කාර්යබහුල වේ. මේ කතන්දරය කියන්නේ මීගමුවේ සොඳුරු බව ගැන ලියන්නට නම් ප්‍රශ්නයක් නැත. මේ ලියන්නට යන්නේ පහුගිය දිනෙක මීගමුවේ සිදුවූ අතිශය ඛේදනීය සිදුවීමක් ගැනය. මේ සිදුවීම සිද්ධ වන්නේ මීගමුව ලෙල්ලමේය. මීගමුවට මේ ලෙල්ලම කියන වචනය නුහුරු නැත. සාමාන්‍යයෙන් මීගමුවේ ලෙල්ලම් කිහිපයක් තිබේ.

ලෙල්ලමේ සිදුවන්නේ මුහුදෙන් අල්ලාගෙන එන මාළු අලුත් පිට විකුණා දැමීමය. මීගමුව අවට මිනිස්සුන්ගේ සාමාන්‍ය සිරිත ලෙල්ලමට ගොස් මාළු මිලදී ගැනීමය. මාළු පෙට්ටියක බහාලූ මුහුදු මාළු රැගෙන නිවෙසට එන මාළු වෙළෙන්දාගෙන් සාමාන්‍යයෙන් මාළු මිලදී ගනිද්දී ඒ සඳහා වෙන් වන මුදලට වඩා ඉතා අඩු මුදලකට මීගමුව ලෙල්ලමෙන් මාළු මිලදීගත හැකිය.

සාමාන්‍යයෙන් මීගමුව ලෙල්ලමේ ඉන්නේ මීගමුවේ බලපුළුවන්කාරකම් ඇති කොල්ලන් කුරුට්ටන්ය. ඒ අයට ඇත්තේ පුදුම ශක්තියකි. සාමාන්‍යයෙන් මීගමුව ලෙල්ලමට ගොස් සද්දයක් දමා පිටව ඒම පහසු නැත. නමුත් මේ වතාවේ සිදුවන්නේ මීගමුව ලෙල්ලමම කම්පා කරවන සිදුවීමකි. ලෙල්ලමේ සිටි හැඩිදැඩි තරුණයෙක් හදිසියේම ආ මාරයා විසින් රැගෙන යන්නේ කිසිවකුටත් නොකියාය. එය අදහා ගන්නට පවා බැරි අරුමපුදුම සිදුවීමකි.

සාමාන්‍යයෙන් මීගමුවේ මිනිස්සු මහ මුහුද සමග ඔට්ටු වන්නේ කොයි වෙලාවේ මාරයා පැමිණ තමන් රැගෙන යාවිදැයි නොදන්නා බව කියමිනි. නමුත් ඔවුන් කිසිම විටක ලෙල්ලමට කඩාවදිනා මාරයෙක් ගැන බලාපොරොත්තු වන්නේ නැත. නමුත් කිසිවකු නොසිතූ මොහොතක මීගමුව ලෙල්ලමට මාරයා කඩාපැන්නේය. ඒ, මීගමුව ලෙල්ලමේ සිටි කවුරුත් දන්නා හඳුනන මනුස්සයෙක්ව රැගෙන යන්නටය. මේ කතන්දරය දැන් මුළු රටම දන්නා කතාවකි.

මේ මරණය පැහැදිලිවම මනුෂ්‍ය ඝාතනයකි. මනුෂ්‍ය ඝාතනයක් සිදුව ඇත්නම් එහි අග මුල සෙවීම නීතියේ සාමාන්‍ය ස්වභාවයයි. ඒ නිසා මීගමුව ලෙල්ලමේ සිදුවීමට අදාළව මුල, මැද, අග ගළපා සිද්ධියේ අවස්ථා සම්බන්ධය සොයාගන්නට ශ්‍රී ලංකා පොලිසියටත්, අපේ නිලධාරීන්ටත්, වෙනත් නිලධාරීන්ටත් සිදුවිය. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පොලිස් නිලධාරීහු මේ සඳහා උපන් පහන්කම් ඇත්තෝය. යම් කිසිවෙක් සිතා සිටිනවා නම් මනුෂ්‍ය ඝාතනයක් සිදුකොට සැඟව සිටින්නට, එය කිසිසේත්ම කළ නොහැකිය. එවැන්නක් කරන්නට නම් අතිශය ප්‍රබල හයිය හත්තිය සහිත දේශපාලන හෝ වෙනත් ශක්තියක් තිබිය යුතුය. එහෙම නැත්නම් මේ අය කොටු කරගන්නට අපේ පොලිසියට ඇත්තේ සහජ බුද්ධියකි. මේ එවන් කතාවක්ය.

මේ වන විටත් මරණය පිටුපස ඇති කාරණා පිළිබඳ අවධානය යොමුව තිබේ. අදාළ සිදුවීමෙන් වැඩි වෙලාවක් යන්නට මත්තෙන්ම පරීක්ෂණ කටයුතු ආරම්භ විය. පොලිසිය පවසන පරිදි අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල්කරගෙන සැකකරුවන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ ඊට සම්බන්ධයක් නැති පුද්ගලයකුට බව පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත.

යම් කිසිවෙක් විසින් මේ හැඩරුව සහිත තරුණයෙක්ට වෙඩිතබා මරාදැමීමට ලබාදුන් මේ ඝාතකයන් ක්‍රියාත්මකව ඇති බවට සැකයක් නිර්මාණය වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙහිදී අදාළ තරුණයා විසින් මීගමුවේ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ බිරියක් සමග මෙම අනියම් සබඳතාව ඇති කරගෙන ඇති බවට ඉහත සැකය ඇති වී තිබේ. මෙම කොන්ත්‍රාත්කරුවන්ගේ ඉලක්කය බවට පත්වූ මෙම තරුණයාට හැඩරුවින් සමාන වෙනත් තරුණයකු සිටිය හැකි බව පොලිසිය කියයි.

යම් අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් මේ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇති බවත්, එම කාලයේ බිරිය අනියම් ඇසුරක් පවත්වා ඇති බවට මේ පුද්ගලයාට ලැබී තිබුණු තොරතුරු මත මෙම අපරාධය සිදුව ඇති බවට පොලීසිය සැක කරයි.

මේ මරණය සිදුකිරීම සඳහා ඝාතකයන් පෙර සැලසුමක් ලෙස ලෙල්ලමට යතුරුපැදියකින් පැමිණ ඇති බව ද වාර්තා වේ. අදාළ සිදුවීම වෙන දිනයේ දීද ඝාතකයන් යතුරුපැදියක් යොදාගෙන අදාළ ස්ථානයට පැමිණෙන අතර, එහිදී මෙම ඝාතකයන් අදාළ තරුණාට වෙඩි තබා පලායන අයුරු සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබේ. මේ ඝාතනය ඉතාම ප්‍රාථමික ආකාරයෙන් සැලසුම් කරන ලද එකක් වන අතර, එයින් වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ කිසිම සම්බන්ධයක් නැති තරුණයෙක්ට වීම බරපතළ කරුණකි. නමුත් මේ ප්‍රාථමික සැලසුම හේතුවෙන් ඉක්මනින්ම අපරාධකාරයන්ට වැඩ වැරදුණේය.

මේ වනවිට මීගමුව පිටිපන මාළු ලෙල්ලමේ නතර කරන වාහනවලින් ගාස්තු අයකරමින් සිටි නයිදප්පුලාගේ ධනුෂ්ක ඇන්ජන් උමයංග ප්‍රනාන්දු (25) නමැති කායවර්ධන ක්‍රීඩාව ප්‍රගුණ කළ තරුණයාට වෙඩිතබා මරාදැමීමට කොන්ත්‍රාත්තුව දුන්නේ යැයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ඔහු මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට පහුගිය පහළොස් වැනිදා ඉදිරිපත් කළ බව වාර්තා විය. එසේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 29 දින දක්වා ඔහු රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා නියෝග කළේය.

මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ බී.පී. සමන්ත නොහොත් ආමි සමන්ත නමැති 45 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මීගමුවට නුදුරු බඩල්ගම කෙහෙල්ඇල්ලේ පදිංචිකරුවකු වන බවත් දැනට මුදල් පොලියට දීමේ ව්‍යාපාරයකට සම්බන්ධ අයකු බවත් පොලිසිය කියයි. ඔහු යුද හමුදාවේ සේවය කළ අයෙක් බවත් වැඩි දුරටත් විස්තර කරයි. දුන්ගාල්පිටිය පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජයරත්න සිල්වා මහතා සමග පොලිස් කොස්තාපල් 22615 ලක්මාල් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැමිණිල්ල මෙහෙයවූහ. දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවමින් සිටී.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සාගල කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නිරීක්ෂණය කරයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පෙම් කරන්න ඇවිත් ඇතුගලට ගිනිතියලා! පෙම් යුවලටම රිමාන්ඩ් එකට යන්න වෙයි! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

මේ වසර තුළ ඇමරිකානු ඩොලර් බිලියනයක විදේශීය ණය ගෙවීමට සැලසුම් කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. Sri Lanka Latest News...

Read more
යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.