• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සාගල කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නිරීක්ෂණය කරයි! PHOTOS I Sri Lanka Latest News

August 19, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
සාගල කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය නිරීක්ෂණය කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ (18) පස්වරුවේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක් විය.Sri Lanka Latest News

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත පැමිණි සාගල රත්නායක මහතා පළමුව එහි පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.

විශ්වවිද්‍යාලයේ අභිනව විශ්ලේෂණ විද්‍යාගාරය (Analytical Laboratory) විවෘත කිරීම ද සාගල රත්නායක මහතා අතින් සිදු වූ අතර විශ්වවිද්‍යාල භූමියේ ඉදිවන ශ්‍රවණාගාරයේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කළේය.

ඉන් අනතුරුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති කාර්යාලය වෙත පැමිණි සාගල රත්නායක මහතා එහිදී අධ්‍යක්ෂ මණ්ඩලය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් විශ්වවිද්‍යාලයේ සංවර්ධන කටයුතු පිළිබඳව සොයා බැලීය.

එහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ලබාදෙන අධ්‍යාපනය හා එහි ප්‍රමිතිය මෙන්ම ගුණාත්මකභාවය පිළිබඳව සුබපැතුම් පළ කළ සාගල රත්නායක මහතා සඳහන් කර සිටියේ විශ්වවිද්‍යාලය විසින් පවත්වාගෙන යන විනය එහි සාර්ථකත්වයට හේතුව බවත්, රටට ද අවශ්‍ය එවන් ආකල්මය වෙනසක් සහිත අධ්‍යාපන ක්‍රමවේදයක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.

පළමුව මෙම අවස්ථාවට ආරාධනා කිරීම පිළිබඳව මම ඔබ සියලුදෙනාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන ප්‍රමිතිය සහ ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පිළිබඳව අප ඉතා ආඩම්බර වන බව කිවයුතුයි.

මගේ ඥාති පුත්‍රයා මෙහි නීති හා අපරාධ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබනවා. ඔහු මීට ඇතුළත්වීමට සුදුසුකම් ලැබූ දිනයේ, අනෙක් විශ්වවිද්‍යාල රාශියක් තිබියදී ඇයි ඔබ මෙම විශ්වවිද්‍යාලය තෝරාගත්තේ කියා මා විමසා සිටියා. එවිට ඊට ප්‍රධානතම හේතුව ලෙස ඔහු මා සමඟ සඳහන් කර සිටියේ මෙහි පවත්වා ගෙන යන විනයයි. වෙනත් විශ්වවිද්‍යාලයකට ගොස් විවිධ හේතු මත මහ පාරේ විරෝධය පළ කරමින් සිටීමට ඔහුට අවශ්‍ය වුණේ නෑ.
මේ රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය වන්නේ මෙවැනි අධ්‍යාපන ක්‍රමයක්. ඒ වගේම තරුණ ප්‍රජාවට මුහුණදීමට සිදුවන අභියෝග ජය ගැනීමට අවශ්‍ය වන ආකල්ප සංවර්ධනය වීමටත් මෙවැනි අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි.
විවිධ කාලවලදී අඩු වැඩි වශයෙන් වරින් වර විවිධ අභියෝගවලට මුහුණ දීමට මෙරටට සිදු වුවත් මේ වන විට අප නිවැරදි මාවතට අවතීර්ණ වී සිටිනවා. අප මෙම මාර්ගයේම ඉදිරියට ගමන් කළ හොත්, අප සිහින දුටු සිංගප්පූරුව මෙන් ශ්‍රී ලංකාව ද සාර්ථක තත්ත්වයකට පත් කර ගත හැකියි.

මෙහිදී වැදගත්ම දේ වන්නේ පැනවිය යුතු නීති පැනවීම, නියාමනය කළ යුතු දේ නියාමනය කිරීම සහ නියාමනයන් ඉවත් කළයුතු දේ ඉවත් කිරීමයි. ආර්ථිකය පිළිබඳ සැලකීමේ දී අපි එහි අනවශ්‍ය නියාමනයන් ඉවත් කර විවෘත කළ යුතුයි. ඒ වගේම දැනට පවතින නීති සහ රෙගුලාසි, මුදල් විශුද්ධිකරණය, මූල්‍ය විමර්ශන වැනි අංශයන්ගේ ප්‍රමිතිය නැවත තහවුරු කළ යුතුව තිබෙනවා.
නීතිය, සාමය සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ අප දැඩි ලෙස අවධානය යොමු කරනවා. මෙහිදී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට විශේෂ කාර්යභාරයක් පැවරී තිබෙනවා. අපේ තරුණ තරුණියන් වෙනුවෙන් නව අධ්‍යාපන ක්‍රමවේදයක් ඇති කළ යුතුයි. වරාය නගරය සහ මුල්‍ය මධ්‍යස්ථානය ආරම්භ වූ පසු එහි අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් අපේ ක්‍රමවේදයන් සියල්ල ඊට ගැළපෙන පරිදි ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වෙනවා. මූල්‍ය වෙළෙඳපොළ ද ඒ අනුව වෙනස්කම් වලට භාජනය කළ යුතුව තිබෙනවා.
ඒ වගේම කෘතිම බුද්ධිය භාවිතයට ගැනීම තාක්ෂණික වශයෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීම සඳහා වැදගත් වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති සහ රෙගුලාසි සහිත සම්පූර්ණ වර්ධන වැඩසටහනක් ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. නමුත් එය අදියරෙන් අදියර ක්‍රියාත්මක කිරීමට සිදුව තිබෙනවා. ඒ අපට මුහුණ දීමට සිදු වූ ආර්ථික අර්බූදය හමුවේ මේ සියල්ල එකවර ක්‍රියාත්මක කළ නොහැකි නිසයි.
අප ඉදිරියට යන විට අපට ගැළපෙන ආකාරයට යම් යම් වෙනස්කම් කිරීමට සිදු විය හැකියි. නමුත් මෙහි ප්‍රධානතම කරුණ වන්නේ අප මෙය නිවැරදිව සිදු කිරීමයි. අපට අවශ්‍ය කරන දැනුම අප ලබා ගත යුතු අතර අප සතු දැනුමද සමඟ ඉදිරියට යා යුතුයි. විශේෂයෙන්ම මෙහි පෙරගමන්කරු විය යුත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයයි.
යම් සිසුවෙකු මෙම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා රජයේ රැකියාවක් ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පසුපස යනවා නම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අසමත් බව මතක තබා ගන්න. අප එම ක්‍රමවේදය වෙනස් කළ යුතුයි. අප රටක් ලෙස වෙනස් කරගත යුත්තේ ද එවැනි ආකල්පයි. රජයේ විශ්වවිද්‍යාලයකින් පිටවන සෑම උපාධිධාරියෙකුම අනිවාර්යයෙන්ම රජයෙන් ඔවුන්ට රැකියාවක් ලබාදිය යුතුයි යන මතයේ සිටිනවා. එය සම්පූර්ණයෙන්ම වැරදියි. මෙම ආකල්පමය වෙනස සිදු කළ යුතුයි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ පනත පිළිබඳව අපේ අවධානය යොමු කර තිබෙනවා. කළමනාකරණ මණ්ඩලයේ තනතුරු වගේම මෙයට ඇතුළත් කර ගන්නා පෞද්ගලික සිසුන් ප්‍රමාණය පුළුල් කිරීමට ඇති හැකියාව ද හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම කුරුණෑගල, පොළොන්නරුව සහ කොළඹ වැනි ප්‍රදේශවල කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ශාඛ ආරම්භ කිරීමට අවධානය යොමු කර තිබෙනවා. මෙම වෙනස්කම් පිළිබඳ අපේ ප්‍රධාන අවධානය යොමු කර තිබෙන අතර මීට අමතරව වෙනත් අදහස් ඔබට ඇත්නම් ලබන අඟහරුවාදා වන විට ඒවා අපට ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස් කෝට්ටේගොඩ , උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්, නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පරිපාලන) බ්‍රිගේඩියර් ඩී.සී.ඒ වික්‍රමසිංහ, නියෝජ්‍ය උපකුලපති (ශාස්ත්‍රාලික) මහාචාර්ය කේ.ඒ.එස්.ධම්මික යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-19

SendShareShare
Previous Post

පුහුණුකරු නැතිව පොදුරාජ්‍ය මණ්ඩල තරගාවලියට ගිය අපේ මලල ක්‍රීඩකයන්ට විදෙස් පුහුණුකරුවන් උදව් කළ හැටි! Sri Lanka Latest News

Next Post

හැඩරුව පටලවාගෙන ලෙල්ලටම ආ මාරයා I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.