කුරුණෑගල ඇතුගල ප්‍රදේශයේ කැලෑවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පෙම් යුවළ ලබන සඳුදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. (Sri Lanka Latest News)
කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයයි අද (19) මෙම නියෝගය ලබාදුන්නේ.
ඇතුගල නැරඹීමට ගොස් සිටියදී ඔවුන් දල්වා විසිකරනු ලැබූ ගිනි කූරක් හේතුවෙන් කැලෑවේ අක්කර 3ක පමණ ප්‍රදේශයක් විනාශ වී තිබෙනවා.
මෙම යුවළ ඊයේ ඇතුගල කඳු මුදුනේ පිහිටි බුදු පිළිමය නැරඹීමට පැමිණ ඇති අතර, තරුණයාගේ සාක්කුවෙන් ගිනිපෙට්ටියක් හමුවීමත් සමග තරුණිය ඒ පිළිබඳ ප්‍රශ්න කර ඇති බව සඳහන්.
පසුව තරුණිය ගිනිපෙට්ටියේ තිබූ ගිනිකූරු දෙක දල්වා රක්ෂිතයට විසිකිරීම හේතුවෙන් එහි ගින්නක් හටගෙන තිබෙනවා.
මෙය දුටු ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ පොලිසියට දන්වා ඇති අතර කුරුණෑගල නගර සභා සේවකයින්ගේ සහායෙන් ගින්න නිවාදමා තිබුණා.
ගින්නත් සමග පහළට දිවගොස් ඇති පෙම් යුවළ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මාතලේ සහ මහව ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 24 සහ 20 යන වයස්වල පසුවන දෙදෙනෙක්.
පොලිසිය පැවසුවේ තරුණයා යුද හමුදා සෙබළෙක් බවයි.
dasathalankanews










