විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර දුරකතන සංවාදයක් පසුගිය සිකුරාදා (22) දින පෙරවරුවේදී සිදුව තිබේ.Sri Lanka Latest News
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වහාම සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඊට විසඳුම් සෙවීමට කටයුතු කරන ලෙස දැනුම් දීම සඳහා මෙසේ විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවක් දැනගන්නට ඇත.
ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේදී විපක්ෂ නායක කාර්යාලයේ පැවැති විපක්ෂයේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී ගෙන තිබූ තීන්දුවක් වූයේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් කැඳවිය යුතු බවත්, එය විපක්ෂ නායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු බවත්ය.
එම එකඟතාවට අනුව පසුගිය සිකුරාදා දිනයේදී විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයාට කතාකොට මෙම යෝජනාව දැනුම් දීමට කටයුතු කොට ඇත.
එහිදී ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ තමන් මේ වනවිට මඩකළපුවේ රැඳී සිටින බවත්, කොළඹට පැමිණි පසු ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවත්ය.










