• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හමුදාවේ 635ක් ජීවිත පූජා කළ පුනරීන් කඳවුරේ සටන මතකද? අදට අවුරුදු 29යි…

November 15, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
හමුදාවේ 635ක් ජීවිත පූජා කළ පුනරීන් කඳවුරේ සටන මතකද? අදට අවුරුදු 29යි…
Share on WhatsAppShare on Facebook

පළමු ඊළාම් යුද්ධයට සාපේක්ෂව දෙවැනි ඊළාම් යුද්ධය බැරෑරුම් සහ දරුණු වූ සටන් ඇවිළුණු යුගයකි. ආයුධ බලයෙන්, පිරිස් බලයෙන් සහ යුද්ධෝපක්‍රම අතින් පළමු ඊළාම් යුද්ධයට වඩා ශක්තිමත්ව සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් හමුදාවට දැවැන්ත තර්ජන එසමයේ ඇතිවිය. 1992 වසරේදී නාවික හමුදාපතිවරයා ඇතුළුව යුද සහ නාවික හමදා නිලධාරීන් රැසක් ඝාතනය කරමින් ත්‍රස්තවාදීන් ජයග්‍රහණ රැසක් අත්කරගත් බව ඉතිහාසය සාක්ෂි දරයි. අවි ආයුධවල ඌනතාවත්, ආහාර, ජලය සහ ඖෂධවල හිඟතාවයෙන් බැට කමින් මාරාන්තික සතුරකුට එරෙහිව හුදෙකලාව සටන් කළ වීරෝදාර රණවිරුවන් රැසකගේ ඉරණම තීරණය වූ සටනක් වශයෙන් පුනරීන් සටන ඉතිහාසයට එක්වේ.

ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් මෙහෙය වූ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් විජය විමලරත්න, රියර් අද්මිරාල් මොහාන් ජයමහ ඇතුළු සටන්කාමීන් රැසක් මෙන්ම නාවික හමුදාපති වයිස් අද්මිරාල් ක්ලැන්සි ප්‍රනාන්දු ඝාතනය කරමින් රටම භීතියට පත්කර සිටි එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් 1992 වසර අවසානය වන විට සිටියේ යුදමය අතින් අතිශයින්ම ශක්තිමත්වය.

මේ කාලසීමාවේදී යුද හමුදාවෙන් සීමිත ප්‍රහාරාත්මක මෙහෙයුම් කිහිපයක් දියත් වුණු අතර ඒවායින් දීර්ඝකාලීන ප්‍රතිලාභ අත්කර ගැනීමට යුද හමුදාවට හැකිවූයේ නැත. වන්නි ප්‍රදේශයේ ත්‍රස්තවාදී බලය අහිමි කිරීම වෙනුවෙන් අදියර දෙකකින් ක්‍රියාත්මක වූ ‘වන්නි වික්‍රම’ මෙහෙයුම මෙන්ම අලිමංකඩ කඳවුර සතුරාගෙන් බේරාගැනීමට දියත් කළ ‘බලවේගය’ මෙහෙයුමට පෙර ක්‍රියාත්මක කළ ‘අසේක සේනා’ මෙහෙයුමත් ‘හයේ පහර’ මෙහෙයුමත් ඒ ප්‍රහාරවලට හොඳම උදාහරණයි. එසේම ‘අකුණු පහර’ මෙහෙයුමත්, පළමු වරට ටී 55 යුද ටැංකිය යොදාගත් ‘සත්බල’ මෙහෙයුමත් ක්‍රියාත්මක වූයේ මේ සමයේදීයි.

මේ කාලයේදී වන්නියට එල්.ටී.ටී.ඊ. තර්ජන වැඩි වූ අතර ඊට සාපේක්ෂව අති දැවැන්ත තර්ජනයක් යාපනය අර්ධද්වීපයට එල්ල විය. මේ නිසාම පුනරීන් කඳවුරට තර්ජයක් වූ කිලාලි කළපුවේ එල්.ටී.ටී.ඊ. බෝට්ටු නැංගුරම්පළ විනාශ කිරීම වෙනුවෙන් ‘යාල්දේවී’ මෙහෙයුම 1993 වසරේදී ක්‍රියාත්මක විය. ඉන් යුද හමුදාවේ 108 දෙනකුට තම ජීවිත අහිමි විය. මේ කාලයේදී වන්නියත්, යාපනය අර්ධද්වීපයත් යාකරන ගොඩබිම් මාර්ගයක අවශ්‍යතාව සපුරන ඒ 35 මාර්ගය භාවිත කිරීමේ අවශ්‍යතාව එල්.ටී.ටී.ඊ.යට තදින්ම දැනුණු සමයක් වුවත් පුනරීන් කඳවුර ඔවුන්ට දැඩි හිසරදයක් විය. එසේම අවි ආයුධ රට තුළට ගෙන ඒමට පුනරීන් හමුදා කඳවුර එල්.ටී.ටී.ඊ.යට දැවැන්ත තර්ජනයක් විය. එසේම යාපනය කළපුවේ මෙන්ම බටහිර මුහුදේ එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලටද පුනරීන් කඳවුර එල්.ටී.ටී.ඊ.යට බාධාවක් විය. මේ නිසාම කලින් කලට පැවැති සාම සාකච්ඡාවලදීත් එල්.ටී.ටී.ඊ.යේ ප්‍රමුඛතම ඉල්ලීම වූයේ පුනරීන් කඳවුර ඉවත් කිරීමයි.

නමුත් යාපනය අර්ධද්වීපයේ ආරක්ෂාව වෙනුවෙන් සහ යාපනය කළපුවේ නාවික හමුදා බලය පැතිරවීම වෙනුවෙන් පුනරීන් හමුදා කඳවුර රජයේ හමුදාවන්ට අත්‍යාවශ්‍ය සාධකයක් විය. ඒ නිසාම 1 වැනි පාබල බළඇණියත්, 3 වැනි ගජබා බළඇණියත් පුනරීන් කඳවුරේ ස්ථාපිත කළ අතර පාබල හමුදාවන්ගේ සහාය සඳහා මි.මී. 120 මෝටාර් අවි සහ ටී 55 යුද ටැංකි දෙකක් කඳවුරේම ස්ථානගත කර තබිණි. එසේම අවශ්‍යතාවකදී පලාලි, අලිමංකඩ සහ කයිට්ස් කඳවුරුවලින් කාලතුවක්කු වෙඩි සහාය ලබාගැනීමේ හැකියාව පුනරීන් කඳවුරට තිබිණි.

නමුත් පුනරීන් කඳවුරේ ගොඩබිම දෙසට වූ මායිම් යම් තරමකට ආරක්ෂා වූ අතර මුහුද දෙසට වූ මායිම් ආරක්ෂා කරගැනීම දැවැන්ත ගැටලුවක් වී තිබිණි. මේ නිසාම ත්‍රස්තවාදීන්ට පහසුවෙන් කඳවුරේ ඔත්තු බැලීමට අවස්ථාව උදාවිය. එලෙස ඔත්තු බැලීමට පැමිණි ත්‍රස්තවාදීන් රැසක්ම අවස්ථා ගණනාවකදී හමුදාවන්ගේ ග්‍රහණයට ලක්වූ අතර මේ නිසාම කඳවුරට එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම දැඩිව දැනෙන්නට විය. එසේම කොමාතුඩුවේ පිහිටුවා තිබූ අවතැන් කඳවුරක රැඳී සිටි පිරිස්ද එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහාය දක්වා ඇති බවට පසුව වාර්තා විය.

තත්ත්වය එසේ තිබියදී 1993 නොවැම්බර් 11 වැනිදා අලුයම තවලෙයි පාච්චල් නොහොත් ගෙඹි පිම්ම නම් වූ එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ප්‍රහාරය පුනරීන් කඳවුරට එල්ල විය. යාපනය කළපුව තරණය කරමින් පැමිණි ත්‍රස්තවාදීන් මුලිම ප්‍රහාර එල්ල කළේ 1 වැනි පාබල බළඇණියේ එක් ඛණ්ඩයක් පමණක් ස්ථානගත කර තිබූ කොමාතුඩුව ප්‍රදේශයටයි. වෙරළෙන් ප්‍රහාර එල්ල කරද්දී ඊට සාපේක්ෂව ගොඩබිමෙන්ද ප්‍රහාර එල්ල කිරීමට ත්‍රස්තවාදීන් කටයුතු කළේ කඳවුර තුළම සැඟව සිටිමිනි. ඉන් වික්ෂිප්ත වූ පාබල සෙබළුන් පලවා හරිමින් කොමාතුඩුව ඉදිරි ආරක්ෂක වළල්ල අත්පත්කර ගැනීමට ත්‍රස්තවාදීහු කටයුතු කළහ. ඒ සමගම බෝට්ටුවලින් පැමිණි තවත් ත්‍රස්තවාදීන් විශාල පිරිසක් පහරදෙමින් කඳවුර තුළට කඩාපැන්නාහ. එම බෝට්ටු ප්‍රහාරය හමුදාව විසින් කිසි ලෙසකින්වත් අපේක්ෂා නොකළ තත්ත්වයකි.

කඳවුරේ පිහිටීම හොඳින් අවබෝධ කරගෙන සිටි ත්‍රස්තවාදීන් පරන්තන් දෙසින් පැමිණ කඳවුරේ ඊසාන දෙසට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය. එසේම යුද ටැංකි අංගණයද අපහසුවකින් තොරවම එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අත්පත් කරගනු ලැබීය. එලෙස අත්පත් කරගත් යුද ටැංකි දෙකෙන් එකක් ඒ කාලයේදීම ගුවන් හමුදා ප්‍රහාරයකින් විනාශ කිරීමට හැකි වූ අතර අනෙක් යුද ටැංකිය යුද්ධයේ අවසන් සමය දක්වාම එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කරනු ලැබිණි.

පුනරීන් කඳවුරට පහරදෙන අතරතුර ඒ අවට තිබූ නාවික අනුඛණ්ඩවලටද පහරදුන් ත්‍රස්තවාදීන් නොවැම්බර් 11 උදෑසන වන විට පුනරීන් කඳවුරේ සැලකිය යුතු කොටසක් අත්පත්කර ගෙන තිබිණි. එදින උදෑසන එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් 3 වැනි ගජබා බළඇණියේ දෙවැනි අණදෙන නිලධාරී මේජර් හේමපාල ජීවිතක්ෂයට පත්විය. ඒ වන විට ත්‍රස්ත ප්‍රහාරවලින් දිවි බේරාගත් සෙබළුන් 1 වැනි පාබල බළඇණි මූලස්ථානයේදී මේජර් රන්ජිත් සිල්වාගේ නායකත්වයෙන් ප්‍රතිසංවිධාන වූහ.

ඔවුන් 1 වැනි පාබල බළඇණිය වටා අලුතින් ආරක්ෂක වැටක් ඉදිකළ නමුත් ප්‍රහාරවලින් තුවාල ලබා සිටි සෙබළුන්ට ප්‍රතිකාර කිරීම විශාල ගැටලුවක් විය. ඒ ඖෂධ හිඟ වීම සහ වෛද්‍යවරයකු නොමැතිය වීම නිසාවෙනි. දෙවැනි දිනයටත් ත්‍රස්වතාදීන් රාත්‍රී ප්‍රහාරයක් එල්ල කළ අතර ත්‍රස්තවාදීන් 1 වැනි පාබල බළඇණිය පිහිටි ප්‍රදේශයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනු ලැබිණි. එහි රැඳී සිටි පාබල සහ ගජබා සෙබළුන් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයට දරුණු ප්‍රතිරෝධයකින් ප්‍රතිප්‍රහාර එල්ල කරනු ලැබීය. මෝටාර් අවි ස්ථානගත කර තිබූ බතරොයියටද ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ නමුත් එම ස්ථානය යළි අත්පත් කරගැනීමට හමුදා භට පිරිස් කටයුතු කරනු ලැබීය. 1 වැනි පාබල බළඇණියේ දෙවැනි අණදෙන නිලධාරී වූ මේජර් උපුල් ලැනරෝල් සහ 3 වැනි පාබල බළඇණිනේ කණ්ඩායම් භාර නිලධාරී කපිතාන් උදිත සිල්වා ප්‍රසංශනීය නායකත්වයක් එහිදී ලබාදෙන ලදී.

කඳවුරේ ආයුධ ගබඩාවද ත්‍රස්වාදීන් පළමු දිනයේදීම අත්පත්කරගත් නිසා දැඩි උණ්ඩ හිඟයකටද හමුදා සෙබළු මුහුණ දුන්හ. ගුවන් යානා නාශක අවිද ත්‍රස්තවාදීන් විසින් සටනට යොදවා තිබූ නිසා යුද හමුදාවේ සහායට ගුවන් හමුදා සහාය ලබාගැනීමට නොහැකි වීම පාබල හමුදාවන්ට මුහුණ දීමට සිදුවූ දැවැන්ත ගැටලුවකි. නමුත් විටින් විට පතුරම් ආදිය කඳවුරු භූමියට අතහරිමින් ගුවන් හමුදාව විශාල සහයෝගයක් පාබල හමුදාවන්ට ලබාදෙන ලදී.

එහිදී ඒක් ගුවන් යානාවකට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අතර එය නිරුපද්‍රිතව පලාලි කඳවුරට ගොඩබැස්සවීමට ගුවන් නියමුවාට හැකිවිය. නමුත් දෙවැනි දිනය අවසන් වන විට යුද හමුදා සාමාජිකයන් 200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබූ අතර තවත් 250කට ආසන්න පිරිසක් අතුරුදන්ව තිබිණි. එසේම ත්‍රස්තවාදීන්ට යටත් වූ තවත් දෙසීයක පමණ පිරිසක් වෙඩිතබා ඝාතනය කළ බවට පසුව වාර්තා විය.

කෙසේ වෙතත් 1 වැනි පාබල බළඇණිය වටා එක්වූ හමුදා භට පිරිස් දැවැන්ත ප්‍රතිරෝධයක් ත්‍රස්තවාදීන්ට එල්ල කරමින් කඳවුර තවදුරටත් අත්නොහැර දිගටම සටන් කරනු ලබීය. මේ අතර උතුර පළාත් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රොහාන් දළුවත්තගේ මූලිකත්වයෙන් පුනරීන් කඳවුරට ආධාරක බළඇණි යැවීමට කටයුතු සූදානම් කෙරිණි. ඔහුගේ සහායට බි්‍රගේඩියර් ශාන්ත කෝට්ටේගොඩ, එයාර් කොමදෝරු ජයලත් වීරක්කොඩි, කමාන්ඩෝ රෙජිමේන්තුවේ මේජර් චන්ද්‍රවංශ සහ නාවික හමුදාවේ කමාන්ඩර් සරත් වීරසේකර එක්වූහ.
ත්‍රස්තවාදීන්ගේ ගුවන් යානා නාශක අවි නිසා ගුවන් මගින් ආධාරක බළඇණි කඳවුරට ගොඩබෑමට නොහැකි වූ අතර නාවික හමුදාවේ ලෑන්ඩින් ක්‍රාෆ්ට් මගින් සෙබළුන් කඳවුරට ලොඩබැස්සවීමට සැලසුම්කර තිබිණි. නමුත් ක්‍රස්තවාදීන් කොමාතුඩුව ආශ්‍රිතව බලය අත්පත් කරගෙන සිටි නිසා එම කටයුත්ත බැරෑරුම් එකක් විය.

නොවැම්බර් 14 දිනයේදී සිවුවැනි දිනටත් සටන් පැවැති අතර ත්‍රස්තවාදීන් පුනරීන් කඳවුර මුළුමනින්ම අත්පත් කරගැනීමේ අරමුණෙන් කටයුතු කරනු දක්නට ලැබිණි. අතිරේක භට පිරිස් ගොඩබැස්සවීම සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී සිදුකළ යුතු වුවත් පුනරීන් කඳවුර මුහුණපා සිටි බරපතළ තත්ත්වය නිසා දිවා කාලයේදී අතිරේක භට පිරිස් ගොඩබැස්සවීමට කමාන්ඩර් සරත් වීරසේකරගේ නායකත්වයෙන් නාවික හමුදාව කටයුතු කරනු ලැබීය. එසේම අලුතින් ආරම්භ කරන ලද විශේෂ ප්‍රහාරක බළඇණිය ලුතිතන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්නගේ නායකත්වයෙන් නොගැඹුරු මුහුදේ මුර සංචාර සඳහා යොදවන යාත්‍රා දෙකක් මගින් පළමුවැනි අතිරේක භට පිරිස් කණ්ඩායම ලෙසින් පැමිණි කමාන්ඩෝ සෙබළුන් විසින් ඒ ප්‍රදේශයේ බලය තහවුරු කරගන්නා ලදී.

එයින් ලැබුණු පැති අරක්ෂාව සමග නාවික යාත්‍රා මගින් යුද හමුදා අතිරේක භට පිරිස් වෙරළට ගොඩබෑම සිදුවිණි. මේජර් චන්ද්‍රවංශ නායකත්වය දුන් කමාන්ඩෝ භටයන් ප්‍රමඛ අතිරේක භට පිරිස්වල ප්‍රහාර දරාගත නොහැකි වූ ත්‍රස්තවාදීන් පුනරීන් කඳවුර අතහැර පසුබසින්නට වූ අතර ඔවුන් වැඩි වේලාවක් නොගොස් 1 වැනි පාබල බළඇණියේ බලය අල්ලාගෙන සිටි යුද හමුදා භට පිරිස් සමග එක් වූ අතර එය ඔවුන්ට දැඩි අස්වැසිල්ලක් විය.

එවක හමුදාපති ලුතිනන් ජෙනරල් සිසිල් වෛද්‍යරත්න පසුදාම මේජර ජෙනරාල් රොහාන් දළුවත්ත සමගින් ප්‍රනරින් කඳවුරේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර පුනරීන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය වළක්වා නොගැනීම සහ විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වීම සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට හමුදා පරීක්ෂණ අධිකරණයක් පිහිටුවීමටද එවක හමුදාපතිවරයා කටයුතු කරන ලදී.

මෙම ප්‍රහාරය නිසා යුද හමුදාවේ නිලධාරීන් 8 දෙනකුට සහ සෙබළුන් 225 දෙනකුට ජීවිත අහිමි වූ අතර තවත් 302 දෙනකු අතුරුදන් වූහ. ඊට අමතරව නිලධාරීන් 17 දෙනකු සහ සෙබළුන් 544 දෙනකු තුවාල ලැබූහ. එසේම නාවික හමුදාවේ 105 දෙනකුට මෙම ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ අතර යාත්‍රා 5ක් විනාශයට පත්විය. එම මරණ සංඛ්‍යාව එතෙක් යුද්ධයේදී නාවික හමුදාවේ විශාල පිරිසක් එකම තැනදී ජීවිතක්ෂයට පත් වූ පළමු අවස්ථාවයි. නමුත් නාගතේවන්තුරෙයි නාවික අනුඛණ්ඩයේ නිලධාරී අණදෙන ලෙසින් කටයුතු කළ වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න තවත් නාවිකයන් 67 දෙනකු සමග කිලාලි කළපුව තරණය කරමින් අලිමංකඩ දක්වා නිරුපද්‍රිතව පැමිණීමට හැකිවීම මෙම සටන් අතර සිදුවූ තවත් වැදගත් සිදුවීමකි.

හමුදාපතිවරයා පුනරීන් කඳවුරේ සිදුකළ සංචාරය අතුරදී සිදුකළ වැදගත්ම කටයුත්ත වන්නේ කඳවුර සතුරාට නතුවන්නට ඉඩ නොදී ආරක්ෂා කරගත් සෙබළ පිරිසට නායකත්වය දුන් මේජර් රංජිත් සිල්වාට ක්ෂේත්‍ර උසස්වීමක් ලබාදෙමින් ලුතිතන් කරනල් නිලයට උසස් කිරීමය. එසේම කමාන්ඩර් සරත් වීරසේකර රණවික්‍රම පදක්කමින් පිදුම් ලැබූ අතර 3 වැනි ගජබා බළඇණියේ ඛණ්ඩ භාර නිලධාරී කේ.ඩබ්.ටී. නිශ්ශංක පරම වීර විභූෂණයෙන් පිදුම් ලැබීය.

පරිත්‍යාගයන් රැසක් කරමින් රැකගත් පුනරීන් කඳවුර උපක්‍රමික හේතූන් මත අත්හරින බව යුද හමුදාව 1996 දී ප්‍රකාශයට පත්කළ අතර 2008 නෙවැම්බර් 15 වැනිදා යළිත් ශ්‍රී ලංකා යුද හමුදාව පුනරීන් අත්පත් කරගන්නා ලදී.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ගැන අහන්න ‌මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාවයි ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයායි කැඳවයි!

Next Post

එනකොට කිව්වේ ජාත්‍යන්තර සබධතා ඔස්තාර්ලා කියලා! කෝ අතේ තියෙනවා කියපු ඩොලර් බිලියන 4…? කෝ ලෝක බැංකුව දෙනවා කියපුවා! කෝ ADB එක දෙනවා කියපුවා! දැන් කරන්නේ ඇමැති වෙන්දේසියක්! බෑග් පිටින් අරන් එන්නේ ඇමැතිකම් දෙන්න! (VIDEO)

MORE NEWS

සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

Load More
සියලු දෙනා එකතු කරන වැඩේ විනාශ කරන එජාපයේ ඉන්න භුතයන් දෙන්නා ගැන රවි ඉඟියක් දෙයි! මේ දෙන්නා වහාම ඉවත් නොකළොත් ඔක්කොම ඉවරයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

‘භූතයො විතරක් නෙමෙයි භුතයන්ගේ පුත්තුත් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට රිංගලා!’ රනිල්ගෙන් පසු එජාපයේ සිටින ජ්‍යෙෂ්ඨම අලියා රවී කරුණානායකගෙන් යළිත් එජාපය අරක්ගත් භූතයන්ට ප්‍රහාරයක්!  VIDEO I Sri Lanka Latest News

එක්සත් ජාතික පක්ෂයේ වසර ගණනාවක් රැඳී සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පසෙකලා, පක්ෂයේ වත්මන් කෘත්‍යාධිකාරී මණ්ඩලය වෙත “භූතයන්ගේ ළමයි” රිංගා ඇති බව...

Read more
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.