සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර විවාදය සඳහා යෝජනා කර ඇති දිනවලින් එක් දිනයක් බාර ගැනීමට ජාතික ජන බලවේගය කටයුතු කර ඇත. Sri Lanka Latest News
ඒ අනුව පක්ෂ නායකයන් අතර විවාදය සඳහා ලබා දුන් දිනවලින් ජූනි 6 වන දිනය අනුර දිසානායක මහතා විසින් භාරගෙන තිබේ.
කෙසේ වෙතත් ආර්ථික කමිටු විවාදය සම්බන්ධයෙන් ලබා දුන් කිසිදු දිනයක් මේ වනතෙක් භාර ගෙන නැති බව සමගි ජන බලවේගය සඳහන් කරයි.
සජබය මාලිමාව වෙත යැවූ ලිපියේ මුලින්ම දින ලබා දී තිබුණේ පක්ෂ දෙකේ ආර්ථික කමිටු අතර විවාදය සදහාය.
ඒ, මැයි 27, 28, 29, 30, 31 යන දින පහෙන් පහසු දිනයකදී ආර්ථික කමිටු අතර විවාදය පැවැත්විය හැකි බව දන්වමිනි.
නමුත් අද දින නලින්ද ජයතිස්ස මහතා ඒ පිළිබද කිසිදු සදහනක් නොකොට ජුනි මස 6 වැනි දින සජිත් ප්‍රේමදාස මහතා සමග විවාද කළ හැකි බව පමණක් පවසා තිබේ.
ඒ අනුව සජබය පෙන්වා දෙන්නේ අදාළ විවාදයන් හිතාමතාම කඩාකප්පල් කිරීමේ අරමුණින් යුතුව ජවිපෙ ආර්ථික කමිටු සදහා වූ විවාදයට දින ලබා දී නොමැති බවකි.
දින සදහන් කරමින් සජබය යැවූ ලිපිය!










