• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදත් රනිල්..! අදත් රනිල්..! සහායට දිනේෂ්…! දෙයිහාමුදුරුවනේ මේ මොකක්ද?

October 18, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
එදත් රනිල්..! අදත් රනිල්..! සහායට දිනේෂ්…! දෙයිහාමුදුරුවනේ මේ මොකක්ද?
Share on WhatsAppShare on Facebook

දැනට ක්‍රියාත්මක ප්‍රදේශීය සභා, මහනගර සභා, නගර සභා ආදිය 2018 වර්ෂයේ පැවැත්වූ පළාත් පාලන මැතිවරණයෙන් පිහිටුවූ ඒවාය. ඊට අදාළ පනතට අනුව එම පළාත් පාලන ආයතන සියල්ලේ කාලය පසුගිය වසරේ (2021) මාර්තු මස 22 වැනිදායින් නිමවිය යුතුය. එහෙත් එවක පැවැති රාජපක්ෂ පාලනය විසින් එකී පළාත් පාලන ආයතනවල කාලය වසරකින් දීර්ඝ කරන ලද්දේය. එකී ක්‍රියාවලිය ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමක් ලෙස අර්ථ දැක්විය හැකි වුවද රටේ ක්‍රියාත්මක නීතියට එකඟය. කෙසේ වෙතත් මේ වන විට එකී දීර්ඝ කරන ලද කාලයද අවසානයට පැමිණෙමින් තිබේ. මින් මත්තට ආණ්ඩුවට පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ක්‍රමයක් නැත. ඒ අනුව පළාත් පාලන පැතිවරණය එළඹෙන වසරේ මාර්තු 23 වැනි දිනට පෙර පැවත්වීම පවතින නීතියට අනුව අනිවාර්යයෙන් කළ යුතුමය. ඒ අනුව මේ වන විට ඒ සම්බන්ධ නිල කතිකාවක් ආරම්භ කර තිබීම අනිවාර්ය වේ.

මැතිවරණ කොමිසමද නිල වශයෙන් කියා ඇත්තේ මැතිවරණය මාර්තු මාසයට ප්‍රථම පවත්වා අවසන් කළ යුතු යැයි කියාය. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනට පවතින පළාත් පාලන සභික ධුර සංඛ්‍යාව 8,000 සිට 4,000 දක්වා අඩකින් කප්පාදු කිරීමේ අවශ්‍යතාව නිතර දෙවේලේ පවසමින් සිටී. ඒ සඳහා පවතින පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මතුකර තිබේ. ඉන් ගම්‍ය වනුයේ 2018 පළාත් පාලන මැතිවරණය පැවති මිශ්‍ර ක්‍රමය මෙවර භාවිත නොකරන්නට රජය තුළ සූදානමක් ඇති බවයි. මිශ්‍ර ක්‍රමයට අනුව මන්ත්‍රීවරුන් 60%ක් ඡන්ද කොට්ඨාස ක්‍රමයටද ඉතිරි 40% සමානුපාතික ක්‍රමයට ද තෝරා පත්කර ගැනීම සිදුවිය. මෙම ක්‍රමය සාර්ථකනම් එය සෙසු මැතිවරණ සඳහාද ආදේශ කරන බව කියැවුණද අද දක්වා ඒ පිළිබඳ කිසිදු නිශ්චිත තීරණයක්ද ගෙන නැත. එසේ නම් ආණ්ඩුවේ සූදානම පළාත් පාලන ඡන්දය මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන මුවාවෙන් කල්දැමීම බව පැහැදිලිය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කරන බව පැවසුවාට ඒ කිනම් ආකාරයේ සංශෝධන දැයි ආණ්ඩුවෙන් ඉඟියක්වත් නැත. ජනාධිපතිවරයා ගෙන එන එකම යෝජනාව සභික ධුර අඩකින් කප්පාදු කිරීමේ අවශ්‍යතාවයය. එබැවින් සියල්ලට පෙර පළාත් පාලන ආයතනවල සභික ධුර සංඛ්‍යාව අටදහස ඉක්මවා යෑමට කරුණු කාරණා සිදුවූ ආකාරය සලකා බැලීම කාලෝචිතය.

වර්ෂ 2012 වන විටත් ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව පැවැතියේ 4,486ක් ලෙසිනි. එම සභික සංඛ්‍යාව මෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ අවශ්‍ය සංශෝධන යෝජනා කිරීම සඳහා 2012 වසරේ කමිටුවක් පත්කළ අතර එහි සභාපති ධුරය දැරුවේ වත්මන් අගමැති දිනේෂ් ගුණවර්ධන විසිනි. එම කමිටුවේ නිර්දේශ අනුව සභික ධුර සංඛ්‍යාව 6,000 දක්වා වැඩිකිරීමට යෝජනා වූ අතර කොට්ඨාස සංඛ්‍යාව වැඩි කිරීමටත් ඒ සඳහා සීමා නිර්ණය කිරීමටත් නිර්දේශ විය. 2015 බලයට පැමිණි යහපාලන රජය දිනේෂ් ගුණවර්ධන කමිටු යෝජනාවන්ට තවත් සංශෝධන එක් කරමින් කාන්තා නියෝජනය 25% දක්වා ඉහළ දැමීමටත් මැතිවරණ ක්‍රමය කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් බවට පත් කිරීමටත් කටයුතු කළේය. ඒ අනුව දැනට ක්‍රියාත්මක පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ මවුපිය දෙපළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ජනධිපති රනිල් වික්‍රමසිංහ බව පැහැදිලි වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ කඩිමුඩියේ සංශෝධනය කරන්නට යන්නේ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියමින් මීට සිවු වසරකට පෙර තමන් විසින්ම ගෙන ආ මැතිවරණ ක්‍රමයයි. එහෙයින් ජනපතිගේ මේ යෝජනාව අතිශය ජුගුප්සාජනක එකක් ලෙස හඳුන්වා දීමේ වරදක් නැත. මන්ද යත් පළාත් පාලන සභික ධුර සංඛ්‍යාව අද පවතින මට්ටමට වැඩි කිරීමට මුල් වූයේද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ යහපාලන රජය වීම නිසාය. පළාත් පාලන මැතිවරණ ක්‍රමය කේවල සහ සමානුපාතික මිශ්‍ර ක්‍රමයකට පැවත්වීමටත්, කාන්තාවන්ට ස්ථිර නියෝජිත ප්‍රතිශතයක් ලබාදීමටත් හැකිවන පරිදි පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කළේ යහපාලන ආණ්ඩුව බව මේ රටේ මිනිසුන්ට අමතක නැත. එතුවක් 4,486 ක්වූ පළාත් පාලන ආ‍යතන සභික ධුර සංඛ්‍යාව 8,356 දක්වා ඉහළ දැමීම නිසා 2018 පළාත් පාලන මැතිවරණයට වාර්තාගත අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් විය. එය සංඛ්‍යාත්මකව පවසන්නේ නම් අපේක්ෂකයන් 57,252කි.

එදා පැවැති යහපාලන ආණ්ඩුව එතුවක් පැවැති පළාත් පාලන ආයතනවල සභික ධුර ගණන 3,870කින් ඉහළ දැමීම සහ 25% කාන්තා නියෝජනයක් සහතික කිරීම පිළිබඳ එවක අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ බොහෝ සේ උදම්ඇනුවේය. එදා ඔහු පළාත් පාලන ආයතනවල සභික ධුර සංඛ්‍යාව ඉහළ දැමීම දැක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩිදුරටත් පුළුල් කිරීමක් ලෙසය. එසේ අර්ථ දැක්වූ සභික ධුර සංඛ්‍යාව 4,000 දක්වා 50%කින් කප්පාදු කිරීමට අද ඔහු යෝජනා කරයි. එසේ නම් මේ ඔහුගේ සූදානම මෙරට ප්‍රජාතන්ත්‍රවාදය හරි අඩකින් හකුළා දැමීමට බව තීරණය කිරීමට මෙරට ඡන්දදායකයන්ට අයිතියක් ඇත.

පළාත් පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා ගෙන එන යෝජනාව අප තුළ ජනිත කරනුයේ බරපතළ සැකයකි. ජනාධිපතිගේ යෝජිත සංශෝධන අතරේ ඔහු දැඩිව අවධාරණය කරනුයේ සභික ධුර කප්පාදුව ගැන පමණි. මැතිවරණය කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයටම පැවැත්වෙන්නේද, 25%ක් වූ කාන්තා නියෝජනය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේද යන කරුණු ගැන ඔහු උගුර අඬවන්නෙ නැත. අනෙක් වැදගත් කරුණ සභික ධුර 50%ක් කප්පාදුව කාගේ වුවමනාවට සිදුවෙන්නේද යන්න ජනාධිපතිවරයා නොපැවසීමය. ඒ සම්බන්ධ යම් නිර්දේශයක් මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත්ව තිබේද, එසේ නම් ඒ කාගෙන්ද යන්න ගැන ප්‍රමාණවත් අවබෝධයක් කිසිවකුටවත් නැත.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී සභික ධුර වැඩි කිරීම නිසා ඇතැම් පළාත් පාලන ආයතනවල සභිකයන්ට ආසන පවා සපයා දීම අසීරු විය. නව ක්‍රමයට ඡන්දය පැවැත්වීම නිසා කොළඹ මහනගර සභාවේ සභික ධුර සංඛ්‍යාව 55 සිට 110 දක්වා ඉහළ ගිය අතර සෑම පළාත් පාලන ආයතනයකම තත්ත්වය මීට සමාන විය. එම තත්ත්වය නිසා බොහෝ පළාත් පාලන ආයතනවලට තම සභා ශාලා කඩා විශාලකොට සෑදීමට සිදුවිය. කාන්තා නියෝජනය සපුරා ගැනීමට උත්සාහ ගැනීමෙන්ද ප්‍රශ්න රැසක් ඇති විය. පළාත් පාලන මැතිවරණ ක්‍රමයේ වෙනසක් කිරීමට අවශ්‍යතාවක් තිබුණේ නම් ඒ සඳහා වත්මන් ජනාධිපතිවරයා ක්‍රියා කළ යුතුව තිබුණේ ඔහු යහපාලන රජයේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ කාලයේය. එදා කසාය බිව් ගොළුවා සේ සිටි රනිල්ට ඡන්ද ක්‍රමය වෙනස් කිරීමේ අවශ්‍යතාව මතුවන්නේ අරගලකරුවන් ගෝඨාභය නෙරපා හැරීම නිසා පුරප්පාඩු වූ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවය.

ජනාධිපතිවරයා යෝජනා කරන පරිදි සභික ධුර අඩකින් කපා මැතිවරණය පැවැත්වීම එක පෑන් පාරකින් කළ හැක්කක් නොවේ. ඒ සඳහා දැනට ක්‍රියාත්මක පළාත් පාලන පනත සංශෝධනය කිරීම අනිවාර්ය වෙයි. එහිදී සභික ධුර අඩකින් කපන්නේ නම් ඒ සඳහා කොට්ඨාස ප්‍රමාණය අඩු කිරීමටත්, කොට්ඨාස ප්‍රමාණය අඩු කිරීම සඳහා සීමා නිර්ණය කිරීමටත් සිදුවේ. මේ සම්පූර්ණ ක්‍රියාවලිය සඳහා ආසන්න වශයෙන් වසරකට වැඩි කාලයක් ගතවන බව රහසක් නොවේ. ඉන් ගම්‍ය වනුයේ තව මාස කිහිපයකින් පුරප්පාඩු වීමට නියමිත පළාත් පාලන ආයතන ජනතා පරමාධිපත්‍ය නොතකමින් තවත් වසරකට වඩා වැඩි කාලයක් ඇදගෙන යාමේ වුවමනාව ජනාධිපති ප්‍රමුඛ රජයට තිබෙන බවය.
ඇත්තම කතාව නම් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ සැබෑ ඕනෑකමක් ආණ්ඩුවට නැත. මේ අවස්ථාවේ කුමන මැතිවරණයක් පැවැත්වූවද ඉන් පාලක පක්ෂයට අත්වනු‍යේ දරුණු පරාජයකි. එවන් ප්‍රතිඵලයකින් සිදුවන එකම දේ ‘ආණ්ඩුව ගෙදර යනු’ යන අරගලකරුවන්ගේ සටන් පාඨයට නව ජීවයක් ලැබීම පමණි. එහෙයින් නියත ලෙස පරාජය වන මැතිවරණයකට මුහුණදී හත් පොළේ ගාගන්නවාට වඩා මොන දහංගැටයක් හෝ ගසා මැතිවරණය කල්දැමීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හිතකරය. මේ උත්සාහය ගන්නේ ඒ වෙනුවෙන් මිස රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කෙරෙන මැතිවරණ ක්‍රමයේ වෙනසකට නොවන බව සිහිබුද්ධිය ඇති ජනයා දොරේ හඬින් බෙරේ හඬ වෙන්කර ගන්නවාට වඩා පහසුවෙන් හඳුනාගෙන සිටිති.

අනෙක් වැදගත් කාරණය වනුයේ ආණ්ඩුවේ උත්සාහය පළාත් පාලන මතිවරණය කල් දැමීමට සීමා නොවීමය. මේ වන විට ආණ්ඩුවේ උත්සාහය වනුයේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය මෙන්ම මහ මැතිවරණයද හැකිතාක් කල්දමා ගැනීමය. මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට නොහැකි වුවහොත් ජනමත විචාරණයකට යන බව ආණ්ඩුව කිහිප විටක්ම පවසා ඇත්තේ එබැවිනි. ඉන් කියැවෙන්නේ පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කිරීම යනු රනිල්ගේ ආණ්ඩුවේ මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලියේ සමාරාම්භය පමණක් වන බවය. ඉදිරියේදී පළාත් සභා සහ මහ මැතිවරණය පමණක් නොව ජනාධිපතිවරණයට පවා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමේ ‘තියරියම ඇප්ලයි’ කරන්නට ආණ්ඩුව පසුබට නොවනු ඇත. ඒ සඳහා රනිල්ට සිය මාමා වූ ජූනියස් රිචර්ඩ් ජයවර්ධනගේ ආභාෂයද ලැබී ඇති බව දේශපාලනය ගැන යන්තම් හෝ දන්නා අයට රහසක් නොවේ

ඡන්ද කල්දැමීම වූ කලී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කිසිසේත් අලුත් ක්‍රමයක් නොවේ. 2019 වස‍රේ පැවැත්විය යුතුව තිබූ පළාත් සභා මැතිවරණය එදා පැවැති යහපාලන ආණ්ඩුව කල් දැමුවේද මේ ආකාරයේ කෙස් පැළෙන තර්කයක් ඉදිරිපත් කරමිනි. සීමා නිර්ණයට මුවා වී 2019 කල් දැමූ පළාත් සභා මැතිවරණය අද දක්වාම පවත්වා නැත. එදා යහපාලන ආණ්ඩුව විසින් කල් දැමූ පළාත් සභා මැතිවරණය ඉන් අනතුරුව බලයට පැමිණි පොදුජන පෙරමුණු රජයද පැවැත්වූයේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව මැතිවරණයක් පවත්වා ජනතාව හමුවට යාමේ බිය නිසාය. 2019 යහපාලන ආණ්ඩුව සීමා නිර්ණයට මුවාවී මැතිවරණය කල් දැමූ අතර 2020 සිට පොදුජන පෙරමුණු රජය කොරෝනාවට මුවා වී මැතිවරණය කල් දමා ජනතා පරමාධිපත්‍යයට කොකා පෙන්වූයේය. ඒ අනුව පැහැදිලි වනුයේ බල ලෝභී ආණ්ඩු මැතිවරණ පවත්වන්නේ තමන්ට වාසිදායක පසුබිමක් යටතේ පමණක් වන බවය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

සත්‍යවේල් පියතුමා උතුරේ අතුරුදන්වූවන්ගේ අම්මලා කොළඹට අරන් එයි! අපිට වන්දි එපා! කාර්යාල එපා! මරණ සහතික එපා! උන්ට කරපු දේ විතරක් කියන්න! ඊළග පාර අපි එන්නේ මැරෙන්න බලාගෙන! (VIDEO)

Next Post

ඛනිජ තෙල් පනත අද පාර්ලිමේන්තුවට! විරෝධය පළ කොට සේවකයන් අද ලෙඩ නිවාඩු දමයි! ඇමැති කංචන නඩු දමන බවට පණිවුඩයක් තියයි! (VIDEO)

MORE NEWS

සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

තරුණ පරපුර බේරගන්න කියලා ජනාධිපතිවරුන් කීපදෙනෙක්ගෙන්ම ඉල්ලීම් කළත් වැඩක් වුණේ නෑ! තාමත් සිගරට්වලින් 89%ක්ම විකුණන්නේ එක්කෝ එකක් නැත්නම් දෙකක්! I Sri Lanka Latest News

Load More
සරණගේ නඩු 4ක් අද කැඳවයි! වැරැද්ද පිළිගෙන නඩුව කෙටියෙන් අවසන් කරගන්න කලින් කරපු දැනුම් දීම අයින් කරගන්නා බව උසාවියට කියයි! Sri Lanka Latest News
Exclusive

සරණට කිසිම පිළිසරණක් නෑ! නඩු 4ට බරපතළ වැඩ සහිතව අවුරුදු 4ක් හිරේ..! දඩය ලක්ෂ 18යි! I Sri Lanka Latest News

දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු හතරකට වරදකරු කෙරුණු සරණ ගුණවර්ධන මහතාට එක් එක් නඩුවට බරපතළ වැඩ...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

මෙන්න අලුත්ම වාර්තාව එළියට ආවා..! මාලිමා ආණ්ඩුව සාමාන්‍ය මිනිස්සුන්ට අවශ්‍ය කෑම-බෙහෙත්-අධ්‍යාපන උපකරණ-වාහනවලට කෝටි ගණන් බදු ගහනවා! හැබැයි සිගරට් සමාගම්වලට බිලියන 17.3ක බදු සහනයක් දීලා! I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ නෙමෙයි වැරදි නම් ගෝඨාවත් අල්ලන්න ඕන! මේ වගේම ගෝඨාගේ කාලේ හිජාස් හිස්බුල්ලාත් අවුරුදු එකහමාරක් ඇතුළේ තියාගෙන හිටියේ! එයා නම් සියදිවි නසාගන්නවා කිව්වේ නෑ! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

බෝම්බ හැදුවේ සලේද? බෝම්බ හැදුවේ ඊබ්‍රාහිම් නානාගේ ෆැක්ටරි එකේ නෙමෙයිද? සහරාන්ව හංගගෙන වාහනේ දාගෙන අරන් ගිය ලෝයර් කව්ද? සාරාව අත්අඩංගුවට ගන්න එපා කියලා කියපු CID නිලධාරියා කව්ද? සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රශ්න වැළක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.