යම් කිසි සේවකයෙක් හෝ වෘත්තීය සමිතියක් එම සේවා කඩාකප්පල් කළහොත් නීතිමය හා විනයානුකූල පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, ඛනිජ තෙල් සේවාව පසුගිය මාස 6 තුළ අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කර ඇති බවය.
මේ අතර, ඛනිජ තෙල් නිෂ්පාදන විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.
මෙම පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් කොළොන්නාව, සපුගස්කන්ද සහ මුතුරාජවෙල ඉන්ධන බෙදාහැරීම් මධ්‍යස්ථානවල තෙල් සංස්ථා සේවකයින් අද අසනීප නිවාඩු වාර්තා කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.
Petrolieum services has been declared as an essential services for the last 6 months. If any employee or trade union is found breaching the essential services regulations & disrupting services, immediate legal & disciplinary action will be taken against them. pic.twitter.com/Rkhg0eznHA
— Kanchana Wijesekera (@kanchana_wij) October 17, 2022










