• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වැඩි කළාම වැඩිවෙන අඩු කළත් වැඩිවෙන අමුතු තාලෙ මිල සූත්තරේ කාගෙද?

October 31, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
වැඩි කළාම වැඩිවෙන අඩු කළත් වැඩිවෙන අමුතු තාලෙ මිල සූත්තරේ කාගෙද?
Share on WhatsAppShare on Facebook

අපේ රටේ මිනිස්සුන්ට කන්න නෑ. ඒක ඇත්ත. ජීවත් වෙන්න විදියක් නෑ. ඒකත් ඇත්ත. තෙල් ටික ගහගන්න බෑ ඒකත් ඇත්ත. මේ විදියට ගත්තම ප්‍රශ්න ලක්ෂ ගානක් අපිට තියෙනවා. මේ දේවල්වලට ආණ්ඩුව වැරදියි. පාලකයො වැරදියි. ඒකත් ඇත්ත. ඒත් මේවට වැරදි පාලකයොම විතරක්ද?

නෑ ඇත්තටම මේවට වැරදි ආණ්ඩුවම නෙමේ. මේවට ආණ්ඩුව වගේම සාමාන්‍ය මිනිස්සුත් වැරදියි. සාමාන්‍ය ව්‍යාපාරිකයොත් වැරදියි. මේ හැම එකෙන්ම ලාභ ගන්නෙ සහ වාසි ගන්නෙ මේ තක්කඩි සෙට් එකක්. උන්ට ඔය හැම අටමගලෙන්ම වාසියි.

නැව ගිලුණත් බෑන් චූන් කියන ජාතියෙ උන් තමයි ඔය. වැඩේ වෙන්නෙ මෙහෙමයි. දැන් බස් ගාස්තුව කීයද? ගණන් හිලව් එක්ක ටක්කෙටම ලියන්න බෑ. මොකද එක එක රූට් එක එක ගණන්. හැබැයි එකක් කියන්න පුළුවන්.

‘පට්ට ගණන්’

ඒ ඇයි ඒ?

‘තෙල් ගණන් ගියානෙ…’

ඔව් ඒක ඇත්තනෙ. තෙල් ගණන් ගියා. ඒ විතරක් නෙමේ, ඇයි අර කොවිඩ් කාලෙ බස්වලට දාපු සීට් ගානට ගෙනියන නීතිය වගේ ඒවා නිසාත් බස් ගාස්තු නැග්ගනෙ. හැබැයි දැන් තෙල් මිල අඩුවෙලා. මොකක්ම හරි ක්‍රමයකට තෙල් ටික ලැබෙනවා. ඒත් බස් ගාස්තු එහෙමමයි. බස් උන්දලා කියන්නෙ අඩු කරන්න බෑලු.

වැඩි කරද්දි එක රැයින් වැඩිවෙන බස් ගාස්තුව අඩු වෙනකොට අඩු වෙන්නෙ බොහොම අමාරුවෙන්. ඒ නිසා මේ වතාවෙ මේ අයියලා කෙළින්ම කියන්නෙ

‘අඩු කරන්න බෑ…’ කියලා. හැබැයි ඔවුන් දෙපාරකට අවම ගාස්තුව හතළිහේ සිට තිස්හතරක් දක්වා අඩුකරලා තියෙනවා. ඒත් දැන් අවම ගාස්තුව රුපියල් තිස්හතරක්. ඒත් ඔවුන් දැන් කියන්නෙ මේ මිල අඩුකිරීම් ඔවුන්ට ප්‍රමාණවත් නෑ කියලා.

මේ වගේම තවත් එක මාෆියාවක් වෙන්නෙ ත්‍රීවීල් මාෆියාව. තෙල් හිඟය දරුණුවටම තිබුණ කාලෙ ත්‍රීවීල් පාරෙ තිබ්බෙ නෑ. ගමනක් බිමනක් යන්න අත දැම්මට නැවැත්තුවෙත් නෑ. ඒ කාලෙ ඒ අහිංසකයො කොහොම කාල ඇඳලා උන්න ද කියලා දන්නෙ ඉතිං සක්කරයගෙ පුතා වයිමා තමා. හැබැයි ඔය කියන කාලෙ පාරක තොටක වාහනයක් ටිකක් වැඩි වෙලාවක් නවත්තගෙන හිටියා නම් ඔන්න එනවා ළඟට, ‘සබඳ අපි කඳු නොවෙමු…’

ළඟට ආපු ත්‍රීවීල් එකෙන් අපෙන් අහනවා ‘මහත්තයා මොකක්ද ඔයාට ප්‍රශ්නේ? තෙල්ද නැත්තේ?’ එහෙම තෙල්ද නැත්තෙ කියලා අහලා, ‘මහත්තයා මං ගාව නෙමෙයි, ඕනෙ නම් තෙල් තියෙනවා. තෙල් ටිකක් මං සෙට් කරලා දෙන්නම්. තැන කියන්න බෑ. හැබැයි බෝතලේ තුන් දාහයි.’ මේ විදිහට බෝතලය තුන්දාහට හාරදාහට සමහර තැන්වල පන්දහට විකුණපු අහිංසක ත්‍රිරෝද රථ මහත්වරු පස්සේ ත්‍රීවීල් හයර් කරන එක නතර කළා. නතර කරලා පෝලිම්වල දවස් දෙක තුන, දවස් හතර සතුටින් සැහැල්ලුවෙන් ඉතා සුන්දර විදිහට ගතකළා. ඒගොල්ලො ක්‍රිකට් ගැහුවා, ඒගොල්ලො මත්පැන් බිව්වා, ඒගොල්ලෝ සින්දු කිව්වා, ඒගොල්ලෝ විනෝද වුණා. හිතාගන්න බැරි විදිහට සතුටින් හිටපු මේ අහිංසක ත්‍රිරෝද රථ මහත්වරු අද වෙනකොට පාරට බැහැලා තියෙනවා. මතක තියාගන්න මේ වචනය පාරට වැටිලා කියන එක නෙමෙයි. ඒගොල්ලෝ පාරට බැහැලා තියෙනවා. ඒගොල්ලො පාරට බහින්නේ වෙන ගැම්මකින්. එහෙම පාරට බැහැපු ඒ මහත්වරුන්ගේ විවිධ ඉල්ලීම් අපි දැක්කා. ඒ අතර තිබුණු ඉතාම සාධාරණ ඉල්ලීමක් තමයි ‘තෙල් මිල වැඩියි’. ඔව්, තෙල් මිල වැඩියි. ඇත්තටම තෙල් මිල වැඩියි. තෙල් මිල එයාලට විතරක් නෙමෙයි. අපිටත් වැඩියි. කාටත් වැඩියි. තෙල් රුපියල් 450ට ගහලා හයර් එකට කොහොමද මිල කියන්නේ? ඒක ගැන එයාලට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. හැබැයි ඉතිං ඒගොල්ලෝ මිල කිව්වේ තෙල් ලීටරයකින් කිලෝමීටරයක් දුවන ගානට. ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත. හැබැයි මේක හරියට තේරුම් ගත්තොත් වාහනවල මිල, ඊට පස්සේ කොටස්වල මිල, ටයර්වල මිල, ඔයිල්වල මිල, මේ සියල්ලම ආවට පස්සෙ එතැන ලොකු වරදක් නෑ. එහෙනම් කොතැනද වරද තියෙන්නේ? දැන් වරද තියෙන්නේ මෙහෙමයි. තෙල් කෝටාව වැඩි කරන්න කියලා ඒ මහත්වරු ඉල්ලුවා. කෝටාව වැඩි කළා. කෝටාව වැඩි කළාට පස්සේ තව වැඩිකරන්න කියලා කියනවා. දැන් රුපියල් 450ට තිබ්බ තෙල් මිල රුපියල් 370 දක්වා අඩුවෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් 80කින් අඩුවෙලා තියෙනවා. කෝටාවත් වැඩිවෙලා තියෙනවා. හැබැයි පුදුමේ කියන්නේ මේ මහත්වරුන්ට හයර් එක නම් අඩු කරගන්න බෑ කියලා ඒගොල්ලෝ කියනවා. දැන් අපිට තේරෙන්නේ නැත්තේ තෙල් මිලත් තෙල් කෝටාවත් තෙල් අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය වෙලාවේ ගන්න පුළුවන් වීමත් හැර තව මොනවද මේගොල්ලන්ට බලපාන දේවල් කියලා.

කොහොම වෙතත් මේ ත්‍රිරෝද රථ මාෆියාව අනිවාර්යෙන්ම නතර විය යුතුමයි. තමන්ට ඕනෙ විදිහට ත්‍රිරෝද දුවන එක වෙනුවට මිනිස්සුන්ට සේවයක් කරන විදිහට ත්‍රීවීල් දුවන්න බැරි නම් එක්කෝ මේ ත්‍රීවිල් දිවිල්ල නතර වෙන්න ඕනේ. නැත්නම් මිනිස්සු ත්‍රීවීල්වල යන එක නතර වෙන්න ඕනේ. මොකද ඒකට හේතුව තමයි රටක පාරිභෝගිකයා වෙනුවෙන් තමයි මිනිස්සු වැඩකරන්න ඕනේ. ඇත්තම කතාව කවුරු කොහොම කිව්වත් මිනිහෙක්ට කරදරයක් වුණාම කොතැන වුණත් ඉස්සෙල්ලම එළියට බැස්සේ ත්‍රිරෝද රථ රියැදුරන්. ඒක තමයි ඇත්ත කතාව. මිනිස්සු මොනවා කිව්වත්, වැරදි තියෙනවා තමයි. මිනිස්සුන්ට පිහිට වෙන ත්‍රිරෝද රථ ඕනෙ තරම්. ඒත් ගමක නගරෙක පාරක් අහගන්න අපිට ඉන්න විශ්වාසවන්තම මිනිහා ත්‍රීරෝද රථ රියැදුරා. ත්‍රිරෝද රථ රියැදුරා බැණුම් අහන එකට අපිත් කැමැති නෑ. ඒකට හේතුව 95%ක් ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා හිත හොඳ මිනිස්සු. පිටින් ඒක නොපෙනුණාට ඩෙනිමක් ඇඳලා, කරාබු දෙකක් දාලා, පච්චයක් ගහලා සමහර වෙලාවට අඩියක් ගහලා පිස්සුවක් කෙළියට උන් නරක උන් නෙමෙයි. හැබැයි උන් නරක වැඩ කරන්න පටන් අරගත්තා. උන් නරක් කළෙත් මේ ආණ්ඩුව. හැබැයි ආණ්ඩුව නරක් කළා කියලා එහෙම නරක් වෙන්න තරම් මේගොල්ලෝ බබ්බු නෙමෙයි. ඒ නිසා වහාම මේ සම්බන්ධව පියවරක් ගන්න. රජයට, ආණ්ඩුවට පියවර ගන්න බැරි බව අපි දන්නවා. මොකද පහුගිය කාලෙම රට වෙනුවෙන් තීරණ ගත්තේ රජය ,ආණ්ඩුව නෙමෙයි. ආණ්ඩුව, රජය වෙනුවෙන් තීරණ ගත්තේ මිනිස්සු. ඒ නිසා වහාම ඒ ගැනත් හිතන්න පටන් අරගන්න ඕනේ.

ඊළඟ කාරණාව මොකක්ද මේ පිටි කතන්දරේ. පිටි මිල වැඩි වුණා. පාන් මිල වැඩි වුණා. පිටි මිල අඩු වෙනවා. පාන් මිල එහෙමම තියෙනවා. සමහරු කියනවා පිටිවල කොලිටි එක පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒගොල්ලො අඩු කරන්නේ නැහැ, මේගොල්ලෝ අඩු කරන්නේ නැහැ. හැබැයි යාපනයේ බේකරිවල මිනිස්සු පාන් මිල වැඩි කළේ නෑ. දැන් පාන්වල කිසිම ප්‍රමිතියක් නෑ. සමහර වෙලාවට පාන් ගෙඩිය බනිස් ගෙඩියක් වගේ. ඇතුළේ මුකුත් නැහැ. මිනිස්සු පාන් ගන්නේ කන්න. අනිත් එක මිනිස්සු පාන් ගන්නේ පාටි දාන්න නෙමෙයි. මිනිස්සු පාන් ගන්නේ හෝටල්වලට නෙමෙයි. මිනිස්සු පාන් ගන්නේ බඩගින්නට කන්න. අහිංසක මිනිස්සු පාන් කන්නේ. මේ පාන් බේකරිකාරයෝ ඒක හොඳට දන්නවා. මොකද මහා මන්දිරවල සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු නමගිය හෝටල්වලට ගිහිල්ලා පාන් කාලා ආවේ නෑ. හන්දියේ බේකරියේ හන්දියේ පාන් කඩෙන් පාන් කෑල්ලක් කාලා ප්ලේන්ටියක් බීපු මිනිස්සුන්ටයි මේ බේකරිකාරයෝ මේ විදිහට කරන්නේ. පාන් මිල අඩු වෙලා දැන් පාන් පිටි මිල රුපියල් 260 , 270 මට්ටමට ඇවිල්ලා. ඒත් බේකරි හිමියෝ කියන්නේ තවත් මදි කියලා.ඔව් මදි . ඇත්තටම පාන්පිටි රුපියල් 100ට ,රුපියල් 60ට , රුපියල් 40 ට වගේ දෙන්න පුළුවන් නම් හොඳටම හොඳයි. පෙට්‍රල් 470ට 370ට නෙමෙයි පෙට්‍රල් රුපියල් 70ට දෙන්න පුළුවන් නම් හොඳටම හොඳයි. ඒක ඇත්ත. ඒ වුණාට නරක නරක විදියටත් හොඳ හොඳ විදියටත් දකින්න ඕනෙනේ. දැන් ගෑස් මිල රුපියල් 800 කින් විතර අඩු වෙලා තියෙනවා. පාන් පිටි මිල රුපියල් 200කින් විතර අඩුවෙලා තියෙනවා. ඒවා ඇයි මේ බේකරියට දැනෙන්නේ නැත්තේ? බේකරියට දැනෙන්නෙ වැඩිවෙන එක විතරක්ද? මේ වාසිය බේකරියට ආවේ නැද්ද? බේකරි හිමියෝ පාන් හදන්නේ ලෝකෙ තියෙන හොඳම පිටිවලින්ද? මේවා තේරුම් අරගන්න බැරි නම් අපි එක්කෝ මුන්ව වර්ජනය කරන්න පටන් අරගන්න ඕනේ. මිනිස්සු විදිහට එකතු වෙලා

‘නෑ, අපිට එපා පාන්’ ‘අපිට එපා ත්‍රීවීල්’ ‘අපිට එපා බස්’ අන්න එදාට මේගොල්ලන්ට තේරෙයි අපිට මිනිස්සු නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. හැබැයි මේගොල්ලන්ට ඊළඟට තේරෙන්න ඕන එක තමයි අපිට මනුස්සකම නැතුව ජීවත් වෙන්න බැහැ කියලා. මිනිස්සුත් නොවන මනුස්සකම නොදන්නා ව්‍යාපාරිකයෝ පාරට බැස්සට පස්සේ කඩේට ආවට පස්සේ මිනිස්සුන්ට බඩගින්නේ මැරෙන්න වෙන එකට වගකියන්න ඕනේ ආණ්ඩුව විතරක් නෙමෙයි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගෝඨා කෙළවගත්තේ නාමල්ලා කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා! අද රටට මේ ‌විනාසේ වෙලා තියෙන්නේ නාමල්ලා දීපු උපදෙස් නිසා! නාමල් කියපු කතාවකට චන්න ජයසුමන කන කිස් කන උත්තරයක් ‌දෙයි! (VIDEO)

Next Post

කැබිතිගොල්ලෑවේ අලියෙක් මිනිහෙක්ට ගහයි! ගමේ මිනිස්සු පොලිසියට ගහයි! මනුස්සයා මැරෙයි! සැරයන්ට තුවාලයි! පළාතම යුද පිටියක් වෙයි!

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.