• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති රනිල් කතා කරයි I Sri Lanka Latest News

June 24, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සඳහා සැප්තැම්බර් මාසය වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.(Sri Lanka Latest News)

පාර්ලිමේන්තුව සමග සහයෝගයෙන් කටයුතු කරමින්, රට වර්තමානයේ මුහුණ දෙමින් තිබෙන ණය අර්බුදය විසඳීම සඳහා පුළුල් උපාය මාර්ගික වැඩපිළිවෙළක් සකස් කරන බවත්, එහිදී ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමුඛතාවයක් වන අතර, වැදගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සම්පූර්ණ කිරීමට තම මූලික අවධානය යොමුව ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කැනඩාවේ හිටපු අගමැති ස්ටීවන් හාපර් මහතා සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවූ පීඩාකාරී තත්ත්වය මෙන්ම අභියෝග පිළිබඳ මම කියවා තිබෙනවා. ශ්‍රී ලංකාව වර්තමානයෙහි මුහුණ දෙමින් තිබෙන ගැටලු විසඳීමට ඔබ ගනු ලබන පියවර පිළිබඳ ලෝකය විමසිලිමත්ව බලා සිටිනවා?

පසුගිය වසරේ මැයි, ජූලි මාසවලදී ශ්‍රී ලංකාව මුහුණ දෙමින් තිබූ දැඩි අර්බුදකාරී තත්ත්වය පිළිබඳ ඔබ සියලු දෙනා දන්නවා. ඒ වන විට රටේ නායකත්වය භාරගැනීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැහැ.

2019 ජනාධිපතිවරණයේදී අපේ පක්ෂයේ නියෝජ්‍ය නායකයා ජනාධිපති අපේක්ෂකයා බවට ප්‍රකාශ කිරීමට මට සිදුවුණා. ඒනිසා 2019 ජනාධිපතිවරණය ඉතාමත් සුවිශේෂ මැතිවරණයක්. වෙනස්ම ජනතාවාදී ප්‍රවේශයක් ජනතාවට අවශ්‍යව තිබුණා.

නමුත් ඔහු ඉතා දරුණු පරාජයක් අත්කරගත්තා. කොවිඩ් වසංගතයට රට ගොදුරු වීමත් සමගම 2020 අගෝස්තු මාසයේ අපි මැතිවරණයට ගියා. ඒ වගේම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ සමග අපි සිටිය යුතුයි කියන ස්ථාවරයේ මම හිටියා.

2016 දී අප ආරම්භ කළ වැඩසටහනට අනුව ශ්‍රී ලංකාව ප්‍රාථමික අතිරික්තය සඳහා කැපවිය යුතු අතර, සහනාධාර ලබාදීම් අඩු කිරීමට අවශ්‍යව තිබුණා. මෙය ක්‍රියාවට නැංවීමෙන් අනතුරුව 2018 ජූනි වන විට අපට ඩොලර් මිලියන 300ක මූලික සේවාවක් තිබුණා. එය ස්වල්පයක් පමණක් වුවත් අපට එය වර්ධනය කරගැනීමට හැකියාවක් තිබුණා.

නව රජය බලයට පැමිණීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවැති ගිවිසුම අවලංගු කිරීමට කටයුතු කළා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹි ගිවිසුම යළිත් ක්‍රියාවට නැංවීමෙන් තව ඩොලර් බිලියන 5ක් පමණ රැස්කරගැනීමට හැකියාවක් තිබුණා.

මම අග්‍රාමාත්‍ය ධුරය දැරූ කාලවකවානුවේදී, ජපානය, ඉන්දියාව මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් සමග සාකච්ඡා කර බිලියන තුන හතරක් විතර වටිනා ව්‍යාපෘති රටට ලබාගත්තා. නමුත් ඒ සියල්ලම පසුගිය රජය විසින් අවලංගු කර දැමුවා.

පසුගිය වසරේ මැයි 9 වැනිදා රට තුළ දැඩි කැලඹීමක් ඇති වුණා. ආණ්ඩුවේ සිටි මන්ත්‍රීවරුන් 65 දෙනකුගේ නිවාස ගිනිබත් කිරීමත් සමගම එවක අග්‍රාමාත්‍යවරයාව සිටි මහින්ද රාජපක්ෂ මහතාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවුණා.

එදින රාත්‍රියේ මම ආණ්‌ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සමග සාකච්ඡා කරමින් සිටියදී මම ඇහුවා මට කරන්න පුළුවන් උදව් මොනවද කියලා. පසුදිනම, ජනාධිපතිවරයා, විපක්ෂ නායකවරයාට කතාකර අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස දැනුම් දී තිබුණා. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළා.

මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත සහ ලෝක බැංකුවට යන ලෙස මා එවක සිටි ජනාධිපතිවරයාට උපදෙස් දුන්නා. ඒ නිසා ආණ්‌ඩුව මට අග්‍රාමාත්‍ය ධුරය භාරගන්නා ලෙස බලකර සිටියා. මාව අගමැතිවරයා ලෙස පත්කර ගනිමින් ධුරයේ කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් ඔවුන් පැවැසුවා. ඒ වගේම ඔබතුමා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන්න, අපි සහාය ලබාදෙනවා කියා ඔවුන් මට පැවැසුවා.

ඒ වන විටත් අපේ පසුගිය වසරේ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 8ක් පමණ වී තිබුණා. 2022 අප්‍රේල් වන විටත් අපි බංකොලොත් රටක් බව ප්‍රකාශ කර තිබුණා. අපි යථා තත්ත්වයට පත්වෙමින් සිටින විට උද්ඝෝෂකයින් යළිත් වීදි බසින්නට පටන් ගත්තා. ඒ වගේම ජූලි 9 වැනිදා විශාල පිරිසක් කොළඹට ඇවිත් සිටියා.

උද්ඝෝෂකයන් ජනාධිපති නිල නිවෙසට කඩාවැදුණා. ජනාධිපතිවරයාට හොර රහසේ වරායට පරිශ්‍රයට ගොස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැවකට නගිමින් ඔවුන්ගේ සහාය පැතීමට සිදුවුණා. එදා සවස පක්ෂ නායකයෝ රැස්වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව ජනාධිපතිතුමා ධුරයෙන් ඉල්ලා අස්විය යුතුයි කියා ප්‍රකාශ කළා. ඒ වගේම මම වැඩබලන ජනාධිපතිවරයා විය යුතුයි කියන අදහසත් ඒ සමගම ආවා.

නමුත් එදා විපක්ෂය කිවුවා මමත් ඉල්ලා අස්විය යුතුයි කියලා. ව්‍යවස්ථානුකුලව අග්‍රමාත්‍ය ධුරය සඳහා අයකු සොයාගන්නා ලෙසත්, එවිට මට ඉල්ලා අස්විය හැකි බවටත් මම විපක්ෂයේ පාර්ශ්වයන්ට පැවැසුවා. ඒ අතරතුර, කිසියම් මාධ්‍යයක ඉල්ලීම් හෝ බලපෑම් පරිදි උද්ඝෝෂකයන් පිරිසක් පැමිණ මගේ නිවෙසට ගිනි තැබුවා. ඔවුන් හිතුවේ මම ධුරයෙන් ඉවත් වෙයි කියලා. මේ අතර පසුදින ඇතැම් තානාපතිවරුත් මට ඉල්ලා අස්වෙන ලෙස දන්වා සිටියා.

නමුත් ඇතැමුන් කතානායකවරයාට වැඩබලන ජනාධිපති ධුරය භාරගන්නා ලෙස යෝජනා කළා. කෙසේ නමුත් එම යෝජනා දෙකම ප්‍රතික්ෂේප වුණා. නමුත් මම මගේ ස්ථාවරයේ සිටිමින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කළා. ඒ වන විට ජනාධිපතිවරයා රටින් පිටමං කර, පසුව මාලදිවයිනට රැගෙන ගොස් තිබුණා.

මම කැබිනට් රැස්වීමක් පැවැත්තුවා. අනතුරුව උද්ඝෝෂකයෝ තීරණය කර තිබුණා අගමැති කාර්යාලය අත්පත්කර ගැනීමෙන් පසුව පාර්ලිමේන්තුවත් අත්පත් කරගත යුතුයි කියලා. ඊට දවස් දෙකකට පසුව පැය පහක් හයක් පමණ අගමැති කාර්යාලයෙන් පිටත ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා.

ඔවුන්ට වෙඩිතැබීමට නියෝග කිරීමට මට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් අන්තිමට ඔවුන් අගමැති කාර්යාලයටත් කඩාවැදුණා. පසුව, පාගමනින් පාර්ලිමේන්තුවට පැමිණෙමින්, පස්වරුව වන විට තවත් පාර්ලිමේන්තු සැසිවාර නොපැවැත්විය යුතු බවත් ඔවුන් දන්වා සිටියා. විපක්ෂ නායකවරයා ද එම කටයුතුවලට සහාය දැක්වූවා. පාර්ලිමේන්තුව මෙලෙස පවත්වාගෙන යා නොහැකි අතර එය ආරක්ෂා කරගත යුතු බව මම හමුදාපතිවරයාට දැනුම් දුන්නා.

ඒ අනුව ඔවුන් සතුව සිටි ශ්‍රී ලංකාවේ හොඳම හමුදා බළඇණිය නිරායුධව එහි ස්ථානගත කළ අතර, ඔවුන් එහිදී සාර්ථකව උද්ඝෝෂකයන් විසුරුවා හරිනු ලැබුවා. විරෝධතාකරුවන් විසුරුවා හැරීමේදී සෙබළුන් 24 දෙනෙක් තුවාල ලැබුවා.

එම අවස්ථාව වන විට මම තීරණය කළා මම ජනාධිපති ධුරයේ වැඩ භාරගත යුතුයි කියලා. ජනාධිපතිතුමා ඉල්ලා අස්වීම එවා තිබුණේ මට වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්න කියන ඉල්ලීම කරමින්. නමුත් ඒ වන විට ජනාධිපති කාර්යාලය අත්පත් කරගෙන සිටි පිරිස මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙනවාට කැමැති වුණේ නැහැ.

වැඩබලන ජනාධිපති ලෙස ධුරය භාරගැනීම සඳහා මට පාර්ලිමේන්තුව භාවිත කිරීමට අවශ්‍ය වුණේ නැහැ. මම අගවිනිසුරුවරයාගේ නිවෙස භාවිත කළේද නැහැ. මම උදේ පාන්දරම මගේ නිවෙස අසල පිහිටි පවුලේ පන්සලට ගියා. අගවිනිසුරුතුමා එතැනට පැමිණියා. පන්සලේ හාමුදුරුවෝ එහි ආරක්ෂාව ඉවත් කිරීමට උපදෙස් දී තිබුණා. පන්සල තුළ මගේ දිවුරුම් දීම ඡායාරූපගත කළා.

මීළඟට සිදුකිරීමට තිබුණේ පාර්ලිමේන්තුව හරහා ජනාධිපතිවරයකු තෝරා පත්කර ගැනීමයි. ඒ සම්බන්ධවත් විරෝධතා මතුවුණා. එවිට මම කිව්වා විරෝධතා පැවැත්වීමට ඉඩ දියයුතුයි කියලා. නමුත් ඒවා විරෝධතා නොවෙයි. එම විරෝධතාවන් සිදු කරන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුව සහ පාර්ලිමේන්තුව අකර්මණ්‍ය කිරීමට බව මම ප්‍රකාශ කළා.

ඒ වගේම විරෝධතාකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගත්තා. නමුත් අත්අඩංගුවට ගත් සියලු දෙනාව මහෙස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් විසින් නිදහස් කළා. එක විරෝධතාකරුවකුවත් සිරගත කළේ නැහැ. අනෙක තමයි නීතිඥ සංගමයේ සභාපතිවරයා ඔවුන් සමග සිටීම නිසා ඔවුන්ට එය දිරිගැන්වීමක් වුණා.

පාර්ලිමේන්තුවට පහරදෙන විට නීතිපතිවරයාගේ උපදෙස් ලබාගනිමින් රැඳවුම් නියෝග ක්‍රියාත්මක කිරීම මගින් දෙතුන් දෙනකු අත්අඩංගුවට ගැනීමට සිදුවුණා. හමුදාව ඇතුළට යවා අගමැති කාර්යාලයේ පාලනය නැවත ලබාගැනීමේ ක්‍රමය සොයාබලන ලෙස මම උපදෙස් දුන්නා. ඉන් පසුව ජනාධිපති කාර්යාලය සහ ජනාධිපති මන්දිරය රජයේ පාලනයට නතු කරගන්නා ලෙස අප උපදෙස් දුන්නා.

රාජපක්ෂවරුන් නායකත්වය ලබාදුන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේද සහාය මට තිබීම නිසා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීම ඉතා සුවිශේෂ එකක් වුණා. ඔවුන්ට ද අවශ්‍ය තිබුණේ මාව එම මැතිවරණයට ඉදිරිපත් කිරීමට. මම ඡන්ද 135කින් ජයග්‍රහණය කළා.

එම නිසා රට යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු සාර්ථකව කරගෙන යාමට හැකිවුණා. ව්‍යාපාරිකයන්, පෞද්ගලික සමාගම් හිමිකරුවන්, ග්‍රාමීය ජනතාව ඇතුළු සියලු දෙනා මේ දෙස නිහඬවම බලා සිටිමින්, රට තුළ නීතිය නැවත ස්ථාපිත කිරීමට අවශ්‍ය සහාය ලබාදෙමින් ඒ පිළිබඳ ඔවුන්ගේ සතුට ප්‍රකාශ කළා. ඔවුන් මා වෙනුවෙන් නොසිටි නමුත් රට තුළ නීතිය හා සාමය යළි ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළ සමග පෙනී සිටියා.

ඉතින් රට තුළ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කිරීමෙන් පසු, ආර්ථික අර්බුදයට මුහුණ දීම සඳහා ගතයුතු පියවර පිළිබඳ මම පූර්ණ අවධානය යොමු කළා. ඒ සඳහා අවශ්‍ය සාකච්ඡාවල නිතර වුණා.

මෙම සැප්තැම්බර් මාසයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ තීරණයකට පැමිණීමට අප බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ උපාය මාර්ගය පිළිබඳ පාර්ලිමේන්තුව අවධානය යොමුකර තිබෙනවා. ඒ වගේම රටේ සම්පූර්ණයෙන්ම ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් සිදුකිරීමට අවශ්‍යව තිබෙනවා.

ලිබරල්වාදී ලිහිල් ආර්ථික ක්‍රමවේදයක් හරහා වැඩි ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම අප කඩිනමින් සිදුකළ යුතුව තිබෙනවා. ඒ වගේම දිගුකාලීනව, වාසිදායක ලෙස වෙළෙඳ ශේෂය ඉහළ නංවාගැනීමට ආයෝජන අවශ්‍යයි. 2024 වන විට මෙම කටයුතුවල විශාල ප්‍රගතියක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

ආර්ථික අර්බුද පොදුවේ සියලු රටවලට මුහුණදීමට සිදුවන තත්ත්වයක්. ඒ වගේම එය පොදු අභියෝගයක්. මීට දිගුකාලීන විසඳුමක් ලෙස දැකිය හැක්කේ පෞද්ගලික අංශයේ දායකත්වයයි.

දැනට තිබෙන විකල්පය වන්නේ වෙළෙඳ පොළ ඉලක්ක කරගත් උපාය මාර්ගික ක්‍රමවේදයක්. මම අවංකවම විශ්වාස කරන්නේ මේ හැර වෙනත් කිසිදු විකල්පයක් නැහැ. බොහෝ කලක සිට වෙළෙඳපොළ ආර්ථිකය විසින් තමයි මෙම ගැටලු විසඳා තිබෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදය හැර අනෙකුත් සියලු පාලන ක්‍රමයන් භයානක බව වින්ස්ටන් චර්චිල් වරක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියා. ආර්ථිකය වර්ධනය කිරීමට ඇති එකම මාර්ගය කොන්සර්වේටිව්වාදය බව අවසානයේ අවබෝධ කරගන්නා තුරු සමාජවාදය, ආරක්ෂණවාදය, සංගතවාදය, ජනප්‍රියවාදය අනුගමනය කිරීමට උත්සාහ දැරීම අපට නිරන්තරයෙන් දැකගැනීමට හැකිවන දෙයක්.

එහිදී, ශ්‍රී ලංකාවේ විදේශ සබඳතාවන්හි අනාගතය ඔබ දකින්නේ කෙසේද? එහි උපායමාර්ගික සබඳතා මොනවාද සහ ඊළඟට මුහුණ දෙන අවදානම් තත්ත්වයන් මොනවාද?

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සබඳතා ප්‍රධාන වශයෙන් ස්ථාපිත වී තිබෙන්නේ දකුණු ආසියානු කලාපය මුල් කරගෙනයි. ප්‍රධාන වශයෙන් ආසියානු කලාපීය රටවල් වන ඉන්දියාව, ජපානය, මැදපෙරදිග, සහ විශේෂයෙන්ම චීනය සමග සබඳතා ශක්තිමත් කර ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ඇතුළු, යුරෝපය සමග ද සබඳතා පුළුල් කරගැනීමට අප කටයුතු කරනවා.

තරගකාරී වෙළෙඳපොළ පීඩනයන්, කොවිඩ් වසංගතය, විශේෂයෙන්ම වත්මන් යුක්‍රේන යුදමය තත්ත්වය යනාදී කරුණු නිසා එක්සත් ජනපදය සහ එහි මිත්‍ර රටවල් මෙන්ම චීනය සහ එහි මිත්‍ර රටවල් අතර සිඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින ගෝලීය ධ්‍රැවීකරණයක් නැත්නම් ගැටුම්කාරී තත්ත්වයක් අපට දැකගන්න පුළුවන්.ආර්ථික වර්ධනයේදී ඔබ ශ්‍රී ලංකාව ස්ථානගත කරන්නේ කොතැනද? ලංකාවට හිමි තැන කුමක්ද? එමෙන්ම, ඔබ ඒ සඳහා මොනවගේ ක්‍රියාමාර්ගයන්ද අනුගමනය කරන්නේ?

මූලික වශයෙන්, අපි ගෝලීය දකුණේ සහ ආසියාවේ ස්ථාවරය සමග සිටිනවා. එක්සත් ජනපදය හා චීනය යන ලෝක බලවතුන් දෙදෙනාම අපට අවශ්‍යයි.

ඉන්දු-පැසිෆික් කලාපය පිළිබඳ ආසියාන් රටවල ඉදිරි දැක්ම යන කරුණ සැලකිල්ලට ගැනීමේදී පැසිෆික් සහ අනෙකුත් කරුණු අතිශයින්ම වැදගත්. චීනයේ නැගීම, කලාපයේ රටවල දියුණුව සඳහා ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. එබැවින් චීනයේ ආර්ථික සංවර්ධනය අපට ඉතා වැදගත්. ඉන්දියාව සහ ආසියානු කලාපීය රටවල්වල මෙන්ම මැදපෙරදිග අඛණ්ඩ තිරසාර වර්ධනයක් දැකීමට තවත් වසර 20 – 25ක්වත් ගතවනු ඇතියි. බහුපාර්ශ්වීය සබඳතා ශක්තිමත්ව ස්ථාපිත කරන අතර, පවත්නා ද්විපාර්ශ්වීය ශ්‍රී ලංකා එක්සත් ජනපද සබඳතා අගය කරනවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය නෙවෙයි වැදගත් වන්නේ. අපි ආරම්භයේ සිටම එක්සත් ජනපදයට සහාය ලබා දුන්නා. ඉන්දියන් සාගරයේ නාවික ගමනාගමනයේ නිදහස සහතික කිරීම සඳහා ඉන්දියන් සාගරයේ රිම් සංගමය (IORA) සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීමට සහාය වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

නමුත් අපි නාවුක කටයුතුවල නිදහස වෙනුවෙන් ද පෙනීසිටිනවා. ඒවගේම විසඳාගත යුතු ප්‍රශ්න තිබෙනවා. ඒවා අප සාමූහිකව විසඳාගත යුතුයි. සියල්ල එක බලවතෙකුගේ ආධිපත්‍යයට නතු කර ගැනීමෙන් එය කළ නොහැකියි. මිත්‍රශීලීව සහයෝගයෙන් කටයුතු කිරීමෙන්, අර්බුදකාරී තත්ත්වයන් අවම කරගැනීමට හැකියාව ලැබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය
2023.06.22

SendShareShare
Previous Post

රනිල් ප්‍රංශයේ සිටිද්දී අනුර ඔස්ට්‍රේලියාවේ සිටිද්දී ලංකාවේ පෙරළියක් වෙයි! I Sri Lanka Latest News

Next Post

‘අපිව පාවා දුන්නා!’ පුටින්ට කටඋත්තර නැතිවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.