යුක්‍රේන යුද්ධයට එළැඹීමෙන් පසු රුසියාව මෑත කාලයේ මුහුණ දුන් දරුණුතම අභියෝගයට මේ වනවිට මුහුණ පා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. Sri Lanka Latest News
ඒ, රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ සටන්කරන වැග්නර් කුලී හමුදා සේනාංක රුසියාවට එරෙහිව යාමත් සමගය.
ජාතිය අමතමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කළේ, රුසියාව දැන් පාවාදීමකට මුහුණ දී සිටින බවය.
වැන්ගර් කුලී සේනාංක යනු යුක්‍රේනය තුළ රුසියානු හමුදා වෙනුවෙන් මෙහෙයුම්වල නිරත වූ කුලී සේනාංකයකි.
කෙසේවෙතත් එම සේනාංක මොස්කව් සිට කිලෝමීටර් 1,100ක් දකුණු දිගින් පිහිටි රොස්තව් – ඔන් – දොන් නගරයට ඇතුළු වූයේ යුක්‍රේනයේ සිට රුසියානු දේශ සීමා හරහා ගමන් කරමිනි.
මෙම වැන්ගර් කුලී හමුදා සේනාංකය රුසියාව තුළ කැරැල්ලක් දියත් කරන බව ප්‍රකාශ කිරීමත් සමග රුසියාවේ ආරක්ෂාව තරකරමින් මොස්කව් ඇතුළු නගර කිහිපයක ත්‍රස්ත විරෝධී පියවර අනුගමනය කිරීමට රුසියානු බලධාරීන් පියවර ගෙන තිබුණි.
මොස්කව් අගනුවර සහ කුලී හමුදාවන් ඇතුළුවී සිටින රොස්තව් – ඔන් – දොන් නගරය යාකෙරෙන ප්‍රධාන මාර්ගය ද ඒ අනුව වසාදැමීමට පියවර ගෙන තිබුණි.
රොස්තව් – ඔන් – දොන් නගරයේ පිහිටා ඇති දක්ෂිණ හමුදා දිස්ත්‍රික් මූලස්ථානය වැග්නර් හමුදා සිය ග්‍රහණයට නතු කරගත් අයුරු විදෙස් මාධ්‍ය ද වාර්තා කර තිබුණි.