විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බරණ ජයවර්ධන මහතා පත්ව තිබේ. Sri Lanka Latest News
ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ ඊයේ පැවැති නිළවරණයේදී ය.
උපසභාපතිවරයා ලෙස තේරී පත්ව ඇත්තේ ආචාර්ය අනුප ජයවර්ධන සහ මහාචාර්ය නිලන්ත ලියනගේය.
එහිදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ, ආචාර්ය අතුලසිරි සමරකෝන් මහතා ය.
මාධ්‍ය සම්බන්ධීිකාරක ලෙස මහාචාර්ය චමින්ද අබේසිංහ පත්ව ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ සියලු දෙනා සමගි ජන බලවේගයේ බුද්ධි මණ්ඩපය නියෝජනය කරන්නන් වීමය.
ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වැඩි බලයක් හිමි කර ගැනීමට සමගි ජන බලවේගය සමත්ව ඇත.
එම සම්මේලනයේ නව භාණ්ඩාගාරික ලෙස ආචාර්ය අනුරුද්ධ කරුණාරත්න මහතා පත්ව තිබේ.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නව මාධ්‍ය ප්‍රකාශවරයා වන්නේ, එහි හිටපු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ය.