• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ප්‍රසාද් නිරෝෂගේ අලුත්ම පොත මගේ කොරියානු පෙම්වති! Sri Lanka Latest News

July 1, 2024
in News
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

‘මගේ කොරියානු පෙම්වති’ ඔබගේ නවතම කාව්‍ය කෘතිය. ප්‍රවේශයක් හැටියට, කවිය කියන සාහිත්‍යය අංගය ගැන ඔබ හිතන්නේ කොහොමද කියලා කියනවා නම්?

නිර්මාණකරුවාගේ පැත්තෙන් සරලවම ගත්තොත් කවිය කියන්නෙත් අනෙක් සාහිත්‍යාංග වගේම නිර්මාණකරුවාට කියන්න තියෙන එක විදිහක් කියලා කියන්න පුළුවන්. කවිය කියන්නේ කියන්න තියෙන එක විදිහක් විතරක් නෙමෙයි, කියන්න තියෙන හොඳම විදිය හා කියන්න තියෙන ලස්සනම විදිහය කියලයි මම හිතන්නේ. ඒක නවකතාවකදී හෝ කෙටිකතාවකදී රචකයාගේ ආත්ම ප්‍රකාශනය සිදුවන විදියට යම්තාක් දුරට සමාන වුණත් තවත් පැත්තකින් ඊට වඩා වෙනස්. කවිය තුළත් කෙටි කවි, ක්ෂුද්‍ර කවි වගේ කවි විතරක් නෙවෙයි ආඛ්‍යාන කවි ආදී දීර්ඝ කාව්‍යයත් තියෙනවා. ආඛ්‍යාන කවි තුළින් නවකතාවක වගේම බොහෝ විට යම්කිසි කතාවක් තියෙනවා. (Sri Lanka Latest News)

එහෙම වුණත් කවිය වටා ඉන්න රසිකයෝ ප්‍රමාණය අරවාට වඩා අඩුයි. ඒකට හේතුව කවිය බොහෝ විට අනෙක් ඒවාට සාපේක්ෂකව මතුපිට අර්ථවලට වඩා යටි අරුතට අවධානය යොමු කිරීමත්, ඒ තුළ වැඩි වශයෙන් රූපකාර්ථ දකින්නට තිබීමත් නිසා. මොකද කවිය කියන්නේ ඉතාම සීමිත වචන ප්‍රමාණයක් යොදාගනිමින් රසිකයාගේ භාව උපරිමයෙන්ම ප්‍රකම්පනය කරන මාධ්‍යයක් කියලා කියන්න පුළුවන්. එහෙම බලද්දී කවියා තමයි වචනයක තියෙන සියුම් අර්ථ උපරිම සකසුරුවමකින් කළමනාකරණය කරන සාහිත්‍යකරුවා. කවිය කියන්නේ සාහිත්‍යමය ලඝුලේඛන ක්‍රමයක් කියලා කියන්නෙත් ඒකනේ.
හැබැයි මේ කෙටිකම නිසාම කවිය තුළ යම් සීමාවනුත් තියෙනවා. ඒ තමයි නවකතාවකින් කෙටිකතාවකින් කරන්න පුළුවන් තරම් විශාල අවකාශයක් කවිය තුළ නිරූපණය කරන්න අමාරුයි. ඒ වගේම ආඛ්‍යාන කාව්‍ය වගේ දේවල් නිසා ඒ සීමාව ටිකක් හරි අඩුවෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම සියුම් කවි ලිවීම තරමක් අසීරු වෙනවා වගේම ඒවා විඳීමත් ඒ තරමටම අසීරු වෙනවා. වෙන විදියකට කියනවා නම්, නවකතාව හා කෙටිකතාව වගේ ඒවාගෙන් තම රසිකයාගෙන් බලාපොරොත්තු වෙනවාට වඩා කාව්‍ය විසින් තම රසිකයාගෙන් වැඩිමනත් සියුම් සුදුසුකම් බලාපොරොත්තු වෙනවා- මේකෙන් කොහොමත් අදහස් කරන්නෙ නෑ අනෙක් මාධ්‍ය විඳීම අති සරලයි කියලා. ඒවාත් වඩාත් හොඳින් කියවා ගැනීමට පාඨකයාගේ සහෘදත්වය මෙන්ම සියුම් විචාරශීලීත්වය අවශ්‍යයි. නමුත් කවියේදී ඒ දේ වඩාත් අවශ්‍යයි. පැරණි සංස්කෘත විචාරකයන් කාව්‍යකරණයේදී ප්‍රතිභාව, වියුත්පත්තිය හා සතතාභ්‍යාසය යන ගුණාංග තියෙන්න ඕනෙ කියලා කීවේ ඒකයි. ඇත්තටම කවියාගෙන් බලාපොරොත්තු වන ඒ සුදුසුකම් කවියක් සියුම්ව විඳින රසිකයාට ද ඒ විදියටම තියෙන්න ඕනෙ කියලා හිතන්න පුළුවන්.

නමුත් මුහුණු පොත වගේ සමාජ මාධ්‍ය නිසා අද වන විට කවිය අති සරල මාධ්‍යයක් බවට පත්වෙලා තියෙන බවක් පේනවා. මේ ගැන ඔබ හිතන්නේ කොහොමද?

මං දකින විදියට මේකේ හොඳ වගේම නරක පැති දෙකක් තියෙනවා- මේ මාධ්‍ය නිසා අද කවිය කියලා ඕනෑම කෙනෙක්ට ඕනෑම දෙයක් පළකර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද වනවිට සියුම් යටි අරුත් සහිත හොඳ කවිවලට වඩා ඔහේ ලියැවෙන දේවල් වැඩියි. මේ සුලබ හැකියාව නිසාම කවිය කියන්නේ කවියා ඒක ලියන්න කලින් හදාරන්න ඕනෑ, කියවන්න ඕනෑ, විඳින්න ඕනෑ එකක් කියන තැනින් තල්ලුවෙලා තියෙනවා. අද කවි ලියන බොහෝ අය ඉන්නවා කිසිම සම්භාව්‍ය කාව්‍ය කෘතියක් තියා නූතන කෘතියක්වත් කියවලා හදාරලා නෑ. එහෙම අවශ්‍යතාවක් ගැන ඔවුන්ගේ තැකීමකුත් නෑ. ඒ වුණත් ඔවුන් දිනපතා කවියක් දෙකක් ඇතැම් විට තුන හතරක් පවා පළකරනවා සමාජමාධ්‍යවල.

ඒ වගේම එහෙම අයගේ කණ්ඩායම්, එහෙමත් නැත්නම් සමාජ මාධ්‍ය ගෲප් බිහිවෙලා තියෙනවා. ඉතින් ඒ අය තම තමන්ගේ යාළුවන් පළකරන කවිවලට ඉතා පහසුවෙන් ප්‍රතිචාර දක්වා ගන්නවා මේ කවි ඉතා ඉහළ නිර්මාණ කියලා. එහෙම වෙද්දී කවි ලියන අයට එතැනින් එහා ගිහින් සියුම් අධ්‍යයනයක් කරන්න නොහිතෙන එක පුදුමයක් නෙවෙයිනේ.

ඒ වගේම, කවිය මේ විදියට සුලබ වෙද්දී එහෙම ලියැවෙන දහස් ගණන් කවි අතර හොඳ කවි හා කවියා යටපත් වෙන්නත් පුළුවන්.
ඉස්සර එහෙම නෙවෙයිනේ, කවියක් ලියන්න කලින් කවීන් අන් අයගේ කවි හදාරනවා. කියවනවා. ජීවන අත්දැකීම් රැස්කරනවා- එහෙම කරලා කවි ලියනවා. ආයෙ ආයෙ ලියූ කවි හදනවා. එහෙම හදලා කවි ගණනාවක් ලියුවාට පස්සේ තමයි එකක් හෝ දෙකක් පුවත්පතකට හෝ ගුවන්විදුලි වැඩසටහනකට යවන්න ධෛර්යය එන්නේ. එහෙම යැව්වත් යැව්ව පළියට පළවෙන්නෙ නෑ. කවි ගණනාවක් යැව්වාම තමයි එකක් දෙකක් පළවෙන්නේ. ඒ අය වසර ගණනාවක වෑයමකින් තමයි පොතක් පළකරන්නේ.

මේකේ තියෙන හොඳ දේ තමයි මේ මාධ්‍ය නිසා කවිය කියන එක මාර මැජික් එකක් මට්ටමින් අයින් වෙලා. මේ නිසා බොහෝ අයට අවස්ථාව එළඹිලා තියෙනවා කවියට ප්‍රවේශ වෙන්න. පත්තරයක කවියක් පළකරන එක පොතක් පළකරන එක පහසු වැඩක් නෙවෙයි. ඇතැම් විට ඒවාට සමාජ සම්බන්ධතා බලපානවා. ඒ වගේම ආර්ථිකයත් බලපානවා. ඒ නිසා සයිබර් කවිය නිසා කවිය ඒ කියූ වැඩවසම් තැනින් අද මිදිලා තියෙනවා. අද රටේ ඕනෑම අස්සක මුල්ලක ඉඳලා හිටි හැටියේ විශිෂ්ට කවියෙක් මතුවෙන්න පුළුවන් මේ නිසා. එහෙම මතුවුණු අයත් ඉන්නවා. ඒ නිසා වෙන්න ඕනෑ සයිබර් කවිය හා කවීන් තවදුරටත් කවිය පිළිබඳ සවිඥානිකත්වයකට ගේන එකයි.

‘මගෙ කොරියානු පෙම්වති’ පොත තුළ වසර ගණනාවක් ලියූ කවි වාගෙම පැහැදිලි විවිධත්වයකුත් පේන්න තියෙනවා?

ඔව්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලයේ ඉඳන් ඉතා මෑතක් වෙනතුරු ලියවුණු කවි තමයි මේ පොතේ සංග්‍රහ වෙන්නේ. මිනිස්සු විදියට අපි හිතන පතන හැටි, දේවල් දැනෙන හැඟෙන විදිය, අත්දැකීම් පරාසය වගේ දේවල් ඉතාම ඉක්මනින් වෙනස් වෙනවා. ඒ වගේම දේශපාලනය සහ සමාජ – සංස්කෘතික කාරණා විතරක් නෙවෙයි, ප්‍රේමය, විරහව, අනෙකාට ගරුකිරීම හා තේරුම්ගැනීම, වෛරය, පළිගැනීම වගේ සංවේදනාවන් දැනෙන හැටිත්, අපි ඒවා අත්පත් කරගන්නා හැටිත් ක්‍රමානුකූලව වෙනස් වෙන්න පුළුවන්. මේ පොතේ තියෙන කවිත් ඒ විදිහේ වෙනස්කම්වලට ඕනෑ තරම් ඉඩ තියෙනවා. මොකද ඒවා දීර්ඝ කාලමය ඉඩහසරක් ඇතුළේ ලියැවුණු ඒවා නිසා.

ඒ විතරක් නෙවෙයි, ඒ ඒ කාලවල කියවන හදාරන දේවල් පවා මේ වෙනසට බලපානවා. ඒ අතර සමාජ දේශපාලනික කියැවීම් විතරක් නෙමෙයි කියවන්න, නරඹන්න – විඳින්න ලැබෙන එකිනෙකට වෙනස් කවි, නවකතා, කෙටිකතා, නාට්‍ය, සිනමාව අදී වගේ හැම දේම ඒ වෙනසට එක අයුරින් බලපානවා.
එක එක කාලයට වැඩියෙන්ම දැනෙන, අපේ වචනයෙන් කියනවා නම් වැඩියෙන්ම වදින කවියෝ වෙනස් වෙනවා. ආසාම කවි වෙනස් වෙනවා. ඒ විදියේ වදින නිර්මාණ විඳිද්දී සිඳී ගිහිල්ලා වගේ තිබුණු කාව්‍ය සංවේදනා ඇවිස්සිලා කවියක් ලියන්න නිර්මාණාවේශයක් එනවා. එතකොට කවි ලියවෙනවා.
මේ පොතේ තියෙන ඇතැම් නිර්මාණ ඒ විදියට වැඩිපුරම දැනුණු කලා කෘතියකින් ආවේශය ලැබිලා නිර්මාණය වූ ඒවා කියලා කියන්න පුළුවන්.


මෙතැනදි මතුවුණු අභියෝගය තමයි, කාලීන සමාජ දේශපාලනික මාතෘකා පාදක කරගනිමින් ලියැවුණු නිර්මාණ රසිකයා අත්විඳීමේදී යම් යම් සීමාවන් පේන්න ඉඩ තියෙන එක. මොකද යම් නිර්මාණයක් ලියවෙන්නේ කාලීන තේමාවක් පාදක කරගෙන නම් අවුරුදු ගානකට පසු පොත පළවෙද්දී රසිකයාට ඒ කවියේ සැබෑ දේශපාලන අවකාශය හසුනොවන්න ඉඩ තියෙනවා. මොකද ඊට පාදක වන කාරණය සිදුවෙලා අදට බොහෝ කලක් ගිහින් නිසා. ව්‍යුහවාදීන් කියන විදියට සලකා බැලු‍වොත් කලා නිර්මාණයක් විඳින රසිකයාට කලාකරුවාගේ අත්දැකීම මොකක්ද කියන එක එතරම් වැදගත් නොවන්න පුළුවන්. නමුත් සමහර නිර්මාණ ඊට අදාළ කාලාවකාශීය සන්ධර්භයෙන් ගලවලා අරන් විඳින එක සාර්ථක නොවන්නත් පුළුවන්.

‘මගෙ කොරියානු පෙම්වති’ පොතේ වුණත් අර විදියේ කවි තියෙනවා. උදාහරණයක් විදියට ‘සාදයට ආරාධනා’ කියලා කවියක් තියෙනවා. ඒක ලියවෙන්නේ සාමාන්‍ය වැසියන් වන තමන්ගේ හිස් මතට ඇමෙරිකානුවන් ගුවනින් බෝම්බ දැමීම නිසා තම දරුවන් සහ ඥාතීන් අහිමිව වැළපෙන ලිබියානු මවුවරුන්ගේ පුවත්පත්වල පළවුණු පින්තූර දැකලා ඇතිවුණු කම්පනයෙන්. ඒ අත්දැකීම ලංකාවේ යුද්ධය හා පශ්චාත් යුද සාද පැවැත්වීමේ අත්දැකීමත් එක්ක එකට ගන්න එතැනදි මං උත්සාහ කළා. ඒ දේම අද පලස්තීනයේ පවා සිද්ධ වෙනවා. නමුත් මුල් අත්දැකීම තරමක් දුර නිසා අද ඒ කවිය කියවන බොහෝ රසිකයාට ඒක අදාළ දේශපාලන සන්ධර්භයෙන් එළියට අරන් වචනාර්ථවලින් කියවන්න සිද්ධ වෙනවා. ‘ආදරේ හඳ එළිය’ කියන කවියත් පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ එවැනිම අත්දැකීම් පාදක කරන් ලියැවුණු එකක්. ඒ වගේම මේ පොතේ තව කවියක් තියෙනවා ‘ළමයා හංසයා සහ දිය’ කියලා. ඒකට තේමාව වුණේ මහා යුද වීරයෙක් විදියට බහුතරය සැලකූ සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට ඇවිත් ඒ බහුතරය තුළම දියාරු මිනිසෙක් වීම පිළිබඳ අත්දැකීම. අද ඒ කවිය වුණත් ඒ දේශපාලන පසුබිමෙන් එපිටයි රසිකයා අත්විඳින්නේ.

තේමා කවියේ ඉඳන් මේ පොතේ තියෙන කවි අතර බහුතරය ආදර කවි. ‘මගෙ කොරියානු පෙම්වති’ මේක පෙම් කවි පොතක්ද?

ඔව්, ඒකේ නම් කිසියම් ඇත්තක් තියෙනවා. ප්‍රේමය කියන එක තරම් වෙනත් විශ්වීය සංවේදනාවක් නෑ. කවියෙක්ට විතරක් නෙවෙයි ඕනෑම ගැහැනියකට පිරිමියකුට තියෙන්න පුළුවන් කොච්චර කාලයක් ගියත් තවමත් රෑ මැදියම හිටිවනම නින්දෙන් ඇහැරවන ආදර මතක. මේ කෘතියේ බොහෝ කවි ලියැවෙන්නේ පෞද්ගලික වශයෙනුත්, තරුණයන් හැටියට සමාජමය වශයෙනුත් ප්‍රේමය, බිඳවැටීම් සහ බලාපොරොත්තු සුන්වීම් ආදී දේ තදින් අත්විඳින්න ලැබුණු කාලයක. ඒ නිසා මේ කවි අතරින් හරි අඩක් විතරම තියෙන්නේ පෙම් කවි.

ඒ වගේම සමහර ආදර කවි වගේ පේන කවි තුළ මූලික භාවමය සංවේදනාවන්ගෙන් එහාට ගිය සමාජ දේශපාලනික යටි අරුතක් මතුකරන්න මං උත්සාහ ගත්ත අවස්ථාත් තියෙනවා. උදාහරණයක් විදිහට ‘මගෙ කොරියානු පෙම්වති’ කියන කවිය ගන්න පුළු‍වන්. ඒ වගේ කවියක මතුපිට අර්ථය තුළ එකපාරට ආදර හැඟවුමක් තිබුණත් යටින් තවත් අරුතක් තියෙනවා.

අපිට මතකයි මීට වසර දහයකට විතර උඩදී රූපවාහිනිය තුළ කොරියානු ටෙලිනාට්‍ය මාලාවක් විකාශය වීම නිසා මුළු රටම ඒවාට බැඳුණා. විශේෂයෙන් ඒවායේ සිටි චරිත වන ‘චංකුමී’ ආදී නම් තිබුණු සුරූපිනියන් රටේ තරුණ තරුණියන්ගේ පරිකල්පනීය ආදර ලෝකය අත්පත් කරගත්තා. වෙන එකක් තියා මට මතකයි ඒ කාලයේ බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ටියුෂන් පන්තිවල පත්ති කාර්ඩ්වල පවා මුද්‍රණය වෙලා තිබ්බේ ඒ කොරියානු සුන්දරියන්ගේ රූප.
මොන දේ වුණත් ඒ නාට්‍ය තුළ යම් අපූර්වත්වයක් තිබුණා. කොරියානු සංස්කෘතිය ඒවා තුළ මනාව කියැවුණා.

ඒ විදියෙ අපූර්වත්වයක් පේන්න නැතත් අදත් ඒ ආපු කොරියානු ටෙලිනාට්‍ය රැල්ල තවමත් යනවා. හැබැයි අද වෙද්දී මට තේරෙන විදියට ඒවාගේ චරිත එක්ක වැඩිපුර ආශක්ත වෙලා ඉන්නේ තරුණයෝ නෙවෙයි. අද වෙද්දී කොරියානු නළුවෝ මේ රටේ නව යොවුන් තරුණියන්ගේ සිහින ලෝක අත්පත් කරගෙන ඒ වෙනුවට.

එදා රටේ තරුණ තරුණියන් රාශියක් ජීවිතේ ගොඩදාගන්න කොරියාවට ගියා. තවත් අයගේ විශාලම හීනය වුණේ කොරියාවට යන එක. අදත් එහෙමයි. ඒ විතරක් නෙවෙයි කොරියානු, ජපාන සහකාරියක් සහකරුවෙක් විවාහ කරගන්න එකත් ඒ සිහින අතර තියෙනවා. මගෙ කොරියානු පෙම්වති වගේ කවියක් ලියද්දී ඒ තුළින් ඒ සියලු‍ කාරණා කතාකරන්න මං උත්සාහ කළා.

පොතට පෙරවදනක් ලියන මහාචාර්ය ලියනගේ අමරකීර්ති පවා මතුකරන විදියට මේ පොතේ පැහැදිලිව කැපීපේන දෙයක් තමයි විවිධ ආකෘති රාශියක් භාවිත කිරීම. ඒ ගැන කතා කළොත්?

ආකෘතිය කියන එක කවියකට විතරක් නෙවෙයි ඕනෑම කලාවකට ඉතා වැදගත් දෙයක්. ආකෘතිය ඕනෑම බීමක් දාන්න පුළුවන් කුසලානයක් වගේ එකක් නෙවෙයි. ඒ වගේම ඒක තේමාවෙන් සම්පූර්ණයෙන් බාහිර දෙයකුත් නෙවෙයි. ආකෘතිවලටත් අරුත් තියෙනවා. ඒවාට දෘෂ්ටිවාදාත්මක පසුබිම් තියෙනවා. මේ ගැන බර්ටෝල් බ්‍රෙෂ්ට් වගේ නාට්‍යකරුවනුත් විශේෂයෙන් ටෙරී ඊගල්ටන් වැනි පශ්චාත් මාක්ස්වාදීනුත් සෑහෙන දුරට සාකච්ඡා කරලා තියෙනවා.

විශ්වවිද්‍යාලයේදී මගේ මූලික අධ්‍යයන විෂය වුණේ සාහිත්‍ය. ඒ නිසා විවිධ සම්භාව්‍ය හා නූතන කාව්‍ය ආකෘති ගැනත් සමීපව මගේ අවධානය යොමුවුණා.
එක එක ආකෘති ගැන වෙන වෙනම කියවද්දී කරද්දී ඒවා භාවිත කරලා නූතන අත්දැකීමක් කියන්න පුළුවන්ද කියන කාරණය මගේ හිතට එනවා. ඒ අනුව ඒවා භාවිත කරමින් විවිධ කවි ලියැවෙනවා. උදාහරණයක් විදිහට මේකේ තියෙනවා ‘එගොඩවැල්ලේ ඇන්ටනී’ කියලා කවියක්. ඒ කවිය මං ලියන්නේ සිංහල කවි කොළය ගැන ස්වයං හැදෑරීමක් කරමින් ඉද්දී. ඒකට ගන්නේ ඊට අවුරුදු දෙක තුනකට කළින් මට ලැබුණු ඇන්ටනීගේ මරණය ගැන අත්දැකීම. ඇන්ටනී කියන හලාවත ධීවර තරුණයා මැරෙන්නේ වෙඩිතියලා. රටේ ඉන්ධන මිල ඉහළ යද්දී තමන්ගේ වෘත්තිය කරන්න බෑ කියලා ලංකාවේ ධීවරයෝ උද්ඝෝෂණය කළා. ඇන්ටනී මැරුණේ ඒ උද්ඝෝෂණයට වෙඩි තැබූ වෙලාවේ. ඒ මරණය වාර්තා කරන්න එක් ජාතික පුවත්පතක් වෙනුවෙන් ගිය මාධ්‍යවේදියා මම. එදා දැනුණු සියලු‍ අත්දැකීම් සහ සංවේදනා මට පුවත්පත තුළ ලියන්න බෑ. ඒ නිසා පසුකාලීනව කවියක් ලියැවුණා. ඒ වගේ කවියකට සුදුසුම ආකෘතිය සිංහල කවිකොළ ආකෘතිය බව මට තේරුණා. පොතේ එන අනික් කවි බොහෝමයක ආකෘතිත් ඒ විදියට තෝරගත් ඒවා.

SendShareShare
Previous Post

වැඩබලන නීතිපති පාරින්ද අගවිනිසුරු ඉදිරියේ දිව්රුම් දුන් හැටි! I Sri Lanka Latest News

Next Post

අරුම පුදුම වැඩක්! ආණ්ඩුව කිව්වා අත්සන් කරපු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම අන්තර්ජාලයේ තියෙනවා කියලා! සම්පූර්ණ බොරු! කිරිබත් කපලා අත්සන් කළාට තවමත් අපිට ගිවිසුම දීලා නෑ! මුදල් කාරක සභාවට දීලත් නෑ! මෙලෝ දෙයක් දන්නේ නැතිව කොහොමද විවාද කරන්නේ? විපක්ෂය හෙට විවාදයේ ගන්න යන දැඩි තීන්දුව මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.