• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පඬු කරඳ ගහ යළි ගොඩ එයි උසාවියෙන් ආන්දෝලනාත්මක තීන්දුවක් I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ඉතාම ආන්දෝලනාත්මක නඩු තීන්දුවක් පහුගිය දවසක දෙනවා. ඒ, කතාබහට ලක්වෙච්ච ක්ලූඩියා සිලනිකා ශාකය සම්බන්ධයෙන්.(Sri Lanka Latest News)

ක්ලෝඩියා සිලනිකා එහෙම නැත්නම් පඬු කරඳ කියන්නේ රතු දත්ත පොතට එකතු වුණු, ලංකාවේ වඳවී යෑමේ තර්ජනයට මුහුණු දුන්නු ශාකයක්. ඇත්තටම ශාකයක් වඳවී යෑමේ තර්ජනයෙන් මිදෙන්නේ ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් අනු ශාඛා බිහි වුණාට පස්සේ. නැත්නම් ඒ ශාකය සැලකිය යුතු ප්‍රමාණයෙන් තවත් තැන්වල ඇති බවට හඳුනාගත්තාට පස්සේ. නමුත් මේ පඬු කරඳ ගහ ඒ විදියේ සාක්ෂි සහිත වෙනත් අනු ශාඛා සහිත බවට හඳුනාගෙන තිබෙනවාද කියන එක සම්බන්ධව ප්‍රශ්නයක් තියෙනවා.

කොහොම නමුත් මෙහි වෙච්ච වැදගත්ම සිදුවීම වන්නේ පඬු කරඳ ගහ තවත් තැන්වල තියෙනවාද නැද්ද කියන එක නෙවෙයි. පඬු කරඳ ශාකය විශාල කතාබහකට ලක්වුණා ලංකාවේ, මේ ශාකය ඉතා වටිනා එකක් බවත් කියැවුණා. මේ ශාකය ඉවත් නොකළ යුතු බවත්, එය ආරක්ෂා කළ යුතු බවත් කියැවුණා. අවසාන වශයෙන් පඬු කරඳ ගහ භික්ෂුන්වහන්සේලා ගිහින් මහණ කළා. පඬු කරඳ ගහ ශාසනයට පූජා වූ බවට කතන්දර කියැවුණා. පඬු කරඳ ගහ වෙනුවෙන් වන සංරක්ෂණ නිලධාරීන් දැඩි සේ සටන් කළා. මේ විදියට පඬු කරඳ ගහ එක්තරා යුගයක ආරක්ෂා වුණා.

මධ්‍යම අධිවේගී මාර්ගය වැටී තිබුණේ මේ පඬු කරඳ ගහ හරහා. එහි ඉදිකිරීම් නතර වුණා. එහි ඉදිකිරීම් වෙනස් වුණා, සහ වෙනස් හැඩයක් ගත්තා මේ පඬු කරඳ ගහ නිසා. ඇත්තටම පඬු කරඳ ගහ ආරක්ෂා වෙලා මේ මාර්ගය නිර්මාණය වෙන විදියට තමයි මේ වෙනකොට මූලික සැකැස්ම පවා සකස් වෙලා තියෙන්නේ. හැබැයි ඒ සියල්ලම ඒ විදියට තියෙන කොට හදිසියේම පැමිණි පිරිසක් විසින් පඬු කරඳ ගහ අතුරුදන් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනවා. ඒක ඉතා පහත් නිර්ලජ්ජිත සහ ඉතා අමනෝඥ ක්‍රියාවක් බව තමයි අපි දිගින් දිගටම ලිව්වේ.

ඒකට හේතුව යම් කිසි කර්තව්‍යයක් රටක සිදුවෙනවා නම්, ඒවා සිද්ධ කළ යුතු ක්‍රමවේද තියෙනවා. රටේ පාලකයන් විසින් හොරු වගේ දේවල් කරලා හරියන්නේ නෑ. දෙයක් කරනකොට ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි. ඒ ගහ ඉවත් කළ යුතු නම්, ඒ ගහ ඉවත් කළ යුතු බවට ඔවුන් නිල වශයෙන් නිවේදනය කරලා, නිල වශයෙන් ඒ දේ කළා නම් එහි තියෙන විරෝධය සහ අප්‍රසාදය කෙසේ වෙතත් නීතිමය පැත්තෙන් ගැටලුවක් ඇතිවෙන්නේ නෑ. නමුත් දැන් තියෙන ප්‍රශ්නය වෙන්නේ මේ පඬු කරඳ ගහ හොරෙන් ඇවිල්ලා කපලා, හොරෙන් ඇවිල්ලා අයින් කරලා දාලා, හොරෙන් අතුරුදන් කරලා මොනවද මේ කරන සෙල්ලම්?

රටක ගරිල්ලා පාලනයක් නොවෙයි නම් තියෙන්නේ, ඒ පාලකයන්ට බැහැ මිනිස්සුන්ට විරුද්ධව හොර රහසේ රෑ ඇවිල්ලා අතුරුදන් කරවීමක් කරන්න. ඉදිරියේදී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන්නෙත් මේ විදියට කියලා මිනිස්සුන්ට සාධාරණ බයක් තියෙනවා. මොකද හේතුව, හදිසියේම ආපු පිරිසක් විසින් මේ ගහ අතුරුදන් කරනවා. ගහ කපලා, ගහ පැය කිහිපයක් ඇතුළත ගලවලා දානවා. මේවා හරිම පහත් සහ ලැජ්ජාසහගත ක්‍රියාකාරකම්. ඒ ක්‍රියාකාරකම සම්බන්ධව අධිකරණයට යනවා එක්තරා පිරිසක්. අධිකරණයට ගිහාට පස්සේ අධිකරණය විසින් ආන්දෝලනාත්මක තීන්දුවක් ලබාදෙනවා.

ඇත්තටම අපි ගරු අධිකරණයට හිස නමා ආචාර කරනවා. බලන කෙනකුට සමහර විට පේන්න පුළුවන් මේක එතරම් ප්‍රායෝගික තීන්දුවක් නෙවෙයි කියලා. ඔව්, මේක ඇත්තටම ප්‍රායෝගික තීන්දුවක් නෙවෙයි. මේක යළි පණ දෙන්න පුළුවන් ගහක් නෙවෙයි. ඒ ගහ ආයෙත් ජීවත් කරවන්න බෑ. කපලා විනාශ කරපු ගහක් හිටවලා ආයෙ ඒකෙන් දලු දාන්නේ නැති වුණාට, මේ වගේ වැඩ ආයෙත් නොකරන්න මේ තීන්දුව ඉතාම හොඳයි කියලා අපට හිතෙනවා. ඒකට හේතුව අද වෙද්දී මේ ගහ කපලා ඉවත් කරපු තැන, ගහ කපලා වළලපු තැනට ආරක්ෂාව යොදවලා තියෙනවා. දැන් ගහ ගොඩගන්න අවශ්‍යයි. ගහ ගොඩ අරගෙන, එය නිශ්චිතවම ඒ ශාකයමද කියලා හඳුනාගත යුතුයි. එහෙම හඳුනාගෙන ඒ ශාකය සංරක්ෂණය කිරීමට කටයුතු කළ යුතුයි.

දැන් මේකෙ අධිකරණමය ක්‍රියාදාමය අධිකරණය විසින් සිදුකරලා ඉවරයි. ඒ සඳහා අපේ ගෞරවය අපි පුදකරනවා. එතැනින් එහාට මෙවැනි ක්‍රියා රට ඇතුළේ සිද්ධ නොවීමට අවශ්‍ය පියවර ගත යුතුමයි. මොකද අපි දන්නවා වරදකදී වරද නිවැරැදි කිරීම වගේම වැරැදිකරුවාට දඬුවම් දීමත් සිදුවිය යුතුයි. වැරැදිකරුවාට දඬුවම් දීම තමයි පූර්වාදර්ශයක් විය යුත්තේ. එතකොට තමයි යළි එවැනි වැරැදි නොවෙන්නේ. මේ විදියේ වැරැද්දක් කෙනෙක් සිදුකළොත් ඒ සඳහා ලබාදෙන දඬුවම, ඒ කරපු වැරැද්ද හොයලා, ඒ වැරැද්ද නිවැරැදි කිරීම නම්, ඒක කරන්න මිනිස්සු බය වෙන්නේ නෑනේ.

ඒක නිසා අපි ආයෙත් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා ඔබට හිස නමා ආචාර කරන ගමන්ම, හැකි ඉක්මනින් මේ වැරැදිකරුවන් හොයන්න කියලා. වැරැදිකරුවාය කියන තැනින් අපි උපකල්පනය කරන්නේ ගහ කපපු මිනිහා නෙවෙයි. ගහ කපන්න ඩෝසර් එක ගෙනාපු මනුස්සයා නෙවෙයි. ගහ කපන්න කොන්ත්‍රාත් එකක් කවුරු හරි දුන්නාම, ඒ මනුස්සයා කීයක් හරි අරගෙන ගහ කපලා දාන්න ඇති. ඒ මනුස්සයාගේ වෘත්තිය ගස් කපන එක. කවුරු හරි ගහ ගැළෙව්වා නම්, ඒක ගළවන්න ඇත්තේ ඉහළින් ආපු අණකට. ඇත්තටම ඒ මනුස්සයගේ හෘදය සාක්ෂියේ තිබුණේ මොකක්ද කියන එක දන්නේ ඒ මනුස්සයා.

සමහර විට ඒ මනුස්සයා මේ ගහ කපනවට විරුද්ධ ඇති. ගහ කපනවට අකැමැති ඇති. ගහ නොකැපිය යුතු බව ඔහු හිතනවා ඇති. ඒ සියල්ල වෙනම කතන්දර. හැබැයි මේ ගහ කපලා ඉවත් කිරීම සිද්ධ කරන්න කවුද අණ දුන්නේ. කවුද මේ ක්‍රමවේදය හැදුවේ? කවුද මේ හොර රහසේ ඇවිල්ලා මේ ගහ කපමුය කියන එක සම්බන්ධයෙන් යෝජනාව ඉදිරිපත් කළේ? මේකට අවසර දුන්නේ කවුද? මොකද අපි දැක්කා ඒ ස්ථානයේ හිටපු කිහිප දෙනෙක් කියනවා චීන ජාතිකයන් ඇවිල්ලා මේක ෆොටෝ ගත්තා, විශාල යන්ත්‍ර සූත්‍ර කිහිපයක් එතැනට ආවා, ඒ යන්ත්‍රවලින් ගහේ අතු කැපුවා. ඊට පස්සේ තවත් යන්ත්‍රයක් ඇවිල්ලා එක පාරටම ගහ ගැළෙව්වාය කියලා.

අපි සාමාන්‍යයෙන් දන්න දේ තමයි ගමේ කොල්ලො කුරුට්ටන්ට මේ වගේ වැඩ කරන්න මෙච්චර විශාල උපකරණ නෑ. ඒ වගේම මේක විශාල ව්‍යාපෘතියක එක්තරා කොටසක්. මේ ව්‍යාපෘතිය දියත් කළේ කවුරුත් නොදැන වෙන්න බෑ. විශේෂයෙන්ම පාලකයන් නොදැන වෙන්න බෑ. මේකට අවසරයක් නැතුව චීන ජාතිකයෝ ඇවිත් ෆොටෝ ගන්නේ නෑ. චීන්නුන්ට අවශ්‍ය විදියට ලංකාවේ ගස් කපන්නෙ නෑ කියන එක අපට සම්පූර්ණ විශ්වාසයි.

ඒගොල්ලෝ නැති ප්‍රශ්න ඇතිකරගන්න කැමැති වෙන්නේ නෑ. එහෙම නම් මේක දැනගෙන කරපු වැඩක් මිසක්, නොදැන කරපු වැඩක් නෙවෙයි. දැන කරපු දේකට දඬුවමක් වශයෙන් ගහ ගොඩගන්න එක හොඳයි. ගහ ගොඩගෙන ගහ සම්බන්ධයෙන් ලබාගත යුතු පියවර ගන්න එක හොඳයි. ඒක සංරක්ෂණය කරන එක හොඳයි. ඒ සියල්ලම හොඳයි. හැබැයි මේ ගහ කියන්නේ සංකේතාත්මක කර්තව්‍යයක් බව ලෝකයට ඉදිරිපත් කළ යුතු තර්කයක් තියෙනවා. මොකද පඬු කරඳ ගහ කියන්නේ සංකේතයක්. පඬු කරඳ ගහ වගේම තවත් මෙවැනි ගස් රාශියක් අපේ රටේ විනාශ වෙමින් යනවා.

මෙවැනි ගහ කොළ වැල් මල් සතා සිවුපාවෝ විශාල ප්‍රමාණයක් මේ වෙද්දී විනාශ වෙමින් යනවා. බොහෝ දෙනෙක් තමන්ට අවශ්‍ය විදියට මේවා කපලා කොටලා විනාශ කරලා දානවා එක පැත්තකින්. අනෙක් පැත්තෙන් අපේ රටේ පාලකයෝ පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන හෝ වනාන්තරයක තියෙන සුන්දරම දේවල් හෝ ඒ තැන්වලින් ඉවත් කරලා ගෙදර ගෙනල්ලා තියාගන්නවා. නැත්නම් පිටස්තරයකුට කෝටි ගානකට විකුණනවා.

මේ දෙකම අපේ රටේ සිදුවෙන බව අපි වටින් ගොඩින් ආරංචි වෙලා දන්නවා. එහෙම දේවල් නොවෙන්න මේ කටයුත්තේ දී නිසි ලෙස දඬුවම් කළ යුතුයි කියලා අපි ඉතා ගෞරවයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. පුළුවන් නම් ඒ කටයුත්තටත් ඉදිරියේදී පියවර ගත්තා නම් මේ ගහ සංරක්ෂණය කළා වගේම, ඉතා වටිනා කර්තව්‍යයක් බවට පත්වේවි, අදට නෙවෙයි හෙටට. මේ තීරණාත්ම පඬු කරඳ ගස ගොඩගන්නා ලෙස ඉල්ලමින් පුරාවස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති පූජ්‍ය උඩස්ගිරිය සමිත හිමි විසින් ගම්පහ අධිකරණයට මෝසමක් මගින් දැනුම්දී තිබුණා.

ඒ අනුව, පහුගිය 24 වැනිදා අතිරේක මහෙස්ත්‍රාත් ෆාතිමා හසානා මහත්මිය මෙම මස 28 වැනි දින පඬු කරඳ ගසේ මුල නැවත ගොඩගැනීමට කටයුතු සිදුකරන ලෙස අඩවි වන නිලධාරීන්ට නියෝග කරලා තියෙන්නෙ. ඉන් අනතුරුව උද්භිද උද්‍යානයේ ඊට අදාළ නිලධාරියකු ගෙන්වා පර්යේෂණයක් කර ගස හඳුනාගැනීමෙන් පසු, සංරක්ෂණය සඳහා සුදුසු ස්ථානයකට යවන ලෙසත් නියෝග කරලා තියෙන්නෙ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ඉන්දුනීසියාවේදී මියගිය කෝටිපති ඔනේෂ්ගේ දේහය මාස 7කට පසු දිවයිනට රැගෙන එයි! Sri Lanka Latest News

Next Post

කන්කසන්තුරේ සිමෙන්ති ෆැක්ටරියෙන් මාස දෙකට කෝටි 12ක යකඩ හොරු ගලවගෙන ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.