ඉන්දුනීසියාවේ දී මියගිය ශ්‍රී ලාංකික කෝටිපති ව්‍යාපාරික 41 හැවිරිදි ඔනේෂ් සුබසිංහ මහතාගේ මළ සිරුර මාස 08කට පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබෙනවා. (Sri Lanka Latest News)
මෙම ව්‍යාපාරිකයා පසුගිය ජනවාරි මස 17 වනදා තමාගේ අවුරුදු 04 ක් වයසැති දියණිය, බ්‍රසීල ජාතික බිරිඳ සහ ඇයගේ මිතුරෙකු සමග ඉන්දුනීසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් සිටියදීයි මියගොස් තිබුණේ.
මෙම ව්‍යාපාරිකයා සංචාරයේ නිරත වූ දින සිට සෑම දිනකම ශ්‍රී ලංකාවේ සිටින තම සහෝදරිය වෙත දුරකථන ඇමතුම් ලබා දීම සිදු කර තිබෙනවා.
එහෙත් ජනවාරි 31 වනදා සිට දුරකථන ඇමතුම් නොලැබීම හේතුවෙන් ඇය තම සහෝදරයා නතර වී සිටි හෝටලය වෙත දුරකථන ඇමතුමක් ලබා දී මෙම ව්‍යාපාරිකයා පිළිබඳව සොයා බලන ලෙසටයි දැනුම් දී ඇත්තේ.
ඒ අනුව ක්‍රියාත්මක වූ හෝටල් සේවකයින් ඔවුන් නතරවී සිටි කාමරය තුළ මියගොස් සිටි මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගෙන තිබුණා.
එම මළ සිරුව මාස 07ක පමණ කාළයකට පසුව පෙරේදා (01) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 365 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබෙනවා.
මළ සිරුර මේ වන විට මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.
dasathalankanews










