• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මගේ දරුවා දේව විමානයට රැගෙන ගියා අනේ දෙවියනේ අනුරාධපුර පූජාවට ගියේ මේ වගේ විපතක් කරගන්නද?

October 9, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
මගේ දරුවා දේව විමානයට රැගෙන ගියා අනේ දෙවියනේ අනුරාධපුර පූජාවට ගියේ මේ වගේ විපතක් කරගන්නද?
Share on WhatsAppShare on Facebook

කොල්ලකරුවන් පිරිසක් සහ පොලිසිය අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් බස් රථයක ගමන් කරමින් සිටි තරුණියක් මියගිය පුවත වාර්තා වුණේ පසුගිය සතියේදීයි.

‘මගේ දරුවා දේව විමානයට රැගෙන ගියා. අනේ දෙවියනේ අනුරාධපුරේ පූජාවට ගියේ මේ වගේ විපතක් කරගන්නද? මට කෝල් කරලා කිව්වේ අම්මේ මම සඳුදා එනවා. අම්මලා පරිස්සමෙන් ඉන්න කියලා… අනේ මගේ රත්තරන් දුව අයියලත් එක්ක අනුරාධපුරේ ගිහින් සඳුදාට එනවා කියලා මට කෝල් කළා. ඒත් එයා මෙහෙම එයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ…’

හැඬූ කඳුළින් ඉරේෂාගේ මව පවසා තිබුණේ එලෙසයි.

මේ මවගේ විලාපය නිසා හබුරුගල ප්‍රදේශයම කම්පනයට පත්වී ඇත. ඉරේෂාගේ ජීවිතයේ දහසක් බලාපොරොත්තු සිහින තිබෙන්නට ඇති. ඒ සිහින නිසාම තමයි ඇය සිතන්නට ඇති අනුරාධපුර ගිහින් ඥානා මෑණියන්ගේ දේවාලයේ පූජාවක් තිබ්බාම කැනඩා ගමන ඉක්මන් වෙයි කියලා. ඇය කැනඩාවට යන්න තීරණය කර තිබුණේ එහි ගොස් රැකියාවක් කර ලස්සන ගෙයක් හදලා අම්මා තාත්තාට සැපවත් ජීවිතයක් ළඟාකරදී නිදහසේ ජීවත්වෙන්න හිතාගෙනයි. ඒ බව ඇය තම මවට පවසා තිබුණා. නමුත් මේ සියල්ලටම කලියෙන් ඇගේ දෛවය හරස් වුණා. ඇයට අකාරුණික ලෙස ජීවිතය හැර යන්නට සිදුවුණා. පසුගිය දෙවැනිදා මෙම අවසානාවන්ත සිදුවීම සිදුවුණේ කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ ගම්පහ දංඕවිට ප්‍රදේශයේදීයි. අලුයම 3ට පමණ කොල්ලකරුවන් මත්පැන් අලෙවි සලක් කොල්ල කමින් සිටියදී නිට්ටඹුව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තිබුණා. එම අවස්ථාවේ කොල්ලකරුවන් මැඬලීමට පොලිසිය වෙඩිපහර කිහිපයක් තබා ඇති අතර, එලෙස තැබූ එක් වෙඩිපහරක් අසල මාර්ගයේ ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක සිටි ඉරේෂාට වැදී තිබුණා.

පොලිසියේ වෙඩි ප්‍රහාරයට ලක්වූ කොල්ලකරුවන් දෙදෙනකු රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් තවත් කොල්ලකෑම් කිහිපයක් සිදුකර මේ සුරාසල කොල්ලකෑමට පැමිණ ඇති බවයි පොලිසිය පවසා තිබුණේ.

අදාළ සිදුවීම පිළිබඳ දංඕවිට මත්පැන් අලෙවිසල අසල පදිංචිකාරියක් මෙලෙස අදහස් දැක්වූවා.
‘ජනේලයෙන් බලනකොට මට කතාකරන සද්දයක් ඇහුණා. ඒ නිසා තමයි පොලිසියට දැනුම් දුන්නේ. විනාඩි ගණනකින් පොලිසිය ආවා. ඊට පස්සේ තමයි වෙඩි සද්දය ඇහුණේ…’

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මෙම සිදුවීම පිළිබඳ මෙලෙස අදහස් දක්වා තිබුණා.
‘පොලිස් නිලධාරින් දුටු විගසම ඔවුන් තර්ජනයක් සිදුකර තිබෙනවා. ඒ අවස්ථාවේ ඔවුන්ගේ අතේ ගිනි අවියක් තිබී තිබෙනවා. තර්ජනය කරමින්ම ඔවුන් පලායමින් තිබුණා. මේ අවස්ථාවේ තමයි වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ. ඒ අවස්ථාවේ එල්ල කළ උණ්ඩයක් වැදුණු බවටයි සැක කරන්නේ…’

වෙඩි වැදුණු ඉරේෂා වතුපිටිවල රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතය හැරගොස් තිබුණා. මෙලෙස මියගොස් තිබුණේ බෙන්තොට හබුරුගල වන්නිගහවත්තේ පදිංචි 29 හැවිරිදි ඉරේෂා ශ්‍යාමලි නමැති තරුණියක්. සහෝදරයකු සහ සහෝදරියකගෙන් යුතු පවුලේ බාලයා වූ ඉරේෂා පාසල් අධ්‍යාපනය ලැබුවේ හබුරුගල ඇලකාක මහා විද්‍යාලයෙනි. දක්ෂ ලෙස උසස් පෙළ සමත් වුවත් ඇයට සරසවි වරම් හිමි වුණේ නැහැ. අධෛර්යවත් නොවූ ඇය බෙන්තොට සමුපකාර සමිතියට අයත් මහගොඩ බැංකු ශාඛාවේද කලක් සේවය කළා. පසුව සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාර කළමනාකරණ පාඨමාලාවක් හදාරා ශාස්ත්‍රපති උපාධියක්ද ලබාගත්තේ පෞද්ගලික ආයතනයකිනි. ඒ, කැනඩාවට යෑමට ඈ තුළ තිබූ බලවත් ආශාව නිසයි. එසේම ඉරේෂා සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවකද නිරතව සිට ඇති අතර, පසුගියදා ඇය ඉන් ඉවත්ව තිබුණේ ඇගේ මිතුරියකගේ ආරාධනාව අනුව කැනඩාවට යාම සඳහා වීසා ලැබී තිබීම හේතුවෙනුයි.

ඉරේෂාගේ වැඩිමහල් සොහොයුරා වන ප්‍රසාද් කුමාර වතුපිටිවල රෝහලේදි පසුගිය 03 වැනිදා සාක්ෂි දෙමින් මෙලෙස ප්‍රකාශ කළා.

‘අපි පදිංචි වෙලා ඉන්නේ කිරිබත්ගොඩ. පසුගිය දෙවැනිදා නංගියි මමයි බිරිඳයි අනුරාධපුරේ ගියා. අපි ජයශ්‍රී මහා බෝධිය වැඳලා ඥානා මෑණියන්ගේ දේවාලයටත් ගියා. දේවාලෙට ගිහින් සෙත් පතලා පූජාවක් තිබ්බා. සවස් වෙලා තමයි අනුරාධපුරයෙන් කොළඹ බලා එන්න පිටත් වුණේ. ගමන් මහන්සිය නිසා අපට නින්ද ගිහිල්ලයි තිබුණේ. බස් එකේ අපි හිටියේ ඉස්සරහ සීට්වල. බස් එකේ වැඩිය සෙනඟ හිටියේ නැති නිසා නංගි පිටිපස්සේ සීට් එකේ දකුණු පැත්තේ ඉඳගත්තා. වරකාපොල පසුකරලා ටික දුරයි එන්න හම්බවුණේ. වෙඩි සද්දයක් වගේ ශබ්දයක් ඇහුණා. බස් එක නවතින්නේ නැතුව දිගටම ආවා. ටික දුරක් යනකොට මං නංගි ඉන්න දිහා බැලුවා. මම එයාගේ ඔළුවෙන් නහයෙන් ලේ ගලනවා දැක්කා. නංගිට සිහිය තිබුණේ නැහැ. අපි කෑගහලා බස් එක නැවැත්තුවා. නිට්ටඹුව පොලිසිය මැදිහත් වෙලා නංගිව රෝහලට අරන් ගියා. පස්සේ අපට දැනගන්න ලැබුණා නංගි නැතිවෙලා කියලා…’

මිට ටීක දිනකට පෙර ඉරේෂාගේ මව ඇගේ හඳහන දෛවඥයෙක් ලවා බලවද්දී ඇයට තදබල අපලයක් ඇතැයි පවසා තිබුණා. මේ නිසා ඉරේෂාගේ පවුලේ අය පසුවුණේ මහත් බියකිනි. මේ නිසාම ඇයට විවිධ සෙත් ශාන්ති, බෝධි පූජා තියන්න වුණා. මේ බව ඉරේෂාගේ මව ඇගේ වැඩිමහල් සොහොයුරාටද පවසා තිබුණා. සොහොයුරා පවසා තිබුණේ ‘අම්මේ නංගිට අපල නිසා අපි අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියත් වැඳලා ඥානා මෑණියන්ට කියලා සෙත් පුජාවක් තියලා එන්නම්. නංගිව අපේ ගෙදර එවන්න, අපි එක්කගෙන යන්නම්’ යනුවෙන්. මේ නිසා තමයි ඉරේෂාගේ මව අනුරාධපුර බලා යෑම සඳහා ඉරේෂාව තම වැඩිමහල් පුතුගේ නිවෙසට එවා තිබුණේ.
අසල්වාසීන් ඉරේෂා ගැන පැවසුවේ ඇය පාරේ සතෙක් තුවාල වී සිටිනවා දැක්කොත් ෆාමසියට ගිහින් බෙහෙත් පවා ගෙනත් සතාව සුවකරන උණුවන හදවතක් තිබූ තරුණියක බවයි.

ඉරේෂාගේ වැඩිමහල් සොහොයුරිය වන ඉමාලි රසිකා සිය නැගණියගේ වියෝව පිළිබඳ පැවසුවේ මෙවැන්නකි.

‘නංගි හිටියේ බෙන්තර අපේ මහගෙදර අම්මා තාත්තා එක්කයි. නංගි සති දෙකකට ඉස්සෙල්ලයි අයියලාගේ ගෙදර ගියේ. ඒ, බාරයක් ඔප්පු කරන්න අනුරාධපුරේ යන්න. ඒත් එදා අනුරාධපුරේ ගමන යන්න බැරිවෙලා කල්දාගෙන තිබුණා. ආපසු ඒ දාගත්තු ගමන තමයි පසුගිය දෙවැනිදා ගිහින් තිබුණේ. එදා රෑ 12ට තමයි අයියලා ගලෙන්බිඳුණුවැව බස් එකක කොළඹ බලා එන්න පිටත් වෙලා තියෙන්නේ. දංඕවිට හරියෙන් එනකොට අයියාගේ වයිෆ්ට සද්දයක් ඇහිලා තියෙනවා. එයා හිතලා තියෙන්නේ රතිඤ්ඤා සද්දයක් වෙන්න ඇති කියලයි. නංගි ඉඳලා තියෙන්නේ නින්දේ. අක්කාගේ ඇඟේ ඒ වෙලාවේ වීදුරු කුඩු තැවරිලා තිබිලා තියෙනවා. ඒ කුඩු නංගිගේ ඇඟෙත් තිබිලා තියෙනවා. නංගි දිහා බලනකොට එයාගේ නහයෙන් ලේ ඇවිත් තියෙනවා. එතකොටයි දැනගෙන තියෙන්නේ වෙඩි වැදිලා කියලා. නංගි මෙහෙම ගෙදර එයි කියලා අපි හීනෙකින්වත් හිතුවේ නැහැ…’

ඉරේෂාගේ මව මෙසේද පවසා තිබුණා.

‘අනේ මගේ දුව කිව්වේ අම්මේ මම කැනඩා ගිහින් ආවාට පස්සේ ඉඩම් ප්‍රශ්න ඉවර කරගෙන අපේ ගේ ලස්සනට හදමු, මට ඔය ආණ්ඩුවේ රස්සාවල් කරලා නිකම් පඩිගන්න බැහැ කියලා. දුව නිතරම කිව්වේ අපේ වත්ත මැදින් වැටී ඇති පාර ඉක්මනින් අයින් කරගන්න ඕනේ කියලා. අම්මේ තාත්තාටත් කියන්න ඔය කුඹුර මත්තේ නැහෙන්න ඕනෙ නැහැ අපි කඩෙන් හාල් ගෙනත් කමු කියලයි. අම්මේ තාත්තටත් දැන් වයසයිනේ ඔහොම මහන්සි වෙන්න පුළුවන්ද කියලා දුව නිතරම මට කිව්වා…’

ඇගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය වතුපිටිවල රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා සිදුකළ අතර නිට්ටඹුව පොලිසිය සාක්ෂි විමසා සිටියා. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගිය පස්වැනිදා සිදුකරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම සිදුවීමට අදාළ කොල්ලකෑම පිළිබඳවද මේ වන විට තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා. මේ අපරාධ කල්ලිය මෙහෙයවා ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි සම්පත් නැමැති අපරාධකරුවකු බවයි එහිදී අනාවරණ වී ඇත්තේ. මේ කල්ලියේ ප්‍රධාන සැකකරු වූයේ ඔහුය. මොවුන් පසුගිය දෙවැනිදා මත්පැන් අලෙවිසල අසල සැකකටයුතු ලෙස ගැවසී ඇත්තේ වෑන් රථය කොළඹ – නුවර ප්‍රධාන මාර්ගය අසල නවතා තබමිනි. සුරාසල පිහිටා තිබෙන්නේ නිට්ටඹුව පොලිසියේ සිට මීටර් 250ක් දුරිනි. පොලිසියට ලද තොරතුරකට අනුවයි නිට්ටඹුව පොලිස් ස්ථානාධිපතිවරයා ජංගම මුර සංචාරයේ නිරත නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට යොමු කරන්නට කටයුතු කර තිබුණේ. ඒ අවස්ථාවේදී සුරාසල කොල්ලකමින් සිටි සැකකරුවන් පොලිසිය දැක වෑන් රියෙන් පලාගොස් ඇති අතර, කොල්ලකරුවන් පසුපස පොලිසිය ලුහුබඳින්ට විය. එම අවස්ථාවේ පොලිසිය වෑන් රියට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකර තිබුණා. ඉන් එක් වෙඩි ප්‍රහාරයක් ඒ අසලින් ගමන්ගත් ලංගම බස්රියට වැදී තිබුණු බවයි වාර්තා වුණේ.

පොලිස් නිලධාරීන්ගේ අපරීක්ෂාකාරී බව නිසා මෙම මරණය සිදුවූ බවයි බොහෝ දෙනකුගේ අදහස. ලෝකේ වෙනත් රටක මෙවැනි සිදුවීමක් සිදුවූවා නම් විශාල වන්දියක් ගෙවීමට සිදුවනවා.
වෙඩි උණ්ඩවලට හිත්පිත් නැහැ. ඒත් අවි දරා සිටින්නන්ට හිතක් පපුවක් තිබිය යුතුයි. මොවුන් සානුකම්පිතව සිතිය යුතු නොවේද? මෙවැනි අපරීක්ෂාකාරී ලෙස තබන වෙඩි උණ්ඩ මහමඟ ගමන් කරන මගීන් බිලිගන්නවා නම් ඔවුන්ට කාගේ සරණක්ද?

මේ අපරීක්ෂාකාරී පොලිස් නිලධාරීන්ට නිසි පුහුණුවක් ලබානොදුන්නේ ඇයි? එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය. ඉරේෂාගේ සිහින බොඳවී අවසන්ය. පොලිස් වෙඩි පහරට බිලිවූ ඇගේ ජීවිතය වෙනුවෙන් වගකිව යුත්තන් සාධාරණයක් ඉෂ්ට කළ යුතු නොවේද?

පොලිස් නිලධාරියකු ලෙස පුහුණු වන අවස්ථාවේ ඉලක්කයට වෙඩි තබන්න නිසි පුහුණුවක් ලබාදුන්නා නම් මෙවැනි අහිංසකයන්ට ජීවිතවලින් වන්දි ගෙවන්නට සිදුවන්නේ නැහැ. එසේ නම් ඇය අදටත් ජීවතුන් අතරයි. ඇය නැති අඩුව දැනෙන්නේ අන් කිසිවකුට නොව ඇගේ පවුලේ අයට පමණයි. දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතින ආර්ථික ප්‍රශ්න නිසා රටේ සෑම ප්‍රදේශයකම මංකොල්ලකෑම් සහ අපරාධ ගැන නිතරම අසන්නට දකින්නට ලැබෙනවා. රට යන්නේ කොයිබටද කියලා හිතාගන්නට බැහැ. ගෙදරින් ආරක්ෂිතව පිටවෙලා ගියත් නැවත ගෙදරට එන්න නොහැකි තත්ත්වයක් රටේ උදාවෙලා. හැමෝම පරිස්සමෙන් ජීවත් වෙන්න කියලයි නැවත නැවතත් ඉල්ලා සිටින්නේ. සෑම කෙනකුගේම අනාරක්ෂිත බව වැඩිවෙලා.

ජීවිතය කියන්නේ හරිම අවිනිශ්චිත දෙයක්. කොච්චර ආරක්ෂිතව සිටියත් කොච්චර ආරක්ෂිතව ගමන් ගත්තත් අපේ ජීවිත ආරක්ෂිත නැහැ. එක තත්පරයක් ඇති ජීවිතයම වෙනස් කරන්න. ජීවිතයක් නැති වෙන්නේ නොසිතූ, නොපැතූ අයුරින්. අප සියලු දෙනාද කවදා හෝ ජීවිතය හැරයා යුතුයි. ඉරේෂා සොහොයුරිය ඔබට නිවන් සුව ලැබේවා. යළි උපදින කිසිදු භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා…



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ගාලුමුවදොර අරගලකරුවන්ගෙන් පිරී යයි! පොලිසිය-කැරලි මර්දන ඒකක මැද්දට කඩා වදී! අරගලකරුවන් එළවා දමයි! ‌තත්ත්වය උණුසුම් වෙයි! (VIDEO)

Next Post

ආණ්ඩුවේ ගේම්වලට යටවෙන්න එපා! වහාම ජන්දය තියන්න! තරුණ නීතීඥ බලවේගය මැතිවරණ කොමිසමට යයි! (PHOTOS)

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.