• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2024දී ලෝකෙට වෙන දේ ගැන නොස්ත්‍රදාමුස් පැවසූ භයානක අනාවැකි I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනාගතය ගැන අනාවැකි පැවැසූ අතීතයේ විසූ පුද්ගලයන් අතරින් නොත්‍රදාමුස්ට හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඔහු අනාගතය ගැන පැවැසූ අනාවැකි අතරින් බොහොමයක් ඒ ආකාරයෙන්ම සත්‍ය වී තිබෙනවා. එම නිසා 2024 මේ වසර ගැන ඔහු පවසා ඇත්තේ මොනවාද යන්න සොයාබැලීම වැදගත් වෙනවා. එම අනාවැකි මොනවාද? ඒවා සත්‍ය විය හැකිද? මේ ලිපියෙන් සොයා බැලෙන්නේ ඒ ගැනයි.(Sri Lanka Latest News)

  1. තුන්වැනි ලෝක යුද්ධයක්

2024 වර්ෂයේදී මාස 07ක් පුරා මිනිසා දරුණු ලෝක යුද්ධයක් සිදුකරන බවට නොත්‍රදාමුස් අනාවැකි පළකර තිබෙනවා. තුන්වැනි ලෝක යුද්ධය කෙසේ ඇතිවේද යන්න පිළිබඳ විවිධ මත පවතී. ඇතැමුන් පවසන්නේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය දිගටම ක්‍රියාත්මක වීමෙන් අවසානයේදී ලෝක යුද්ධයක් ඇතිවිය හැකි බවයි. ඒ වගේම ඇතැමුන් විශ්වාස කරන ආකාරයට චීනය සහ තායිවානය අතර වූ දේශපාලන ගැටුම ලෝක යුද්ධයක් දක්වා වර්ධය විය හැකි බවයි.

නමුත් නොත්‍රදාමුස්ගේ අනාවැකියට අනුව ඇමෙරිකාව, රුසියාව සහ චීනය ඇතුළු ලෝක බලවතුන් විසින් නව ලෝක යුද්ධයක් ඇතිකරනවා. 2024 වර්ෂයේ උදාවෙනවාත් සමගම ලෝකයට විනාශය ගෙන එනු ලබන ඇන්ටිග්‍රයිස්ට් විසින් ලෝක බලවතුන් තුන්දෙනා ලෝකය යුද්ධයකට පටලවන අතර ඔහු විසින් ආරම්භ කරන එම යුද්ධය වසර 27ක් පුරා පවතිනු ඇති බව වැඩිදුරටත් පවසා තිබෙනවා.

ඔහුව විශ්වාස නොකරන්නවනුන්ගේ ජීවිත උදුරාගන්නා අතර, ජීවග්‍රහයෙන් අල්ලා ගන්නාවුන් පිටුවහල් කිරීමට කටයුතු කරන බවද ඔහුගේ අනාවැකියේ වැඩිදුරටත් සඳහන්. එම යුද්ධය නිසා බලන සෑම අතකම ප්‍රාණය නිරුද්ධ සිරුරු විසිරී තිබෙන අයුරු දැකගන්නට ලැබෙන බව නොත්‍රදාමුස්ගේ එම අනාවැකියේ වැඩිදුරටත් විස්තර වෙනවා.

එපමණක් නොවෙයි, එම යුද්ධය හටගන්නට හේතුවන සිදුවීම ගැනත් ඔහු සඳහන් කර තිබෙනවා. එනම්, ගුවන් යානයක් හෝ සබ්මැරීනයක් පාදක කරගෙන ලෝක බලවතුන් අතර ඇතිවන ආරවුලක් දුරදිග යෑමෙන්. පේන විදියට 2024 වර්ෂය එතරම් සුබදායක එකක් නොවෙයි.

  1. චීනය ලෝකය පාලනය කරාවි

පසුගිය දශක කිහිපය පුරා චීනය තම ආර්ථික ශක්තිය සහ යුදමය ශක්තිය පුළුල් කරගැනීමට කටයුතු කළා. නොත්‍රදාමුස්ගේ අනාවැකියට අනුව චීනය එය නොනවත්වා සිදුකරගෙන යනවා. තාක්ෂණයට ස්තුතිවන්ත වෙන්න ලෝකයම අද එකම ගම්මානයක් බවට පත්ව තිබෙන නිසා චීනය ආර්ථිකමය සහ සංස්කෘතිකමය බලපෑම ලොව පුරාම පැතිරෙමින් තිබෙනවා. මේ වන විට චීනය ලොව දෙවැනියටම විශාල ආර්ථිකය හිමි රට බවට පත්ව හමාරයි.

නොත්‍රදාමුස්ගේ අනාවැකියට අනුව චීනය මහා යෝධයකු ලෙස නැගීසිටිමින් ඇමෙරිකාව පවා තම යටතට ගෙන ලෝක බලවතා බවට පත්වෙනවා. ඒ සමගම ලෝකයේ පාලනය චීනය සතු වන අතර, චීනයේ න්‍යායපත්‍රයට අනුව තමයි ලෝකයේ සෑම දෙයක්ම තීරණය වන්නේ. ඔහුගේ අනාවැකියේ ඔහුගේම වචනවලින් චීනය හඳුන්වා තිබෙන්නේ ග්‍රේට් සිටි හෙවත් මහා නගරය යනුවෙන්. ඒ වගේම චීනයේ සතුරු පාර්ශ්වය ඔහු හඳුන්වා තිබෙන්නේ මහා කොටියා යනුවෙන්.

ඔහු පවසන විදියට මහා කොටියාගේ වංක ක්‍රියාවන්ට එම මහා නගරය එකඟ වන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස එම මහා නගරයේ අධිරාජ්‍යයා පෙරදිග සමග එකතු වීම නිසා රතු ප්‍රතිවාදියාට විශාල අර්බුදයකට මුහුණ දෙන්න සිදුවෙන බවද ඔහු පවසා තිබෙනවා. නොත්‍රදාමුස් මහා නගරය යනුවෙන් හැඳින්වූයේ චීනය නොව, ඇමෙරිකාව විය හැකි අතර, මහා කොටියා යනුවෙන් හැඳින්වූයේ චීනය විය හැකි බවට ඇතැමුන් විවිධ මත පළකරන බවද මෙහිදී මතක් කළ යුතුයි.

  1. නව පාප්වහන්සේ කෙනෙක්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ මේ වනවිට පසුවන්නේ 80 වැනි වියේ. මෑතකදී උන්වහන්සේ රෝගාබාධ ගණනාවකට ලක්වුණා. එම නිසා 2024 වර්ෂයේදී අලුත් පාප්වහන්සේ කෙනෙක්ගේ පැමිණීම ගැන නොත්‍රදාමුස් පැවැසූ අනාවැකිය යථාර්ථයක් වීමට යම් ඉඩක් තිබෙනවා. ඔහුගේ වචනයෙන් ඔහු පවසා තිබුණේ මහලු පාප්වහන්සේගේ අභාවයෙන් පසු නාඹර වයසක පසුවන රෝමානුවෙක් ඊට තේරී පත්වනු ඇති බවයි. නමුත් ඒ සමගම ඔහු විශේෂ දෙයක් පවසා තිබෙනවා.

එනම්, නව නායකයා විසින් ඔහුගේ දැක්ම දුර්වල කරනු ඇති බවත්, එයින් ඔහු බොහෝ කාලයක් පාප්වහන්සේ ලෙස කටයුතු කරනු ඇති බවයි. එම ප්‍රකාශයෙන් නොත්‍රදාමුස් අදහස් කළේ පල්ලියේ බලපෑම අඩුවනු ඇති බවද? එසේත් නොමැති නම් ඔහුට විශාල අපවාදයක් එල්ල වනු ඇති බවද? ඒ සම්බන්ධව පවතින්නේ විවාදාත්මක තත්ත්වයකි. එම නිසා ඔහු අප්‍රිකානු හෝ ආසියානු කාදිනල් කෙනකු විය හැකි බව හිතන්නට පුළුවන්.

  1. බටහිර වෙරළේ මහා භූ කම්පනයක්

නොත්‍රදාමුස් විසින් තමත් බය හිතෙන විදියේ තවත් අනාවැකියක් පළකර තිබෙනවා. එනම්, කැලිෆෝනියාවේ ඇතිවන මහා භූ කම්පනයකින් ජීවිත රැසක් අහිමි වන බවයි. ඔහු එදා එම සිදුවීම විස්තර කළේ සූර්යයා වෘෂභයට පැමිණෙන 20 වැනි දින සූර්යයා විසින් පෘථිවිය කම්පනයට ලක්කොට පිරී ඉතිරී ගිය සුවිශාල වූ නාට්‍ය ශාලාව බිමට සමතලා කර දමනු ඇති බවයි. ඒ වගේම ස්වර්ගයේ සිට පෘථිවිය දක්වා මුළු අහසම අඳුරු වනු ඇති බවද ඔහු වැඩිදුරටත් එම අනාවැකියෙන් පවසා තිබෙනවා.

එය අර්ථ දක්වන සමහරු පවසන්නේ වෘෂභයේ 20 වැනි දින යනු මැයි 20 වැනි දින බවත්, මහා නාට්‍ය ශාලාව යනුවෙන් ඔහු හැඳින්වූයේ හොලිවුඩය හෝ ලොස් ඇන්ජලීස් විය හැකි බවයි. ඔහු පැවැසූ එම කරුණ 2024දී යථාර්ථයක් විය හැකියි. ඒ, 1906 වසරේ ඇතිවූ සැන්ඇන්ඩි්‍රයාස් භූ පැල්ම මේ වන විටත් වඩාත් අනතුරුදායක බවක් පෙන්වා තිබීම හේතුවෙනුයි.

ඒ ආශ්‍රිතව භූ කම්පනයක් ඇතිවුවහොත් බිලියන 200ක විශාල දේපළ හානියක් සහ ජීවිත 2000කට වඩා අහිමි වීමට ඉඩ පවතින බව පර්යේෂකයන් විසින් ගණන් බලා තිබෙනවා. එහිදී දකුණු කැලිෆෝනියා ප්‍රදේශයම අතහැර දැමීමට සිදුවනු ඇති බවද ඔවුන් වැඩිදුරටත් අනතුරු අඟවා තිබෙනවා. යටිතල පහසුකම් සියල්ල විනාශ වී ආර්ථිකයද සම්පූර්ණයෙන්ම බිඳවැටෙන්නට පුළුවන්. එම නිසා ලොස් ඇන්ජලීස් නගරය සම්පූර්ණයෙන්ම අතහැර දැමීමට සිදුවිය හැකියි.

  1. තවත් වසංගතයක්

2024 වර්ෂයේදී තවත් වසංගතයක් පැමිණෙනු ඇති බවට නොත්‍රදාමුස් අනාවැකි පළකර තිබෙනවා. ඔහු පවසන්නේ එය නිදි වසංගතයක් බවයි. ඔහු පවසන විදියට 2024දී අබිරහස් ශ්වසන වෛරසයක් විසින් මානව වර්ගයා දීර්ඝ නිද්‍රාවකට පත්කරනවා. එම වෛරසයේ බලපෑමෙන් මිනිසුන් නිද්‍රාවකට පත්වන අතර, එමගින් ඔවුන් වඩාත් දුර්වල බව නොත්‍රදාමුස්ගේ අනාවැකියේ සඳහන්. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ඉන් සමාජයේ කැලඹීමක් අතිවිය හැකි බවයි.

එම නින්ද කිසිවකුට ප්‍රතික්ෂේප කිරීමට නොහැකි වන අතර, ඔවුන් එහි ගොදුරු බවට පත්වෙනවා යනුවෙන් ඔහු පවසා තිබෙනවා. එම නිසා මිනිසාගේ දෛනික ජීවිතය ඇනහිටිනවා. එම නිදි වසංගතය මොන තරම් බලපෑමක් ඇතිකරනවාද යත්, ඔහු පවසන විදියට සිහින ලෝකය සහ සැබෑ ලෝකය කුමක්ද යන්න මිනිසාට නිවැරැදිව හඳුනාගත නොහැකි වනු ඇත. මෙවැනි රෝග තත්ත්වයක් මේ වන විටද පවතින බව ඔබ දන්නවාද? 1917 වර්ෂයේදී තමයි එය ප්‍රථම වරට සොයාගනු ලැබුවේ. එදා ඒ ගැන ලෝකයට හෙළිකරපු විද්‍යාඥයන් පවසා සිටියේ ඉන් මිනිසුන් ගල් පිළිම බවට පත්වන බවයි. 1926-1956 අතර කාලයේදී මේ රෝගය මුළු ලොව පුරාම පැතිර ගියා. ඉන් ජීවිත ලක්ෂ 5ක් පමණ අහිමි වූ බවද වාර්තා වෙනවා.

  1. පිටසක්වළ ආක්‍රමණයක්

2024 වර්ෂයේදී සිදුවිය හැකි බවට නොත්‍රදාමුස් විසින් පැවැසූ අනාවැකි අතරින් විශ්වාස කිරීමට අපහසුම අනාවැකිය මෙයයි. ඔහු පවසන විදියට 2024 වර්ෂයේදී නාඳුනන පිටසක්වළ ජීවීන් පිරිසක් පෘථිවිය ආක්‍රමණය කරනවා. ඔහු පවසා සිටියේ එම පිටසක්වළ ජීවීන් ඉහළ තාක්ෂණික දියුණුවක් ලැබූවන් නිසා ඉන් පෘථිවියට විනාශකාරී බලපෑමක් ඇතිවිය හැකි බවටයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට ඒ වන විට මිනිසා කිසිදු සූදානමකින් නොසිටින බවයි.

මෑතකදී පිටසක්වළ ජීවීන් සහ හඳුනා නොගත් පියාසර වස්තූන් ගැන විශේෂ කතාබහක් ඇතිවුණා. ඇමෙරිකාවේ නාවික හමුදාව විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් කිහිපයක සත්‍ය දර්ශන මාධ්‍ය වෙත නිදහස් කළා. රජය විසින්ද ඒවා හඳුනා නොගත් පියාසර වස්තූන් බවට සනාථ කළා. එය 2024දී සිදුවෙන්නට යන පිටසක්වළ ආක්‍රමණයක් පිළිබඳ සිදුකළ පූර්ව අනතුරු ඇඟවීමක් ද විය හැකියි.

Nodutu Lokaya යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ලංකාව වැඩියෙන් රත් වුණු හැටි දන්නවද? I Sri Lanka Latest News

Next Post

‘අපිට යන්න දෙන්න! අපි ජනාධිපතිතුමාව කන්නේ නෑ!’ එළියේ ගොවියෝ විරෝධතා දක්වද්දීත් ජනපති රනිල් ජපන් තානාපතිත් එක්ක ගිහින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරයි! එකතු වෙන්න කියලා විපක්ෂයට යළි ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වීසා කාලය ඉකුත් වීමෙන් අනතුරුවත් නීති විරෝධීව ලංකාවේ රැඳී සිටින විදේශිකයන් සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය කටයුතු කොට ඇති...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.