• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපිට යන්න දෙන්න! අපි ජනාධිපතිතුමාව කන්නේ නෑ!’ එළියේ ගොවියෝ විරෝධතා දක්වද්දීත් ජනපති රනිල් ජපන් තානාපතිත් එක්ක ගිහින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරයි! එකතු වෙන්න කියලා විපක්ෂයට යළි ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

February 15, 2024
in Exclusive
Reading Time: 13 mins read
A A
‘අපිට යන්න දෙන්න! අපි ජනාධිපතිතුමාව කන්නේ නෑ!’ එළියේ ගොවියෝ විරෝධතා දක්වද්දීත් ජනපති රනිල් ජපන් තානාපතිත් එක්ක ගිහින් අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කරයි! එකතු වෙන්න කියලා විපක්ෂයට යළි ආරාධනා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය හේතුවෙන් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා කිසිදු හානියක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News


එම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සඳහා මෙන්ම පානීය ජල අවශ්‍යතාවට ද විසඳුම් ලැබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ව්‍යාපෘතිය සම්බන්ධව ගොවි ජනතාව කිසිදු අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ පළමු අදියර ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට අද (15) පෙරවරුවේ එක් වෙමිනි.
දීර්ඝකාලීනව වකුගඩු රෝගයෙන් පීඩා විඳින මැදවච්චිය, පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය ප්‍රදේශවල ජනතාවගේ පිරිසුදු පානීය ජල අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) මූල්‍ය සහයෝගීතාව මත ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් රුපියල් මිලියන 11,515ක වියදමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා තිබේ.

මෙහි පළමු අදියර අනුරාධපුර මහ කනදරාව වැව ප්‍රධාන ජල මූලාශ්‍රය කොටගෙන ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ යටතේ රඹෑව සහ මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 75ක පවුල් 25,000ක පමණ පානීය ජල අවශ්‍යතාව සපුරාලයි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය පාලන සමයේ සැලසුම් කළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත්, උතුරු මැද පළාත පුනර්ජනනීය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමටද රජයේ අවධානය යොමුව ඇති බවත්ය.

දේශපාලන වශයෙන් බෙදී වෙන් වී රට ගොඩනැඟිය නොහැකි බව මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ආණ්ඩුව හෝ විපක්ෂය වෙනුවෙන් නොව රටේ ජනතාවට සමෘද්ධිමත් ජීවන තත්ත්වයක් ලබාදීම වෙනුවෙන් එකට එක්වන ලෙස සියලු පාර්ශ්ව වෙත නැවත ආරාධනා කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.
මේ ප්‍රදේශවලට අවශ්‍ය පානීය ජලය සැපයීමේ විශාල කාර්යභාරය ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා භාරගෙන තිබෙනවා. තවමත් අපේ රටේ නිවාස වැඩි ප්‍රමාණයකට ජලය ලබාදීමට තිබෙනවා. ඒ වගේම කඳුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සපයා දිය යුතුව තිබෙනවා. අද මෙම ප්‍රදේශවල තිබෙන සංවර්ධනය කදුකර ප්‍රදේශවල දක්නට නැහැ. අප එම ගැටළුවලට කඩිනමින් විසඳුම් සෙවිය යුතුව තිබෙනවා. මෙම කාර්යයන් දෙකම අද ජීවන් තොණ්ඩමන් මැතිතුමා භාරගෙන ඉටුකරමින් සිටිනවා.
අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතිය ආරම්භ කළේ 2013 වසරේදීයි. මෙම ප්‍රදේශවල ජනතාව පීඩාවිඳින වකුගඩු රෝගයට පිළියම් සොයමින් පිරිසුදු පානීය ජලය සපයා දිය යුතුව තිබෙනවා. අනිත් අතින් කෘෂිකර්මාන්ත කටයුතු සඳහා අවශ්‍ය ජලය ද ලබාදිය යුතුයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය නැතිවෙයිද කියා ඇතැමුන් තුළ සැකයක් මතුව තිබෙනවා.නමුත් එවැන්නක් සිදු නොවන බව පැහැදිලිව සඳහන් කර තිබෙනවා. අප ඒ පිළිබඳව වගබලා ගන්නවා.
මේ ප්‍රදේශවල ජනතාවට ගොවිතැන් කටයුතු සඳහා ජලය අවශ්‍යයි. ඒ වගේම නිවාසවලට ජලය අවශ්‍යයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය මඟින් කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය ලබාදීම මෙන්ම පානීය ජල අවශ්‍යතාවද සපුරාලමින් එම ගැටලු දෙකම විසඳා දෙන බවට මම පොරොන්දු වෙනවා.
පසුගිය ආර්ථික අර්බුදය නිසා අපට කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට හැකි වුණේ නැහැ. කෙසේ හෝ මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මුදල් ලබාදී මෙම වැඩකටයුත්ත අවසන් කිරීමට හැකිව තිබෙනවා. මෙම ව්‍යාපෘතියට මුදල් ලබා ගැනීම විශාල ප්‍රශ්නයක් වුණා.
2022 මම මේ ආණ්ඩුව භාර ගත්තේ ඒ සඳහා වෙන කිසිවෙකු ඉදිරිපත් නොවූ නිසා බව ඔබ දන්නවා. ඉන් පසුව විවිධ පක්ෂවල සහාය ඇතිව අපි ආණ්ඩුවක් ඇතිකරගෙන රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා. එවන් අසීරු තත්ත්වයකින් තමයි අප මෙය ආරම්භ කළේ.
එදා අප සමග බොහෝ දෙනෙක් හිටියේ නැහැ. ඇතැම් අය කිව්වා පාර්ලිමේන්තුව විසුරුවා හරින්න කියලා. එදා ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ටික තිබුණේ නැහැ. ඉන්ධන තිබුණේ නැහැ. මෙවන් තතත්වයක් තුළ ඡන්දයක් පවත්වන්නේ කොහොමද, අපට අවශ්‍ය වුණේ ඉස්සෙල්ලම මේ ප්‍රශ්න ටික විසඳගෙන නියමිත කාලයේදී මැතිවරණ පවත්වන්න.
රටේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම වෙනුවෙන් අප මේ වන විට බොහෝ වැඩකොටසක් සිදුකර තිබෙනවා. නමුත් අප තවම ණය බරින් නිදහස් වී නැහැ. ණය ගෙවීම සඳහා සහනයක් ලෙස ණය ගෙවීමට තව වසර 20ක් ලැබෙයි. අපි කඩිනම් ආර්ථික පරිවර්තනයකට යොමු නොවුනහොත් ඒ ණය ගෙවන විට තව ණය ගැනීමට සිදුවෙනවා.
අපි මේ රට භාරගන්න අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර ටික තිබුණේ නැහැ, ඉන්ධන තිබුණේ නැහැ. පළමුව සිදු කළ යුතුව තිබුණේ මෙම අවශ්‍යතා ඉටු කිරිමයි. යුදමය අවස්ථාවලදී, ආණ්ඩු කඩා වැටෙන විට ඕනෑම ආණ්ඩුවක් පළමුව කළයුත්තේ මෙම මූලික අවශ්‍යතා සපුරාලීමයි.

ඒ මූලික අවශ්‍යතා පිළිබඳ මට වඩා හොඳට 1917 රැසියානු විප්ලවයේ දී ලෙනින් මැතිතුමා ප්‍රකාශ කළා. එතුමා එම අවස්ථාවේ කොමියුනිට්ස්වාදය ගැන කතා කළේ නැහැ. Peace, Land, Bread යනුවෙන් පමණයි ප්‍රකාශ කළේ. වෙන මොකුත් කිව්වේ නැහැ. බලය ලබා ගැනීමෙන් පසු තමයි කොමියුනිට්ස්වාදය ඇති කළේ.
අපත් පළමුව කටයුතු කළේ රට තුළ සාමය සහ ස්ථාවරභාවය ඇති කිරීමට. අද රට තුළ ස්ථාවරභාවයක් තිබෙනවා. ඒ වගේම නීතිය හා සාමය තිබෙනවා. ඕන කෙනෙක්ට ආණ්ඩුවට බනින්න පුළුවන්, පෙළපාළි යන්න පුළුවන්. එම ස්ථාවරභාවය අද ඇති කර තිබෙනවා.
දෙවනුව අප ජනතාවට අවශ්‍ය ආහාර සපයාදීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සඳහා අපට වී වගා කරන්න ඇමරිකාවෙන් පොහොර ලබා දුන්නා. 2022, 2023 වගා කටයුතුවලින් අපට හොද අස්වැන්නක් ලැබුණා. අපි ජනතාවට අවශ්‍ය සහල්, පිටි ඇතුළු ආහාර ද්‍රව්‍ය ලබා දුන්නා.
තෙවනුව තිබුණේ ඉඩම් ලබාදීම. අපි ඒ වෙනුවෙන් උරුමය වැඩසටහන ක්‍රියාත්මක කළා. ඒ වගේම කොළඹ තට්ටු නිවාසවල අයිතියද එම ජනතාවට ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙනවා.
රට තුළ හොඳ ආර්ථිකයක් ගොඩනැඟිය යුතුයි. ඒ වෙනුවෙන් කෘෂිකර්ම නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ සමඟ ජල කළමනාකරණය වඩා හොඳින් සිදු වෙනවා. ඒ වගේම නව බෝග හඳුන්වා දීම සිදු වෙනවා. රජ සමයේ වී වගා කළේ රටේ ජනතාවගේ ආහාර සඳහා පමණක් නොවෙයි. අප පෙරදිග ධාන්‍යාගාරයක් ලෙස සහල් අපනයනය කළා. අද අපට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ නොහැකි ඇයි.
අප එදා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා නම් අද අපට හිඟා කන ජාතියක් වීමට සිදු වන්නේ නැහැ. ඒ වගේම නව කර්මාන්ත රට තුළට ගෙන ඒමට, එමෙන්ම සංචාරක ව්‍යාපාරය පුළුල් කිරීමට අපි අවධානය යොමු කර තිබෙනවා. ආහාර සපයාදීම පමණක් ප්‍රමාණවත් නැහැ. අපේ තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකරදිය යුතුයි. පසුගිය වසර දෙක තුන තුළ රැකියා ලබා දීමක් සිදු කර නැහැ. තව වසර පහක් හයක් රැකියා නොමැතිව මෙහෙම බලාගෙන ඉන්නත් බැහැ. අපි කඩිනමින් විදේශ ආයෝජන ලබාගෙන මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. ඒ සඳහා වන ආර්ථික පරිවර්තන ක්‍රියාවලිය වෙනුවෙන් නව නීති ගෙන ඒමට අප බලාපොරොත්තු වෙනවා. අපි සියලුදෙනා එකට එකතුවෙලා මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යමු.
අපට මැතිවරණ කාලයේදී වෙන් වෙලා තම තමන්ගේ දේශපාලනය කළ හැකියි. නමුත් ඡන්දයෙන් පසුව නැවත එකතු විය යුතුයි. එවන් ක්‍රමයක් තමයි අපි ඇති කළ යුත්තේ. අපි බෙදී සිටීමෙන් ගමේ ජනතාවට ලැබෙන දෙයක් නැහැ. අදත් මම සියලු දෙනාට කියන්නේ අපි එකතුවෙලා මේ වැඩකටයුතු කරමු. ආණ්ඩුව වෙනුවෙන් හෝ විපක්ෂය වෙනුවෙන් එකතුවෙන්න කියලා මම කාටවත් කියන්නේ නැහැ. අපි එකතුවෙන්න ඕන ජනතාව වෙනුවෙන්. සියලුදෙනා එකට එකතුවුවහොත් මේ වැඩකටයුතු අපට වේගයෙන් ඉදිරියට ගෙන යාමට හැකි වෙනවා.
උතුරු මැදට ජලය ලබාදීමේ මෙම ව්‍යාපෘතිය ඉතා සුවිශේෂී කාර්යයක් බව කිවයුතුයි. ඒ වගේම මල්වතු ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අප මේ වන විට සාකච්ඡා කරමින් සිටිනවා.
මෙම ජල ව්‍යාපෘති වගේම උතුරු මැද විදුලි බලාගාර ව්‍යාපෘති ඇති කිරීම පිළිබඳවත් අපේ අවධානය යොමුව තිබෙනවා.මෙම ප්‍රදේශයේ තාප බලය තිබෙනවා. ඒ වගේම උතුරේ සුළං බලය තිබෙනවා. එසේනම් අපට විශාල පුනර්ජනනීය විදුලි බලාගාරයක් බවට මෙම පළාත පත් කරන්න පුළුවන්.

ඒ වගේම වැව්වල විදුලි බලාගාර ඇති කිරීම පිළිබඳ අප මේවන විට සාකච්ඡා කරමින් සිටිනවා. අපට මේ තුළින් විශාල ආර්ථික ශක්තියක් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. රටේ නව ආර්ථිකයක් ඇති කර ජනතාවට හොද අනාගතයක් ගොඩනඟාදීම වෙනුවෙන් මම සියලුදෙනාගේ සහය ඉල්ලා සිටිනවා.

ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා
මෙම අමාත්‍යාංශය භාරගන්නා විට ජල සබඳතා 10000ක් වත් ලබාදීමට නොහැකි වනු ඇතැයි කියා සමාජ මතයක් ගොඩනඟා තිබුණා. පසුගිය වසරේ පමණක් ජල සබඳතා 103,000ක් ලබාදීමට රජයට හැකි වී තිබෙනවා. මේ වසර අවසානය වන විට එය ලක්ෂ දෙකක් දක්වා වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ රටේ ජනතාවගෙන් 60%ක ප්‍රමාණයකට පිරිසුදු පානීය ජලය ලැබෙනවා. ජල බිල් පත ජනතාවට බරක් නොවන ආකාරයෙන් පවත්වා ගැනීමට අප කටයුතු කරනවා .
රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන් අවස්ථාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොපැකිලිව රටේ නායකත්වය භාරගත්තා. තවදුරටත් රට අස්ථාවරභාවයට පත් වීමට ඉඩ නොතබා ආර්ථිකය නිවැරදි මාවතට යොමු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත ප්‍රශංසාව හිමි විය යුතුයි.
වතු ජනතාවගේ පෝෂණ සහ ඉඩම් ප්‍රශ්නය තවමත් තිබෙනවා. උරුමය වැඩසටහන යටතේ වතු ජනතාවගේ ඉඩම් අයිතිය සුරක්ෂිත කරන ලෙස ඉල්ලා සිටිනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
මෙම ව්‍යාපෘතිය තුළින් පවුල් 25000ක පානීය ජල අවශ්‍යතාව සපුරාලිය හැකියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට මෙම පානීය ජල ව්‍යාපෘතිය මඟින් අස්වැසිල්ලක් ලැබෙනවා .මේ ව්‍යාපෘතියේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම තුළින් කැබිතිගොල්ලෑව ,හොරොව්පතාන ,පදවිය හා කහටගස්දිගිලිය ප්‍රදේශයේ පවුල් 55,000කට පානීය ජලය ලබාදීමට අපේක්ෂා කරනවා .
අද කන්න රැස්වීම පවත්වා නැහැ. නමුත් වෙනත් දේශපාලන කණ්ඩායම් ගොවි ජනතාව තුළ ගොවිතැන සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරමින් මේ ව්‍යාපෘතියේ දෙවන අදියරට බාධා ඇති කරන්න උත්සාහ කරනවා. මේ සඳහා ඉඩදිය යුතු නැහැ.

වාරිමාර්ග හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ,
මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වයට සාක්ෂි දරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයයි. එම අමාත්‍යාංශයේ වාර්තාවලින් එය ඉදිරියේදී දැන ගැනීමට හැකිවනු ඇතියි. මේ පළාතේ තිබෙන වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව පිරිසුදු පානීය ජලය නොමැතිවීමයි. අද මේ පළාතේ එක් කණ්ඩායමකට පිරිසුදු පානීය ජලය ලබාදීමට හැකි වෙනවා. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර නිමා වනවිට තවත් කණ්ඩායමක පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට හැකිවෙනවා.
මෙම ව්‍යාපෘතියට අදාළව කිසිදු ගැටලුවක් මතු වී නැහැ. ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අප පසුගිය සතියේ වගකිවයුතු සියලුම නිලධාරීන් ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා, සාමාන්‍යාධිකාරිතුමා මේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ඉංජිනේරුවරුන්, ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරුන් යන මේ සියලුදෙනා සමග මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් වාරිමාර්ග අමාත්‍යාංශය නියෝජනය කරන ලේකම්තුමාගේ සිට අධ්‍යක්ෂ ජනරාල් ප්‍රමුඛ සියලුදෙනා කැදවලා අපි මේ පිළිබඳව සාකච්ඡා කළා.

යම් ජන කොටසක් අගතියට පත්වෙනවනම් ඒ දේ කළමනාකරණය කර නිවැරදි දේ ජනතාවට ලබාදීම අපේ වගකීමයි. ඒ සාකච්ඡාව දීර්ඝ වශයෙන් සිදු කෙරුණා. කිසිවෙකුට අගතියක් නොවන විදියට කටයුතු කිරීමට එහිදී අප එකඟ වුණා. මෙම මහකනදරාව වැවෙන් වතුර අරගෙන තම කෘෂිකර්ම කටයුතු සිදු කරපු ජනතාවට මොනම ආකාරයෙන්වත් අගතියක් වීමට අප ඉඩ තබන්නේ නැහැ කියන එක ඉතාමත් පැහැදිළිව මෙම අවස්ථාවේ කිවයුතුයි.
මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන විටම වැවේ ධාරිතාව වැඩි කිරීමට අප කටයුතු කළා. ඒ වැඩිකරන ධාරිතාවෙන් අඩක් පිරිසිදු පානීය ජලය ලෙස මෙම ප්‍රදේශයේම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා. ඇතැම් විට කන්න දෙකම වගා කිරීමට නොහැකි වන විට, අතුරු බෝග වගා කිරීමට නොහැකිවන විට, ජලය අඩු වන විට ගොවි ජනතාව කලබල වෙනවා. ඒ නිසාම මෙවර අයවැයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයට බිලියනයක මුදලක් වෙන් කර තිබෙනවා මෙම වැවට ජලය රැගෙන ආ හැකි බේරුවැව වාන් දොරටු උස්සලා, වාන් දොරටු විවෘත කර අඩුම තරමේ දෙපාරක්වත් බේරු වැවෙන් මහකනදරා වැවට ජලය රැගෙන ඒමට. දැනට ඇල මාර්ග සකස් කර තිබෙනවා. එම අඩුපාඩු සම්පුර්ණ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබෙනවා.
මෙම පානීය ජල ව්‍යාපෘතිය සාර්ථකවීමට නම් කෘෂිකර්මාන්තයේ යෙදී සිටින ගොවි ජනතාවටත් අගතියක් සිදු වීමට නොහැකි බව අප වගකීමෙන් අවධාරණය කරනවා. මේ පාර්ශ්ව දෙකටම කිසිදු ආකාරක අසාධාරණයක් සිදු නොවන ආකාරයට කටයුතු කිරීමට අප වගකිම භාරගන්නවා කියන එකත් ඉතාමත් පැහැදිළිව මම ප්‍රකාශ කරනවා.
මෙම ව්‍යාපෘතිය කෙතරතම් හොද වුවද ආත්මාර්ථකාමී ලෙස මේ දෙස බලා දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කරනවා නම් එය ප්‍රදේශයේ ජනතාවට පමණක් නොව රටටම කරන අපරාධයක් ලෙස අප දකිනවා. මෙය ඉතාම විනිවිදභාවයෙන් ක්‍රියාත්මක ව්‍යාපෘතියක්. මොන තරම් වතුර ප්‍රමාණයක් මේ පොම්පාගාරවලට ගත්තද කියලා ගොවි සංවිධාන නියෝජනය කරන කෙනෙකුට ඇවිල්ලා බලන්න අවස්ථාව සලසා දීලා තිබෙනවා. ඒ වගේම ජල සම්පාදන මණ්ඩලයත්, වාර්මාර්ග දෙපාර්තමේන්තුවත්, ගොවි සංවිධානත් එකඟතාවකට පැමිණ එම එකඟතාව ලිඛිතව අවබෝධතා ගිවිසුමකටත් එළැඹීමට අප තීරණය කළා. එවිට කිසිදු පාර්ශ්වයකට අසාධාරණයක් සිදු වන්නේ නැහැ.
ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ සභාපති ටනකා අකිහිකෝ මහතා
මෙම ජල ව්‍යාපෘතිය සඳහා යෙන් මිලියන 5,166ක් ජපන් අරමුදල් සපයා තිබෙනවා. ඒ වගේම මෙම ව්‍යාපෘතියෙන් රඹෑව සහ මැදවච්චිය ප්‍රදේශවල පවුල් 25,000කට පමණ සෙත සැලසෙනවා.අද මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී විමට ලැබීම මට මහත් සතුටක්.
ඒ වගේම මෙම අනුරාපුර ඓතිහාසික පුරවරය දැක බලා ගැනීමට මට අද අවස්ථාව ලැබුණා. එය මම මහත් භාග්‍යයක් කොට සලකනවා. මෙම ප්‍රදේශයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ රජයට මගේ ස්තුතිය පිරිනමනවා.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයකි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, ඉෂාක් රහුමාන්, එච්. නන්දසේන, උතුරු මැද පළාත් හිටපු මහා ඇමති එස්.එම්. රංජිත්, හිටපු අමාත්‍ය පී. හැරිසන්,ජපාන ජාත්‍යන්තර සහයෝගික ආයතනයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන නියෝජිත යමඩා ටෙට්සුයා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ජනාධිපති මාධ්‍ය අංශය
2024-02-15

SendShareShare
Previous Post

2024දී ලෝකෙට වෙන දේ ගැන නොස්ත්‍රදාමුස් පැවසූ භයානක අනාවැකි I Sri Lanka Latest News

Next Post

හරීන් හදිසියේම ක්‍රිකට් බලධාරීන් එක්ක කතා කරයි! මහේල-සනත්-උපුල් තරංග එයි! තීන්දු තීරණ රැසක් ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.