• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සම්මාන ඕන නෑ! පුළුවන් නම් විනිශ්චය මණ්ඩලේ ‘රටඹෑකන්ද’ කියවන්න! I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, Mahawanshaya, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෑනු ගැන පොත් ලියන එක අලුත් දෙයක් නෙමේ, අද වෙනකොට නිරුවත් වෙන එක විලාසිතාවක් වෙලා…

මේ උදාවෙලා තියෙන්නේ සාහිත්‍ය මාසය. සාහිත්‍ය මාසයේදී පොත් කියවනවා වැඩි වෙනවා වගේම පොත් ලියවෙනවත් වැඩි වෙනවා. දහස් ගණනක් පොත් මේ වතාවේ අලුතෙන් බිහිවෙලා තියෙනවා. මේ සම්බන්ධව විශේෂයෙන් හොයලා බැලුවාම පේන කාරණයක් තමයි වෙන කවරදාටත් වඩා මේ වතාවේ අලුත් පොත් නිර්මාණය වෙනවා වැඩි බවක්. මොකද පහුගිය කොවිඩ් වසංගතය සහ වෙනත් අර්බුද නිසා පොත් එළිදැක්වීමට බැරි වෙලා හිටපු බොහෝ දෙනෙක් පොත් එළිදක්වමින් ඉන්නවා. මේ මොහොතේ අපි කතාකරන්නේ ජීවන පහන් තිළිණ කියන අපේ සහෘද මාධ්‍යවේදියා එක්ක.(Sri Lanka Latest News)

ඔහුගේ නවකතාව ‘වර්ජින්’ පිටවෙලා අවුරුදු පහකට පස්සේ ඔබ ඔබේ අලුත්ම නිර්මාණය වුණු ‘රටඹෑකන්ද’ කතාව ජනගත කරනවා. මේක හරිම සුවිශේෂ අවස්ථාවක් විදියට තමයි අපි හිතන්නේ. ඔබ ඇයි මේ අවුරුදු පහක විවේකයකින් පස්සේ හදිසියේ අලුත් පොතක් කරන්න තීරණය කළේ?

ඇත්තටම එහෙම ලොකු හදිසියක් කියලා කියන්න බෑ. පොතක් ලියනවා කියලා කියන්නේ දරුවෙක් ලැබෙනවා වගේ වැඩක්. සෑහෙන කාලයක් විළිරුදාව ඉවසලා ඊට පස්සේ තමයි දරුවා ලැබෙන්නේ. නිසි පෝෂණය සහ අවශ්‍ය දේවල් ටික ලැබුණාම තමයි දරුවා නිරෝගීව හැදෙන්නේ. නිරෝගී දරුවෙක් තමයි සමාජයට බලපාන්නේ. ඒ නිසා මම හිතනවා කෘතියක් නිසි කාලයට එළියට ආවට පස්සේ නියම විදියට දරු ගැබ මෝරලා වගේ සාර්ථක නිර්මාණයක් බවට පත්වෙනවා කියලා. ඉතින් මේ වතාවෙත් මම නවකතා පොතක් ඒ විදියට නිර්මාණය කළා. මේ වසරේ අලුත් බුක් ෆෙයාර් එකක් එක්ක මම ඒක ජනගත කරන්න සූදානම්.

මොකක්ද මේ වතාවේ ඔබේ නවකතාවේ අන්තර්ගතය ලෙස ඔබ භාවිත කරන වස්තු විෂය බවට පත්වෙන්නේ?

මේ වතාවේ මට හිතුණා අපේ රට ඇතුළේ තියෙන බරපතළ අර්බුදයක් පිළිබඳ කතා කරන්න. මොකද මේක සමාජයේ කතාබහට ලක්විය යුතු මාතෘකාවක් විදියට මට හිතෙන්නේ ලංකාවේ වගේම ලෝකයේ බොහෝ වෙලාවට මේ වෙනකොට තාක්ෂණික දියුණුවත් එක්ක සමාජ මාධ්‍ය අපිත් එක්ක බොහොම දැඩි සබඳතාවක් පවත්වමින් යනවා. විශේෂයෙන්ම වට්ස්ඇප් වගේ සමාජ මාධ්‍ය. මේ සමාජ මාධ්‍ය හරහා අපිට අතිශය පෞද්ගලිකව වැඩ කරන්න පුළුවන් වෙලා තියෙනවා. මේ දියුණුවත් එක්ක රට ඇතුළේ සිද්ධ වෙච්ච යම් භයානක කාරණයක් ගැන තමයි මම කතාකරන්නේ. මේ භයානක කාර්යය කියන්නේ ඇත්තටම වෙන දෙයක් නෙවෙයි. නිරුවත් ඡායාරූපයක් සමාජගත වීම හරහා තරුණියකට සිදුවෙන ආරවුලක්, නැත්නම් සමාජය තුළ ඈට සිදුවෙන අපහසුතාව තමයි මම මේ විදියට නවකතාවක් බවට පරිවර්තනය කරලා තියෙන්නේ.

එතකොට මේකට ඔබ නම තියන්නේ ‘රටඹෑකන්ද’ කියලා. මොකක්ද ‘රටඹෑකන්ද’ සහ මේ කතාව අතර තියෙන සම්බන්ධය?

‘රටඹෑකන්ද’ කියලා කියන්නේ මේ කතාවට ඇතුළත් වෙච්ච ගම ආශ්‍රිතව මම ගොඩනගපු මගේ විකාරරූපී සිහින රාජ්‍යයක්. නැත්නම් සිහින ගමක්. මේ ගම මගේ ඔළුවේ තාමත් මැවිලා හොල්මන් කරනවා. මේ රටඹෑකන්ද, රංකෙණ්ඩිය ඔය, ඒ වීදි, පුංචි ඉස්කෝලෙ මේවා මම හිතින් හදාගත්තු මනෝ ලෝකයක්. මේ මනෝ ලෝකය ඇතුළේ තමයි මේ හැබෑ ජීවිතවල සුවඳ මට දැනුණේ.

ඒ වගේම මේ කඳු කියන එක ආශ්‍රිතව අපේ රටේ ඇතිවෙච්ච විශාල අර්බුද මේ කාලෙ තුළ අපි දැක්කා. විශේෂයෙන්ම ආගමික විකාරයත් එක්ක කඳු මුදුන් ආක්‍රමණය කරන්න භික්ෂුන්වහන්සේලා කටයුතු කරනවා. මේ භික්ෂුන්වහන්සේලා විසින් ආක්‍රමණය කරන කඳු අනාගතයේදී මුහුණ දීමට නියමිත ව්‍යසනයක් පිළිබඳ මම උපකල්පනය කරනවා. ඒක මගේ උපකල්පනයක් විතරයි. යම් කෙනෙක් කියන්න පුළුවන් එහෙම දෙයක් වෙන්න බෑ කියලා. ඔව් එහෙම දෙයක් නොවෙන්න පුළුවන්. නවකතාකරුවෙක් වුණු මට සාස්තර කියන්න බෑ. හැබැයි මට උපමාණ ගොඩනගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේකට රටඹෑකන්දක් සම්බන්ධ කරගන්නේ.

ජීවන පහන් තිළිණ කියන නවකතාකරුවාගේ නිර්මාණ අපි ඇසුරු කරනකොට අපට දකින්න ලැබෙන ලක්ෂණයක් තමයි ඔබ කාන්තාවන් පිළිබඳ කතා කරනවා වැඩියි. ඔබේ පළමු පොත වුණු ‘ගිජුලිහිණි’, දෙවැනි පොත වුණු ‘වර්ජින්’ සහ මේ තුන්වැනි පොතේදීත් ඒක එහෙමමයි නේද?

ප්‍රශ්නයට උත්තරය ඔව්. වෙන වෙනම කිව්වොත් ඒත් ඔව්. ගිජුලිහිණි තුළ මම කතා කරනවා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය ගැන. වර්ජින් තුළින් මම කතා කරන්න උත්සාහ කළා කන්‍යාභාවය කියන එක සම්බන්ධව රට තුළ ඇතිවෙන අර්බුදය. මගේ තුන්වැනි නවකතාවෙන් කතාකරන්නේ ගෑනු ළමයෙක්ට තමන්ගේ නිරුවත් ඡායාරූපයක් සමාජගත වීමත් එක්ක ඇතිවන අර්බුදය. මොකද මේ තුනේදීම පීඩාවට පත්වෙන්නේ කාන්තාව. මේ තුනම විවිධාකාරයෙන් සමාජය විසින් නිර්මාණය කරන ලද කාරණා. ගෑනු ළමයෙක්ගේ නිරුවත් පින්තූරයක් සමාජගත වීම කියන අර්බුදය නිර්මාණය කරන්නේ ඒ පින්තූරේ ඉල්ලන පිරිමියා.

ඒ පින්තූරේ යවන ගෑනු ළමයා එය යවන්නේ ඉතාම ප්‍රේමයෙන්, සෙනෙහසින්. හැබැයි ඒ ප්‍රේමය පුපුරා ගිය තැන, නැත්නම් පෙම්වතිය විසින් වරදක් කරපු තැන ඈට ලැබෙන දඬුවම තමයි මේ පින්තූරය සමාජගත වීම. ඒ පින්තූරය හැමෝම නැරැඹීම. අතිශය ප්‍රේමනීය මොහොතක ගත්තු ආදරණීය පින්තූර දැඩි වෛරයෙන් භාවිත කරනවා. ප්‍රේමයේ වේදනාවත් එක්ක ගෑනු ළමයි වහ බොනවා. කනේරු ඇට කනවා. ඉස්පිරිතාලවල නවත්තනවා. පෙති බොනවා. මේ වගේ සිද්ධි ඕනෙ තරම් වාර්තා වෙලා තියෙනවා. නීතියට මේ වගේ තැන්වලදී කිසි දෙයක් කරන්න බෑ. ඒ නිසා තමයි මට අවශ්‍ය වුණේ මේ විදියේ කතන්දරයක් ඔබට කියන්න.

ඔබ ස්ත්‍රීවාදී නවකතාකරුවෙක්ද?

මම හිතනවා ඔව් කියලා. මම දන්නෙ නෑ ලංකාවේ පශ්චාත් ස්ත්‍රීවාදී නවකතා කියන ෂානරය ඇතුළේ නිර්මාණ බිහිවෙලා තියෙනවද කියලා. නමුත් මම විශ්වාස කරනවා ස්ත්‍රීවාදී කියලා නවකතා ෂානරයක් ලෝකෙ තියෙනවා කියලා. ඇත්තටම 1986දී විතර ප්‍රංශයේ ‘ස්ත්‍රීවාදය භංග වේවා’ කියලා ගිය පෙළපාළියක් ගැන ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. 1919 විතර කාලෙදී සාහිත්‍යමය කාරණාවකදී සඟරාවක් එළිදක්වනවා. ‘පුරුෂ විරෝධීන් නොවී කාන්තා හිතවාදීන් වීමක් ගැන ඔවුන් එහි සඳහන් කරනවා. මම හිතනවා ඉන් පස්සේ 80 දශකයට පෙර තමයි මේ පශ්චාත් ස්ත්‍රීවාදය කියන සංකල්පය ඇතිවෙන්නේ.

1970ට කලින් බුද්ධිමතුන් සහ ජනමාධ්‍යවේදීන් විසින් ස්ත්‍රීවාදීන් මියගොස් ඇති බවට, තවදුරටත් ස්ත්‍රීවාදී කලාවක් ලෝකයේ නැති බවට මත පළකර තිබෙනවා. මම හිතනවා නෑ, එහෙම නෑ. ස්ත්‍රීවාදී කලාවක් තියෙනවා. ස්ත්‍රීවාදී නිර්මාණ බිහිවිය හැකියි. එහෙම නොවිය යුතුයි කියලා කිසි කෙනකුට තර්ක කරන්න බෑ. ලෝකයේ මේ වන විට පිළිගනිමින් යනවා ලිංගික ද්විත්ව විභේදනවාදය. ඒ වගේම සංක්‍රාන්තික ලිංගිකත්වය. ඒ නිසා නවකතාවක් තුළදී ස්ත්‍රීවාදය පිළිබඳ කතාකිරීමේ ගැටලුවක් නෑ. ලෝකයේ තියෙනවා කුයිවා න්‍යාය කියලා දෙයක්. ඒ වගේම ස්ත්‍රීවාදී ප්‍රවණතාවන්, ස්ත්‍රීවාදී සමාජ ආර්ථික ගැටලු, මේවා අපි කතා කළ යුතුයි.

විශේෂයෙන්ම මම හිතනවා ලෝකයේ ඉඳලා තියෙනවා මේ විදියේ නිර්මාණ කරන්න කැමැති කට්ටිය, මේ විදියේ දේවල් ගැන කතාකරපු කට්ටිය. ජූලියා ක්‍රිස්ටීවා වගේ අය. ඒ අයව අපි ඇසුරු කළ යුතුයි. කෙසේ වෙතත් ලිබරල්වාදය, පශ්චාත් නූතනවාදය වගේම පශ්චාත් ස්ත්‍රීවාදයද අපිට අවශ්‍ය නම් අපේ නිර්මාණ තුළට යොදාගන්න පුළුවන් කියන එක මම විශ්වාස කරනවා. නිකොල් කිම්බර්ලින්, මාරි ජෙන්ට්ල්, කැතරින් ලුන්ඩොෆ්, ජොෂෙල් වැන්ඩර්හූෆ්ට්, කෙවිස් හෙන්රික්සන්, ඇලිසන් ෂෝ, එලිසබෙත් මූන්, ලෝඩිජේ මාක්ස්, එමා බුල් වගේ බොහෝ ලේඛිකාවන් පශ්චාත් ස්ත්‍රීවාදී සාහිත්‍යයට අයත් වෙනවා කියලා මම හිතනවා. මම අහලා තියෙනවා. ඒ නිසා මටත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒක සාහිත්‍යමය ප්‍රවේශයක්.

ඔබ හිතනවද නවකතාකරුවෙක්ට සමාජයට දෙයක් කරන්න පුළුවන් කියලා? නැත්නම් සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් කියලා?

ඔව්. අනිවාර්යයෙන්ම. මම විශ්වාස කරනවා නවකතාකරුවෙක් කළ යුත්තෙත් ඒක කියලා. නවකතාකරුවෙක් කියන්නේ කතන්දර කියන්නෙක් නෙවෙයි. ඔහුට සමාජ යථාර්ථය පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනෙ සහ යටි පෙළක් සහිත ලියවිල්ලක් ඔහු තුළ තියෙන්න ඕනෙ. නවකතාව කියෙව්වට පස්සේ මේ සමාජය ඇතුළේ යම් ප්‍රකම්පනයක් ඇතිකරන්න පුළුවන් නම් යම් පිපිරීමක් ඇතිකරන්න පුළුවන් නම්, මිනිස්සුන්ගේ හිත් ඇතුළේ, අඩුම තරමේ දහ දෙනෙක්ගේ හිත් ඇතුළේ යම් වෙනසක් සිද්ධ කරන්න පුළුවන් නම් නවකතාකරුවා සාර්ථකයි. මම මගේ ‘රටඹෑකන්ද’ නවකතාව තුළින් උත්සාහ කරන්නේ අන්න ඒකට. මම දන්නෙ නෑ ‘රටඹෑකන්ද’ කොයි තරම් මිනිස්සු කියවයිද කියලා. කොයි තරම් පාඨකයන් කියවයිද කියලා. හැබැයි මගේ උත්සාහය සාර්ථක වුණොත් මම හිතනවා යම් සාහිත්‍යමය කම්පනයක් මිනිස්සු තුළ ඇතිකරන්න පුළුවන් වෙයි කියලා.

ඔබ බලාපොරොත්තු වෙනවද ‘රටඹෑකන්ද’ට සම්මාන ලැබෙයි කියලා?

උත්තරය හරියටම කිව්වොත් නෑ. මම ‘රටඹෑකන්ද’ට සම්මාන ලැබෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා විද්‍යොදය, ස්වර්ණ පුස්තක, ගොඩගේ ඇතුළු සාහිත්‍ය තරගවල විනිශ්ච මණ්ඩලවල ඉන්න මහත්වරුන්ගෙන්, නෝනාවරුන්ගෙන්. මම දන්නවා ඔබ ඉන්නේ සමහර සීමාමාඉම්වලින් බැඳලා දාලා. ඒ සම්මාන උළෙල සඳහා අනුග්‍රහය දක්වන ආයතනවලට සම්මානය දෙන්න ඕනෙ, සම්මානය සම්බන්ධව යම් යම් කාරණාවලදී මැදිහත් වීමක් කරන්න පුළුවන් ඇති කියලා මම විශ්වාස කරනවා. මම දන්නෙ නෑ ඒක මට 100%ක් ඔප්පු කරන්න බෑ.

සර්ව සාධාරණව ලැබුණු සම්මාන ගැන මගේ හිතේ තියෙනවා. හැබැයි ඒක ඉතා අහඹු ලෙස. මම දන්නවා විද්‍යොදය සම්මාන උළෙලේදී මානව හිමිකම් කොමිසමට ගිහිල්ලා පැමිණිල්ලක් දැම්මා විනිශ්චය මණ්ඩලයේ කට්ටිය. ඒ වගේම සම්මානය දිනාගත්තු පොතේ අන්තර්ගතය පිළිබඳ ප්‍රශ්න කළා අපි දැක්කා සමහර ලේඛිකාවන්. ඒ නිසා ඒවා ගැන තර්ක විතර්ක කරන්න අවශ්‍ය නෑ. හැබැයි මම එක ඉල්ලීමක් කරනවා විනිශ්චය මණ්ඩලයේ මහත්වරුන්ගෙන්. මම ප්‍රසිද්ධ ලේඛකයෙක් නෙවෙයි වීමත්, ීඑදරහකෙසං තමයි මගේ ප්‍රකාශකයා. අපි ලොකුවට ප්‍රසිද්ධ නැති වුණාට පුළුවන් නම් මේ පොත ඉවර වෙනකල් කියවන්න. කියවලා සාධාරණයක් කරන්න. මම අවංකවම ඉල්ලන්නේ ඒක. නෝනාවරුනි, මහත්වරුනි හැකි නම් මගේ නවකතාව ඔබත් කියවන්න. මට ඉල්ලන්න තියෙන්නේ ඒකයි.

ඔබේ මේ නවකතාව එළිදැක්වීමේදී කවුද ඔබට උපකාර කළේ? ඔබ කාටද ඒ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්නේ?

ස්තුතිවන්ත වෙන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි මට තියෙන එක වැදගත්ම කාරණයක් තමයි මගේ අම්මා තාත්තා සහ මගේ බිරිඳ, ඒ වගේම අපේ ගෙදරට අලුතින් එකතුවුණු සඳසි සෞන්දර්යා ශ්වේතාම්බරී. මගේ තාත්තා මාධ්‍යවේදියෙක්. ඔහු බටේපොල විජේසිරි, මගේ අම්මා සුජාතා විජේසිරි. මේ ඔක්කොම මගේ මේ වැඩේට සහාය දක්වපු කට්ටිය. විශේෂයෙන්ම මගේ දුව සඳසි සෞන්දර්යා ශ්වේතාම්බරී. එයා මට ලොකු උදව් ගොඩක් කරලා තියෙනවා. මේ වැඩේ අමාරුයි කරන්න. මම අතිශය කාර්යබහුල මනුස්සයෙක්. ඒ අස්සේ නවකතාවක් ලියනවා කියන එක ලේසි නෑ.

ඒ අතරතුරේ ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ ීඑදරහකෙසං කියන ආයතනය. ලංකාවේ මූල්‍ය විනය අතින් මේ තරම් හොඳ ආයතනයක් මම මේ ලෝකෙ දැකලා නෑ සහ, නවකතාව අලුත් මුහුණුවරකින් මිනිස්සුන්ට කියවන්න සලස්වන්න ීඑදරහකෙසං ආයතනය ඉතාම ගෞරවනීය සේවයක් කරනවා. ධනුෂ්කා, ඕෂධී මේ අයව ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනේ. මගේ පොත මුද්‍රණය කරලා දුන්න නිසා නෙවෙයි. ඒ අය නවකතාව වෙනුවෙන් කරන සේවයට. හරි නම් සම්මාන දෙන්න ඕනෙ ඒගොල්ලන්ට.

ඒකට හේතුව තමයි පොත් කියවන්නෙ නෑ කියලා මතයක් නිර්මාණය වෙච්ච යුගයක මේ අය බය නැතුව පොත් වෙනුවෙන් අලුත් රැල්ලක් හදලා, නෙට්ෆ්ලික්ස් වගේ ීඑදරහකෙසං කියලා වැඩක් පටන් අරගෙන මේ කරගෙන යන වැඩේ මට නම් ඇත්තටම ඒක හරිම විස්මයජනකයි. මම දන්නවා මට ඒක කරන්න බෑ. මම හිතන්නෙ නෑ අපේ රටේ ඉන්න ප්‍රධාන පෙළේ ප්‍රකාශකයෙක්ටවත් ඒක කරන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඔවුන් ඒක කරනවා. ඉතින් මම හිස නමා ඔවුන්ට ආචාර කරනවා.

අවසාන වශයෙන් ඔබට මේ ලංකාවේ සාහිත්‍යය අද තියෙන තැන ගැන සතුටුයිද?

පළමු උත්තරය නෑ. මම කිසිසේත්ම සතුටු නෑ. හැබැයි සාහිත්‍යය වෙනුවෙන් ලංකාවේ වැඩ ටිකක් වෙනවා. බොහෝ දෙනෙක් සාහිත්‍යය වෙනුවෙන් යමක් කරන්න උත්සාහ කරමින් ඉන්නවා. මාධ්‍ය ආයතන, රූපවාහිනී ආයතන. ඉතින් මේ අය කරන මේ වැඩේ නිසා තමයි සාහිත්‍යය තාමත් දතක් වගේ එල්ලිලා තියෙන්නේ. හැබැයි අපේ රටේ දේශපාලකයෝ, විශේෂයෙන්ම ආණ්ඩුව, ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම මම චෝදනා කරනවා ඔබ සාහිත්‍යය වෙනුවෙන් කළේ මොනවද කියන එක ගැන. ඔබ දෙපාරක් තුන්පාරක් හයහත් වතාවක් හිතන්න.

මොකද, ලංකාවේ සාහිත්‍යය පෝෂණය කරන්න තියෙන එකම තැන රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල විතරයි. ඒක අතිශය අසාර්ථක ප්‍රයත්නයක්. ඒ වැඩේවත් හරියට කරලා මිනිස්සුන්ට මේ රටේ සාහිත්‍යය රැකලා දෙන්න පුළුවන් නම්, හිතවත් බලධාරිනි ඔබට පින් සිද්ධ වෙනවා. ඔබ සාහිත්‍යය නොරැක්කොත් ඔබ රැකේවි රට විනාශ වේවි. හැබැයි ඔබ සාහිත්‍යය රැක්කොත් මම දන්නවා ඔබ දන්නවා කියලා, ඔබ විනාශ වේවි, රට රැකේවි. මම විශ්වාසයෙන් කියනවා අපේ පාලකයන්ට ඕනෙ රට රකින්න නෙවෙයි, ඔවුන් ඔවුන් වෙන වෙනම රැකෙන්න විතරයි.

SendShareShare
Previous Post

රනිල් එක්සත් ජාතීන්ගේ සමුලුව අමතයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරය ගැන සුමන්තිරන් කතා කරද්දී පිල්ලෙයාන් මැද්දට පනී! දැඩි බාධා මැද සුමන්තිරන් දිගටම කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.