• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිඟිති ආතල් නොවෙද නාමල්…

September 20, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
සිඟිති ආතල් නොවෙද නාමල්…
Share on WhatsAppShare on Facebook

සතුටක සේයාවක් හෝ බලාපොරොත්තුවක එළියක්වත් නැති වකවානුවක් ගෙවෙමින් තිබේ. මේ වකවානුව තුළ ජයග්‍රහණයක් යනු සත්‍ය වශයෙන්ම’ ආසියානු කුසලාන දැල්පන්දු ශූරියන් මෙවර කිරුළ දිනාගත්තේ 06 වැන වතාවටය. ශ්‍රී ලංකා කණ්ඩායම 10 වැනි වතාවට ආසියානු ක්‍රිකට් ශූරතාව දිනා ගනිමින් ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ආවේය.

දිගින් දිගටම ලබන ලද පරාජයන් අතර එවැනි ජයග්‍රහණයක සතුට මේ රටේ ප්‍රේක්ෂකයන්ට සමස්ත රට වැසියන්ටත් සතුටු කඳුළු රැගෙන එන්නට සමත් විය. ඒ අතර මේ වන විට බොහෝ දෙනා එම ජයග්‍රහණවල ලකුණු දමාගැනීමට පෙළඹෙමින් සිටිති.

දැල්පන්දු කණ්ඩායම ජයග්‍රහණය ලබා මෙරටට එන විට ඔවුන් පිළිගැනීමට ගියේ නියෝජ්‍ය ක්‍රීඩා ඇමැතිවරයාය. ඔහු දිවුරුම් දුන්නේ ඊට දෙදිනකට හෝ තෙදිනකට පෙරය. ඔහු දැල්පන්දු ක්‍රීඩිකාවන් සමග රතු පලස දිගේ ආවේ කණ්ඩායමේ පුහුණුකරු වාගේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය ජයගත්තාට පසු නාමල් රාජපක්ෂ ලකුණු දමාගැනීමට ඉදිරිපත් වුණේය. ඔහු කීවේ මේ ජයග්‍රහණයට පදනම දැමුවේ තමන් විසින් එදා ගත් තීන්දු තීරණ කියලාය. සියලු දෙනා ඒ විදියට ලකුණු දමාගැනීමට කටයුතු කරද්දී ක්‍රීඩාව වෙනුවෙන් නාමල්ලා කරපු පැටිකිරියද සොයාගැනීම අපහසු නැත.
මොරටුව අඟුලාන ප්‍රදේශයේ ඉදිවූ ‘සයුරුපුර’ මහල් නිවාස සංකීර්ණයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් රටට කීර්තියක් ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිවාස ප්‍රදානයක් සිදුවූයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවාස ඇමැතිව සිටියදී 2019 දී පමණය. අදාළ නිවාස එදා සජිත් ප්‍රේමදාස ලබාදුන්නේ නොමිලේය.’දෙවරක්ම රට වෙනුවෙන් කරන ලද සේවයට තෑගි ලෙස ලැබුණු මේ නිවාසවලින් අයකිරීම සඳහා නිවාසලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත ලිපි ලැබී තිබුණේ නාමල් රාජපක්ෂ ක්‍රීඩා ඇමැතිවරයාව සිටියදීය. ඒ නිවාස සංවර්ධන අධිකාරිය හරහාය.

මේ තත්ත්වය පැවසීමට 2021 වසරේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවූ විට අදාළ ක්‍රීඩිකාවන්ට ලැබෙන පිළිතුර වූයේ එම ප්‍රදානය සජිත් ප්‍රේමදාස විසින් නිවැරදිව ඉටුකර නොමැති බවය. කැබිනට් අනුමැතියකින් තොරව හෝ ඇතිව රටට ජාත්‍යන්තර වශයෙන් කීර්තිය ගෙනා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකඟ කරවාගෙන ඇති ගිවිසුම ප්‍රකාරව ක්‍රියාකරන ලෙස හෝ එයින් ඉල්ලීමක් කරන්නට හෝ නාමල් රාජපක්ෂ’ ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කර නැත. ඒ වෙනුවට නාමල් කළේ සජිත්ට මඩගැසීමට කරුණු හොයන එකය. එවක නාමල් යනු ආණ්ඩුවේ බලවත්ම ඇමැතිවරු කිහිප දෙනා අතර අයෙකි.

මේ බලසම්පන්න අමාත්‍යවරයා කළේ, නැති වරදක් සජිත් පිට පටවා අත සෝදාගැනීමය. ක්‍රියාවෙන් පැහැදිලි වන ඇත්ත එයය. නමුත් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජයග්‍රහණය ගෙන ඇත්තේ තමන් විපක්ෂයේ සිටියද ආණ්ඩුවේ සිටියද ඉපැදි ජීවත්වන රටටය.

ක්‍රීඩා අමාත්‍යවරයා 1991 දී ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ඇති එකම දකුණු ආසියාතික රන් පදක්කම දිනා ගත් කාන්තා වොලිබෝල් කණඩායමටද දුන්නෙ මෙවැනිම පිළිතුරකි. ඔවුන් සම්බන්ධයෙන් රජයෙන් සිදුවිය යුතු යම් අතපසුවිමක් සිදුවී ඇත්නම් එය නිවැරැදි කරනවා වෙනුවට නාමල් රාජපක්ෂ කළේ අත සෝදාගැනීමය.

එවක දෙවැනි වරටත් ක්‍රීඩිකාවන්ගේ නිවාසවලින් මුදල් අය කරගන්න ලිපි නිකුත් විය. ඔබේ පෞද්ගලික ලේකම් නිවාස සංවර්ධන අමාත්‍යංශය අයත් පෞද්ගලික ලේකම් ඇමතීම තුළින් එහි අවසාන පරමාර්ථය ඉටුකර නැති නිසා මෙන්ම එය ලිපි හුවමාරු විජ්ජාවක් පමණක් වන බැවින් බව දැන් පැහැදිලිය. ඒ නිසා මේ විජ්ජාව වෙනුවට ක්‍රීඩකයෙක් ක්‍රීඩා ඇමැති වීමේ ගෞරවය සහ ඒ වෙනුවෙන් කරන ලද ඇගයීමට තමන්ගේ හෘද සාක්ෂියටම වටිනාකමක් දෙමින් ඉතිහාසයේ සිට ක්‍රීඩාවට වූ වැරදි නිවැරදි කරන්නට ක්‍රියා කළ හැකි නම් මරුය. නැත්නම් අමුතු දැක්මක් පෙනෙන්නේ නැත. හැමෝම මෙන් වගකීමෙන් මිදී ඉතිහාසයට කුණු ඉතුරුකර තනතුරෙන් නික්ම යාම නාමල් රාජපක්ෂගේ ක්‍රීඩා අමාත්‍ය ධුරය නිමාවේදීද දකින්නට ලැබෙනු ඇත.

2018 වසරේ ආසියානු දැල්පන්දු ශූරතාවලියේ ශූරතාව හිමිකරගත් හා ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් ලබාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 12 දෙනාට එදා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා විසින් නව නිවාස පිරිනමනු ලැබීය.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ පැවැති නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියට අයත් මොරටුව, අඟුලාන, ‘සයුරුපුර’ නිවාස ව්‍යාපෘතියෙන් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත නොමිලේ නිවාස පිරිනැමුණු අතර සියලු පහසුකම් සහිත එක් නිවෙසක වටිනාකම රුපියල් ලක්ෂ 30කට අධික විය. වර්තමානයේ ඒ එක් නිවෙසක වටිනාකම රුපියල් කෝටිය ඉක්මවනු ඇත.

‘නිවාස නොමිලේ ලබාදෙන්නෙ කොහොමද කියා ඇතැමුන් අහනවා. විවිධ චෝදනා කරනවා. එවැනි දේ පිළිබඳ හෙඩ්ලයින් ගහන අයත් සිටිනවා. අද නිවාස 13ක් ක්‍රීඩා ක්ෂේත්‍රයේ ක්‍රීඩකයන්ට නොමිලේ ලබාදෙනවා. මේකත් හොඳ හෙඩ්ලයින් ප්‍රවෘත්තියක්.’

එදා සජිත් කීවේය. හැබැයි ඔහුද සිටි ආණ්ඩුව යටතේ පවා ඒ සඳහා කිසිදු ප්‍රචාරයක් ලැබුණේ නැත. නමුත් ඒ පිළිබඳ සජිත් සැලුනේද නැත. එදා එම නිවාස ලැබීමෙන් පසු ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක්’අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, 2018 ලැබූ ආසියානු දැල්පන්දු ශූරතාවලිය පිළිබඳ විශාල ජනතා ප්‍රසාදයක් ලැබුණු බවත් සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා තම කණ්ඩායමට නොමිලේ නිවාස ලබාදීම ඉතා අගය කරන බවය.

විශේෂයෙන්ම මේ ක්‍රීඩිකාවන් බොහොමයක් ජීවත් වන්නේ අගනගරයෙන් බැහැරවය. එවැනි තත්ත්වයක් තුළ ඔවුන්ට පුහුණු වීම ඇතුළු තරඟ සඳහා නගරයට එන්නට විශාල වියදමක් දරන්නට සිදුවෙයි. නවාතැන් පහසුකම් පිළිබඳ විශාල වශයෙන් ගැටලු පැමිණෙයි. ඒ තත්ත්වය පිළිබඳ අවබෝධ කරගත් සජිත්, එවක සියලු ක්‍රීඩිකාවන්ට අගනගරය ආශ්‍රිතව නිවාස ලබාදීමට කටයුතු කිරීම ඔවුන්ගේ ගමනට මහත් පහසුවක් විය.

2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සහභාගි වන්නට සිටි ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම එම තරගාවලියට පෙර පුහුණු තරගාවලියක් සඳහා බොට්ස්වානා වෙත යාමට නියමිතව තිබිණි. එහෙත් මෙම සංචාරය සඳහා අවශ්‍ය කරන ගුවන් ටිකට්පත් ලබාගැනීම ඔවුන් ඉදිරියේ තිබූ බලවත් ගැටලුවක් විය. ඒ අවස්ථාවේදී ඊට අනුග්‍රාහකත්වය දැක්වීමට එවක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාව සිටි සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
එවක 2019 ලෝක කුසලාන දැල්පන්දු තරගාවලියට සුදුසුකම් ලැබීම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලැබූ ඉහළම ජයග්‍රහණයක් විය. ක්‍රීඩිකාවන් 12 දෙනකු හා නිලධාරීන් 03 දෙනකුගෙන් සැදුම්ලත් කණ්ඩායමට ගුවන් ටිකට්පත් සඳහා රුපියල් 3,568,500ක මුදලක් වැයවූ අතර එම මුදල අමාත්‍යවරයාගේ පෞද්ගලික මුදලින් හා අනෙකුත් අරමුදල්වලින් සැපයීමට සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

2018 වසරේ ආසියානු දැල්පන්දු තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත් වූහ. එදා ටිකට්පත් සඳහා අනුග්‍රහය ලබා දෙමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ,

‘අපි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව දියුණු කරන්න නම් දේශපාලනය ක්‍රීඩාවෙන් ඉවත් කරන්න ඕනෙ. දේශපාලනඥයන් සම්බන්ධ ක්‍රීඩාවන් සුව කළ නොහැකි තුවාලයක් වගේ වෙනවා.’ කියාය.

ඔහු තවදුරටත් පවසා සිටියේ ක්‍රීඩාවෙන් දේශපාලනය ඉවත් කරන ලෙස වගකිව යුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය. තවද ක්‍රීඩාවලට අදාළව නිලතල දරන දේශපාලනඥයන්ගෙන් ද එම තනතුරුවලින් ඉවත්ව සුදුසුකම් සහිත පුද්ගලයන් වෙත ක්‍රීඩාව දියුණු කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

පැරා මලල ක්‍රීඩා ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත් මොනරාගල, මාරිඅරාව, පොල්ගහගම පදිංචි අමරා ඉන්දුමතී කරුණාතිලක ක්‍රීඩිකාව ජීවත් වුණේ බොහෝ අපහසුතා මධ්‍යයේය. ඒ පිළිබඳ සැලවූ වහාම එවක මොරටුව, අඟුලාන ‘සයුරුපුර’ නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්ෂ 30ක් වටිනා නිවෙසක් පරිත්‍යාග කිරීමට සජිත් කටයුතු කළේය.

‘මම උපතින්ම ආබාධිත කාන්තාවක්. ජනතාවගේ බඩගින්න හඳුනන පුද්ගලයෙක් වශයෙන් සජිත් ප්‍රේමදාස ඇමැතිතුමාව හඳුන්වන්න පුළුවන්. ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජනතා වැඩසටහන් පිළිබඳවද අපේ වැඩිහිටියන් අපව දැනුවත් කර තිබෙනවා. 2020දී ඔලිම්පික් පදක්කමක් රටට ලබාදෙන බව මා මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරනවා.’
එදා රූපා ඉන්දුමතී ක්‍රීඩිකාව එහෙම ප්‍රකාශ කළාය. ඉන් අනතුරුව පවා ඇය විශාල ජයග්‍රහණ රැසක් ශ්‍රී ලංකාවට අත්කර දුන්නාය. සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජූඩෝ ක්‍රීඩාවලින් ජාතික හා’ජාත්‍යන්තර ජයග්‍රහණ රැසක් අත්කර ගත් චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයාටද නව’නිවෙසක් පිරිනැමීය. ගම්පොළ, වැවැතැන්න, දෙමොදරවත්තේ පදිංචි චාමර නුවන් ධර්මවර්ධන ක්‍රීඩකයා 2018 ස්ලෝවේනියාවේ’පැවති යුරෝපා ජූඩෝ තරගාවලියේ ප්‍රථම ස්ථානය, 2018 ඔස්ටේ්‍රලියාවේ පැවැති අන්තර්ජාතික ජූඩෝ’තරගාවලියේ දෙවැනි ස්ථානය, 2016 ඉන්දියවේ පැවැති සාක් ජූඩෝ තරගාවලියේ දෙවැනි ස්ථානය, 2016’බ්‍රසීලයේ පැවැති රියෝ ඔලිම්පික් ජූඩෝ තරගාවලියේ 09 වැනි ස්ථානය දිනා ගැනීම සහ 2013, 2014, 2015,’2016, 2017 සහ 2018 වසරවල පැවැති ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ජූඩෝ තරග ඉසව්වෙන් ප්‍රථම ස්ථානය’දිනාගැනීම හා දක්ෂතම ක්‍රීඩකයා වීම ඇතුළු ජූඩෝ ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ’ජයග්‍රහණ රැසක් හිමිකරගෙන ඇත.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට වසර 40ක් සපීරීම නිමිත්තෙන් ග්‍රාමීය බලප්‍රදේශවල ඉඩමක් හා’නිවෙසක් නොමැති දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් දිස්ත්‍රික්ක 25 තුළ කඩිනමින් ක්‍රීඩා ගම්මාන’ඉදිකිරීමට සජිත් පියවර තැබීය.

නාමල් යනු මේ රටේ සිටි ක්‍රීඩා ඇමැතිය. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවේ බලසම්පන්නම ඇමැතිවරු කිහිප දෙනා අතර කෙනෙක්ය. හැබැයි සජිත් යනු මේ රටේ සිටිය නිවාස ඇමතිය. ඔහුට ලැබුණේ හයට කැඩුව අමාත්‍යාංශ කෑල්ලකි.

නාමල් ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළ වකවානුව තුළ රටට ඉතිරි කළේ මොනවාද කියා රටම දනී. සජිත් නිවාස ඇමැති ලෙස සිටිය කාලය තුළ කළේ මොනවාද කියාත් කියා රටම දනී.

ට්‍රික්සි ජයවර්ධන

SendShareShare
Previous Post

කූඨ ‌ලේඛන ඉදිරිපත් කරලා! උප්පැන්න දෙකක් තියෙනවා! අයිඩෙන්ටි කාඩ් දෙකක් තියෙනවා! බ්‍රිතාන්‍ය පුරවැසියෙක්! ලංකාවේ ඉන්නෙත් වීසා නැතිව! ඇමති ඩයනා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! (VIDEO)

Next Post

එදා මට අපහාස කළා! උපහාස කළා! හිනාවුණා! අද මොකද්ද ගම්බද දැරියන්ට වෙලා තියෙන්නේ! ජනාධිපති ජන්දෙ ‘පෑඩ් මෑන්’ කතාව යළි කරළියට! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.