ජනාධිපතිවරයා විසින් රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදුන් ඩයනා ගමගේ මහත්මියට මෙරට පුරවැසිභාවය නොමැති බවත්, ඇය නීති විරෝධී ලේඛන ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් දේශපාලනයේ නිරත වන බවත් පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර ස්වාමින්වහන්සේ පවසනවා.
උප්පැන්න සහතික දෙකක් සහ ජාතික හැඳුනුම්පත් දෙකක් හිමි ඩයනා ගමගේ නම් වංචනික කාන්තාවට රාජ්‍ය ඇමැති ධුරයක් ලබාදුන්නේ කෙසේදැයි ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කරන බවද ආනන්ද සාගර හිමියන් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියා.