• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවියෙනි ඔබ කොහිද I Sri Lanka Latest News

July 13, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කවුරුන් විසින් ගණන් ගත්තාදැයි කිසිම මූලාශ්‍රයක සඳහන් නොවනමුත් ලංකාවාසීන්ට දෙවි දේවතාවෝ එක්කෙනෙක් දෙන්නෙක් නොව කෝටි තිස්තුනක් සිටියි.(Sri Lanka Latest News)

එහෙත් ඉන්නංවාලේ ඉන්නා දෙවි දේවාතවුන් මෙන් නොව, ලාංකිකයාගේ හදවතට දැනෙන්නට වැඩඉන්නා දෙවිවරු ඉන්නේ අතළොස්සක් බව ලියුම්කරුගේ විශ්වාස‍යයි. අන්න ඒ ආකාරයේ දෙවිකෙනකු ලෙස කතරගම වැඩසිටින කඳ සුරිඳුන් දැක්විය හැක්කේය.

හින්දු බැතිමතුන් ස්කන්ධ කුමාරයා ලෙසත්, ද්‍රවිඩ බැතිමතුන් මුරුගන් ලෙසත්, සිංහල බෞද්ධයන් කඳසුරිඳු ලෙසත්, මෙරට ආදිවාසී ප්‍රජාව කන්දේ දෙවියන් ලෙසත් හඳුන්වන කතරගම දෙවියන්ට ඇත්තේ ඉන්දීය සම්භවයක් බව පිළිගත් මතයය.

එහෙත් උන්වහන්සේ ඔකඳ තොටුපොළෙන් මෙරටට ගොඩබට අවස්ථාවේ තමන්ට සෙවණක් සාදා දෙන්නැයි කළ ඉල්ලීම අවට ජීවත්වූ දෙමළ ජනයා සැලකිල්ලට ගෙන නැත. එහෙත් එහි සිටි සිංහල ජනයා කොළ අතු සෙවිලි කර කුඩා මඩුවක් ඉදිකර කඳ සුරිඳුන්ට සෙවණ සදා දී තිබේ.

අද දක්වාම අකඳ සුරිඳුන්ට ආවතේව කරන කපු ධුරය සිංහලයන්ට හිමිවීමට හේතුව මෙම සිදුවීම බවත්, කතරගම මහ දෙවොල ඉදිරිපිටට අතු පන්දලමක් ඉදිවීමට හේතුව එදා සිහල ජනයා කඳ සුරිඳුන්ට සෙවණ පිණිස ඉදිකළ අතු පැල සිහිකිරීම බවත් කතරගම දෙවොල හා සම්බන්ධ කතා පුවත්වල කියැවේ.

කතරගම දෙවොල හා බැඳී ඇති සංස්කෘතිය සැබැවින්ම අපූරු එකකි. එය ජන ජීවිතයට කෙතරම් ළඟින් යන්නේද කිවහොත් ඇතැම් තැන්හි දේව භක්තිය සහ බැතිමතුන්ගේ උද්වේගකර වන්දනා විධි අතර ඇත්තේ කෙස් ගසක පරතරයකි.

විශේෂයෙන්ම කාවඩි නැටුම් වැනි අංගවලදී භක්තිය පරයා නැගී එන විනෝදාශ්වාදය දැකගත හැකිය. කලකට පෙර ක්ලැ‍රන්ස් විජේවර්ධන ගැයූ ‘කඳ සුරිදුනි ඔබේ’ ගීතය පවා රට පුරා ජනප්‍රිය වූයේ භක්තිය නිසාම නොව එහි වූ වේග රිද්මයද නිසාය. අදටත් කතරගම පෙරහැරේ කාවඩි නටන අය අතර ජනප්‍රියම වාදනය එයයි. මේ ආකාරයෙන් ලංකවේ ජන ජීවිත හා එකට වෙළී ඇති කතරගම දේවාලය සහ එහි රසවත් සිදුවීම් බොහෝය.

පසුගිය සතියේදී නිමාවූ එහි වාර්ෂික ඇසළ මංගල්‍ය නිසා තවමත් ජන සමාජයේ වැඩි අවධානය කතරගමට හිමිව තිබීමේ පුදුමයක් නැත. එහෙත් කතරගම ඇසළ පෙරහැරේ එක් මුඛ්‍ය අංගයක් වන ගිනි පෑගීමේ කටයුත්තට මෙවර බාධා සිදුව ඇත. ඊට හේතුව ඒ සඳහා සූදානම් කර තිබූ ස්ථානය වෙනස් කිරීමට බස්නායක නිලමේ හදිසියේ ගන්නා ලද තීරණයකි.

කපු මහතුන්ගේ විරෝධය හමුවේ ගිනි පාගන තැන වෙනස් කිරීමට බස්නායක නිලමේද එකඟ වූයේ නැත. සිද්ධිය දුරදිග ගොස් අවසානයේදී කපුමහතුන් එක්ව බස්නායක නිලමේට පහරදීමට පවා සූදානම් වූ බව වාර්තා වේ. එමෙන්ම ගියවර ඇසළ පෙරහැරේ කාගේත් අවධානය දිනාගත් මොනර කිරිල්ලී ගීතයට ඉදිරිපත් කළ මොනර නැටුම මෙවර ඇතුළත් නොවීමත් සමාජයේ අවධානය දිනාගනිමින් තිබේ.

එහෙත් කතරගම ඇතිව ඇති ප්‍රශ්නවල හැටියට මේවාත් ප්‍රශ්නදැයි ඔබට සිතෙන්නට පුළුවන. අද ඊයේ සිට නොව කාලයක සිට කතරගම සිදුවන ඇතැම් දේ දේවාලයක තබා සිල්ලර කඩයකවත් සිදු නොවිය යුතු තරමේ ඒවා බව ඒ පිළිබඳ සොයා බැලීමෙදී තහවුරු වෙයි.

මෑත භාගයේ බැතිමතුන් තැතිගැන්වූ සිදුවීමක් ලෙස කතරගම, කිරිවෙහෙර භූමියේ 2018 වසරේ සිදුකළ වෙඩිතැබීම දැක්විය හැකිය. කිරිවෙහෙර යනු බෞද්ධයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි. කතරගම දෙවොල වඳින්නට පෙර කිරිවෙහෙර වහන්සේ වැඳපුදාගන්නට බැතිමතුන් පෙලඹී සිටින්නේ ඒ නිසාය. ඒසා බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වූ කිරිවෙහෙර පිහිටා ඇත්තේ කතරගම දෙවිඳුන් වැඩසිටින දේවාලය පිහිටි බිමේමය.

ලංකාවේ පමණක් නොව, ලෝකය පුරා බැතිමතුන්ගේ ගෞරවාදරයට ලක්වූ ඒ බිමේද අදින් වසර හතර පහකට පමණ පෙර තුවක්කු පත්තු වූයේ කිරිවෙහෙර පන්සලේ නායක කොබවක ධම්මින්ද නාහිමි ඉලක්ක කරගෙනය. 2018 වසරේ සිදුවූ එම වෙඩිතැබීමෙන් කිරිවෙහෙරේ නායක හිමියන්ට අමතරව තවත් එක් භික්ෂුන්වහන්සේ නමක් වෙඩිපහරට ගොදුරු වූයේය.

වඩාත් අවාසනාවන්ත සිදුවීම නම් මෙම වෙඩිතැබීම පසුබිමේ ඇත්තේද කතරගම දේවාලය පසුබිම් වූ කතාවක් වීමය. කතරගම මහසෙන් දේවාලයේ අයිතිය සම්බන්ධයෙන් ඇතිව තිබූ ගැටලුව විසඳාගත නොහැකි වූ තැන දෙපාර්ශ්වය අධිකරණය හමුවට යන ලදී.

එහිදී මහසෙන් දේවාලයේ අයිතිය කිරිවෙහෙරේ නායක කොබවක ධම්මින්ද හිමිට හිමි විය. එහෙත් දෙවියන්ගේ නීතිය නොතැකූ එම දේවාලයේ හිටපු කපුමහතෙක් අධිකරණයේ තීන්දුවද පිළිගැනීමට සූදානම් වූයේ නැත. අවසානයේ චිකාගෝ පන්නයේ පාතාල ක්‍රියාන්විතයකින් ගනුදෙනුව බේරාගන්නට සිතූ කපුමහතා, තමාගෙම ජීප් රථයෙන් සිය පාතාල මැරයන් තිදෙනෙක්ද කැටුව විත් ධම්මින්ද හිමිටත් තවත් හිමිනමකටත් වෙඩිතබා පලා ගියහ. අවසානය දෙවියන්ගේ භූමියටත් පොලිස් ආරක්ෂාව සපයන්නට සිදුවිය.

දේවාලයක බස්නායක නිලමේ ධුරය යනු එකී දේවාලයට පමණක් නොව රටේම මහා බලසම්පන්න තනතුරකි. අන් දේවාල කෙසේ වෙතත් කතරගම දේවාලය සම්බන්ධව මෙම තත්ත්වය විශෙෂයෙන් අදාළය. එහෙත් මෑත ඉතිහාසයේ කතරගම දේවාල බිමේ ඇතිවූ අර්බුද බහුතරයකටම බස්නායක නිලමේගේ නම ගෑවී ඇත. කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධුරය සම්බන්ධ අතීත කතාව සියවස් ගණනක් ඈතට ඇදී යන්නකි.

දුටුගැමුණු මහ රජතුමාගේ මාමා කෙනකු වන ගොරහරදුගම භාතිය තිස්ස කුමාරයා ක්‍රි.ව. 1453දී කතරගම දෙවි හාමුදුරුවන්ගේ ගිහි භාරකරු හෙවත් බස්නායක නිලමේ ලෙස ප්‍රථමවරට පත්වන්නේ දුටුගැමුණු රජු විසින් කතරගම දෙවියන් වෙනුවෙන් එළාර යුද්ධය ජය ගැනීමේ බාරය ඔප්පු කිරීම සඳහා කඳ සුරිඳුන්ට දේව මාලිගාවක් ඉදිකිරීමෙන් පසුවය.

එදා ඒ ආකාරයෙන් ඇරැඹි කතරගම බස්නායක නිලමේ ධුරය සියවස් ගණනාවක් පියාගෙන් පුතාට, සහෝදරයාගෙන් සහෝදරයාට ආදී වශයෙන් පරම්පරාගතව පැවැත එන්නට වූයේය. එහෙත් පසුකාලීනව බි්‍රතාන්‍යයන් විසින් ලංකාව යටත් කරගැනීමෙන් පසුව ගෙන ආ 1931 විහාර දේවාලගම් පනතින් කතරගම බස්නායක නිලමේවරයා තෝරාගැනීමට ඡන්ද ක්‍රමයක් ආරම්භ කෙරිණි.

වර්තමානයේ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තෝරන ඡන්දයට ඡන්දදායකයෝ 17 දෙනකු සහභාගි වෙති. බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා ඉදිරියේ ඒ සඳහා ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව හිමිව ඇත්තේ කතරගම අභිනවාරාම විහාරාධිපති හිමියන්ට, වැඩසිටි කන්ද විහාරාධිපති හිමියන්ට, කිරි වෙහෙර විහාරාධිපති හිමියන්ට, සෙල්ලකතරගම මහසෙන් විහාරාධිපති හිමියන්ට, කතරගම දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයාට, කොටබෝව දේවාලයේ බස්නායක නිලමේවරයාට සහ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් 11 දෙනාටය.

මේ තරම් සංකීර්ණ ආකාරයෙන් බස්නායක නිලමේ තෝරන්නේ දේවාලය සතු මහා දේපොළේ ආරක්ෂාව ගැන සිතාය. බැතිමතුන් නොදන්නවාට කතරගම දේවාලය සතු ඉඩම් ප්‍රමාණය දළ වශයෙන් අක්කර 17,000කට ආසන්නය. දේවාලයට පූජා කරන පූජා වට්ටිවලට අමතරව අතැම්හු රන් රිදී මුතු මැණික් ආදියද පූජා කරති. ඒ ආකාරයෙන් බලන කල කතරගම දෙවොල සතු වත්කම් ගිණිය යුත්තේ රුපියල් බිලියනවලිනි.

බස්නායක නිලමේ යනු මේ සියලු ධන සම්පත්හි භාරකාරයාය. කෙසේ වෙතත් මෑතක සිට බස්නායක නිලමේ සහ කපුමහතුන් අතර ගොඩනැගෙමින් ඇත්තේ අනවරත අරගලයකි. බොහෝ කපුමහතුන් දේවාලයේ වස්තුව සඟවන බව කතරගම බස්නායක නිලමේවරුගේ පැත්තෙන් නිතර ඇහෙන කතාවකි.

වර්ෂ 2015 දී බස්නායක නිලමේ ලෙස ඡන්දයෙන් තෙරී පත්වූ ඩී.පී. කුමාරගේ සහ කපුමහතුන් අතර දෙවසරක් පුරා වර්ධනය වෙමින් පැවැති ආරවුල ගුටි කෙළියක් දක්වා දිග්ගැසුණේ 2017 වර්ෂයේ අගෝස්තු මස 08 වැනිදාය. කතරගම දෙවියන්ගේ වඩාත් සමීපතම හිහි පාර්ශ්ව දෙකේ ගැටුම විසඳීමට අවසානයේ මැදිහත් වීමට සිදුවූයේ පොලිසියටය.

දිගුකලක සිට පැවැත එන බස්නායක නිලමේ සහ කපුමහතුන්ගේ ආරවුලට හේතුව කතරගම ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල රත්නායක පවසන ආකාරයට ‘වැඩි මාස ගැටලුව’යි. වැඩි මාස ගැටලුව යනු, කපු මහතුන්ට වසරේ මාස බෙදාදීමෙන් අනතුරුව ඉතිරි වෙන මාස බෙදාදෙන ආකාරයයි. කෙසේ වෙතත් බස්නායක නිලමේ සහ කපුමහතුන්ගේ ගැටලුව නිසා දින දෙකක් දේවාලය වසා තේවාව නොමැතිව තැබීමටත් සිදු වූ බව මෙහිලා සඳහන් කළ යුතුය.

සාමාන්‍ය වශයෙන් කතරගම දේවාලයේ ගෙවදුන කපුමහතුන් ගණන පස්දෙනෙකි. මේ පස් දෙනාට තුණ්ඩු ඇදීමෙන් තේවාව සඳහා මාස වෙන්කර දෙයි. ඉතිරි මාස හත බස්නායක නිලමේ භාරයේ පවතින අතර, එය ඔහුගේ අභිමතය අනුව පෙර සඳහන් කපු මහතුන් අතර බෙදාදෙයි. එහිදී ලැබෙන ආදායමෙන් කොටසක් බස්නායක නිලමේටද හිමිවන බව පැවැසේ. මාස දහයක කපු ධුර බෙදීගිය පසු ඉතිරි මාස දෙකේ ආදායම පෙරහැර මංගල්‍යය සඳහා යොදාගනී.

ගැටලුව මතුවන්නේ ඉතිරි මාස පහ කපු මහතුන් අතර බෙදාදීමේදීය. වැඩි මාස බෙදාදීම වෙන්දේසියක් වගේ යැයි සොමිපාල රත්නායක කපු මහතා පවසන්නේ ඒකය. එහෙත් ඩී.පී. කුමාරගේ බස්නායක නිලමේ තවත් කපු මහතුන් පස් දෙනෙක් ගෙවද්දමින් වැඩි මාස ඒ අයට බෙදාදී ඉතිරි මාස දෙක පෙරහැර මංගල්‍යය සඳහා යොදාගත්තේය. එහෙත් කපුමහතුන් සහ නිලමේලා අතර අරගලය නිමාවූවේ නැත. දේවාලයේ යතුරු ඔසවාගෙන දෙපාර්ශ්වයම පොලිසි ගියේ වතාවක් දෙකක් නොවේ.

කතරමග දේවාලයට පූජා කරන ධනය දෙවියන්ගේ යැයි අප සිතුවාට නීතිය හමුවේ එම ධනය මහජන මුදල් ලෙස සලකන්නේය. එහෙයින් 2015න් පසු කතරගම දෙවාලයේ අරමුදල් පිළිබඳ විගණකාධිපති වාර්තාවක් නිකුත් විය. එමගින් එවක සිටි බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේගේ ක්‍රියාකලාපයන් පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වූයේය.

එහි ප්‍රතිඵලයක් ලෙස 2018 වසරේදී බස්නායක නිලමේ ඩී.පී. කුමාරගේ ධුරයෙන් නෙරපා වැඩබලන බස්නායක නිලමේ කෙනෙක් පත්කරන්නට බෞද්ධ කටයුතු කොමසාරිස්ට සිදුවිය. ඉන්ධන පි‍රවුම්හල් හිමියෙක් වූ කුමාරගේ, කතරගම දේවාලයේ වාහන සඳහා තම ඉන්ධන පිරවුම්පොළවලින් තෙල් ලබාගෙන ඇත.

2016 ඇසළ පෙරහැරේදී පමණක් ඔහු ඩීසල්වලින් ඉපැයූ මුදල රුපියල් 5,016,000කි. එවර මහනුවර සිට කතරගමට ඉන්ධන ප්‍රවාහනය සඳහා යැයි කියමින් රුපියල් 146,875ක් ලබාගෙන ඇත. 2017 ඇසළ පෙරහැරේදී තමන්ගේ පිරවුම්හල්වලින් ඩීසල් ගසා ඔහු හම්බකර ඇති මුදල රුපියල් 1,254,000කි. මේවා විගණකාධිපති දෙපාර්තමේන්තුව සිදුකළ විශේෂ විගණන වාර්තාවකින් හෙළිවිය.

කතරගම දේවාලයේ අර්බුද ඇත්තේ නිලමේ සහ කපුවන් අතර පමණක් නොවේ. දේවාලයට බැතිමතුන් පූජා කරන රන්, රිදී, මුතු, මැණික් ආදිය සම්බන්ධ ගැටලු රැසක්ද වෙයි.

කතරගම දේවාලයට බැතිමතුන් පූජා කරන රන් භාණ්ඩ සම්බන්ධව අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් වෙයි. ඒ අනුව කතරගම දෙවියන්ට පූජා කරන රන් භාණ්ඩ කපු මහතුන් විසින් බස්නායක නිල කාර්යාලය වෙත ලබාදීමේ නීතියක් පවතී. එහිදී එම රන් භාණ්ඩයේ බර කිරා බලන අතර, එහි ස්වභාවය ලේඛනගත කර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීම සිදුවේ.

අදාළ භාණ්ඩය දේවාලයට ලැබීමෙන් පසුව අදාළ මාසයේ තේවා භාර කපුමහතා භාරගෙන එය සුරක්ෂිතව දේවාලයේ මාලිගයේ තැන්පත් කිරීම සිදුකළ යුතුය. මාස කීපයකට වරක් දේවාලයට පැමිණෙන බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙලෙස ලැබී ඇති රන්භාණ්ඩ පිළිගත් බැංකුවකට ඉදිරිපත් කර බර කිරා, එම රණ් භාණ්ඩ උරගා බැලීමෙන් පසුව නැවත දේවාලයේ තැන්පත් කිරීම සිදුවේ. අදාළ භාණ්ඩය දේවාලයට ලැබීමෙන් පසුව අදාළ මාසයේ තේවා භාර කපුමහතා භාරගෙන එය සුරක්ෂිතව දේවාලයේ මාලිගයේ තැන්පත් කිරීම සම්ප‍්‍රදායයි.

දේවාලයට අදාළ සියලු‍ම භාණ්ඩ ලේඛනගත කර දේවාලයේ ගබඩා භාරකාර කපු මහතා භාරයට ගනු ලබයි. මේ ආකාරයෙන් විධිමත් සහ නීත්‍යනුකූල ක්‍රමවේදයක් දෙවියන්ට පූජා කරන භාණ්ඩ සම්බන්ධව පවත්වාගෙන ගියද ඒ සියල්ලෙන් රිංගා වටිනා භාණ්ඩ පිල්ලි යන අවස්ථා නැත්තේද නොවේ. වරක් බැතිමතෙක් කතරගම දෙවියන්ට පූජා කළ පවුම් 35ක රන් තැටියක් අතුරුදන් වීම ඊට හොඳම උදාහරණයකි.

මේ රන් තැටිය පූජා කර තිබෙන්නේ 2019 වසරේදීය. එහෙත් එම තැටිය අතුරුදන්ව ඇති බව දැනගන්නේ 2021 වසරේදීය. ඒ, බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර විසින් පොලිස්පතිට කරන ලද පැමිණිල්ලක් මත කොළඹ විශේෂ දූෂණ මර්දන ඒකකයෙන් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂණ ඇරඹීමත් සමගය. කතරගම දෙවියන්ගේ දිව නෙතට හසු නොවූ රන් තැටිය හොරකම් කළේ කවුදැයි තවමත් හෙළිව නැත. (මෙම රන් තැටිය අතුරුදන් වී ඇත්තේ බස්නායක නිලමේ ධුරයට ඩිල්ෂාන් ගුණසේකර පත්වීමට පෙරය)

කතරගම අසිරිමත් පුදබිමේ සිදුවන මේ ආකාරයේ තක්කඩි වැඩ පිළිබඳ ඉදිරියේදී හෝ සොයාබලා කටයුතු කරන්නේ නම් මැනැවි.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මුතුරාජා ලංකාව ගැන ලෝකෙටම දුන්නු මාර පණිවුඩය I Sri Lanka Latest News

Next Post

රජයේ හදිසි ප්‍රතිකාර ඒකකවල හිටපු විශේෂඥ වෛද්‍යවරු 30 දෙනාගෙන් 23 දෙනෙක්ම රට හැර ගිහින්! Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.