• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි… කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි… රත්නමාලී සෑ රදුන් මේ දෙව් බඹුන් පූජා ලබයි… මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි… දේශපාලනඥයිනි! නිහාල් ඒ. ජයසිංහ මැතිඳුන් ලියපු මොහිදින් බෙග්-සුජාතා අත්තනායක කියපු මේ සින්දුවත් අහපල්ලා I Sri Lanka Latest News

December 28, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 237ක් ගිය තැන ධර්මාශෝක මහාධිරාජයාගේ උදාරතර ධර්මවිජය ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස මහා මහින්ද මහරහතන් වහන්සේගේ ආගමනයත් සමග ලක්දිව සම්බුද්ධ දර්ශනයේ ආලෝකයෙන් ප්‍රභාවිත වන්නට විය. එතැන් පටන් මහා විහාර ථෙරවාද සම්ප්‍රදායේ ජන්ම භූමිය ලෙස සම්භාවනාවට පාත්‍රවන මිහින්තලා පුදබිම ලාංකේය බෞද්ධ සංස්කෘතියේ තිඹිරිගෙයයි.(Sri Lanka Latest News) දෙස් විදෙස්හි පතළ ලාංකේය සංස්කෘතික ප්‍රෞඪත්වය ලොවට විදහා දක්වන මෙම පුණ්‍ය භූමිය පරපුරෙන් පරපුරට රැකගනු වස් රජ දරුවන් මෙන්ම මහාමාත්‍යාදීන් සිදුකරන ලද අසිරිමත් පූජාවන් පිළිබඳ ඓතිහාසික තොරතුරු වංශකතාවන්හි අන්තර්ගත වේ. ථෙරවාද ධර්ම කෝෂ්ඨාගාරය ලෙස චිරසම්භාවිත ලාංකේය බෞද්ධ සංස්කෘතිය අනන්‍යතාවන්ගේ ශ්‍රේෂ්ඨත්වය ලොවට විදහා දක්වන මිහින්තලා පුදබිම හුදු සිද්ධස්ථානයක් හෝ පෞරාණික ආරාම සංකීර්ණයක් නොව, එය මෙරට බෞද්ධ උරුමයේ න්‍යෂ්ටිය මෙන්ම ලාංකේය භික්ෂු ශාසනයේ ප්‍රභවස්ථානයයි…’

කුමක්ද මේ බැරෑරුම් එමෙන්ම ශාසනමාමක වදන් පෙළ? මෙම වගතුග අපට අසන්නට ලැබුණේ මෙයට දින කිහිපයකට පෙර ඇතිවූ එක්තරා සුවිශේෂ සිදුවීමකිනි. මිහින්තලා පුදබිම යනු අප සියල්ලෝම හොඳින් දන්නා මෙරට ඇති ප්‍රධානතම බෞද්ධ සිද්ධස්ථානයකි. එහෙත් මෙම උතුම් පුදබිම ගැන දැනට මාස ගණනාවක සිට අපට අසන්නට ලැබී ඇත්තේ යම් අර්බුදකාරී තත්ත්වයකි. එනම් මිහින්තලා විහාරස්ථානයේ පාලනය සහ මෙරට රාජ්‍ය පාලනයත් සමග ඇතිවූ යම් විරසකභාවයකි. මෙම තත්ත්වය දැන් විශාල ප්‍රශ්නයක් බවට පත්ව ඇත. ඉහත මෙම ලිපියේ මුලින් ඔබ ලියා තැබුවේ එම අර්බුදයට අදාළව ප්‍රකාශිත වී තිබුණු යම් ලේඛනයක වගතුගකි.

මෙම ලියවිල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලියා තබන්නේ මෙරට බෞද්ධ ශාසනයේ ප්‍රධානතම පාර්ශ්ව දෙක වශයෙන් සැලකෙන මල්වතු මහා විහාරය සහ අස්ගිරි මහා විහාරය විසිනි. එම විහාරයන්හි මහානායක හිමිවරුන් දෙපළ වන මල්වතු මහා විහාර මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමිපාණන් සහ අස්ගිරි මහාවිහාර මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද හිමිපාණන් විසින් මෙම සුවිශේෂ ලිපිය ජනාධිපතිවරයා වෙත ලියා තබයි. එම ලියවිල්ලේ තවදුරටත් මෙසේ සඳහන්ව ඇත.

‘බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජය මෙම ඓතිහාසික උරුමය සුරක්ෂිත කරලීමෙහිලා අප්‍රමාදීව ව්‍යාවෘත විය යුතු බව අපි තරයේ විශ්වාස කරමු. එහෙයින් මිහින්තලා පූජා භූමිය තුළ සිදුකෙරෙන සංවර්ධන කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ ශ්‍රම දායකත්වය ලබාදීම අඛණ්ඩව සිදුකළ යුතු බව දන්වා සිටිමු. දැවැන්ත භූමිභාගයක් පුරා විසිරී ඇති ආරාම සංකීර්ණ, ශිලා ලේඛන ඇතුළු පුරාවිද්‍යාත්මක නටබුන් සුරක්ෂිත කොට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට පැමිණෙන උවසු උවැසියන්ගේ මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලීසියේ නිසි මැදිහත් වීම නිරන්තරයෙන් ලබාදිය යුතු බවත් මෙහිලා අවධාරණය කරනු කැමැත්තෙමු.

එහෙයින් මෙම උතුම් පුණ්‍යභූමියේ අතීත ශ්‍රී විභූතිය සුරක්ෂිත කොට මතු පරපුර උදෙසා දායාද කිරීමට ගරු ජනාධිපතිතුමන් ඇතුළු සියලු වගකිව යුතු අංශ කටයුතු කළ යුතු බව හිතාධ්‍යාශයෙන් යුතුව දන්වා සිටින අතරම, සිය යුතුකම් සහ වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් මිහින්තලා පුදබිමේ සුරක්ෂාව හා සංවර්ධනය උදෙසා ව්‍යාවෘත වීමට සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බවද මෙහිලා අවධාරණය කර සිටිම්හ…’

මෙලෙස මල්වතු-අස්ගිරි පාර්ශ්වයන්හි මහානායක හිමිවරු ජනාධිපතිවරයා වෙත එම ලිපිය යොමුකර තිබිණි. උන්වහන්සේලා මෙලෙස ජනාධිපතිවරයා වෙත මෙවැනි සුවිශේෂ ලිපියක් යොමුකිරීමට තීරණය කළේ දැනට මිහින්තලා පුදබිම ආශ්‍රිතව හටගෙන ඇති අර්බුදය හේතුවෙනි. දැනට වසරක පමණ කාලයක සිට මෙම අර්බුදය දිනෙන් දිනම උග්‍ර අතට හැරෙන්නට විය. එනම් මිහින්තලා විහාරස්ථානයේ විහාරාධිපති ධුරය දරන පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමිපාණන් සහ වත්මන් රාජ්‍ය පාලකයන් අතර විටින් විට ඇතිවූ විවිධ අමනාපයන් සහ භේදයන් හරහා මෙම අර්බුදය තීව්‍ර වන්නට ගත්තේය. එම වටපිටාවේදී නායක හිමිපාණන් විසින් මෙම අවනඩුව පසුගියදා මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන් වෙත පැමිණිලි කර සිටියහ. එම කන්නලව්වට අනුව මහානායක හිමිවරුන් දෙපළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉහත ලිපිය යොමුකළහ.

මෙම අර්බුදය පසුගිය කාලය පුරා අවස්ථා කිහිපයක්ම අදාළව ව්‍යාප්ත වන්නට විය. එම සිදුවීම් අපට වෙන වෙනම ගෙන විමසා බැලීමක් කළ හැකිය.

● පසුගිය 2023 ජුනි මාසයේදී පැවැත්වුණු මිහින්තලා විහාරස්ථාන පොසොන් උළෙල සඳහා මුදල් ගෙවීමකින් තොරව විදුලිය ලබාදීමක් කළ නොහැකි බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබීම. මිහින්තලා ආලෝක පූජාවට සහ මිහින්තලා පෙරහැරට මෙන්ම එම ප්‍රදේශයන්හි මංමාවත් සඳහා ගෙවීමකින් තොරව විදුලිය ලබාදීම සිදුකළ නොහැකි බව පොසොන් උත්සවයට පෙර විහාරස්ථානයේදී පැවැති නිල සාකච්ඡාවකදී මිහින්තලේ විදුලි අධිකාරිවරයා ප්‍රකාශ කර තිබිණි. එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මාසික වැටුප වන රුපියල් 54,285ක මුදලක් පොසොන් උත්සව විදුලි බිලට ආධාර වශයෙන් පරිත්‍යාග කර තිබිණි. එහිදී මිහින්තලේ විහාරස්ථාන නායක හිමියන් ප්‍රකාශ කර සිටියේ පොසොන් උත්සවයේ යටකී වියදම් සොයාගැනීම සඳහා තමන් ප්‍රමුඛ සංඝරත්නය පිණ්ඩපාත චාරිකාවක නිරත වන බවය.

● ඉහත තීරණයට අනුව එම සතියේම පිණ්ඩපාත චාරිකාව මිහින්තලේ මහජන පොළෙන් ආරම්භ කරන ලදී. එහිදී මුලින්ම පොළේ ව්‍යාපාරිකයන් මුදල් පරිත්‍යාග කරන ලදී. ඉන් පසුව දින කිහිපයක් එම පිණ්ඩපාත චරිකාව සිදුකරමින් සංඝරත්නය පොසොන් උත්සවය සඳහා මුදල් රැස් කළහ. මුදල් ගෙවීමකින් තොරව විදුලිය සැපයීම සිදු නොකිරීමට විදුලිබල මණ්ඩලය තීරණයක් ගෙන තිබීම රජය ගත් තීරණයක් බවට කරුණු හෙළිවිය. ඒ සඳහා අනෙක් නිලධාරීන්ට දොස් නොපවරන බවටද මිහින්තලේ නායක හිමියෝ කරුණු ප්‍රකාශ කළහ. උන්වහන්සේ මෙවැනි ප්‍රකාශයක්ද සිදුකර තිබිණි.

● ‘මේ වගේ රාජ්‍ය උත්සවයකට, පූජනීය කටයුත්තකට ඇයි මෙහෙම කරන්නේ? පාර්ලිමේන්තුවේදී කතා කළා නේද මේ ප්‍රශ්නය ගැන? ඇයි මේ පාලකයන්ට ඇස් පේන්නේ නැද්ද? කන් ඇහෙන්නේ නැද්ද? මේ පාර පන්දම් පත්තු කරගෙන තමයි පෙරහැර කරන්න වෙලා තියෙන්නේ. මිහින්තලා කන්ද තරණය කරන්න වෙලා තියෙන්නේ. මේ පොසොන් එකෙන්ම අපි මෙම අඬහැරය පටන් ගන්නවා. කිසිදු සැලකිල්ලක් රජය කරන්නේ නැති බව අපට පේනවා. මේ අයට මෙම උත්සවය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්න බැරිනම් පොසොන් උත්සවය රාජ්‍ය උත්සවයක් ලෙස ගැසට් කරපු එකත් වහාම අවලංගු කරන්න ඕනේ…’

● මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නායක හිමියන් විසින් අවස්ථා කිහිපයකදීම වත්මන් රජය හා රාජ්‍ය පාලකයන් ප්‍රසිද්ධියේ දෝෂාරෝපණයට ලක්කිරීම, ඉදිරි මැතිවරණයේදී අලුත් බලවේගයක් නිර්මාණය කරමින් ජනාධිපති ඇතුළු 225ම එළවා දමන බව උන්වහන්සේ දැඩිව අවධාරණය කර තිබිණි. උන්වහන්සේගේ මෙම විචාරශීලී ප්‍රතිපත්තිය නිසා රාජ්‍ය බලධාරීන් ආවේගයෙන් පසුවිය.

● 2023 පොසොන් උත්සවයට රජය රුපියල් ලක්ෂ 228ක මුදලක් ලබාදුන්නේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර තිබීම. මෙම ප්‍රකාශය පට්ටපල් බොරුවක් බවත්, ලක්ෂ 288ක මුදලක් කිසිසේත්ම ලබා නොදුන් බවත් මිහින්තලේ නායක හිමියන් ප්‍රකාශ කර තිබිණි. උන්වහන්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව ප්‍රකාශ කර තිබිණි. අපගේ පිණ්ඩපාත චාරිකාව හරහා අපට සැලකිය යුතු මුදලක් ලැබී තිබෙනවා. විශාල ජනතාවක් අපට ආධාර ලබාදුන්නා.

● 2023 පොසොන් උත්සවය සඳහා රජය විසින් රුපියල් ලක්ෂ 32ක මුදලක් පරිත්‍යාග කිරීම. මෙම අවස්ථාවේදී මිහින්තලේ නායක හිමියන් ප්‍රකාශ කළේ මෙසේ රජයෙන් තඹ දොයිතුවක්වත් මුදල් අවශ්‍ය නැති බවත්, ජනතාව විසින් ආධාර වශයෙන් රුපියල් ලක්ෂ 50කට වැඩි මුදලක් පරිත්‍යාග කර ඇති බවත්ය. එම මුදල් භාවිත කරමින් පොසොන් උත්සවය පවත්වන බවද උන්වහන්සේ පැවැසූහ. මූල්‍ය කළමනාකරණය පිළිබඳ බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රය මගින් මනාව දේශනා කර ඇති බවත්, ආර්ථික ඝාතකයන් ලෙස හඳුන්වන පුද්ගලයන් විසින් මූල්‍ය කළමනාකරණය සංඝරත්නයට ඉගැන්විය යුතු නැති බවත් උන්වහන්සේ පැවැසූහ.

● ලංකා විදුලිබල මණ්ඩලය විසින් පසුගිය අගෝස්තු මස 02 වැනිදා මිහින්තලේ රජමහා විහාර භූමියේ විදුලිය විසන්ධි කිරීම සිදුකළේය. එම ස්ථානයෙහි නොගෙවූ විදුලි බිල රුපියල් ලක්ෂ 41ක් යැයි ප්‍රකාශයට පත්විය. මිහින්තලේ නායක හිමියන් ප්‍රකාශ කර සිටියේ තමන් වහන්සේ වත්මන් පාලකයන්ට එරෙහිව ඍජුව කතාකරන හෙයින් මෙසේ පලිගැනීම් සිදුකරන බවයි. දේශපාලකයන් තමන්ගේ ආසන බේරාගැනීම සඳහා ශාසනයෙන් පලිගන්නා බව පවසා සිටියහ. මෙසේ විදුලිය විසන්ධි කිරීම නිසා පූජා භූමියේ අක්කර දහසක පමණ ප්‍රමාණයක් අඳුරේ පැවැතිණි. සැදැහැවතුන් සහ විදේශ සංචාරකයන් හුළු අතු සහ පන්දම් දල්වාගෙන විහාරස්ථානයට පැමිණියහ.

● රජය විසින් මිහින්තලා රජමහා විහාර භූමියේ විදුලිය විසන්ධි කර හරියටම දින දෙකක් යන්නට මත්තෙන් එම රුපියල් ලක්ෂ 41ක විදුලි බිල්පත සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත් වීම මත ගෙවාදමා නැවත විදුලිය ලබාදීමට කටයුතු කර ඇත. විදුලි බලය විසන්ධි කළ දිනයේදීම සජිත් ප්‍රේමදාස මහතා මිහින්තලා විහාරස්ථානයට පැමිණ තත්ත්වය සොයා බලා මිහින්තලේ නායක හිමියන්ට ප්‍රකාශ කර ඇත්තේ සමගි ජන බලවේගයේ මැදිහත් වීමෙන් ප්‍රශ්නය විසඳුමකට පත්කරන බවයි. ඒ අනුව සමගි ජන බලවේගයේ සාමාජිකයන්ගේ සහ දානපතියන්ගේ පරිත්‍යාගයන්ගෙන් මුදල් එක්රැස් කර බිල්පත ගෙවාදමන ලදී. රජය ඉතා නිහීන ආකාරයෙන් මෙම ක්‍රියාව සිදුකළේ යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දෝෂාරෝපණය කර තිබිණි.

● මිහින්තලේ පූජා භූමියෙහි හමුදා ඇඳුමින් සැරසුණු යම් සැකකටයුතු පුද්ගලයන් දෙදෙනකු සිටි බවට විහාරාධිපති නායක හිමියන් චෝදනා කිරීම. තමන් වහන්සේ ඝාතනය කිරීම සඳහා මෙවැනි පුද්ගලයන් යොදවා ඇති බවට වූ සැකය ගැන උන්වහන්සේ කරුණු ප්‍රකාශ කර සිටීම. පොලිසිය එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම. මෙම සිදුවීමත් සමග රජය එතෙක් මිහින්තලේ පූජා භූමියේ යොදවා තිබුණු යුද හමුදා සාමාජිකයන් සියල්ලන්ම ඉවත් කරගැනීම. මෙම අර්බුදය හමුවේ රජය පූජා භූමියේ කටයුතු සඳහා යොදවන ලද යුද හමුදා සාමාජිකයන් 250ක් එම භූමියෙන් ඉවත් කරගන්නා ලදී. ඉන් පසුව ආරක්ෂාවට පොලිසියේ සාමාජිකයන් පමණක් යොදවන ලදී. මේ ආකාරයට මෙම මිහින්තලා අර්බුදයේ පිටු තවමත් පෙරළෙමින් ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත් සක්වලත් අරන් හෙට අනුරාධපුරයට! 57 වන සුහුරු පන්ති කාමරය හබරණ මහාවිද්‍යාලයට! 58 කලාවැව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයට! VIDEO I Sri Lanka Latest News

Next Post

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර වැරදිකරුවන් වූ ලංකාවේ ජනාධිපතිවරු I Sri Lanka Latest News

MORE NEWS

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

Load More
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

වියළුව ආසනයේ කන්දකැටිය ප්‍රා. ලේ කොට්ඨාශයට අදාළ එකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය ඊයේ පැවැත්වුණා.Sri Lanka Latest News ඒකාබද්ධ ගොවි සංවිධානයට ගොව්...

Read more

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.