• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර වැරදිකරුවන් වූ ලංකාවේ ජනාධිපතිවරු I Sri Lanka Latest News

December 28, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව, එම අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට ජනාධිපතිවරු පවා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කරනු ලැබ තිබේ.(Sri Lanka Latest News)

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ‘ජනාධිපතිට බැරි පිරිමියෙක් ගැහැනියක් කරන්නයි, ගැහැනියක් පිරිමියෙක් කරන්නයි විතරයි‘ යනුවෙන් අපගේ සමාජයේ ප්‍රකට කියමනක් තිබේ.

එහෙත් මෙම වන විට ‘මූලික අයිතිවාසිකම්‘ යටතේ ජනාධිපතිවරයාගේ ක්‍රියාකාරකම් නීතිය ඉදිරියේ අභියෝගයට ලක්කළ හැකි අවස්ථා වඩාත් පුළුල් වෙමින් පවතින බව මෑත කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත්කිරීමට යෙදුණු නඩු තීන්දු පිරික්සීමේදී පෙනී යයි.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වාදී මේ වන විට වසර 45ක් පමණ ඉක්මගොස් ඇති අතර, එම කාලසීමාව තුළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වරදකරුවන් කෙරුණු ජනාධිපතිවරු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් විමසා බලමු.

මුලදී, 1978 වසරේ සම්මත කළ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අපරාධ හෝ සිවිල් නඩුවක් ගොනු කළ නොහැකි බව සඳහන් කර තිබුණි.

එහෙත් 2015 වසරේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයා විසින් සිදුකරනු ලබන නිල කටයුතුවලට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීමේ අවකාශය උදාකර දුන් බව, ප්‍රකට මානව හිමිකම් මෙන්ම ආණ්ඩුක්‍රම නීතිවේදියකු වන ලක්ෂාන් ඩයස් ප්‍රකාශ කළේය.

”‍වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට මුක්තියක් ලබාදී තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාව තුළින් තමයි එම මුක්තිය හිමිවුණේ. ඒ අනුව ජනාධිපතිවරයා විසින් කරනු ලබන කිසිදු ක්‍රියාවක් සම්බන්ධයෙන් සිවිල් හෝ අපරාධ නඩු ගොනු කිරීමේ අවකාශයක් හිමිවුණේ නැහැ.ඳා

”‍එහෙත් 2015 වසරේ සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් එම තත්ත්වය වෙනස් වුණා. එම සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන විධායක ක්‍රියාවන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීමේ අවකාශය පුරවැසියන්ට හිමි වී තිබෙනවා. ඒ යටතේ ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන නිල කටයුත්තක් සම්බන්ධයෙන් අතෘප්තියට පත්වන පාර්ශ්වයක් වේ නම් නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ හමුවේ මූලික අයිතිවාසිකම් නඩුකර ඉදිරිපත් කිරීමට අවකාශ සලසා දී තිබෙනවා,”‍ යනුවෙන් නීතිවේදී ලක්ෂාන් ඩයස් සඳහන් කර සිටියේය.

ජනාධිපතිවරයාට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුකර ගොනු කිරීම සඳහා දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් එම නීතිමය ප්‍රතිපාදනය, මෑතකදී සම්මත කරගත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළත් ඒ ආකාරයෙන්ම පවතින බව නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරුවන් කොට ඇති ජනපතිවරුන් කවුරුන් දැයි මේ ලිපිය ඔස්සේ අපි විමසා බලමු.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු කෙරුණු ප්‍රථම විධායක ජනාධිපතිනි ලෙස හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නම් කළ හැකිය.

බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි ‘වෝටර්ස් එජ්‘ හෝටලය ඉදිකිරීම සඳහා අක්කර 225ක ඉඩමක් පුද්ගලික සමාගමකට ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් එය ලබාදීමට කටයුතු කිරීම හරහා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස හිටපු ජනාධිපතිනිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් සිදුකර ඇති බව එවක අගවිනිසුරු සරත් එන්. සිල්වා, ශිරාණි තිලකවර්ධන සහ පී. ඒ. රත්නායක යන විනිසුරු මඬුල්ල තීන්දු කළහ.

සුගතපාල මෙන්ඩිස් සහ ජා සෙනවිරත්න යන හිටපු රාජ්‍ය සේවකයන් දෙදෙනකු ගොනුකරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව 2008 වසරේ ඔක්තෝබර් මස 08 වැනිදා මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

හිටපු ජනාධිපතිනියට එරෙහිව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ එකඟත්වය සහිතව තීන්දුව ප්‍රකාශයට පත්කළ එවක ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාණි තිලකවර්ධන, ”‍විධායක බලය මහජනතාවට වගකියන ආකාරයෙන් පරිහරණය කළ යුතුය. එය කිසිදු ආකාරයකින් පෞද්ගලික අභිමතාර්ථයන් ඉටු කර ගැනීම සඳහා යෙදවීමට හැකියාවක් නැහැ. විධායක කටයුතු හරහා සිදුකරන ක්‍රියාවන් මහජනතාවට වගකියන ආකාරයෙන් සිදුවිය යුතුය,”‍ යනුවෙන් සඳහන් කරමින්, මෙම ඉඩම නීතියට පටහැනි ලෙස පුද්ගලික පාර්ශ්වයක් වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග කටයුතු කළ ආකාරය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන 12 (1) ව්‍යවස්ථාවේ සඳහන් මූලික මිනිස් අයිතිය උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළාය.

ඒ වෙනුවෙන් හිටපු ජනාධිපතිනිය විසින් රුපියල් මිලියන තුනක මුදලක් රජය වෙත ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.

ඊට අමතරව මෙම ඉඩම් ගනුදෙනුව පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අල්ලස් කොමිසමට නියෝග කරන ලදී.

මෛත්‍රිපාල සිරිසේන

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙවතාවක්ම වරදකරු වී තිබේ.

පසුගිය යහපාලන රජය සමයේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් 2018 වසරේ නොවැම්බර් මස 09 වැනිදා හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර 2019 වසරේ ජනවාරි මස 05දා මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එබැවින් එම විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඇතුළු පාර්ශ්ව ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පෙත්සම් විභාග කොට 2019 වසරේ දෙසැම්බර් මස 13 වනදා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බව තීන්දු කළහ.

”‍ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තුවක් තේරී පත්වී වසර හතරහමාරක් ගතවන තුරු එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. මෙම නඩුකරයට අනුව ජනාධිපතිවරයා කටයුතු කර තිබෙන ආකාරය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරහා ඔහුට පැවරී තිබෙන නීත්‍යනුකූල බල සීමාව ඉක්මවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙනවා,”‍යි සඳහන් කළ විනිසුරු මඬුල්ල, මෙම ක්‍රියාව තුළින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව තීන්දු කළහ.

ඒ අනුව 2018 වසරේ නොවැම්බර් මස 09 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් 2019 වසරේ ජනවාරි මස 05 වනදා මහ මැතිවරණයක් පැවැත්වීමට දින නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බල ශුන්‍ය බවත්, ඒ අනුව එය බල රහිත කරන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුවේ සඳහන් කළේය.

ඊට අමතරව පාස්කු ඉරුදින ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු ඔහුගේ අනුගාමිකයින් විසින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළේය.

මෙය මෛත්‍රිපාල සිරිසේන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු දෙවන අවස්ථාවය.

පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත් වූ පුද්ගලයින්, කතෝලික පියතුමන්ලා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව 12ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2023 වසරේ ජනවාරි මස 12 වනදා වත්මන් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ක්‍රියා කලාපය පිළිබඳව මෙසේ ප්‍රකාශකොට තිබේ:

”‍පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට තමන් වෙත බුද්ධි තොරතුරු ලැබී නොතිබූ බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි. එය කිසිසේත් පිළිගත නොහැකිය. සේනාධිනායකයා මෙන්ම ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන්ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බැඳී සිටියි. එය විශාල වගකීමකි. මෙම ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් ජනාධිපතිවරයා එම වගකීම පැහැරහැර ඇත.”‍

මෙම ක්‍රියාව තුළින් එවක ජනාධිපති සිරිසේන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත්, ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක වන්දියක් ඔහුගේ පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවේ සඳහන් කළේය.

1978 වසරේ සම්මත කළ වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් මූලික අයිතිවාසිකම් හඳුන්වාදීමෙන් අනතුරුව, එදා මෙදා තුර මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම හේතුකොට ගෙන, ඉතිහාසයේ දී පුද්ගලයෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගෙවීම සඳහා නියම කෙරුණු වැඩිම වන්දි මුදල ලෙසත් මෙය සඳහන් කළ හැකිය.

ගෝඨාභය රාජපක්ෂ

2022 වසර රට තුළ ඇති වූ ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලය, මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් වගකිව යුතු බවත්, ඔවුන් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවටත් තීන්දුවක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළහ.

එම පෙත්සම් පිළිබඳ පූර්ණ විභාගයක් පැවැත් වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ බහුතර විනිසුරුවරු විසින් මෙම ආර්ථික අර්බුදයට එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වගඋත්තරකරුවන් වගකිවයුතු බව තීන්දු කළහ.

”‍මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ කරුණුවලින් 2022 වසරේ රට තුළ ආර්ථික අර්බුදයක් මතු විය හැකි බවට ආර්ථික විශේෂඥයින් විසින් අනතුරු හඟවා තිබූ බව අනාවරණය වුණා. ඒ පිළිබඳව හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් හොඳින් දැන සිටියා. එහෙත් එම තත්ත්වය වළක්වා ගැනීමට ඔවුන් කටයුතු කළේ නැහැ. හිටපු ජනාධිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ගේ අකාර්යක්ෂම සහ වැරදි ආර්ථික කළමනාකරණය නිසා මහජනතාවට ඉන්ධන, විදුලිය ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් අඛණ්ඩව සපයා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වුණා,”‍ යනුවෙන් සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය, මේ තුළින් එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බව තීන්දු කළහ.

මෙම නඩුකරය තුළින් පෙත්සම්කරුවන් වගඋත්තරකරුවන්ගෙන් වන්දි අයැද සිටීමක් සිදුකර නොමැති හෙයින්, වන්දි ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් නොකරන බවත් අධිකරණය සිය තීන්දුවේ සඳහන් කළේය.

කෙසේවෙතත් පෙත්සම්කරුවන්ට රුපියල් එක්ලක්ෂ පනස් දහසක නඩු ගාස්තුවක් ගෙවන ලෙස එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු වග උත්තරකරුවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

මෙම නඩුවේ වග උත්තරකරුවකු වශයෙන් නම්කර සිටි හිටපු ජනාධිපතිවරයකු මෙන්ම හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම තීන්දුවේ සඳහන් කර තිබීම විශේෂත්වයකි.

එහෙත් මහින්ද රාජපක්ෂ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කළ සමයේ සිදුකළ ක්‍රියාවන් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් චෝදනාවලට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වරදකරු වී නොමැති බවද සඳහන් කළ යුතුය.

නිලයේ සිටින යම් ජනාධිපතිවරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර ඇති අවස්ථාවක ඔහුට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයන් කුමක් දැයි විමසූ විට නීතිවේදී ලක්‍ෂාන් ඩයස් මෙසේ කියා සිටියේය.

”‍යම් ජනාධිපතිවරයෙකු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කළ අවස්ථාවක ඔහුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා එවැනි අවස්ථාවක ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු පියවරක් ගත නොහැකියි යන්නයි මගේ පුද්ගලික මතය. මොකද, ශ්‍රේෂ්ඨාධිකරණය කරන්නේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවට ‘‍ප්‍රකාශයක්’‍ නිකුත් කිරීම පමණයි. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ විධායක, ව්‍යස්ථාදායකය සහ අධිකරණය යනුවෙන් පැහැදිලි බල බෙදීම් තුනක් දක්නට ලැබෙනවා. ඔය ආයතන තුනෙන් එක් ආයතනයක්වත් අනෙක් ආයතන අභිබවා ගොස් කටයුතු කිරීමට හැකියාවක් නැහැ. එසේ කළහොත් ව්‍යවස්ථා අර්බුදයක් මතුවිය හැකියි.”‍

බීබීසි සිංහල වෙබ් අඩවියෙනි.

SendShareShare
Previous Post

මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි… කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි… රත්නමාලී සෑ රදුන් මේ දෙව් බඹුන් පූජා ලබයි… මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි… දේශපාලනඥයිනි! නිහාල් ඒ. ජයසිංහ මැතිඳුන් ලියපු මොහිදින් බෙග්-සුජාතා අත්තනායක කියපු මේ සින්දුවත් අහපල්ලා I Sri Lanka Latest News

Next Post

චීන ණය සහනය සහ රනිල්ගේ නැව් සහනය I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.