• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාමේ, මූ මීමා I Sri Lanka Latest News

September 10, 2023
in Exclusive, News
Reading Time: 15 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්‍රෝධයෙන් වියරු වැටුණු ගැහැනියකගේ හැවීම (සාප කිරීම) “තල් අත්තට බොරළු ගසන්නාක් මෙන්” තමාගේ කන ආසන්නයෙන්ම නැඟෙන්නාක් මෙන් ඔහුට දැනුණේය. ඇය පමණක් නොව ඈ හා තවත් ස්ත්‍රී පුරුෂ විශාල පිරිසක් සිටින්නෝ යැයි ද එසේ ඇසෙන කටහඬවල් රාශියක් නිසා ඔහුට අවබෝධ වූයේය. ඔවුහු ඇතැමෙක් දත්මිටි කෑවෝය. දෙස්දවොල් තැබුවෝය.(Sri Lanka Latest News)

ඒ අතරේ සෑහෙන ප්‍රමාණයේ ගල් ගෙඩියක් තරමේ යමක් තම හිසට වැදී බිමවැටුණු සෙයක්ද දැනුණෙන් තමා “වට දෙක තුනක් වේගයෙන් කරකවා අතෑරියා”සේ භ්‍රමණය වන්නට වූවත් ඒ ගතියෙන්ම කෙස් හැලුණු හිසේ පහර වැදුණු තැන දකුණතින් පිරිමැදගනිමින් වැදුණේ කුමක්දැයි දැනගනු රිසින් බිම බැලුවේය.

මුඩ්ඩ කැඩූ පොල් ගෙඩියක් තමාගේ දෙපා ආසන්නයේම තිබුණෙන් වැදී ඇත්තේ එයම බව සැක හැර දතුයේය.

“ලෝක පාලන දෙයියො මුන්ට වැහි නැති හෙණ එවන්ඩ ඕනෑ. මුන් අපට කරපු අපරාදෙට, මුන්ගෙ වැලගිය මුලගිය උන්නෙ වළවල්වලටත් හෙණ ගහන්න ඕනෑ. අපේ දරුවන්ට කන්න බොන්න නෑ. දවසට කන්නෙ එකවේලයි. ඒකත් කෑව නොකෑව ගානයි. රටේ දරුවන් ලක්‍ෂ ගණනකට මන්දපෝෂණේ. ලෙඩට දුකට බේතක් නෑ. ඉස්පිරිතාල ළඟ මිනීපෙට්ටි සාප්පු තියෙනව කියල එක පරයෙක් කියනව.

ඇය එසේ ශාප කරද්දී මිනී පෙට්ටි ගණනාවක් කරතබාගත් පිරිසක් ඉදිරියෙන් යමින් සිටියෝය.
“මේ අරූ ගෙහෙඩි රඹුටු කෙලතොල්ලා ගෙනාපු බාල බේත් විදලා මැරිච්චි උන් වළලන්ඩ ගෙනියන්නෙ” අර කාන්තාව හිසේ කෙස් ඇදගනිමින් කෑගෑවාය. ඒ අතරේ තමන් යන මග සොයා දැනගැනීමට පාරේ හැරමිටි අනිමින් යන පෙරහරක්ද ඔහුට දක්නට ලැබුණේය.

“මේ බාල බේත් ඇස්වලට වක්කරල ඇස් පොට්ට වෙච්චි අපේ උන්. මේව දෙයියන්ටවත් පේන්නෙ නැත්තෙ දෙයියන්ගෙත් ඇස් පොට්ට වෙලාද? ලොඳ පැනලද? මුං අපේ රට කෑවා. හිටපු දේශපාලන කාලකණ්ණි හැත්ත. දැන් අපට තියෙන්නෙ ගඟේ මූදෙ පැනල හරි මැරෙන්ඩ.” ඒ කාන්තාව ප්‍රමුඛ ජනරාශිය හිටපු දේශපාලකයන් රට කෑ බවට ශාප කරමින් ගැසූ පොලයක් තම හිසේ වැදී ඇති බව අවබෝධ කරගත්තේය.

රටේ මේ සා විශාල පිරිසක් මහ මගට බැස හිටපු පාලකයන්ට යදින්නේ (ශාප කරන්නේ) මේ අපේ ශ්‍රී ලංකාවෙ මහ ජනතාව නම් වෙන්න බෑ මේ ඉතියෝපියානානුවන්වත් දැයි යන්න “සහසුද්දෙන්ම“ (පැහැදිළිවම) දැනගන්නට හෙතෙම හොඳට බැලුවේය. ඇස් ලොකුකර බැලුවේය.

“උම්ම්ම්ම්හු” පෙනීමේ කිසිම වරදක් නැත. ඔක්කොම ශ්‍රී ලාංකිකයෝය.

“හිටපු පාලකයො කියල කීවාම මමත් අහුවෙනව නොවැ, එහෙනං මේ සාප කරන්නෙ මටත් එක්ක නේද? මම හයෙන් පහක බලයක් අරං ජනාධිපති වෙච්චි ජූනියස් රිචඩ් ජයවර්ධන. මට බැරිවුණේ ගෑනියෙක් මිනිහෙක් කරන්න විතරයි. එහෙම කරපු මටත් එක්ක ඇයි එහෙනං මිනිස්සු මෙහෙම සාප කරන්නෙ” යන්න සිහිවූ වහාම ඔහුගේ ඉහිං කනිං දාඩිය දාන්න පටන් ගත්තේය.

ඒ සමගම ගතට දැනුණු තෙතමනයකින් ඇතිවූ සීිතලක් නිසා මුහුණ, බෙල්ල, ඇලපත වතුර ටැංකියකට බැස සිටියාක් තෙමී ගොස් තිබුණෙන් ඔහුට ඇහැරුණේය. මෙච්චර වෙලා මම මේ දැකල තියෙන්නෙ හීනයක් නේද? ඔහු කල්පනා කෙළේය.

හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. වෙලාව රාත්‍රී දෙක පසුවී විනාඩි fදාළහකි. ජේ.ආර්. නැගිට නාන කාමරයට ගොස් ඇඟපත සෝදාගෙන අවුත් යළි නිදන්නට සැරසුණේය.

එහෙත් මොන නින්දක්ද? කෑගහන සාපකරන ස්ත්‍රී පුරුෂයෝ. දරුවන් වඩාගත් මවුවරුන්. දරුවන් එහෙන් මෙහෙන් එල්ලාගත් කාන්තාවන්. කුස පොත්ත ඇකිලුණු ළමයින්. හැරමිටියේ එල්ලුණු තුංකුදු ගැසුණු වයෝවෘධයන්.

ඒ පමණක් නම් මදෑ, මිනී පෙට්ටි පෝලිම, ඇස් අන්ධ වූවන්ගේ පෝලිම. බෙහෙත් නැතිව රෝහල් ළඟ විළාප දෙන්නන්. කන්න නැතිවුං. රැකියා නැතිව දිවි නසාගන්න කල්පනා කරන්නන්. ඉන්න බැරුව රට යන්නන්.

බුදුන් වහන්සේ පළමුවෙන් කිඹුල්වත් පුරයට වැඩිදාට පසුදා සුද්ධෝදන රජතුමා සිහිනෙන් දුටු ඥාති ඝණයා යළිත් තමා ඉදිරියේ ප්‍රාදුර්භූත වුවා සේ යැයි ඔහුට සිතුණේය.

හෙතෙම කොට්ටය ඇඳේ විට්ටමට තබා ඊට ඇලවී මේ වින්නැහිය ගැන සිතන්නට වූවේය.

“මට එදත් අදත් රකින්න පරපුරක් තිබුණේ නෑ. ඔටුණු පලඳවන්න කුමාරයොවත් කුමාරියොවත් හිටියෙත් නෑ. මට ඔටුණු පලඳවන්න හිටියෙ මේ රටේ ජනතාව විතරයි. මගෙ අතින් සුළු සුළු වැරදි වෙන්නත් ඇති. මං නෑ කියන්නෙ නෑ. ඒ වුණත් මට මිනිස්සු ඔහොම සාපකරන්න තරම් මම වැරැද්දක් කරල නෑ. මට ඕනැ වුණේ ධර්මිස්ට සමාජයක් හදන්නයි.

මම මහජන දේපොළ හොරකම් කරල නෑ. කොමිස් ගහල නෑ. අනිත් අය වාගෙ වෙනත් නොසණ්ඩාල වැඩකරලත් නෑ. මම රටේ මහජනතාව වෙනුවෙන් තමයි කැපවෙලා වැඩ කළේ. මම විශ්‍රාම ගත්තෙ හිතේ සැනසිල්ලෙං. ගිහිං ආයෙ එන පෙරේතකමෙං හෙම නෙමෙයි.

මම ඒ කාලෙ හැටියට තිබුණු හොඳම විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දුන්නා. මගේ කාලෙ තමයි ඉහළම දළ දේශීය නිෂ්පාදනයත් වාර්තා වුණේ. ඒ රෙකෝඩ් එක තාම තියෙනවා.

මම සහායට ගත්තෙ වැඩට හොඳ දක්‍ෂයො. අගමැති ප්‍රේමදාසගෙ වැඩපිළිවෙළ පසුබාන්න තරම් කෙනෙක් මේ දක්වාම පහළ වෙලා නෑ. උදාගම් ව්‍යාපාරෙන් හදපු නිවාස දස ලක්‍ෂයෙන් මේ රටේ නිවාස නැති විශාල පිරිසකට නිවාස ලැබුණා. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට විශාල පිරිසකට රැකියා අවස්ථාත් ලැබුණා. හිසට සෙවණක් ලැබුණා.

නැතිබැරි අය ඇතිහැකි අය බවට පත්කළ ජනසවිය වැඩ සටහනෙන් මිනිස්සු කාල බීල කීයක් හරි ඉතුරු කරගත්තා. සුද්දියන්ට අපේ ළමයින් ලවා යට ඇඳුම් මස්සෝනව කියල එදා විරුද්ධ පාක්‍ෂිකයො අපට “ඔච්චං” කළත් මේ වනවිටත් රටට විදේශ විනිමයක් උපයන්නෙ ඇඟලුම් කර්මාන්තෙන්. රටට ඩොලර් කියක් හරි ලැබෙන්නෙත් ඒකෙන්.

මම ළංකරගත්තෙ හොඳට උගත් වැඩකාරයො. වැඩි විස්තර ඕනැනෑ. දුප්පත් දුවා දරුවන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගන්න මහපොළ ශිෂ්‍යත්ව ක්‍රමය ආරම්භ කෙරුවෙ ලලිත් ඇතුලත්මුදලි. ලෝකය පිළිගත්තු අබ්බගත් කෙනෙක්. නැති බැරි පවුල්වල දරුවො දැනුත් ඒකෙං පළ පොරෝජං ගන්නවා.

පාසල් දරුවන්ට නොමිලේ පෙළ පොත්, නොමිලේ පාසල් නිල ඇඳුම් දුන්න. ඒකෙන් පාසල් දරුවන් අතරෙ උසස් පහත් භේදයක් නැතුව සමජ සමානාත්මතාව වර්ධනය කළා.

ගාමිණී දිසානායක කියන්නෙ හොඳ වැඩ්ඩෙක්. මහවැලිය බලන්න අපූරුවට සංවර්ධනේ කළා. ගොවි පවුල්වලට වගාකරන්න කුඹුරු දුන්නා. ඒක හරි හමං විදියට කරානං රටින් හාල් ගේන්න ඕනැනෑ.

වික්ටෝරියා ඩෑම් එක විවෘත කරන්න ආවෙ මහ රැජිනි. වික්ටෝරියා ජලාසෙ හදන්න වැයවූ මුදල මහා බි්‍රතාන්‍යයෙන් ආධාරයක් හැටියට ලැබුණෙ. ණයක් නෙමෙයි. ඒ හින්දයි මහ රැජිනගෙ අම්මගෙ නමම “වික්ටෝරියා” කියල දැම්මෙ. පස්සේ ආපු කට්ටියට මහවැලියක් තියා මාළු ටැංකියක්වත් හදන්න බැරි වුණා.

කෝච්චිවල මාල කඩපු උං, කසිප්පුකාරයො ජොනාල ගොනාල මං ළංකරගත්තෙත් නෑ. මං කුඩුකාරයො බදාගත්තෙත් නෑ.

දැන් රට පාලනය කරන්නෙ මගේ බෑණා. රනිල් මිනිහ හරි සූරයා. ඒත් මොකක්ද දැන් මේ වෙලා තියෙන වින්නැහිය. මං යන්න ඕනෑ බලන්න ලංකාව පැත්තෙ රවුමක් ගිහින් එන්න.

ජේ.ආර්. උන්නහැහේ පහුවදා උදේ සාමාන්‍ය මිනිහකුගේ ආයිත්තමෙං සැරසී බොරැල්ලට අවේය. උදේ නවයට තරම් ඇති ඔය වෙලාවේ. ලොක්කට තද බඩගින්නක් දැනෙන්නට විය. පොඩි මිනිහාට ලේසියෙන් කන්න පුළුවං තැන සයිවර් සාපාඩු නිසා බොරැල්ලේ මාර්කට් එක ඉස්සරහ සයිවර් හෝටලේ ඇල්ලුවේය. “අපේ කාලෙ තෝසේ එකක් සත දහයයි. උළුඳු වඩේ ගෙඩියකුත් සත දහයයි. ප්ලේන්ටියක් සත හයයි. ටී එකක් සත දහයයි. උදේට තෝසෙ දෙකක් එක්ක උළුඳු වඩයක් ගිලදමා ප්ලේන්ටියකුත් ඇරියනං නාග සලං. හැන්දෑවෙන තුරු නෝ හෙල්ලුං පොල් මැල්ලුං. පොඩි මිනිහෙකුට ආයෙ මොනවද?”

ලොක්කා පණං අටේ කෑල්ලක් (සත පනහක්) හැඹිලියෙන් එළියට ඇන්න තියාගෙන ඒ හිතාපු දේ කා ප්ලේන්ටියක් ගැහුවේය. කිරිඅප්පට බල්ලො පැනපි කොල්ලා ගෙනා බිල බැලූ විට ලොක්කට තරු පෙනුණේය. තෝසෙ එකක් රුපියල් දෙසිය පනහකි. වඩේ ගෙඩියත් දෙසිය පනහකි. ප්ලේන්ටිය රුපියල් සියයකි. බිල අටසිය පනහකි. ලොක්කාට හීංදාඩිය දැම්මේය. කොල්ලට වැරදිලාවත්ද?

“ඇයි මෙච්චර” ලොක්කා කොල්ලාගෙන් ඇසුවේය.

“අංකල් දැන් මේම තමයි. රනිල් රාජපක්‍ෂගෙ ආණ්ඩුව, ගෑස් නෑ, පිටිනෑ,ඩොලර්නෑ. මයින කාක්කල රට කෑව.” තවත් මොන මොනවfදා් කියාගෙන යද්දී ලොක්කා එළියට අවුත් උමං මාර්ගයට රිංගුවේය. උමං කටේ සිට අනිත් පැත්තෙන් මතුවෙන තුරු යාචකයන්ය. ඉස්සර හිටපු රටකජුකාරයන් අයිස්ක්‍රීම්කාරයින් එහෙම පේන්නත් නැත.

ඔහු සිරිකොත පැත්තට යන්නට 153 බස් එකක් එනතුරු බස්පොළට වී උන්නේය. ඒ අසල ලොක්කටම ගැළපෙන ලොක්කෙක් හිටියේය. ලොක්කා කොක්කක් ගහන්න හිතුවේය.

“153 සිරිකොතට යනව නේද?” අර ලොක්කා අපේ ලොක්කාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වාත් නැවත පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් ආරෝහණ ක්‍රමයටත් අවරෝහණ ක්‍රමයටත් යන දෙආකාරයටම බැලුවේය.

“මුන්නැහැ සිරිලංකාවෙ නෙමෙයිද?” අර ලොක්කා අපේ ලොක්කට කෝචොක් පාරක් දැම්මේය.

“අනේ නෑ මං ඊයෙ හැන්දෑවෙ ඒරොප්පෙ ඉඳල ආවෙ අවුරුදු හතඅටකට පස්සෙ”

“මං හිතුව ලංකාවෙ කෙනෙක් නෙමෙයි කියල, හොඳ සිහි කල්පනාව ඇති කෙනෙක් නං කාටවත් ඇහෙන්න සිරිකොතට යන පාර අහන්නෙ නෑ. ”

“අනේ ආයිබොවං මට ඕව ගැන අවබෝධයක් නෑ”

“දැන් සිරිකොතක් නෑ” කී අර ලොක්කා අපේ ලොක්කාට ෆුල් ස්ටෝරියම කියාදුන්නේය.

“එතකොට මුන්නැහැ කියන්නෙ ජේ.ආර්.ල පේමදාසල හදපු යූ.ඇං.පියට එක සීට් එකක්වත් ගන්න බැරිවුණා කියන එකයි.

“මේ මොනව කියනවද උන්නැහැ. ඔය යකා පාර්ලිමේන්තුවට ඇවිල්ල ඉන්නෙත් ලැයිස්තුවෙං”

එවිඩේ නං ලොක්කාට තම බෑණණ්ඩියා නිසා මනමේ කුමාරි කරගත්ත දේම කරගන්න සිතුණේය. පොතේ තියෙන්නේ ඇය ලැජ්ජාව නිසා දිව ඇද කාගෙන මැරුණු බවය.

ලොක්කා සිරිකොතට යන්නට බස් එකකට නැග ටිකිත්තක් Ticket ගත්කල සිහි මුර්ඡාවෙන්නට ආවේ ගණන දුටු විටය. හෝල්ට් එකෙන් බැස කඳු ගැටය නගින විට ගොඩනැගිල්ලේ එල්ලා තිබුණු ඩී.ඇස්.ගේත්, ඩඩ්ලිගේත්, තමාගේත්, ප්‍රේමදාසගෙත් පිංතූර ටිකනං දුටුවේය.

ජේ.ආර්. බැරිබැරිගාතේ ගොස් පැත්තක තිබුණු පුටු කබලක ඉඳගත්තේය. ඉස්සර කොයි වෙලේත් දෙනෝ දාහක් සිටි ස්ථානෙ මැස්සො ඇහිරෙන හැටි, ලොක්කාට සංතාපයක් ඇතිවිය. අර පරණ යාළුවා එක එක ඉරියව්වෙන් හැරි හැරී තමා දෙස බලන්නට වූවේය. එසේ බලන්නේ තමා “අඳුරගෙන වත්ද?” යන සැකයක් ඇතිවූයෙන් එය වසංකරගත් හෙතෙම තමා වෙත එන පරණ භාරකරු දෙසම බලා සිටියේය.

“මට හොඳට මතක මූණක්” යැයි කියමින් හෙතෙම ළංවුවේය.

“ඔවු මම අවුරුදු දහ පහළොවකිං ඊයෙ ලංකාවට ආවෙ. රට හිටියෙ. නිකං ගොඩවෙලා යන්න හිතුණා. ඉස්සර මං කෘත්‍යාධිකාරි මණ්ඩලේ හිටිය.” ඔහු පරණ ජේ.ආර්. පාට් එකම දැම්මේය.

“මටත් දැන් ඇහැකන පේනවත් අඩුයි. ඒත් මූණුවර හුරු හින්දයි බැලුවෙ” ඔහු කීවේය.

“මම සි්රිසේන කුරේගෙ කාලෙ හිටියෙ ඒ මගෙ මස්සිනා කෙනෙක්”

“හරි හරි, දැන් මට මතකයි. ඔබතුමා රට ගියා කියල සර් මට කීව තමයි. දැන් අවුරුදු කීයකට ඉස්සරවෙලාද මයෙ අප්පෙ ඒ” කී හෙතෙම ආගිය පවත් කතා කරමින් සිටියදී “මොකද මේ ආරස්සාවට කට්ටිය ඉන්නැද්දිත් ඔක්කොම ලොක් කරගෙන” යැයි අපේ ලොක්කා ට්‍රැක් එක පැන්නෙව්වේය.

“සර් බොරුවක් මුසාවාදයක් කියනව නෙමෙයි සර්, අපි ඉන්නෙත් ඇඟේ ලේ වතුර වෙලා. අපේ සර් කරන වැඩවල හැටියට. අන්තරේ කොල්ලො හරි, මහජනයා හරි මේක කොයි වෙලේ වටකරයිද දන්නෙ නෑ සර්. දැන් අපේ සර් පාක්‍ෂිකයො තියා මහජනයාවත් ආරස්සා කරනවට වඩා කරන්නෙ මයිනල කාක්කල ආරස්සාකරන එක.

“මයිනල කාක්කල කීවෙ…?”

“සර් රටනෙ හිටියෙ” කී හෙතෙම කතාව සහසුද්දෙන්ම පවසා මයිනා ප්ලේන් එකෙන් උගන්ඩාවෙ ගිය හැටි පවා කීයේය. ලොක්කා අඤ්ඤකොරාස් වූවේය.

“සර් උං නං රටවත් පැනල බේරුණා, අපේ සර්ට එළිපත්තවත් පනින්න පුළුවං වෙයිද දන්නෙ නෑ. රටේ තියෙන තත්ත්තෙ හැටියට”

“ඇයි එහෙම කීවෙ”

අමුතු තාලෙකට ඒ වචන ටිකම යළි පුනරුච්චාරණය කළ හෙතෙම හුස්මක් හෙළුවේය.

“දැන් රට කෑලි කර කර ඉන්දියාවටයි චීනෙටයි දෙනව. දැන් ඉන්දියාව ලංකාවට ඉන්දියාවෙ ඉඳල බට ලයින් එකක් දාන්න යනව ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ටිකට අනින්න. පෞද්ගලික අංසෙ ඊ.ටී.ඇෆ්.කාරයන්ගෙ සල්ලි ටිකටත් තට්ටු කරන්න ප්ලෑන් එක. ඒකනං ලේසි වෙන එකක් නෑ. හෙට අනිද්ද වෙනකොට රටේ ඔක්කොම වීදි බහින්න සූජානං වෙනව කියල ආරංචියි.” අපේ සර් රට භාරගත්ත ගමන්ම කෙරුවෙ තාන්න මාන්න දීල ආමි එක උස්සල තියල බටර් ගාපු එක. දැන්නං ඒ බටර් ගෑවිල්ල හරියන්නෙ නෑ.

ලොක්කාට හුස්ම ගන්න අමතක වූ සේය.

“මට නං හිතාගන්නත් බෑ”

“මොනව හිතනවද සර්. රටේ උද්ඝෝෂණ මර්දනය කරන්න ආයෙත් අර ත්‍රස්ත පනත ගෙනැත්. දහතුන දෙන්න යනව.

උතුරෙ පන්සල්වලට අමුත්තන්ට යන්න බෑ කියල නීති දානව. හාමුදුරුවො එක්ක කෙළ ගන්නව. විනිසුරුතුමන්ල පාර්ලිමේන්තුවට ගේන්න හදනව. එතුමන්ලට නඩු අහන හැටි කියාදෙන්න හදනවා. මට නං හිතෙන්නෙ දැන් අපේ සර්ට දෙවෙල් වැදිලද කොහෙද?”

“ඉතිං කෘත්‍යාධිකාරි මණ්ඩලේ මොකද කියන්නෙ?”

“මොනව කියන්නද? සර්, 2000 හෙ, 2001, 2004, 2005, 2010, 2015, මහ මැතිවරණ ,ජනාධිපති වරණ හැම එකකටම ඉස්සර අපේ සර් කෙරුවෙ සම්මේලනය කැඳවල එයාගෙ පක්‍ෂ නායකකම හැම සැරේම අවුරුද්දකට දික්කරගත්ත එක. ඒ පැරදුණොත් සජිත් මහත්තය නායකකමට එයි කියල බයේ.

පහුගිය ජූලියෙදී කෘත්‍යාධිකාරී මණ්ඩලේ සියලුම තනතුරු අහෝසි කරන්න යනව කියල කතාවෙනව ඇහුණ. දැන් සර්ට හිතවත් අයගෙන් විධායක සභාව පුරවනව කියනව. ඒ මීට පස්සෙ පක්‍ෂ නායකත්වය තෝරන්න යන්නෙ විධායක සභාවෙන් හින්දලු.

මනුස්සයා කියාගෙන කියාගෙන ගියේය. මම මේ කීවෙ සර් සිරිසේන සර්ගෙ මස්සිනා නිසා. ඒ කාලෙ වාගෙ නෙමෙයිසර් දැන්.

“ගම්මු කියනව වාගෙ මේකා මගේ මසුත් කාල ඇට ටිකත් සූප්පුකරල හමටත් බුරන එකෙක්” යැයි කී මාමණ්ඩියා ආපසු යන්නට නැගිට්ටේය.

“මාරෙ, ලියන ආටිකල් එකට හොඳ හෙඩිමකුත් දාලම දෙන්ඩ” යැයි පත්තර කන්තෝරුවෙන් නිතරම කියන නිසා මම හොඳ හෙඩිමක් ගැන මඳක් කල්පනා කරන්නට වූවෙමි.

ඒ අතරේ මගේ මිනිබිරියත් (අටහැවිරිදි) ඇගේ යෙහෙළියකුත් කාමරයේ පාඩම් කරමින් සිටි ගමන්ම “හා ඔයා කියන්ඩ බලන්ඩ එක අකුරකිං වාක්‍යයක්” යැයි කීවාය.

මිනිබිරියගේ යෙහෙළිය යමක් කල්පනා කරන සෙයක් පෙනුණේය. මම ඒ දෙන්නාගේ සංවාදයට හොරෙන් කන් දී සිටියෙමි.

“ගිං ගඟේ ගොං” මඳ වේලාවකින් පසු කී ඇය “හා ඔයත් කියන්න”යැයි කියනු ඇසුණේය.

“මාමේ, මූ මීමා” ඇය කීවාය. මම කල්පනා කෙළෙමි. මට අමුතුවෙන් හෙඩිමක් හොයන්න අවශ්‍ය වූයේ නැත.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

චැනල් ෆෝ පිපිරීම දරුණු වෙයි! ගෝඨාභය හේග් අධිකරණයට ගෙනයන්න සූදානමක්! I Sri Lanka Latest News

Next Post

චෙන්නායි බුද්ධි අංශවලට මෙහෙන් තොරතුරු දුන්නේ කව්ද? වැල්ලවත්තේ බෝම්බය පුපුරුවා ගත් ජමීල්ට කතා කළේ කව්ද? මැරෙන්න පෙර ජමීල්ගේ ගෙදරට කට්ටිය ගියේ කොහොමද? පොඩි සහරාන්ට ප්‍රහාරය බාරගන්න කියලා කතා ‌කළේ කව්ද? පාස්කු ප්‍රහාරය ගැන චැනල් ෆෝ එකේවත් නොගිය ආන්දෝලනාත්මක රහස් රැසක් අනුර හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Exclusive

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News
Exclusive

බුදුන් වහන්සේ පළමු ධර්ම දේශනය පැවැත්වූ සාරානාතය යුනෙස්කෝ ලෝක උරුමයක් වෙයි! I Sri Lanka Latest News

කිසිම ආරාධනාවක් එජාපයෙන් ඇවිත් නෑ! විපක්ෂයේ සියලු පක්ෂ එකතු කරන්න අපි ලෑස්තියි! විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස! ප්‍රධාන විපක්ෂය සජබෙ! පත්තරවලයි වෙබ්වලයි යන පචවලට නලින් බණ්ඩාර උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මළ කෙළියයි! ජනාධිපති ගිහිල්ලා නැතිලු! 3089ක් ගිහින්ලු! මිලියන 32ක් වියදම් වෙලාලු! අරගල කාලෙ වගේ ජනාධිපති මැදුරුවලින් බඩුත් නැතිවෙලාද? VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

යුධෝපකරණ සංචිත ගැටලුවක් හේතුවෙන් ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති බව විදෙස්...

Read more

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

ආණ්ඩුවට එරෙහිව මුලු විපක්ෂයම එකමුතු කරපු සජිත් ගහන්න යන ඊළඟ ගේම! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

බැසිල් තමයි කළේ කිව්වා! නෑ.. රනිල්ගේ ඔළුවෙන් ගේම ගැහුවා කිව්වා! මෙන්න ඔක්කොම කියපු කරපු බොරු මාට්ටු! මහින්ද සමරසිංහ නොහිටින්න ලංකාවට IMF ගිවිසුම් ගහන්න වෙන්නෙ නෑ! අමෙරිකානු හිටපු තානාපතිනිය ජුලී චන්ග් ප්‍රසිද්ධියේම ඇත්ත කතාව හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.