• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැක්‍රොන්ගේ තෙල් ගැහිල්ල සහ යොෂිමාසා ඇවිත් යාම I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැපොවානිව්ගිනි සහ වනවාටු රාජ්‍යයන්හි සංචාරය නිම කරමින් සිය රට යමින් සිටි ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන්ගේ ගුවන් යානයට ඉන්ධන ලබාගනුවස් කටුනායකට පැමිණීම මහ ඉහළින් සමරමින් සිටි ලංකාවේ අපට ජපාන විදේශ කටයුතු අමාත්‍ය හයාෂි යොෂිමාසා සංචාරය ද්විතීය වීම පුදුමයක් නොවේ.(Sri Lanka Latest News)

ලංකාවේ දිගුකලීන මිතුරෙක් වන ජපානය සහ එරට රජය සහ සම්බන්ධ JICA වැනි ආයතන ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක කළ දැවැන්ත ව්‍යාපෘති මගින් ලාංකිකයෝ අදටද ලබන ප්‍රතිලාභ අතිමහත්ය. එහෙයින් මෙවන් අවස්ථාවක ජපානයේ බලවත් රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් මෙරට සංචාරය කිරීම ලංකිකයන්ගේ බලාපොරොත්තු ඉහළ දමන්නක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.

විශේෂයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජපාන සංචාරයෙන් කෙටි කලකට පසු ජපාන විදේශ ඇමැතිවරයා මෙරටට පැමිණීම සහ ආණ්ඩුවේ වගකිවයුත්තන් විටෙන් විට කරන ප්‍රකාශ නිසාද ලංකාවේ බහුතරයක් ජපාන නියෝජිතයන්ගෙන් යම් සහනයක් බලාපොරොත්තු වූ බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෑතක සිට ලංකාවේ බොහෝ දෙනා කතා කරන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වැනි ජපාන ආධාර මත ක්‍රියාත්මක වූ ව්‍යාපෘතීන් යළි සක්‍රීය වනු ඇතැයි ලාංකිකයන් තුළ බලාපොරොත්තු ඇති කිරීමට ආණ්ඩුව කටයුතු කර තිබිණි.

අතීතයේදී ජපානය ශ්‍රී ලංකාවට උදව් කළ ක්ෂේත්‍රයන් අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉහළින්ම විය. අදටත් මහා මෙහෙයක් ඉටු කරන ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඊට හොඳ උදාහරණයකි. බාල ඖෂධ නිසා සතියකට දෙතුන් දෙනා ගානේ රෝගීන් මියයමින් සිටින ලංකාවේ මිනිසුන් තුළ ජපාන විදේශ ඇමැතිගේ සංචාරය යම් බලාපොරොත්තුවක් ඇතිකරන්නට සමත් විය. එහෙත් එකී සියලු බලාපොරොත්තු සුන් කරමින් ආණ්ඩුවේ බොරු ගොන්නට තවත් එක් බොරුවක් එක් කරමින් ජපාන විදේශ ඇමැතිවරයා ලංකාවේ සංචාරය නිම කරමින් ආපසු සිය රට ගියේය.

ජපානයේ කැබිනට් කාර්යාලයේ රාජ්‍ය අමාත්‍ය ෆුජිමාරු සටෝෂි (FUJIMARU Satoshi) සහ ප්‍රාදේශීය පුනර්ජීවනය පිළිබඳ සහ නියාමන ප්‍රතිසංස්කරණ පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍ය යමමොටෝ කොසෝ (YAMAMOTO Koza) පසුගිය 31 වැනිදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ජපාන රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කර ඇති, දැනට අතරමග නවතා තිබෙන සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව සුබ පණිවුඩයක් මෙරට ජනතාව බලාපොරොත්තු විය. එහෙත් සිදුවූවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු, එම සියලු ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සලකා බලන්නට එකඟ වීම පමණි.

ජපානයේ මාධ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යුකිකෝ ඔකානෝ ලංකාවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේ නව මූල්‍ය පහසුකම් ලබාගැනීමට ප්‍රථමයෙන් ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට විසඳුමක් ලබාගැනීම අත්‍යාවශ්‍ය කරුණක් බවය. ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානයේ සලකා බැලීම සඳහා ව්‍යාපෘති කිහිපයක් ඉදිරිපත් කර තිබුණද, ජපානයට වැදගත් වන්නේ ශ්‍රී ලංකාව, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ඉක්මනින් සහ ගැටලුවකින් තොරව අවසන් කිරීම බව ඇය පෙන්වා දුන්නාය.

ඇගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ජපාන ස්ථාවරය පමනක් නොවේ. කිසිදු වගකිව යුතු ණය දෙන්නකු ශ්‍රී ලංකාව වැනි ණය බරින් පීඩිත බංකොලොත් රාජ්‍යයකට අලුතෙන් ණය දෙන්නට පෙලඹෙන්නේ නැති බවයි.

ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් මූල්‍යකරණය කිරීමට නියමිත ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2ක LRT ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය මේ සතියේ අනුමැතිය ලබා දුන්නේය. එහෙයින් ජපාන නියෝජිතයන්ගේ සංචාරයේදී සැහැල්ලු දුම්රිය (LRT) ව්‍යාපෘතිය පිළිබඳ එකඟතාවකට පැමිණියේ දැයි මෙරට මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයද පැවැසුවේ ණය ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සහ නව ණය ව්‍යාපෘතියක් දියත් කිරීම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ ප්‍රගතිය මත රඳාපවතින බවයි.

2020 සැප්තැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ රජය මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහෝසි කළ අතර, ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැඩි උත්සාහයක් ගත්තේය. මේ සම්බන්ධයෙන් ‘ඩේලි මිරර්’ පුවත්පත කළ විමසුමකට පිළිතුරු දෙමින් ජපාන තානාපති කාර්යාලය පවසා තිබුණේ, විනිවිදභාවයෙන්, සමාන ආකාරයකින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සියලු ණය හිමියන් සමග ඉදිරියට ගෙන යාම ශ්‍රී ලංකාවට වැදගත් බවයි.

ලංකාවට ආයෝජන සිදුකිරීමට නම් මුලින්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සාර්ථකව සිදුකළ යුතු බව ජපානය විසින් ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා වෙත දැනුම් දීමක් කොට ඇත.

මීට අමතරව ජනාධිපතිවරයා සහ ජපාන ව්‍යාපාරිකයන් අතර පැවැති හමුවකදීද නව ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පවසා අත්තේද නව ව්‍යාපෘති සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිමා කළ යුතු බවයි. මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ මේ වසර අවසාන වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතු අවසන් කළ හැකි බවය. එහෙත් ජපාන නියෝජිතයන් සිය මතය වෙනස් කොට නැත.

‘ඒ ගැන තවම තීරණයක් ගෙන නැහැ. නමුත් ඒ සියල්ල රඳා පවතින්නේ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවට ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය නැවත ලබාගත හැකිද යන්න මතයි. ඒ කොන්දේසි සම්පූර්ණ වුණාම ඒ ගැන සලකා බලයි කියලා මම හිතනවා’ යනුවෙන් මිසුකෝෂි කොළඹදී ලංකා මෝටර් රථ වෙළෙඳ සංගමය සංවිධාන කරන ලද සංසදයකට එක්වෙමින් පැවැසීය.

අඩු පොලී අනුපාත සහ වසර 12ක සහන කාලය සම්පූර්ණයෙන්ම නොසලකා හැර ඇති වාසිදායක තත්ත්වයන් යටතේ JICA ණය පහසුකම් සහිතව LRT ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය සූදානම් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පසුගියදා පැවැසීය. එහෙත් ජපානය පවසනුයේ මොනවා කරන්නත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම් නිම කරගෙන එන ලෙසයි. ඒ අනුව ලංකාවේ ආණ්ඩු දකින ජපාන සුබ සිහින මේ වන විටත් ජපානය සහ ලෝකය විසින් බිඳ දමා අවසන් බව පැවැසිය හැකිය.

නිර්මාල්’දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

සමනල අඩවියේ තියෙන ගිනිකන්ද I Sri Lanka Latest News

Next Post

අන්තරේ 22ක් ‌පොලිසියෙන් අල්ලාගෙන යයි! Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.