• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විශාල ශබ්දයක් ඇසුණා:මහා ඝෝෂාවක් ආවා, කැලණි ගඟ දෙබෑ කරගෙන මහා නාගයෙක් උඩට ආවා, කැලණියේ නාගයා PART 2 ළඟදීම එනවා…

November 8, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
විශාල ශබ්දයක් ඇසුණා:මහා ඝෝෂාවක් ආවා, කැලණි ගඟ දෙබෑ කරගෙන මහා නාගයෙක් උඩට ආවා, කැලණියේ නාගයා PART 2 ළඟදීම එනවා…
Share on WhatsAppShare on Facebook

සක්විති රජකු හෝ එවැනි බලපරාක්‍රමයක් සහිත සුවිශේෂ ජන නායකයකු යම් රටක පහළ වීමට ආසන්න වෙද්දී එම භූමියෙන් මහාර්ග වස්තු සම්පත් පහළ වන බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ව ඇත. ඊට යම් සමානකමක් පෙන්වූ අපූරු සිදුවීමක් මීට වසර තුනකට ආසන්න කාලයකට පෙරාතුව කැලණිය රජමහා විහාරස්ථානයෙන් වාර්තා වුණේ ජනාධිපතිවරණ උණුසුම රටම වෙළාගනිමින් තිබෙන මොහොතකදීයි. ‘කැලණියේ නාග ධාතු නාටකය’ ලෙස එකල ප්‍රකට වූ එම සිදුවීම බොහෝ දෙනකුගේ මතකයේ තවමත් ඇති බව නිසැක වුවද නැවතත් ඒ සිදුවීම මෙලෙස සිහිපත් කර දීම සුදුසු යැයි හැඟුණේ එම කතාන්දරයේ ඇති රසවත් බව නිසාමය.

ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි බුදුරජාණන්වහන්සේ තෙවැනි වරට ලංකාවට වැඩම කරන්නේ කැලණි ගඟ අසබඩ විසූ මණිඅක්ඛිත නා රජුගේ ආරාධානවක් අනුවයි. නා රජුගේ මෙම ආරාධනාවට කෘතගුණ සැලකීමක් ලෙස කැලණිය රජමහා විහාරය විසින් වසර කිහිපයක පටන් නානුමුර පූජාවක් පවත්වා මණිඅක්ඛිත නම් දිව්‍යරාජයාට පූජෝපහාර දැක්වීම සිදුකරන බව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් පවසා තිබිණි. බුදු රජාණන්වහන්සේ ලක්දිවට වැඩම කොට ජල ස්නානය කළ ස්ථානය ලෙස සැලකෙන කැලණි නදියේ ‘සිවුරුගල’ නම් ස්ථානයේදී එම පූජෝපහාර දැක්වීම සිදුවේ. ඒ පිළිබඳ කැලණිය විහාරස්ථානයේ නායක පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් මාධ්‍ය වෙත එකල අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි.

‘උදාර කියන මහත්මයෙක් මේ පූජාවන් සිද්ධ කරනවා. දැන් අවුරුදු තුනක වගේ කාලයක සිට නාග ලෝකයෙන් ධාතුන්වහන්සේලා කැලණි විහාරස්ථානයට පරිත්‍යාග කරන බව සඳහන් කරන්න යෙදුණා. පසුගිය වෙසක් පුන් පොහෝ දවසේ ඒ දේ ලැබෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ වුණා. නමුත් ලැබුණේ නෑ. නමුත් පසුගිය සතියේ දැනගන්න ලැබුණා ධාතුන්වහන්සේලා අපට 09 වැනිදා ලැබෙනවා කියලා…’

ඒ අනුව 2019 වසරේ නොවැම්බර් 09 වැනිදා රාත්‍රියේ සිවුරුගල නමැති ස්ථානයේදී එම නානුමුර මංගල්‍යය පවත්වා ඇති අතර ගුප්ත විද්‍යා විශාරදවරයකු ලෙස හඳුන්වන උදාර මදුසංක නමැත්තෙක් විසින් එය සිදුකර තිබුණා. පූජාවෙන් අනතුරුව රාත්‍රී 10ට පමණ තොටුපළේ සේවකයන් දෙදෙනකුද සමග කැලණි ගඟට බැස ඇති උදාර මදුසංකට නාග ලොවෙන් පැමිණි නාග රාජයකු විසින් සර්වඥ ධාතුන්වහන්සේලා සහිත කරඬුවක් ප්‍රදානය කළ බව ඔහු එදින මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කර තිබුණා.

‘මණිඅක්ඛිත නාග රජතුමා මට ගඟට එන්න කියලා ආරාධනා කළා. ගං පතුලෙ ගුහාවකට ගිහිල්ලා ආයෙ මම ගොඩ ආවා. නැවතත් මම ගං පතුලට යන්න හදනකොටම ඒ නාග රාජයාගේ කටේ මේ සර්වඥ ධාතු කරඬුව තිබිලා මම දෝතට ගත්තා. ඒ ක්ෂණයකින්ම ගොඩට ආවා…’ උදාර මදුසංක ගුප්ත විශාරදවරයා ඇඟට පතට නොදැනී ප්‍රකාශ කර සිටියේ එවැන්නකි.

කැලණිය රජමහා විහාරාධිපති හිමියන්ද එම ප්‍රකාශය අනුමත කර තිබුණේ ඉන් අනතුරුව සිදුවූ දේ මෙලෙස මාධ්‍ය වෙත අනාවරණ කරමිනුයි.

‘අපට විශාල ශබ්දයක් ඇහුණා. ඒ ශබ්දය ආවේ ගඟේ වතුරට තද යමක් ස්පර්ශ කළාම ඇතිවෙන්නා වූ ඝෝෂාවක්. ඒ වගේ තුන් හතර සැරේක ඝෝෂාවක් ආවා. ටික වෙලාවක් අපි බලාගෙන ඉන්නකොට උදාර මහත්මා කරඬුවක් සහිතව කැලණි නදියෙන් ගොඩට ආවා…’

නා ලොව ධාතු වැඩමවීමේ සිදුවීම් මාලාවේ සුවිශේෂම සන්ධිස්ථානය එයයි. එනම්, රටට, ජාතියට පෙර නොවූ විරූ වාසනාවන්ත, සෞභාග්‍යමත් කාල සමයක් උදාවීමේ පූර්ව නිමිත්තක් ලෙස ‘විශාල ශබ්දයක් සමග’ නා ලොවෙන් පැමිණි දිව්‍යරාජයකු විසින් ධාතු කරඬුව ප්‍රදානය කිරීමයි.

ඉන් පසුව සිදුවූ දේ උදාර මදුසංක පවසා තිබුණේ මේ ආකාරයටයි.

‘අපි විශේෂ නාග ආසනයක් හදලා තිබුණා. එතැනින් කරඬු වහන්සේ තැන්පත් කරලා අපි වන්දනාවක් කළා. ඒ මොහොතෙදී වතුරෙන් මතුවුණා නාගයෙක්. ඒ නාගයා වන්දනාමාන කරන්න තමයි ආවේ….’

ඔහුගේ මෙම ප්‍රකාශ අසන ඕනෑම කෙනකුට සිතෙන්නේ මෙය දෙමළ සිනමා පටවල නිතර දක්නට ලැබෙන ආශ්චර්යවත් මිථ්‍ය කතාවකට සමාන බවකි. ගංගාවකින් මතුවූ නාගයෙක් ධාතු වන්දනා කරන ආකාරය, ධාතු කරඬුවක් කටේ තබාගෙන පැමිණි නාග රාජයෙක් එය ලබාගන්නා ලෙස උදාර මදුසංකට කරන ආරාධනාව, ඔහු ගං පතුලේ ඇති ගුහාවකට යන ආකාරය. මේවා සියල්ල වර්තමාන ටෙලි කතාවලවත් දක්නට නොලැබෙන අන්දමේ විහිළුසහගත, මනඃකල්පිත සිදුවීම් බව යම් චින්තන ශක්තියක් සහිත සෑම අයකුට වැටහෙන කරුණකි. එහෙත් 2019 නොවැම්බරයේ සිදුවූ මේ අරුමපුදුම නාග ධාතු කතාවේ අරමුණ පැහැදිලි වූයේ විහාරාධිපති හිමියන්ගේ මේ ප්‍රකාශයෙන් පසුවයි.

‘මීට පෙර දුටුගැමුණු රජ්ජුරුවෝ රුවන්වැලි සෑය නිර්මාණය කළායින් පස්සේ ධාතු පුණ්‍යෝත්සවයේදී රහතන්වහන්සේ නමක් නාග ලෝකයට ගිහිල්ලා ධාතුන්වහන්සේලා ලබාගෙන ඇවිල්ලා තැන්පත් කළයි කියලා සඳහන් වෙනවා. මේවා අතර අනුසන්ධියක් තියෙනවා කියලා මට හිතෙනවා…’

‘2020 වර්ෂය වෙනකොට අපිට හොඳ නායකත්වයක් ලැබිලා, හොඳ දේශයක් ගොඩනගන්නට අවකාශය සැලසෙනවා කියන පණිවුඩයත් ඒ සමගම අපිට ලැබුණා….’

කෙසේ හෝ මෙම මණිඅක්ඛිත ධාතු නාටකය අවසන් වූයේ ගෝඨාභය රාජපක්ෂ, දියසේන කුමාරයාට ව්‍යංගයෙන් සමාන කරමිනි. මෙම නාටකයට එක්තරා රූපවාහිනී ආයතනයක් මගින් ලබාදුන් විශාල ප්‍රචාරයත් සමග ධාතු වන්දනා කරන්නට දහස් ගණන් ජනතාව කැලණි විහාරස්ථානයට පෝලිමේ පැමිණි අතර, ඔවුන්ට නෙලුම් පොහොට්ටුවක් බැගින් ලබාදීමටද එහි සිටි පිරිසක් කටයුතු කරනු දැකගත හැකි විය.
මහින්ද රාජපක්ෂ, දුටුගැමු රජුට සමාන කළා සේම, ඔහු, බුදුරජාණන්වහන්සේගේ ඥාතියකු කළා සේම ජනාධිපතිවරණයක් ආසන්නයේ තවත් වටයකින් ජනතාව රැවටීමට ගත් අසාර්ථක උත්සාහයක් බවට මෙම සිදුවීම එකල පත්විය. එහෙත් එහිදී සිදුවූයේ බෞද්ධ සාහිත්‍යයේ සහ ශාසන ඉතිහාසයේ සඳහන් මණිඅක්ඛිත දිව්‍යරාජයා ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට ඈඳා ගැනීමයි.

‘කැලණි විහාරයේ නාග ධාතු සෙල්ලම’ ලෙසින් සමාජ මාධ්‍යවල එකල දහස් ගණනින් හුවමාරු වූ පෝස්ටු අදටත් ඉඳ හිට උඩට මතුව එන්නේ කැලණි ගං පතුලෙන් මතුව ආ අද්භූත නාගයා සිහිගන්වමිනි. නාග ධාතු සෙල්ලම ගැන තව තවත් සඳහන් කිරීම අනවශ්‍ය වන්නේ ඒ පිළිබඳ ඕනෑ තරම් ලිපි, විවිධ සටහන් ඔබ කියවා, අසා, දැක ඇති බව දන්නා නිසාය. එහෙත් එම සිදුවීම පිළිබඳ යළිත් කියවන්නට ඔබට අවස්ථාව සලසා දුන්නේ පසුගිය සතියේ හිටිහැටියේම ෆේස්බුක් ඔස්සේ මෙම උදාර හා කැලණි රජමහා විහාරාධිපති හිමියන් එකට සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාලවල පළවීමට පටන්ගෙන තිබීම නිසාය. මෙම ඡායාරූප එදා නයි නාඩගම නටද්දී ගත් ඒවාද එසේත් නැතිනම් අලුතින් ගත් ඒවාද යන්න පැහැදිලි නැතත් අලුත් ඒවා නම් තවත් අලුත් නාඩගමක් නටන්නට සූදානම් වීමත් බොහෝ දෙනාගේ අදහස වී තිබේ. එදා නයා එද්දී ‘ඩෝං’ ගා සද්දයක් ඇහුණා සේ හෙට අනිද්දාත් ‘ඩෝං’ ගා සද්දයක් ඇසෙනු නොඅනුමානය.

නාග ධාතු නාටකයෙන් පසුව එහි කතා නායකයා වූ උදාර මදුසංක හෙවත් ගුප්ත විද්‍යා විශාරදවරයා පසුගිය කාලයේ ආගිය අතක් සොයාගත නොහැකිව සිටි අතර, මේ වන විට ඔහු නැවතත් කරළියට පැමිණ සිටී. ඒ, වෙන කොහෙන්වත් නොව කැලණිය රජමහා විහාරස්ථානයෙන්මය. විහාරස්ථානයේ දේවාලයක පැවැති පූජාවකදී උදාර මදුසංක එහි වතාවත් සිදුකරන ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යවල මීට දින කිහිපයකට ඉහතදී පළවී තිබිණි. එහි විශේෂත්වය වන්නේ 2019 ජනාධිපතිවරණයට සතියක් තබා මිථ්‍යා මත සමාජගත කරමින් රටම නොමඟ යවන්නට උත්සාහ දැරූ කැලණිය රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ද උදාර මදුසංක සමග එම වතාවත්වලට සහභාගි වී සිටීමය.

මිථ්‍යා විශ්වාස හෝ වේවා සංස්කෘතිය හා බැඳී පවතින චිරාගත සම්ප්‍රදායන් හෝ වේවා ඇදහීම, පිළිගැනීම, ඒවාට ගරු සත්කාර දැක්වීම සෑම මනුෂ්‍යකුටම ඇති මූලික අතිතියක් බව සැබෑය. එහෙත් වසර දහස් ගණනක් පුරා මෙරට බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ විශ්වාසයන් අයුතු ලෙස ඈඳාගෙන අමනෝඥ දේශපාලකයන් දිනවීමේ අරමුණෙන් ජනතාව මුළා කිරීමට යොදාගැනීම සදාචාර නොවන බව නැවත සිහිපත් කළ යුතුය.

යම් දේශපාලනික සවිඤ්ඤාණික බවක් සහිත බහුතර ජනතාවක් අප රටේ ජීවත් වුණද, තවදුරටත් මෙවැනි නයි නාටක මේ භූමිය තුළ සිදු නොවෙතැයි කිසිවකුට අනුමාන කළ නොහැකිය. දේශපාලකයන්ගේ වරදානවලට කෙළ හලාගෙන සිටින මාධ්‍ය කොම්පැනිකාරයන්ගේ මුදල්වලින්, උදාර මදුසංකලා වැනි ගුප්ත විද්‍යා විශාරදවරු වැනි විවිධ නළු බට්ටන් ඉදිරියේදීත් පෝලිමේ කරළියට එනු ඇත. එහෙත්, එවැනි නාඩගම්, ජවනිකා කොතරම් ටීවී චැනල්වල රඟදැක්වුවද ඒවාට නොරැවටීමට ජනතාව සූක්ෂ්ම විය යුතුය.

අනෙක් අතට මේ නයි නාඩගම නටන්න ගොස් එදා දෙරණට ‘නයි දෙරණ’ ලෙස නමක්ද පටබැඳිණි. ඒ නිසා අලුත් නාඩගමක් නටන්නට යනවා නම් ජනතාව බලන්නට අලුත් නාලිකාවක්ද දැන්ම තෝරාගත යුතුව ඇත.

SendShareShare
Previous Post

ධනුෂ්ක විතරක් නෙමෙයි අනෙක් අයත් ඔස්ට්‍රේලියාවෙදි පිස්සු නටලා! චාමික සිඩ්නි කැසිනෝ ශාලාවකදී ගුටි ගහගෙන! ‌බේරගෙන තියෙන්නේ දසුනුයි-භානුකයි! සමහරු කාමරවලට ඇවිත් තියෙන්නෙත් රෑ දෙගොඩ හරියේ!

Next Post

හකීම්ගේ සම්මේලනයට රනිල් එක්ක රට ගිය ඇමැති නසීර් බාල්දියක් පෙරළයි! දැඩි ආරක්ෂාවක් මැද හකීම් රැස්වීමට අරන් එයි! (VIDEO)

MORE NEWS

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News
Exclusive

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News
Exclusive

වී මිල-පොහොර මිල! ගොවි සටනට සජබය නායකත්වය දෙයි! සිකුරාදා අරලගංවිලදී දැවැන්ත ගොවි උද්ඝෝෂණයක්! I Sri Lanka Latest News

Load More
ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News
Exclusive

ඉස්පිරිතාල පිරිලා ඉතිරිලා ගිහින්! ආණ්ඩුවට ඩෙංගු මර්දනයට කිසිම වැඩපිළිවෙළක් නෑ! මාලිමාවට බලය තියෙන ප්‍රාදේශීය සභාවල අමුතු දුම් ගැහිල්ලක් ගැන නාමල්ගෙන් හෙළිදරව්වක්! I Sri Lanka Latest News

සමහර පැතිවල පැමිණිලි කරාම ඩෙංගු රෝගියෙක් ඉන්නවා ඇවිල්ලා දුම් ගහන්න කියලා ප්‍රාදේශීය සභාවෙන් කියනවා එක රෝගියෙක් හිටියට මදි අඩුම තරමේ...

Read more
ලන්සාගේ සන්ධානයට මම යන කතා බොරු! ගෝඨාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍යයට කතා කරයි! I Sri Lanka Latest News

රාජ්‍ය ආයතන 2කින් එකපාර වැටුප් දෙකක් ගත්ත ගෝඨාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර අත්අඩංගුවට! I Sri Lanka Latest News

ලංකාවේ මිනිස්සු වැඩියෙන් මැරෙන්නේ… වැක්සින් එකේ අවුලක්ද? කොවිඩ් හැදිලද? පශ්චාත් කොවිඩ්ද? I Sri Lanka Latest News

හිටිහැටියේ තරුණ කට්ටිය හාට් ඇටෑක් හැදිලා මැරෙද්දි හැමෝම කියන්න ගත්තා කොවිඩ් එන්නතේ යම් බලපෑමක් මේ මරණවලට තියෙනවා කියලා! ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරදියි! මෙන්න හැමෝම පුදුම වෙච්ච අලුත්ම වෛද්‍ය අධ්‍යනයෙන් හෙළිවුණු දේ! I Sri Lanka Latest News

මැද පෙරදිග යුද ගැටුම්වලට මැදිවුණු ලාංකිකයන්ගේ ජීවිත ආරක්ෂාව වහාම තහවුරු කරන්න! සජිත් අනුරාධපුරයේ මිල්ලගල විහාරස්ථානයේ මකර තොරණට මුල්ගල් තියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආණ්ඩුව හදන්නේ පාරම්පරික ආයුර්වේද වෙදකම නැත්තටම නැතිකරලා දාන්න! PHOTOS & VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

මහබැංකුවේ ලියාපදිංචි වෙච්ච මූල්‍ය ආයතන 4ක් එකතු වෙලා ‘සිංහ කැපිටල් ඉන්වෙස්ට්මන්ට්’ කියලා නීත්‍යානුකූල නොවන ආයතනයක් පිහිටුවලා ජනතාවගෙන් තැන්පතු අරන්! කෝටි 900ක වංචාවක්! මහබැංකුවත් වංචාවට උදව් කරලා?  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.