• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොහොට්ටුවේ අයත් කියනවා : පාර්ලිමේන්තුවේදිත් කියැවුණා, සමාජ මාධ්‍ය ජාලාවලත් හෝ ගාලා යනවා, අවුරුදු 16 සිසුවියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ සිටි කළුතර නායකයාද? අතේ පත්තු වුණු මහා බොරුව I Sri Lanka Latest News

May 18, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොහොට්ටුවේ අයත් කියනවා, පාර්ලිමේන්තුවේදිත් කියවුණා, සමාජ මාධ්‍ය ජාලවලත් හෝ ගාලා යනවා` අවුරුදු 16 සිසුවියගේ මරණයට ඇල්ලුවේ අරගලයේ සිටි කළුතර නායකයාද? මෙන්න ඇත්ත කතාව. එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකථන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීම අපට නිතර දැකගන්නට ලැබෙනවා. එලෙසින් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ කළුතර දැරිය ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් සමාජ මාධ්‍යවල පළවූ නොමඟ යවනසුලු, ව්‍යාජ ඡායාරූප සටහන් කිහිපයක් පිළිබඳ factcrescendo.com වෙබ් අඩවිය කළ විමර්ශනයක් පහතින් පළවේ. (Sri Lanka Latest News)

සමාජ මාධ්‍ය සටහන් :
කළුතර සිසුවිය ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඡායාරූප ලෙස හඟවමින්, සැකකරුගේ සත්‍ය ඡායාරූපයට සමානකම් ඇති තවත් ඡායාරූපයක සංසන්දනයක් මගින් පෙන්වා තිබුණේ, මෙම කළුතර දැරියගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු, පසුගිය සමයේ පැවැති අරගලයේ සිටි පුද්ගලයෙක් බවයි. ඒ සඳහා පසුගිය වසරේ අරගලය සමයේ ලබාගත් සේයාරුවක් ද යොදාගෙන තිබුණු අතර, එහි සටහන්ව තිබුණේ මෙවැන්නකි.

‘එදා – ජාතිවාදී ඩයස්පෝරාවට සහාය දක්වමින්…
අද – දැරියක් දූෂණය කර ඝාතනය කරමින්…
අමතක කරන්න එපා මුන්ව අත්පුඩි ගහලා පිළිගත්ත මානසික රෝගියොත් හිටියා කියලා…’

එමෙන්ම මෙම ඡායාරූපය WhatsApp ඔස්සේ ද, බහුලව හුවමාරු වී තිබුණේ ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පුද්ගලයා කළුතර දැරිය සම්බන්ධ සිදුවීමේ සැකකාර පුද්ගලයා බවට හඟවමිනි.

මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ප්‍රතිචාර (කමෙන්ට්)වලින්ද, පෙනීයන්නේ ඉහත පළමු ඡායාරූපයේ සිටින්නේ අරගලයට සම්බන්ධ පුද්ගලයා සත්‍ය සැකකරු බවට බොහෝ දෙනකු උපකල්පනය කර ඇති බවටයි. එසේම සිද්ධියට අදාළ පුද්ගලයාගේ ඡායාරූපයක් ලෙස හඟවමින් තවත් ඡායාරූපයක් පළකර තිබිණි. මෙම ඡායාරූප සටහන සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර (කමෙන්ට්)වලින් ද, මෙහි සිටින්නේ සත්‍ය සැකකරු බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබිණි. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ඉහත පළමු ඡායාරූපයේ අරගලයේ සිටින අයුරු දැක්වෙන පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳ අප පරීක්ෂා කිරීම සඳහා අරගලයේ සක්‍රීය දායකත්වය සැපයූ සාමාජිකයන් කිහිප දෙනකුගෙන් තොරතුරු විමසා සිටියා. ඔවුන් සඳහන් කළේ, අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ, ශාලික රුක්ෂාන් සේනාධීර නමැති කලාවට සම්බන්ධ පුද්ගලයකු‍ගේ ඡායාරූපයක් මෙලෙසින් අවභාවිත කොට අසත්‍ය පතුරුවන බවයි.

එමෙන්ම අරගලයේදී දිස්ත්‍රික් සංවිධායක මෙන්ම වෙනත් තනතුරු හෝ සාමාජිකයන් අතර බෙදී නොගිය බවත් ඔවුන් තහවුරු කළා. ඒ අනුව අප ඔහුගේ ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළ අතර, අපට දැකගන්නට ලැබු‍ණේ ඔහු විසින් 2022 වසරේ ජූනි 27 වැනි දින සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ ඡායාරූප ඇල්බමයේ එක් ඡායාරූපයක් ඉහත අසත්‍ය සටහන් නිර්මාණය කිරීම සඳහා යොදාගෙන තිබුණු බවයි.

අප මේ පිළිබඳ අප ශාලික රුක්ෂාන් සේනාධීරගෙන් දුරකතන මාර්ගයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, අරගලයට සහභාගි වූ පුද්ගලයන් සම්බන්ධයෙන් අසත්‍ය පැතිරවීම සඳහා මෙවැනි අසත්‍ය දේවල් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත කරන බවයි.

එමෙන්ම අප දෙවැනි සටහනේ ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් ද අනාවරණ කරගත් අතර ඔහු Chama නමැති යූටියුබ් නාලිකාව පවත්වාගෙන යන චාමර ඩිල්ෂාන් නමැති පුද්ගලයායි.

අප මේ පිළිබඳ තහවුරු කරගැනීම සඳහා චාමර ඩිල්ෂාන් හා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ වූ අතර ඔහු සඳහන් කළේද, විනෝදාත්මක ස්වරූපයෙන් තමන් කළුතර සිදුවීමේ සැකකරු ලෙස හඟවමින් සටහනක් හුවමාරු වූවත් බොහෝ පිරිසක් එය සත්‍ය ලෙසින් පිළිගෙන ඇති බවයි.
චමා සම්බන්ධයෙන් පුවත නිවැරදි කර තිබූ සටහනක් පහතින්.

‘කළුතර දැරියකගේ සෝචනීය මරණය සම්බන්ධයෙන් ආදරණීය චමා පිළිබඳ සමාජ මාධ්‍යවල වාර්තා වන අසත්‍ය ප්‍රචාරය නිවැරදි කළ යුතුයි සිතා ඔහු වෙනුවෙන් ලියමි. එම ඡායාරූපවල සිටින තැනැත්තා චමා නොවන අතර, ඔහු Tattoo ගහලා නොමැත. ශරීර ස්භාවයත්, කළු පැහැති තොප්පියත් සමාන ස්වභාවයක් ගත්තත් ඒ ඔහු නෙමෙයි. ආදරණීය නිවැරදි කිරීමක් පමණක් බව සලකන්න…’Sameera Weerawarna

එමෙන්ම ඇතැම් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන විසින් සත්‍ය සැකකරුගේ නම ධනුෂ්ක ගයාන් සහබන්දු බවට හෙළිකර තිබිණි. ඒ අනුව ඉහතින් සැකකරු ලෙස හඟවමින් පළකර තිබූ ඡායාරූපවල දක්වා තිබුණේ වෙනත් පුද්ගලයන් බවට ද, ඔවුන්ගේ නම් හරහා ද තහවුරු වේ.

තව ද, මේ වන විට එම සත්‍ය සැකකරු සිටින්නේ පොලිස් රැඳවුම් භාරයේ බැවින් ශාලික රුක්ෂාන් සේනාධීර හෝ චාමර ඩිල්ෂාන් හෝ මේ වන විට සිටිය යුත්තේ පොලිස් රැඳවුම් භාරයේය.

කෙසේ වෙතත් සත්‍ය සැකකරු අරගලයේ සිටි පුද්ගලයෙක් බවට තොරතුරු අනාවරණ වී ඇත්දැයි යන්න පිළිබඳ විමසීම සඳහා අප පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්දූව මහතාගෙන් විමසීමක් කළ අතර, ඒ මහතා සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනය සිදුවෙමින් පවතින බවත්, ඔහු අරගලයේ සිටි පුද්ගලයෙක්ද, නැද්ද යන්න වග අනාවරණය නොවූ බවත්, යම් සිදුවීමක් දේශපාලනික කරුණක් නොවන තුරු සැකකරුවකුගේ දේශපාලනය විමර්ශනවලට අදාළ නොවන බැවින් ඒවා විමර්ශනය නොකරන බවයි.

එමෙන්ම එම පුද්ගලයා අරගලයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක වැනි තොරතුරු අනාවරණ නොවූ බවත්, විමර්ශනයට භාජනය නොවූ එවන් තොරතුරක් මාධ්‍ය වෙතට පොලිසිය මගින් කිසිදු අවස්ථාවක ප්‍රකාශ නොකර බවත්, එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුගේ නම ධනුෂ්ක ගයාන් සහබන්දු බවටද, තහවුරු කරනු ලැබුවා.

කළුතර පාසල් සිසුවියගේ ඝාතනය පිළිබඳ වාර්තා වී ඇති තොරතුරු
පසුගිය 05 වැනිදා කළුතර ගාලු පාරේ හෝටලයක් පිටුපස තරුණියකගේ නිරුවත් මළ සිරුර දුම්රිය මාර්ගය අසල වැටී තිබියදී සොයාගෙන තිබූ අතර එලෙස අබිරහස් අයුරින් මියගොස් තිබුණේ කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි, කළුතර ප්‍රදේශයේ බාලිකා විදුහලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන 16 හැවිරිදි සිසුවියක් බවට අනාවරණය වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරිය සමග එම හෝටලයට පැමිණි බව කියන තරුණයකු සහ තරුණියක අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය සමග හෝටල් කාමරයේ රැඳී සිටි බව කියන පුද්ගලයකු පලාගොස් තිබුණා. පසුගිය දිනවල එම පුද්ගලයා සොයා පොලීසිය විමර්ශන අරඹා තිබූ අතර, පසුගිය 09 වැනිදා උදෑසන එම පුද්ගලයා ගාල්ල, හික්කඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ඉසුරු උයනේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බවත්, සැකකරු ගාල්ල ප්‍රදේශයේ සැඟව සිටින බවට කළුතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ මහතාට ලද තොරතුරක් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිලධාරීන් පිරිසක් ගාල්ල ප්‍රදේශයේදී 09 වැනිදා අලුයම වැටලීම කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

අදාළ යුවළ සහ ප්‍රධාන සැකකරුට පලායෑමට උදව් කළ පුද්ගයකු ද මේ වනවිට මැයි 15 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අවසාන නිගමනය :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, කළුතර ප්‍රදේශයේ පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ ඡායාරූපය සමග හුවමාරු වන අනෙකුත් ඡායාරුප මගින් පෙන්වන්නේ එම සැකකරු වන ධනුෂ්ක ගයාන් සහබන්දු නමැති පුද්ගලයා නොව, වෙනත් පුද්ගලයන් බවයි.

එම පුද්ගලයන් දෙදෙනාම අත්අඩංගුවේ පසු නොවන අතර, තමන් ඉලක්ක කරගනිමින් මෙසේ ව්‍යාජ පුවත් නිර්මාණය වී ඇති බව ඔවුන් අපට දුරකතනයෙන් තහවුරු කරනු ලැබුවා. සත්‍ය සැකකරුගේ ස්වරූපයට සමාන ස්වරූප ඇති පුද්ගලයන්, හුදෙක් අරගලයට සම්බන්ධ කර අසත්‍ය ප්‍රචාර පැතිරීම සඳහා මෙන්ම හුදෙක් විනෝස්වාදය සඳහා නිර්මාණය කරන ලද මෙම ව්‍යාජ සටහන් හේතුවෙන් මෙලෙසින් ජනතාව නොමඟ ගොස් තිබුණා.

factcrescendo.com වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.

SendShareShare
Previous Post

මැරුණට පස්සේ ගෙනත් දැම්මද? ගහලා ගෙනාවට පස්සේ මැරුණද? ඇඟ පුරාම තුවාල ආවේ කොහොමද? කෝල් එකක් ගත්තම උත්තර දීපු කොළඹ ලොකු නෝනා කව්ද? රාජකුමාරිගේ අභිරහස් මරණය ගැන ලොකු හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රෝසිගේ නිල නිවසේ ලයිට් බිල මාස 2ට ලක්ෂ 8 පන්නයි! ගෙවන්නේ නැතිව ඉඳිද්දී අන්තිමේදී නගර සභාව ජනතා බදු මුදලින් ගෙවලා! Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.