හිටපු කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ නිල නිවසේ මාස 2ක විදුලි බිල ලක්ෂ 8 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
එම මුදල නොපියවා තිබියදී නගර සභාවට ලැබී ඇති උපදෙස් මත එම ලක්ෂ 8කට අධික මුදල නගර සභාව විසින් ජනතා බදු මුදලින් පියවා ඇති බව දැනගන්නට ඇත.
මේ වනවිට කොළඹ නගර සභාව ඇත්තේ විසුරුවා හැර කොමසාරිස් පාලනයට යටත් කොටය.












