• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ රෑ වැව රවුමේ නුවර වැවට පනින්නේ ඇහැලේපොල කුමාරිහාමිද I Sri Lanka Latest News

August 25, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ හදවතෙහි පිහිටි සුන්දර මහනුවර නගරයේ දළදා මාලිගාව ඉදිරිපිට අභිමානවත් බෝගම්බර වැව පිහිටා තියෙනවා. බෝගම්බර වැව හා බැඳුණු ඔබ අසා නැති ඓතිහාසික කතා ටිකක් ගොනුකරන්නයි මේ වෑයම.(Sri Lanka Latest News)

මේ ආකර්ෂණීය බෝගම්බර වැව සියවස් ගණනාවක් පුරා මහනුවර භූ දර්ශනය අලංකාර කළ කෘත්‍රිම ජල තටාකයක්. එය 19 වැනි සියවසේ මුල් භාගයේදී මහනුවර රාජධානියේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රමරාජසිංහ රාජ්‍ය පාලනය දක්වා දිවයනවා. කලාව ගෘහ නිර්මාණ ශිල්පය සහ සෞන්දර්යය කෙරෙහි ගොඩක් ආශා කරපු රාජසිංහ රජතුමා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කරන්න මහා මාලිගා සංකීර්ණයක් අපේක්ෂා කළා. මේ ශ්‍රී දන්ත ධාතුන්වහන්සේ තැන්පත් කරන ලද ශ්‍රී දළදා මාලිගාවේ අසිරිය වැඩිකිරීමටත් සන්සුන් වාතාවරණයක් ඇතිකිරීමටත් දළදා මාලිගා භූමිය ඉදිරිපිට වැවක් නිර්මාණය කිරීමට නියෝග කළා. මේ වැවට ඒ කාලේ කිව්වේ කිරි මුහුද කියලා. එයට හේතුව තමයි ඒ කාලේ එහි තිබුණු මඩ ගොහොරුවේ කිරි ඉබ්බෙක් වාසය කිරීම.

බෝගම්බර වැව හදනකොට ඒ කාලේ මිනිස්සු ගොඩක් අකැමැති වෙලා තියෙනවා. ඒකට හේතුව යුදමය වාතාවරණයක් තියෙන කාලෙක රජයේ මුදල් නගර අලංකරණවලට යොදවන එක. රාජ්‍ය නියෝගය අනුව කිසිම වැටුපක් නොගෙවා තමයි මිනිස්සු ගෙදරින් ගෙනාපු බත්පත කාලා වැවේ ඉදිකිරීම් කරලා තියෙන්නේ. මේ වැව සෞන්දර්යාත්මක අරමුණ වගේම සතුරු ආක්‍රමණවලට එරෙහි බාධාවක් ලෙස ක්‍රියාත්මක වෙලා තියෙනවා. මාලිගාව අවට ආරක්ෂක දිය අගලක් වෙලත් තියෙනවා. වාරිමාර්ග කටයුතු වගේ විවිධ ජල අවශ්‍යතා සඳහා මෙය ගොඩක් උපකාරී වෙලත් තියෙනවා.

නුවර වැවේ සැලැස්ම හදලා තියෙන්නේ දේවේන්ද්‍ර මූලාචාරී කියන ගෘහ නිර්මාණ ශිල්පියා. මහනුවර පත්තිරිප්පුවත් නිර්මාණය කළේ මේ රාජකීය ගෘහ නිර්මාණ ශිල්පියා කියලා තමයි සැලකෙන්නේ. ඔහුට යම් කිසි සතුරන් පිරිසකගේ බලපෑමෙන් මේ වැවේම ගිල්වලා මරනවා. වැව වටේ මීටර් 600කට වඩා තියෙන වලාකුළු බැම්මේ ත්‍රිකෝණාකාර වා කවුළු තියෙනවා. ඒ වා කවුළු ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ යම් යම් රාජකීය උත්සවලදී පහන් පත්තු කරන්න.

වැව මැද කුඩා දූපතක් තියෙනවා. මේක රාජසිංහ රජතුමාගේ අදහසක් අනුව නිර්මාණය කරපු එකක්. විවේකී හැම වෙලාවකම රාජසිංහ රජතුමා ජයතිලක නමින් හඳුන්වන මේ කුඩා දූපතට යන්න පුරුදු වෙලා හිටියා. හැබැයි බෝට්ටුවෙන් නම් නොවේ රජතුමා මේ දූපතට ගිහින් තියෙන්නේ. හැකිලෙන දිගහැරෙන පාලමකින්. ඒ පාලම තිබිලා තියෙන්නේ ඒ කාලේ රජ බිසෝවරු ජල ස්නානය කරන උල්පැන් ගේ අසලින්. ඒක ඉංග්‍රීසි ගිනි තබා විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ රජතුමා ගොඩක් ඇලුම් කළ ජයතිලක මණ්ඩපය ඉංග්‍රීසින් වෙඩි බෙහෙත් ගබඩාවක් විදියට පාවිච්චි කරලා තියෙනවා. බෝගම්බර වැවට වැසි ජලය වගේම ඇළ මාර්ග පද්ධතියකින් ශ්‍රී ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟෙන් ජලය ලැබෙනවා කියලා තමයි කියන්නේ.

බෝගම්බර වැව හා බැඳුණු ඛේදනීය පුවතක් තියෙනවා. එය ලංකා ඉතිහාසයේ ළමා වීරයෙක්ගේ කතාවක්. මද්දුමබණ්ඩාර ඇහැලේපොල. බොහෝ විට මද්දුමබණ්ඩාර ලෙසින් තමයි ඔහු හැඳින්වූයේ. මහනුවර යුගයේ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා යටතේ සබරගමුව දිසාවේ ඇහැලේපොල මහ දිසාවේගේ දෙවැනි පුත්‍රයා. මද්දුමබණ්ඩාර සහ ඇහැලේපොල පවුල රජුට ද්‍රෝහිකම් කිරීමේ වරදට 1814දී ඝාතනය කරනවා.

මේ මරණ දඬුවම ක්‍රියාත්මක කරන අවස්ථාවේ මද්දුමබණ්ඩාර කළ නිර්භීතම ක්‍රියාව නිසා ඔහු ශ්‍රී ලංකාවේ ළමා වීරයකු බවට පත්වෙනවා. ඇහැලේපොල මහ දිසාවේ සහ ඇහැලේපොල කුමාරිහාමි යන මවුපියවරුන්ට දාව මද්දුමබණ්ඩාර 1806 මහනුවරදී උපත ලබනවා. ඔහුට වැඩිමහල් සහෝදරයෙක් වන ලොකු බණ්ඩාර සහ ටිකිරි මැණිකේ සහ ඩිංගිරි මැණිකේ යනුවෙන් සහෝදරියන් දෙදෙනෙක් සිටිනවා. ඔහුගේ මාමා වුණේ කැප්පෙටිපොල දිසාවේ. ඔහු 1815 මාර්තු 02 වැනිදා උඩරට ගිවිසුම අස්සන් කිරීමේ ප්‍රමුඛ පෙළේ නායකයෙක්.

සබරගමුවේ ඉන්නකොට එවක රටට පිළිලයක් වෙච්ච බි්‍රතාන්‍ය පාලනයට එරෙහිව තිබූ කැරැල්ලට ඇහැලේපොල ආධාර කරමින් සිටින බව ශ්‍රී වික්‍රම රාජසිංහ රජුට දැනගන්න ලැබෙනවා. ඇහැලේපොල පවුල අත්අඩංගුවට ගන්න ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නියෝග කරනවා. ඒත් රජතුමාට අහැලේපොලව අත්අඩංගුවට ගන්න බැරි වෙනවා. හේතුව, ඒ වෙනකොටත් ඇහැලේපොල ඉංග්‍රීසින්ගේ අත්අඩංගුවට පත්ව සිටීම. ඒ නිසා රජතුමා ඇහැලේපොලගේ බිරිඳ සහ දරුවන් අත්අඩංගුවට ගන්නවා. 1814 මැයි 17 වැනිදා ඔහුගේ පුතුන් හිසගසා මරා දමනවා.

ඇහැලේපොලගේ බිරිඳ, දියණියවන්ව බලහත්කාරයෙන් බෝගම්බර වැවේ ගිල්වා මරාදැම්මේ ඔවුන්ගේ ගෙලෙහි දැවැන්ත ගල් බඳිමින්. මද්දුමබණ්ඩාරගේ සොහොයුරා හිසගසා දමන විට මර බියෙන් වෙවුලද්දී මද්දුමබණ්ඩාර, ‘අයියණ්ඩිය බිය නොවන්න… මැරෙනා සැටි මම පෙන්වන්නම්’ කියලා අළුගෝසුවාගේ මුවහත් කඩුවට තමන්ගේ හිස තැබුවා. මෙන්න මේ ඛේදවාචකය මවක් කොහොම උසුලන්නද? තමා ඉදිරියේ දරුවන්ගේ හිස ගසාදානකොට. දරුවන්ගේ ගෙලේ රතු මල් මාලා දාලා වීදි සංචාරය කරනකොට. දරුවන්ගේ බෙල්ලේ ගල් බැඳලා වැවේ ගිල්වනකොට. ඒ දුක මවක් කොහොම උසුලන්නද?

මහනුවරට එන සැදැහැවතුන් වන්දනාමාන කරලා මෙතුමියටත් පින් දීලා මේ සංසාරයෙන් එතෙර කරවීම අපි කාගෙත් යුතුකමක් කියලා මතක තියාගන්න. මේ කුල කාන්තාව මෙතැන සැරිසරනවා කියන එක මහා පුදුමයක් නෙවෙයි නේද? බෞද්ධ දර්ශනයට අනුව විය හැක්කක්. ඇහැලේපොල කුමාරිහාමි, ඒ වගේම නුවර වැවේ නිර්මාතෘ මේ වැවටම ජීවිතේ පූජා වුණු දේවේන්ද්‍ර මූලාචාරීන්ටත් පින් අනුමෝදන් කිරීම අපේ යුතුකමක්.

ඉපැරැණි උඩරට කුල කාන්තාවන් අඳින ඇඳුමකින් සැරසුණු කාන්තාවක් මහ රාත්‍රියේ විශේෂයෙන් පෙබරවාරි මාර්තු වගේ මාසවල මේ වැව රවුමේ ඇවිදගෙන ගිහින් ‘මට මගේ දරුවො දීපියව්’ කියලා මහ හඬින් දීලා වැවට පනිනවලු. වැවට පනින ශබ්දයත් බෝගම්බර මහනුවර අවට වාසය කරන ජනතාව කියනවා. මේ කාන්තාව දරුවන් සොයා තමයි විලාප දෙන්නේ. අතේ කිසිම දරුවෙක් නෑ. මහනුවර සෙන්ට් පෝල්ස් පල්ලියට බටහිර දෙසින් හිරගේ අසලින් විලාපයක් දීලා පිටව එන ඇය දළදා මැඳුර පහුකොට මැදියම් රැයේ හිරගෙදරට උඩින් තිබූ අඩිපාර ඔස්සේ බෝගම්බර පිට්ටනිය දෙසට ගමන් කර තිබෙනවා. එම සිදුවීම දුටු යතුරුපැදිකරුවකු සිහිසුන්ව ඇදවැටී තිබෙනවා. වසරක් පාසා සිදුවෙන මේ සිදුවීම ගැන ඉංග්‍රීසි පුවත්පතකත් පළකරලා තියෙනවා.

රාත්‍රියේ වැව රවුමේ මුර සංචාරය කරන පොලිස් නිලධාරීනුත් මේ සිදුවීම දැකලා තියෙනවා. මේ කතාව හිතලුවක් නෙවෙයි කියන සාක්ෂි බොහොමයක් තියෙනවා. හැබැයි මේ කුල කාන්තාවගෙන් කාටවත් කරදරයක් නම් වෙලා නෑ. සමහරු ක්වීන්ස් හෝටලයේ සිට බලාගෙන ඉන්නා විට මේ කාන්තාව මහා දුක් ගොන්නක් මුහුණේ තියාගෙන සිටින බව දැකලා තියෙනවා. නමුත් මේ කවුද කියන්න අපි හරියටම දන්නෙ නැහැ. මේ සාක්ෂිත් එක්ක හිතලා බලනකොට ඇය, අප ඉහත කී කුල කාන්තාව විය හැකි බව නම් අනුමාන කරන්න පුළුවන්. කොහොම නමුත් මේක හුදෙක් මනස සෙලවීමක්ම කියලා බැහැර කරන්න එපා. අපි අපේ යුතුකමක් විදියට මහනුවර දළදා වහන්සේ වැඳලා ඇයටත් පින් අනුමෝදන් කරමු.

MEDIA M යූටියුබ් නාලිකාවෙන් උපුටාගන්නා ලද්දකි

SendShareShare
Previous Post

බැසිල් පොහොට්ටු සාමාජිකයන් කැඳවයි! ඡන්දෙකට සූදානම් වන ලෙස දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අවුරුදු 500ක් හිමාලයේ ජීවත් වන මහාවතාර් බාබාජී ගැන දන්නවාද I Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව...

Read more

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.