• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 500ක් හිමාලයේ ජීවත් වන මහාවතාර් බාබාජී ගැන දන්නවාද I Sri Lanka Latest News

August 25, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙතෙක් කිසිවකුගේ ඇස නොගැටුණු ගුප්ත රහස් රැසක් සඟවාගත් හිමාල කඳුවැටිය පිළිබඳ ඔබ අසා ඇතුවාට සැක නැත. එසේ නම් ඔබ නොසිතූ හිමාල කඳු ආශ්‍රිතව දිවි ගෙවන යෝගී ඍෂිවරු පිළිබඳ දැන සිටිය යුතුය. මහාමුනි බාබාජී මහාරාජා මහා යෝගී, එසේත් නැත්නම් මහාවතාර් බාබාජී වැනි නම් කිහිපයකින් හඳුන්වනු ලබන වසර 500කටත් වඩා ආයු වලඳා ඇති තවමත් හිමාල කඳු ආශ්‍රිතව දිවි ගෙවතැයි විශ්වාස කරන ඒ මහා යෝගිතුමන් පිළිබඳ ඔබ අසා තිබෙනවාද?(Sri Lanka Latest News)

මහාවතාර් බාබාජී පිළිබඳ ලෝකයේ මුලින්ම කතාබහට ලක්වන්නේ ස්වාමි පරමහංස යෝගානන්ද විසින් 1946දී රචිත ස්වයං චරිතාපදානයක් නිසාවෙනි. ඉන්දීය යෝගි ගුරුවරයකු වූ යෝගානන්දතුමා එහි තම ගුරුදේවයා වූ ශ්‍රී යුක්තේශ්වරගිරි මුනිතුමන් විසින් ඔහුගේ මුල් ගුරුවරුන් හිමාල ගල් ගුහා ආශ්‍රිතව දිවි ගෙවන මහා ඍෂිතුමන් පිළිබඳ අනාවරණ කර ඇත. වසර 10ක් පමණ ශ්‍රී යුක්තේශ්වරගිරි මුනිතුමන් ඇසුරේ උගත් පරමහංස යෝගානන්දතුමා තමාට යුක්තේශ්වර මුනිතුමන් පසු කලෙකදී පැවැසූ පරිදි එහි පැමිණ ආධ්‍යාත්මික ඉගැන්වීම් ප්‍රගුණ කිරීම විය යුතුව තිබූ දෙයක් බවත්, ඔහුගේ කාර්යය ක්‍රියායෝගී ඉගැන්වීම් තවදුරටත් බටහිර රටවල ප්‍රචලිත කිරීම බවටත් මහා ඍෂිතුමන් සඳහන් කළ බව යුක්තේශ්වර මුනිතුමන් තමාට පැවසූ බව යෝගානන්දතුමා සඳහන් කර තිබේ.

ඒ සඳහන් කළ ආකාරයට පසු කලෙක යෝගානන්දතුමා වසර 30කට අධික කාලයක් ඇමෙරිකා එක්සත් ජනපදයේ දිවි ගෙවමින් ක්‍රියායෝගී නම් භාවනා ක්‍රමය ගැන පුහුණුවීම් කරන ලදී. ඔහු රචනා කළ ස්වයංචරිතාපදානය Autobiography of a Yogi නම් ග්‍රන්ථය මිලියන ගණනක් අලෙවි වූ අතර, භාෂා 40කට අධික ප්‍රමාණයකට පරිවර්තනය කර ඇත. එපමණක් නොව, ලොව ප්‍රකට චරිත රැසක් මෙම ග්‍රන්ථය කියවා ඇති බව සඳහන්ය.

ලොව සුප්‍රසිද්ධ ව්‍යවසායකයකු වන ස්ටීව් පොබ්ස් එය මුලින් කියවූ බවත්, පසුව එය නිතර නිතර කියවන්නට යෙදුණු බවත් ස්ටීව් ජොබ්ස් චරිතාපදානයේ සඳහන් වේ. තම ගුරුතුමන්ගේ අවවාද පිළිගත් යෝගානන්දතුමන් ඒ සඳහා ආශීර්වාද ඉල්ලා සිටිමින් ඉතා ඕනෑකමින් තමා ආධ්‍යාත්මික ශක්තිය දියුණු කරගැනීම උදෙසා භාවනාවේ යෙදෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස පරමහංස යෝගානන්දතුමන්ට මහා ඍෂිතුමන් දැකගැනීමේ අවස්ථාව උදාවේ. යෝගානන්දතුමාගේ චරිතාපදානයේ මහා ඍෂිතුමන්ගේ බාහිර ස්වරූපය මෙලෙස විස්තර කර ඇත.

‘මහා ඍෂිතුමන් මධ්‍යම ප්‍රමාණයේ උසැති දීප්තිමත් සිරුරකට උරුමකම් කී අතර, ඔහුගේ දෑස්වලින් ඉතා සන්සුන් අඳුරු බවක් දිස්වෙන්නට විය. උරහිස් වසා කඩාහැලුණු තඹ පැහැති කේශ කලාපය සහිත ඔහුගේ ශරීරය වයස්ගත වන බවක් පෙනුණේ නැත….’

මහා ඍෂිතුමන් හැබැහින් දුටු බවට ප්‍රකාශ කර ඇති සෑම අයෙකුම පාහේ ඔහුගේ මෙම සිත්ඇදගන්නාසුලු ශරීර ලක්ෂණ විස්තර කොට ඇත. මහා ඍෂිතුමන්ගේ වයස නිශ්චය කිරීම අපහසු බවත්, ඔහු පෙනුමෙන් වයස අවුරුදු 25ක් පමණ වනබවත් ඔවුන්ගේ මතයයි. මහා ඍෂිතුමන්ගේ ළමා කාලය හා වයස පිළිබඳ එතුමා විසින්ම එකල සරසවි සිසුවකු වූ එස්.ඒ.ඒ. රාමයියාට හා නීලකාන්තන් පුද්ගලයාට 1942 වසරේදී පමණ සඳහන් කරන ලදැයි සැලකෙන විස්තරයක් මෙහිලා සඳහන් කරමි. ඒ අනුව,

මහාවතාර් බාබාජී, නාගරාජා නමින් ක්‍රි.ව. 203 නොවැම්බර් 30 වැනිදා තමිල්නාඩුවේ පරංගිපෙට්ටෙයි නම් වෙරළබඩ ග්‍රාමයේ උපත ලබා ඇත. කෝවිලක පූජකයකු වූ ඔහුගේ පියා තම කුඩා පුතු සමග කුණ්ඩලීනී ශක්තිය, පෙර ආත්ම භවයන්හි සිටම පුහුණු කර ඇති බව වැටහෙන්නට විය. ඊට හේතුව නාගරාජා ඉපදීමට පෙර ඔහුගේ පියා විසින් ශිව දෙවියන්ගේ වැඩිමහල් පුතු වූ ස්කන්ධ කුමරුන්ගෙන් තම පුතු වී උපත ලබන ලෙස ඉල්ලා සිටීමයි.

වයස අවුරුදු 05දී කුඩා නාගරාජාව කිසිවකු විසින් පැහැරගෙන ගොස් කල්කටාවේ කඩහිමියකුට විකුණා තිබේ. කරුණාවන්ත අයකු වූ ඔහු කුඩා නාගරාජා නිදහස් කොට රිසි ලෙස දිවි ගෙවීමට අවසර දෙන ලදී. මේ අවසරයෙන් ඔහු යෝගීන් කණ්ඩායමකට එක්වී ඔවුන් සමග නොයෙක් ස්ථානවල සංචාරයේ යෙදී ඇත. එලෙස අවුරුදු 10ක් පමණ ඉන්දියාව පුරා සැරිසරමින් කල් ගතකළ නාගරාජා, ඒ කාලය තුළ වේද, පුරණ, උපනිෂද් ආදී හින්දු ග්‍රන්ථ ප්‍රගුණ කිරීමේ යෙදුණේය. හෙතෙම වයස අවුරුදු 15දී ඉන්දියාවේ දකුණු වෙරළ තීරයේ ධනුෂ්කොඩි ග්‍රාමයේ සිට මුහුද හරහා ශ්‍රී ලංකාවට පැමිණ පා ගමනින් කතරගම ශුද්ධ නගරය බලා පිටත්ව ඇත. එකල එය ඉතා දුෂ්කර ගමනක් වූ අතර, තමාගේ පෙර භවයේ නිවහන වූ නිසා කුඩා නාගරාජාට නම් එය යා යුතුම ගමනක් විය.

හින්දු විශ්වාසය අනුව කතරගම යනු දක්ෂිණ කයිලාශකූටයයි. කයිලාශකූටය යනු හිමාල අඩවියේ පිහිටි ශිව දෙවියන්ගේ නිවහන ලෙස සැලකේ. ලෝක සිතියම හිමාල කයිලාශකූටය හා ශ්‍රී ලංකාවේ කතරගම ලකුණුකළ හොත් එම ස්ථාන දෙකම එකම රේඛාවක උතුර හා දකුණට වන්නට පිහිටා ඇති බව දැකිය හැකිය. මෙම රේඛාව මිනිස් සිරුරේ සුෂුම්නාවට සමාන වන අතර, සියලු චක්‍ර හා මානසික ශක්තීන් සුෂුම්නාව හා බැඳී පවතී. කයිලාශකූටය සිරුරේ ශීර්ෂය මත තිබෙන සහශ්‍ර චක්‍රය ලෙස ගතහොත් ස්කන්ධ කුමරු වැඩවිසූ කතරගම මූලාධාර චක්‍රය හෝ සුෂුම්නාව ආරම්භ වන ස්ථානය ලෙස සැලකිය හැකිය. කුණ්ඩලීනී යෝග ක්‍රම පුහුණු වන ඕනෑම අයකු මූලාධාර චක්‍රයෙන් ඒ සඳහා ආරම්භ කළ යුතුය.

පාගමනින් කතරගමට පැමිණි නාගරාජාට තම ගුරුවරයා වූ බෝගර්නාත ඍෂිතුමන් හමුවන්නේ මෙහිදීය. මෙතැන් පටන් දිගු කලක් බෝගර්නාත ඍෂිතුමන් ඇසුරේ රැඳෙමින් ඉතා අසීරු භවනා ක්‍රම රැසක් පුරුදු පුහුණු විය. ඉතා ඍද්ධිමත් ඍෂිතුමකු වූ බෝගර්නාත ඍෂිතුමන් තමා දැන සිටි රහස් රැසක් නාගරාජාට එහිදී උගන්වන්නට යෙදිණි. ඉන් දෙකක් නම් කාලකල්ප හෙවත් අවුරුදු දහස් ගණනක් ශරීරය වියපත් නොවී පවත්වාගෙන යෑමේ ක්‍රමයයි. මහාවතාර් බාබාජී සියවස් ගණනකට පසුවත් තරුණයකු ලෙස දිස්වන්නේ ඔහු එම යෝගී භාවනා ක්‍රම ප්‍රගුණ කර නිසා ඇති බවට නිගමනය කළ හැකිය.

සියලු ශිල්ප ලබාදී අවසානයේ බෝගර්නාත ඍෂිතුමන් විසින් නාගරාජාව තමිල්නාඩුවේ අප්‍රකටව දිවිගෙවන ශිව දෙවියන් විසින් එවන ලදැයි සැලකෙන ඍෂිවරුන් හත්දෙනකුගෙන් කෙනකු වන අගස්තියා නම් බලසම්පන්න ගුරුවරයකු වෙත යොමුකරන ලදී. නාගරාජා සතු ශක්තීන් දකින අගස්තියා ඍෂිතුමන්, ඔහු ඉතා බලසම්පන්න ක්‍රියා කුණ්ඩශීලී ප්‍රාණයාමය නොහොත් වාසි යෝග පුහුණු කරවන ලදී. එය ඉතා උසස් සවිඥානික තත්ත්වයක් ළඟා කරගත හැකි ප්‍රාණයාම භාවනා ක්‍රමයකි. සියල්ල පුරුදු පුහුණු කරවා අවසානයේ අගස්තියා ඍෂිතුමන් විසින් නාගරාජාට හිමාලයේ භද්‍රිනා දේවාලයට පිටත් කරන ලදී. ක්‍රිෂ්ණ දෙවිඳුන් වැඩවෙසෙතැයි සැලකෙන මෙහි ඇති විෂ්ණු දේව ප්‍රතිමාව බාබාජීගේ ස්වරූපයට බෙහෙවින් සමාන බව පැවසේ.

හිමාලයේ ඉතා උස් ප්‍රදේශයක පිහිටා ඇති භද්‍රිනා දෙවොල සමීපයේ උණු දිය උල්පතක් ඇති බවත්, ශීත කාලයේදී එය වටා යෝගීන් ඒකරාශී වන බවත් සඳහන් වෙයි. ඒ වටා පිහිටි කඳුවල යටි කයට පමණක් වස්ත්‍ර ඇඳගත් යෝගී මුනිවරුන් සැරිසරනු දැක ඇති පිරිස්ද වේ. භද්‍රිනා දෙවොල කරා පැමිණි නාගරාජා තම ගුරුවරුන්ගෙන් උගත් භාවනා ක්‍රම ප්‍රගුණ කරමින් තම මනස සහ කය පාලනය කිරීමේ යෙදෙමින් කාලය ගත කළේය. ඉන් පසු තමා ප්‍රගුණ කළ ඉගැන්වීම් සුදුසුම පුද්ගලයන් සොයා ඔවුන්ටද පුහුණු කරවීමේ යෙදෙන්නට විය. මහායෝගීතුමන්ගේ ප්‍රමුඛතම ශිෂ්‍යයකු වන්නේ ලහීරි මහාසායා නම් යෝගීතුමායි.

ඔහු කලින් සඳහන් කළ පරමහංස යෝගානන්දතුමන්ගේ ගුරු වූ ශ්‍රී යුක්තේශ්වරගිරි මුනිතුමන්ගේ ගුරුවරයායි. මහාවතාර් බාබාජීගේ ගෝලයකු වූ ස්වාමි පූර්ණානන්ද විසින් ඔහුගේ ගෝලයකු වූ වෛද්‍ය මුඛර්ජිට පවසා ඇති අන්දමට ස්වාමි පූර්ණානන්ද, බාබාජී ඇසුරේ අවුරුදු කිහිපයක්ම හිමාලය ආශ්‍රිතව දිවිගෙවා ඇත. එසේම ප්‍රසිද්ධ බෙංගාල දාර්ශනිකයකු වූ දේවේන්ද්‍රනාත් තාගෝර් හා ඔහුගේ පුත්‍රයකු වූ සුප්‍රසිද්ධ රවීන්ද්‍රනාත් තාගෝර්ද මහාරිෂිතුමන් ඇසුරේ හිමාල අඩවියේ කල් ගෙවා ඇති බව ඔහු පවසා ඇත.

මෑතක් වන තුරුම විටින් විට මහායෝගීතුමා විවිධ පුද්ගලයන්ට දර්ශනය වූ බවට තොරතුරු වාර්තා වේ. වරෙක එතුමා ලක්නව් දුම්රියපළේ තවත් යෝගීන් කිහිප දෙනකු සමග සිටි බව භාවනානුයෝගී තරුණ යෝගීතුමකු ප්‍රකාශ කර ඇත. ඔහු පවසන පරිදි එතුමා ඉතා ප්‍රභාෂ්වර සිරුරකට හිමිකම් කියූ අතර, එවැනි අයකු තමා මින් පෙර දැක නොමැති බව පවසා ඇත. ඔහු කවරකුදැයි තමාට සිහියට නැගුණේ එතුමා දුම්රියට නැගී පිටත්වූ පසු බව එම යෝගීතුමා ප්‍රකාශ කොට ඇත. තමාට මහාඍෂිතුමන් හඳුනා ගැනීමට නොහැකි වීම ඇතැම් විට එතුමාගේම සිතැඟි පරිදි සිදුවන්නට ඇති බව යෝගිතුමාගේ මතයයි.

තවද පරමහංස යෝගිතුමන්ගේ චරිතාපදානයට අනුව මහාවතාර් බාබාජීතුමන්ට සහෝදරියක් සිටි බවත්, ඇය හිමාල කඳු ආශ්‍රිත ගුහාවක වාසය කරන මහාඍෂිතුමන් මෙන්ම ඉතා සුන්දර සිරුරකට හිමිකම් කියන ඉතා ශාන්ත අයකු බව සඳහන් කර ඇත. වර්තමානය වන විට මහාඍෂිතුමන්ගේ භාවනා ක්‍රම එතුමන්ගේ ශිෂ්‍යයන් හරහා ලොව පුරා ප්‍රචලිත වී ඇත. අවසානයට පරමහංස යෝගානන්දතුමන්ගේ ස්වයං චරිතාපදානයේ එන මහාඍෂිතුමන්ගේ රුවන් වැකි කිහිපයකින් මෙම ලිපිය අවසන් කරමු.

‘ලෝකයේ පවා පුද්ගලික චේතනාවකින් හෝ බැඳීමකින් තොරව තම වගකීම් විශ්වාසවන්තව කටයුතු කරන යෝගීන් සත්‍යාවබෝධයටම මග පාදා ගනී’

‘ඔබ සැකයෙන් හෝ අවිශ්වාසයෙන් පැමිණියේ නම්, එසේ කිරීමට සෑම හේතුවක්ම මා ඔබට දෙන්නෙමි. නමුත් ඔබ ආදරය සොයා පැමිණියේ නම් ඔබ මෙතෙක් දැන සිටි ප්‍රමාණයට වඩා ආදරය දෙන්නෙමි. ආදරය යනු, මේ විශ්වය එකට බැඳ තබන නිශ්චල සමබරතාවයයි.

NELLI TV SL යූටියුබ් නාලිකාවෙන් උපුටාගන්නා ලද්දකි

SendShareShare
Previous Post

මහ රෑ වැව රවුමේ නුවර වැවට පනින්නේ ඇහැලේපොල කුමාරිහාමිද I Sri Lanka Latest News

Next Post

දවසට දහස් ගණනක් පඬුරු අතුරුදන් වන හාස්කම් පිරි කිරිඅම්මා උල්පත I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ හිටපු CID මැදිරියට මානව හිමිකම් කොමිසම යයි! අඩුපාඩු ගොඩයි! හරියට වාතාශ්‍රය එන්නෙත් නෑ! I Sri Lanka Latest News

Load More
මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගැනීම වළක්වන්න ඉල්ලමින් ගෝඨාත් අභියාචනාධිකරණයට යයි!  I Sri Lanka Latest News

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන...

Read more
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ වැඩ බලන්න යයි! PHOTOS I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ඡන්ද කාලෙ ‘මේ පාර අපි මාලිමාවට’ කියලා ස්ටිකර් ගහගත්ත අය මේ පාර බෝඩ් උස්සගෙන ජනාධිපති කාර්යාලය ඉස්සරහට ඇවිත්! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම! පූජිත්ගේ හේමසිරිගේ නඩුව යළි කැඳවන්න ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කරයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර නඩුවක එක තීන්දුවක් ජුලි 31 එනවා! I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අර්බූද ගොඩක් මැද අනුර පළමු කාර්තුවේ ආර්ථිකය ගොඩදාගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.