මෙරට වත්මන් දේශපාලන තත්වය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හි ඉදිරි කටයුතු පිලිබඳ දැනුවත් කිරීමේ අරමුණින් දිස්ත්‍රික්ක කිහිපයක් නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් සමඟ වූ හමුවක් බැසිල් රාජපක්ෂ මහතා ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට මහින්දානන්ද අලුත්ගමගේ, ඒස.බී.දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රිනී පවිත්‍රා වන්නිආරචචි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හි ගරු මහලේකම් සාගර කාරියවසම් යන මහත්වරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමන් ද සහභාගි විය.













