• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනතුරකට ලක්වෙන්න ගිය බස් රථය භික්ෂුවකගේ පිරිත් බලයෙන් නැවතුණු හැටි I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අදත් අපි ඔබට කියන්න යන්නේ පිරිතේ තියෙන විස්මිත බලයෙන් නතර වුණු බස් රථයක් ගැන කතාවක්. එක්තරා ස්වාමින්වහන්සේ නමක් වේයන්ගොඩ ඉඳලා කිරිඳිවැල දක්වා ධාවනය වන ලංගම බස් රථයකට ගොඩවෙනවා. බස් රථය ගමන් ආරම්භ කරලා ටික දුරක් යද්දී එහි වේගය එක් වරම වැඩිවෙනවා. ඒ සමගම රියැදුරා සහ කොන්දොස්තරවරයා කලබලයට පත්වෙනවා.(Sri Lanka Latest News)

සිදුවෙන දේ ගැන නොදැන සිටි මගීන් ඒ ගැන රියැදුරාගෙන් විමසා සිටියා. ‘පැනගන්න පැනගන්න. බස් එකේ බ්‍රේක් වැඩකරන්නේ නෑ. පුළුවන් තැනකින් පැනගන්න…’ යනුවෙන් කෑගසා කියා සිටියා. බසයේ සිටි මගීන් ඒ සමගම මහ හඬින් විලාප දුන්නා. වේගයෙන් ධාවනය වන බසයේ කවුළුවකින් පිටතට පැන්නොත් මොනවා වෙයිද? අතක් පයක් නම් අනිවාර්යයෙන්ම කැඩෙනවාමයි. ඒත් සමහරු පැනගත්තා.

බස් රථයේ පූජ්‍ය පක්ෂය සඳහා වෙන්කර ඇති අසුනේ වැඩසිටි ස්වාමින්වහන්සේ එක් වරම නැගී සිට මගීන්ට මේ විදියට කියා සිටියා.

‘බය වෙන්න එපා. කවුරුවත් පනින්න එපා. අපේ ආරක්ෂාවට තිසරණය තියෙනවා. ඒ තිසරණය සිහිකරන්න. දන්න දන්න විදියට ඔයාලා බුදු ගුණ කියන්න…’

හැමෝගෙම වාසනාවට බස් රථයේ සිටි මගීන්ගෙන් වැඩි දෙනෙක් උන්වහන්සේගේ ඒ අවවාදයට සවන් දුන්නා. ස්වාමින්වහන්සේද මහ හඬින් නමස්කාරය සජ්ඣායනා කළා. සමහර අය ‘ඉතිපිසෝ’ ගාථාව කියනවා. තවත් සමහර අය ‘කරණීය මෙත්ත සූත්‍රය’ කියනවා. සමහරු ‘රතන සූත්‍රය’ කියනවා. ඒ අතර හිටපු ඇතැමෙක් වරද්ද වරද්ද විවිධ ගාථා කියනවා. ඒ විදියට මුළු බස් එකම දහම් ඝෝෂාවක් වුණා.

ආශ්චර්යයි, අද්භූතයි, පුදුමසහගතයි. අධික වේගයෙන් ධාවනය වෙච්ච මේ බස් එක කවුරුත් නොහිතපු විදියට එක් වරම පාර මැද්දේ නතර වුණා. ඒත් එක්කම හැම දෙනාම සාධුකාර දෙන්න පටන්ගත්තා. මේ ආශ්චර්යමත් සිදුවීමෙන් පස්සේ බස් රථයේ හිටපු මගීන් ඉක්මනට බස් රථයෙන් එළියට ඇවිත් මහ පාර මැද්දෙදීම ස්වාමින්වහන්සේට වන්දනා කළා.

සිදුවෙන්න ගිය මහා අනතුරක් නොහිතපු විදියට වැළැක්වුණු එක ගැන පුදුමයට පත්වෙලා රියැදුරා සහ කොන්දොස්තරවරයා මුහුණෙන් මුහුණ බලාගෙන ඉන්නවා. ඔවුන්ව අස්වසපු ස්වාමින්වහන්සේ, ධර්මය අදටත් ජීවමාන බවත්, ඒ කෙරෙහි විශ්වාසය ඇතිකර ගන්නා ලෙසත් පවසා සිටියා.

‘සම්බුදු රජාණන්වහන්සේ ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කරපු ඒ ආශ්චර්යවත් දහම ඒකාන්තයෙන්ම සත්‍යයක්. ඒ සත්‍යයේ ආනුභාවයෙන් හැම දෙනාටම සෙතක් ශාන්තියක්මයි සැලසෙන්නේ. ඒ නිසා වාහනයකට ගොඩවෙනකොට බුදු ගුණ පදයක් දන්නා විදියට හරි සිහිකරන්න. තිසරණයේ බලය ගැන සිහිකරන්න අමතක කරන්න එපා….’ කියලා එදා ඒ ස්වාමින්වහන්සේ බස් රථයේ හිටපු හැම දෙනාටම අවවාද කළා.

ඒ උතුම් දහමේ බලයෙන් ජීවිත කීයක් නම් එදා මහා විනාශයකින් බේරුණාද? මේ සිදුවීම අප හැමෝටම හොඳ පාඩමක්. වාහනයකට ගොඩවුණාම, ගාථාවක්, බුදු ගුණ පදයක්, පිරිත් දේශනාවක් සිහි කරන්න. ගමනක් යද්දී තෙරුවන් වන්දනා කරලා, කරණීය මෙත්ත සූත්‍රය සිහිපත් කරලා දෙවියන්ට පින් දෙනවා නම් කොච්චර හොඳද? යකඩ ගොඩවල් ගැන විශ්වාස කරන්න එපා. කර්මය බලාගෙන ඉන්නේ අපි හැමෝටම නොපෙනෙන තැනක ඉඳන්.

විපාක දෙන්න සුදුසු අවස්ථාවක් එනතුරු. මොන මොන කර්ම අපි සසර ගමනෙදී කරලා තියෙනවද කියලා කවුද දන්නේ? අපි ගමන් කරන වාහනේ ඉන්න අනෙක් අයගේ කර්ම ශක්තිය අපි දන්නේ නෑ. අපි යන වාහනය කොයි තරම් පරිස්සමට ධාවනය කළත්, අනෙක් පැත්තෙන් එන වාහනය පරිස්සමෙන් තොරව ආවොත් මොකද කරන්නේ? ඒ නිසා මරණානුස්සතිය වඩන එක හොඳද නැද්ද? ඒ ගැනත් ඔබ ටිකක් කල්පනා කරන්න.

තුනුරුවන් සිහි කරලා ගමනක් යන එක සුළුකොට තකන්න එපා. පිරිතේ බලය, බුදුගුණ බලය නිසා අනතුරු වැළැක්වුණු සිදුවීම් ගොඩක් අපි පෞද්ගලිකවත් අහලා දැකලා තියෙනවා. මේක එක සිද්ධියක් විතරයි. අපි තුළ තියෙන මාන්නය, දක්ෂකම, පුහුණුවට වඩා, ධර්මය කෙරෙහි විශ්වාසයක් අපි ඇතිකරගන්න ඕනේ. බලවත් කර්ම දෝෂයකින් අනතුරක් සිදුවුණොත් මැරෙන්නම වුණොත් ඒ වෙලාවෙත් මනස්ගාත හිත හිතා අනෙක් වාහනවලට බැණ බැණ ඉන්නවට වඩා හොඳ නැද්ද තිසරණය ගැන හිතන එක. අද කාලේ වාහනවල දාලා තියෙන සින්දු, වීඩියෝ වගේ විප්‍රකාර දේවල් එක්ක බලද්දී කරදරයක් වුණොත් අපේ අවසාන මොහොත මොන වගේ වෙයිද?

ස්වාමින්වහන්සේ නමක් බස් රථයකට ගොඩවෙනවාට පොඩ්ඩක්වත් කැමැති නැති පිරිසකුත් අපි අතර ඉන්නවා. එදා ඒ රියැදුරා අර ස්වාමින්වහන්සේව බස් එකට නංවා නොගත්තා නම් මොකක් වෙයිද? ශ්‍රමණයන්වහන්සේලා දැකීමත් සත්පුරුෂයන්ට මංගල කාරණයක් වෙන්නේ ඒ නිසයි. ඒ නිසා ඔබත් වාහනයකට ගොඩවුණාම බුදුරජාණන්වහන්සේට ජීවිතය පූජා කරන එක පුරුද්දක් කරගන්න. තෙරුවන් වඳින ගාථාවක් හරි සිහි කරන්න. පිරිත් සිහි කරන්න. ඒක ඇත්තටම හොඳ දෙයක්.

මේ ආරක්ෂක ගාථාව සිහි කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා.

‘සබ්බේ බුද්ධා බලප්පත්තා – පච්චේකානඤ්ච යං බලං
අරහන්තානඤ්ච තේජේන – රක්ඛං බන්ධාමි සබ්බසෝ’

මේ ගාථාවේ තේරුම තමයි,

‘බුදුන් සම්බුදු බලයෙන් පසේ බුදුගුණ බලයෙන් රහතුන්ගේද තේජසින් සියලු රැකවරණය වේවා’ කියන එක.

ඒ බුද්ධානුභාවයත්, ශ්‍රී සද්ධර්මයේ ආනුභාවයත්, රහතුන්ගේ තේජසත් ඔබේ ජීවිතයේදීම අත්දකින්න. ඒ සත්‍යානුභාවයෙන් ඔබ සැමට සෙත් වේවා. ඔබ සැමට සියලු රැකවරණය වේවා.

YAKK PRODUCTION යූටියුබ් නාලිකාවෙන් උපුටා ගන්නා ලද්දකි

SendShareShare
Previous Post

මරික්කාර් අයවැයේ හිල් පෙන්වයි! වැය විතරයි! අය හොයාගන්න ක්‍රමය කියලා නෑ! ජාත්‍යන්තරයේ සහාය ගන්න පුලුවන් ජනවරමකින් පත්වෙන ආණ්ඩුවකට විතරයි! ජනතාවගේ පීඩනය නැති කරන්න වහාම මහමැතිවරණය තියන්න! I Sri Lanka Latest News

Next Post

කෙල්ල විකුණලා ටැබා ගහන හාල්පාරු ආදරවන්තයෝ I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.