2024 වසර සඳහා ලංකාවේ ආර්ථික වර්ධනය 5%ක් වන බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවලින් පෙන්නුම් කරන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
පසුගිය වසර 4ක කාලය බලන විට 2021දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4.2%ක ධන අගයක් වාර්තා වූ අතර, 2022දී 7.3% ඍණ අගයක්ද, 2023දී 2.3%ක ඍණ අගයක්ද වාර්තා වේ.
2024 වසරේ ආර්ථික වර්ධන වේගය 5%ක් ලෙස වාර්තා වූ අතර, කෘෂිකාර්මික අංශයේ වර්ධන වේගය 1.2%ක් ලෙසත්, කාර්මික අංශයේ වර්ධන වේගය 11%ක් ලෙසත්, සේවා අංශයේ වර්ධන වේගය 2.4%ක් ලෙසත් වාර්තා වේ.
කෙසේ වුවද කෘෂිකාර්මික අංශය තුළ පවතින උප අංශයන් 17න් 8ක්ම ඍණ වර්ධනයක් 2023 වසර සඳහාද පෙන්නුම් කර ඇත.
එමෙන්ම කෘෂිකාර්මික අංශයේ වර්ධන වේගය 2023ට සාපේක්ෂව පහළ ගොස් ඇති බව පෙන්නුම් කරයි.
තවද සේවා අංශය තුළ වර්ධනය සැලකිය යුතු මට්ටමක් දක්වා ඉහළ නංවා ගැනීමට 2024 වසර තුළදී ද අපොහොසත් වී ඇති බව අදාළ දත්ත විශ්ලේෂණය තුළින් පෙන්නුම් කරනු ලබයි.
කර්මාන්ත අංශය තුළ සැලකිය යුතු වර්ධනයක් 2024 වසර තුළදී පෙන්නුම් කරනු ලබයි.
රටේ ආර්ථිකය වේගයෙන් ඉහළට එසවීම සඳහා කෘෂිකාර්මික, කාර්මික සහ සේවා යන අංශ තුනෙහිම සැලකිය යුතු වර්ධනයක් ඇතිකර ගැනීම සඳහා ක්‍රියා කළ යුතු බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










