රටෙහි ස්ථාවර තැන්පතු සඳහා පොලී අනුපාතිකය මේ වනවිට සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බැවින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සැලකිය යුතු සංඛ්‍යාවක් ආර්ථික වශයෙන් පීඩාවට පත්ව ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සංඛ්‍යාන අංශයේ අධ්‍යක්ෂ, මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය. Sri Lanka Latest News
රජය මගින් ඉදිරිපත් කළ අයවැය මගින් වසර 60ට වැඩි පුද්ගලයන්ගේ මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා රුපියල් මිලියනයක් දක්වා වසරක ස්ථාවර තැන්පතු සඳහා වෙළෙඳපළේ පවතින පොලී අනුපාතයට වඩා වාර්ෂිකව 3%ක අතිරේක පොලී අනුපාතිකයක් ලබාදීමට යෝජනා කොට තිබිණි.
ඒ සඳහා අයවැය තුළින් රුපියල් බිලියන 15ක් වෙන් කිරීමටද යෝජනා කර තිබිණි.
එහෙත් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනු ලබන්නේ 2025 ජූලි මාසයේ සිටය.
මේ නිසා රටේ සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මේ වනවිට දැඩි අපහසුතාවයෙන් ජීවත් වන බව මහාචාර්යවරයා පැවැසීය.
ඇතැම් ඖෂධ වර්ගවල මිල රුපියල් 200කින් පමණ මේ වනවිට ඉහළ යෑම නිසා එම බලපෑමද ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දරාගැනීමට නොහැකි වීම නිසා එය ඔවුන්ගේ ජීවන බලාපොරොත්තු බිඳවැටීමට හේතුවී ඇති බවද සඳහන්ය.
ප්‍රේමලාල් විජේරත්න










