• About us
  • Contact us
Saturday, July 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙහෙම ගොවි ජනතාව බලාගන්න ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නෑ! ගමේ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කරමින් අනුර ගොවියන්ට කරපු දේ ගැන කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

July 11, 2026
in Exclusive
Reading Time: 22 mins read
A A
මෙහෙම ගොවි ජනතාව බලාගන්න ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නෑ! ගමේ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කරමින් අනුර ගොවියන්ට කරපු දේ ගැන කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තඹුත්තේගම, තලාව, ගල්නෑව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි 91,810ක ජනතාවකට සෙත සැළසෙන තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පැවරිණි.Sri Lanka Latest News

චීන සංවර්ධන බැංකුව (CDB) ලබා දුන් සහන ණයක් යටතේ ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය 2022 මැයි මස සිට 2024 මැයි දක්වා කාල සීමාව තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් අතරමග නැවතී තිබුණද, මෙහි ජාතික වැදගත්කම හඳුනා ගනිමින් ශ්‍රී ලංකා රජයේ අරමුදල්ද යොදා ගනිමින් වත්මන් රජය යටතේ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථකව නිම කෙරිණි.

ප්‍රදේශයේ ව්‍යාප්ත වී ඇති කාලීන වකුගඩු රෝගයට පිළියමක් ලෙස ඉදි කෙරුණු මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ප්‍රදේශයේ ජනතාවගේ සමාජ, ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීමටද ඉවහල් වනු ඇත.

මෙමගින් නිවාස ඒකක 25,000ක් සඳහා නව ජල සම්බන්ධතා ලබා දීමට සැලසුම් කර තිබේ.

රුපියල් බිලියන 32ක ප්‍රතිපාදන යටතේ ඉදිකෙරුණු මම ව්‍යාපෘතිය දිනකට ඝන මීටර් 18,000ක ජල පවිත්‍රාගාරයකින්, ඝන මීටර් 1,500ක ධාරිතාවෙන් යුත් ජල කුලුනු 03කින්, කි.මි 12.75කින් යුත් ජල සම්ප්‍රේෂණ නළ මාර්ග පද්ධතියකින්, කි.මි 158කින් සමන්විත බෙදාහැරීම් ජල නළ පද්ධතියකින් සමන්විතය.

මෙහිදි අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා

අද ජනාධිපතිතුමාගේ අතින් විවෘත වූ මේ තඹුත්තේගම ජල ව්‍යාපෘතියෙන් පවුල් ඒකක 25000කට පානීය ජලය සැපයීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 32ක් වැය වී තිබෙනවා. චීන සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කළ මේ ව්‍යාපෘතිය පසුගිය කාලයේ ආර්ථික අර්බුදය නිසා ගැටලු රැසක් ඇතිවී ඉදිකිරීම් අතරමග නැවතුන ව්‍යාපෘතියක්. අපි පසුගිය වසර දෙකේම අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කර තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමේදී රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වුණා. ගොවින් ඊට විරුද්ධව උද්ඝෝෂණය කළා. නමුත් අද මේ ව්‍යාපෘතිය විවෘත වන්නේ රාජාංගනය ගොවි නායකයන්ගේ ආශිර්වාදයත් සමඟයි. අද ඔවුන් මෙතනට සහභාගි වී සිටිනවා. ඔවුන් තමන්ගේ ඉල්ලීම් අපට ඉදිරිපත් කළා. අපි ඒවා ඉටු කරන්න සූදානම්. එකක් තමයි මේ ව්‍යාපෘතියට ජලය ලබා ගැනීම නිසා රාජාංගනයේ ගොවියෝ කිසිවෙකුට ජල හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්න එපා කියන එක. ස්ථිරවම කියනවා එක බිංදුවක්වත් ඒ ගැන සැකයක් තියාගන්න එපා. ගොවි ජනතාවට ජලය නොදී කෘෂිකර්මාන්තයට ජලය නොදී පානීය ජලය සඳහා පමණක් ජලය ලබා ගැනීම සිදු වන්නේ නැහැ. අපි මේ ජලය සම්පාදනය කරන්නෙත් ගොවි පවුල්වලට.

ඒ වගේම ඔවුන් ඉල්ලීමක් කළා යම් හෙයකින් ජල ප්‍රශ්නයක් නිසා වගාවන්ට හානි වුණොත් ඒ සඳහා වන්දි ගෙවන්න කියලා. ඒ ගැනත් කිසි සැකයක් තියාගන්න එපා. පසුගිය කාලේ වෙච්ච සෑම හානියකදීම ගොවි ජනතාවට අත දිගහැරලා වන්දි ගෙවපු රජයක් මේක. නිල්වලා ලවණ බාධකය නිසා ගොවීන්ට පහුගිය කන්න හතකට වූ පාඩුවට අපි රුපියල් කෝටි 120 ක් වන්දි ගෙව්වා. යාන් ඔය ව්‍යාපාරයේ ඉඩම් අත්පත් කරගැනීම සම්බන්ධයෙන් ගැටලු මතුවී තිබුණා. අපි ඇවිල්ලා ඒ ගැටලු විසඳලා ඔවුන්ටත් වන්දි ගෙවීම් කරන්න රුපියල් කෝටි 18 ක් දිස්ත්‍රික් ලේකම් වෙත යොමු කර තිබෙනවා. දිට්වා නිසා හානි වූ ගොවි බිම් වෙනුවෙන් ‌ගොවීන් ලක්ෂ දෙකකට රුපියල් කෝටි 1200ක වන්දි ගෙවලා තියෙනවා. ඒ නිසා ගොවි ජනතාවට යම් කිසි පාඩුවක් සිද්ධ වෙනවා නම් ගොවි බිම් වලට යම් හානියක් සිදු වෙනවා නම්, ඒ වෙනුවෙන් අත දිගහැරලා වන්දි ගෙවන්න සූදානම් ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ.

ඒ වගේම තව ඉල්ලීමක් තමයි මේකට ජලය ගන්නවා නම් ගිනිපෙට්ටි පාලම හදන්න කියන එක. අපි රුපියල් කෝටි 24 ක් වියදම් කරලා ඒ ස්ථානයේ වාහන යන්න පුළුවන් පාලමක් හදනවා. තව ටික දවසකින් ඒ සඳහා මුල්ගල් තියනවා. ඒ වගේම ගිනිපෙට්ටි පාලම ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්ද නැත්නම් අලුතෙන්ම පාලමක් හදන්න ඕනද කියලා සොයා බලන්නත් අපි විශේෂඥ කණ්ඩායමක් යොදවලා පරීක්ෂා කරගෙන යනවා. ඒ නිසා බය වෙන්න එපා, අපි ගොවි ජනතාවට කිසිම හානියක් පාඩුවක් වෙන්න ඉඩ තියන්නේ නැහැ.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරු ඇතුළු පළාතේ මහජන නියෝජිතයෝද, චීන තානාපති Qi Zhenhong මහතා සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නිලධාරිහු, ප්‍රදේශවාසී ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-07-10

SendShareShare
Previous Post

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර බාගෙට හදලා! අම්පාර නාමල්ඔය මාලිමා සභාපතිවයි උප සභාපතිවයි ගමෙන් පන්නයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නිවාස අඩස්සිය සූදානම්! මුලින්ම දාන්නේ කාවද? කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! Sri Lanka Latest News
Exclusive

මේක භයානකයි! ජනාධිපති අධිකරණයට අත දාන්න පටන් අරන්! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආංශික අධීක්ෂණ කාරක සභාවේදී ගොවි ප්‍රශ්න කතා කරන්න ගිය විපක්ෂනායක සජිත්ට ආණ්ඩුවෙන් තහනමක්! එන්න පුළුවන් හැබැයි කතා කරන්න බෑ! I Sri Lanka Latest News

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Exclusive

දුමින්දගේ රත්තරන් තුවක්කු නඩුවත් දිගටම යනවා! I Sri Lanka Latest News

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ඇමැති හර්ෂණට එරෙහිව විශ්වාසභංගයක්! විපක්ෂය අත්සන් තැබීම අරඹයි! PHOTOS I Sri Lanka Latest News

Load More
ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

2026 ජූලි මස 12 වැනි ඉරිදා සිට ඉදිරියට එළඹෙන දින හතක කාලය ග්‍රහ මණ්ඩලය තුළ සුවිශේෂ ග්‍රහ ගෝචරයන් කිහිපයක් සිදුවනු...

Read more
නිවාස අඩස්සිය සූදානම්! මුලින්ම දාන්නේ කාවද? කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! Sri Lanka Latest News

නිවාස අඩස්සිය සූදානම්! මුලින්ම දාන්නේ කාවද? කකුලට දාන විද්‍යුත් වළල්ලක් එනවා! Sri Lanka Latest News

පාර බාගෙට හදලා! අම්පාර නාමල්ඔය මාලිමා සභාපතිවයි උප සභාපතිවයි ගමෙන් පන්නයි! VIDEO I Sri Lanka Latest News

පාර බාගෙට හදලා! අම්පාර නාමල්ඔය මාලිමා සභාපතිවයි උප සභාපතිවයි ගමෙන් පන්නයි! VIDEO I Sri Lanka Latest News

මෙහෙම ගොවි ජනතාව බලාගන්න ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නෑ! ගමේ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කරමින් අනුර ගොවියන්ට කරපු දේ ගැන කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

මෙහෙම ගොවි ජනතාව බලාගන්න ආණ්ඩුවක් ඉතිහාසයේ තිබිලා නෑ! ගමේ ජල සම්පාදන ව්‍යාපෘතිය විවෘත කරමින් අනුර ගොවියන්ට කරපු දේ ගැන කියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහිව මහ පාරේ සටන පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.