• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදටත් අද්භූත හාස්කම් සිදුවෙන ගලපිටගල කන්දේ අබිරහස මෙන්න I Sri Lanka Latest News

November 3, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මානව රූපී ප්‍රතිමාවට පිටසක්වළ ජීවීන් එක්ක තිබුණු සබඳතාව… ගලෙන් කොටපු මිනිස් ප්‍රතිමාව ඇත්තටම කාගෙද?

ලෝකය පුරාම ඉන්න මිනිස්සු විවිධ අවස්ථාවලදී අද්භූත දේවල් ගැන විටින් විට හොයන්න උනන්දු වෙනවා. ඒ නිසාම අපි හිතුවා ලංකාවේ තවත් බොහෝ දෙනෙක් නොදන්න සුවිශේෂ පිහිටීමක් සහිත කුතුහලය පිරුණු හරි සුන්දර ස්ථානයක් ගැන ඔබත් එක්ක කතා කරන්න. මේ සමස්ත පෘථිවියේ පමණක් නෙවෙයි, විශ්වයේ ග්‍රහලෝකවල පවා පාෂාණ කියන දේ ව්‍යාප්ත වෙලා තියෙනවා කියන එක ඔබ හොඳින්ම දන්නවා.(Sri Lanka Latest News)

ලංකාවෙත් විවිධ ප්‍රදේශවල විවිධාකාරයේ ගල් පර්වත පිහිටා තිබෙනවා. ඒක පොදු දෙයක්. පාෂාණ, එහෙමත් නැත්නම් ගල් ආදි මානවයාගේ පටන්ම මිනිසාගේ දෛනික ජීවිතය හා බැඳී පවතිනවා කිව්වොත් නිවැරැදියි. පාෂාණ ගැන කතා කරද්දී ලංකාවේ තියෙන ඉතා සුන්දර ස්ථානයක මිනිස් ඇසට දිස්වන ආකාරයෙන් නිර්මාණය වුණු සුවිශේෂ මානව ප්‍රතිමූර්තියක් සහිත ගලපිටගල ප්‍රදේශය ගැන තමයි මේ ලිපියෙන් ඔබට අද අපි කියන්නේ.

ගලපිටගල කියන මේ සුවිශේෂ ස්ථානය ප්‍රසිද්ධ වෙන්නේ මෙහි තිබෙන ගල් කුටියක මිනිසාගේ මුහුණේ හැඩයට සමාන ප්‍රතිරූපයක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහයක් නිසයි. හැබැයි සම්පූර්ණ මානව රූපයක් මේ ගල් පර්වතයේ නිර්මාණය කරලා නම් නැහැ. කොහොම නමුත් මේ නිර්මාණය මිනිසුන් විසින් නිර්මාණය කළා කියලා තාමත් පිළිගන්න පුළුවන් සාක්ෂි හමුවෙලත් නැහැ.

ඒ නිසාම අපි මුලින් සඳහන් කළා වගේම මේ සම්බන්ධයෙන් නොයෙකුත් අද්භූත කතා නිර්මාණය වෙලා තියෙනවා. මේ සුවිශේෂ ස්ථානය බලාගන්න ඔබත් මේ ප්‍රදේශයට යන්න සූදානමින් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම ගලපිට යාය වත්තට හැරෙන මාර්ගය අසලට එන්න ඕනේ. ඒ මාර්ගය අසලට ආවම වතු යායක් හමුවෙනවා. ගලපිටගල නගින්න නම් මේ වතු යාය කෙළවරක තියෙන බංගලාවෙන් අවසර ගන්නත් සිදුවෙනවා. ඒ වගේම ඇතුළත් වීමේ ගාස්තුත් ගෙවන්න සිදුවෙනවා.

ගලපිටගල කන්ද තරණය කරන්න පටන්ගත්තට පස්සේ එක් පැත්තකින් උඩවේරිය කන්දත්, යකාගේ පඩිපෙළ පිහිටා තිබෙන වීකැපුම කන්දත්, වංගෙඩිගල කඳුවැටියත් බලාගන්න අවස්ථාව තියෙන නිසා මේ ගමන ඒ තරම්ම කර්කශ ගමනක් නෙවෙයි. ඒ නිසාම සොබාවික සුන්දරත්වය පිරිවරාගෙන, ඒ සුන්දරත්වය විඳගෙනම මේ කන්ද තරණය කරන්න ඕනෑම කෙනෙක්ට පුළුවන්.

සාමාන්‍යයෙන් ගලපිටගල කන්දට ළඟාවෙන්න නම් අපි සඳහන් කළ මාර්ගයේ පැය දෙකක පමණ කාලයක් ගතකරන්න සිදුවෙනවා. මේ ස්ථානය සාමාන්‍යයෙන් ඡායාරූපයෙන් දකිනවට වඩා වෙනස් ස්ථානයක් විදියට තමයි පියවි ඇසින් දකින්න ලැබෙන්නේ. ඊට හේතුව මේ පර්වතය හිතනවටත් වඩා විශාලයි. මේක විශාල තනි කළු ගලක්. මේ කළු ගල හා සම්බන්ධ තවත් ගල් කිහිපයක්ම ඒ අවට තිබෙනවා.

සාමාන්‍යයෙන් ගල් පර්වතය අඩි 30ක් පමණ උසයි. වට ප්‍රමාණය අඩි 10ක් පමණ වෙනවා. විශේෂයෙන්ම මුලින්ම මේ ගල් පර්වතය දිහා බලනකොට ගලේ මනුස්සයෙක්ගේ රූපයක් සහ මානව රූපයක් නිර්මාණය කරන්න ගත්ත උත්සාහයක් කියලා හිතාගන්න පුළුවන්. ඒ විදියට නිර්මාණය වෙච්ච මේ මානව රූපී මුහුණ බලාගෙන ඉන්නේ උතුරු දිශාව දිහා.

ගලපිටගල වතු යාය ප්‍රදේශයේ දකුණු පැත්තේ ඉඳන් මේ ගල් පර්වතය දිහා බැලුවොත් නම් ඒක නිකන්ම නිකන් ගල් කුටියක් විදියට තමයි පේන්නේ. ඊට හේතුව මේ ගල් පර්වතයේ මුහුණ උතුරු පැත්තට දිශාගත වෙලා තියෙන නිසා. ගල් පර්වතය නිසා තියෙන මානව රූපී මූර්තියේ නළල ආසන්නයේ යම් දෙයක් සලකුණු කරන්න උත්සාහ දරලා තියෙනවා කියලා දකින බොහෝ දෙනකුට නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් නළලේ මොන වගේ දෙයක් නිර්මාණය කරන්න උත්සාහ කළාද කියන එක පැහැදිලි නෑ.

කඳුකරයේ උතුරු ප්‍රදේශය දිහා බලාගෙන ඉන්න මේ මානව රූපී මූර්තිය මිනිසෙක් විසින් කරන ලද නිර්මාණයක් නම්, එය මේ තරම් උස කඳු මුදුනක නිර්මාණය කළේ ඇයිද කියන එක බොහෝ පුරාවිද්‍යාඥයන්ට පවා මතුව ඇති ප්‍රශ්නයක්. තවත් එක සුවිශේෂ කාරණයක් තමයි අතීතයේ ජීවත් වුණු ආදි මානවයා කඳුකර ප්‍රදේශවලින් ස්වභාවික පරිසරයෙන් සහ ගුවනින් සිදුවෙන්න පුළුවන් උවදුරුවලින් කල් තබා ආරක්ෂා වෙන්න විවිධාකාරයේ ක්‍රම අනුගමනය කරලා තිබෙනවා. ඒ විදියේ අනතුරුදායක අවස්ථාවලින් ආරක්ෂා වෙන්න මේ ආකාරයේ මූර්තියක් නිර්මාණය කරන්න උත්සාහ ගන්න ඇති කියලයි සමහරු විශ්වාස කරන්නේ.

ගලපිටගල පිහිටි මේ අද්භූත නිර්මාණය සම්බන්ධයෙන් තවත් එක් ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අතීතයේ ජීවත් වුණු මිනිස්සු විශ්වාස කරලා තියෙනවා කවදා හෝ දිනෙක තමන්ට පිටසක්වළ ජීවීන්ගෙන් හෝ වෙනත් ග්‍රහලෝකයක ජීවත් වෙන භයානක සතුන්ගෙන් යම් කිසි තර්ජනයක් එල්ල වෙන්න පුළුවන් කියන දේ. ඒ නිසා මේ විදියට වෙනත් ග්‍රහලෝකයකින් එවැනි තර්ජනයක් එල්ල වේවි කියන බයට මේ මූර්තිය නිර්මාණය කිරීමට උත්සාහ කළා කියලත් පේන්න තියෙනවා. හැබැයි පුරාවිද්‍යාත්මක පැත්තෙන් මේ සම්බන්ධයෙන් විශ්ලේෂණය කරද්දී ගලපිටගල තියෙන මේ අපූරු මානව රූපය සම්බන්ධයෙන් වෙනස්ම කතාවක් තමයි ඇහෙන්න තියෙන්නේ.

මීට කාලෙකට කලින් ගලපිටගල වතු යායේ කළමනාකාරවරයෙක් විදියට සේවය කළ අයෙක් අවට ප්‍රදේශයේ සංචාරය කරද්දී වෙනස්ම හැඩයක් තියෙන ගල් කිහිපයක් දැකලා තිබෙනවා. ඔහු මේ ගල අනෙකුත් පාෂාණවලට වඩා වෙනස් ස්වරූපයක් ගත් නිසා ඔහු අන්තර්ජාලය හරහා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බලා තියෙනවා. ඒ අනුව ඔහුට දැනගන්න ලැබිලා තියෙනවා මේවා ගල් කැබැලි නෙවෙයි, උල්කාපාත කැබැලි කියලා.

මේ උල්කාපාත කැබැලි ඔහුට හමුවෙලා තිබෙන්නේ ගලපිටගල පර්වතයට සමීපයෙන්. නමුත් මේ සම්බන්ධයෙන් නැවතත් තහවුරු කරගන්න ඔහු මේ උල්කාපාත කැබැලි රජයේ නියමිත ආයතනයකට භාරදීලා තියෙනවා. මේ සිදුවීම් මාලාවත් එක්ක ඇතැමුන් විශ්වාස කරනවා ගලපිටගල ප්‍රදේශයේ ජීවත් වුණු මුතුන්මිත්තන් අතීතයේ පිටසක්වළ ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වූවා කියන කතාව.

ඊට හේතුව තමයි මේ ගල් පර්වතය නිර්මාණය වෙලා තිබෙන මුහුණට පහළ කුඩා ඇඟක කොටසක් දැකගන්න ලැබීම. බැලූ බැල්මට මේ සමස්ත පර්වතයම කුරු මිනිසකුගේ ස්වරූපයට සමාන බවයි බොහෝ දෙනෙක්ගේ මතය වෙන්නේ. හිස විශාල වුණත් ශරීරය සාපේක්ෂව කුඩා වුණු නිසා කුඩා ජීවී කොට්ඨාසයක් එක්ක අතීතයේ මේ ප්‍රදේශයේ ජීවත් වුණු ආදි මානවයා සම්බන්ධතා පවත්වලා තිබෙන බවයි බොහෝ දෙනෙක් කියන්නේ.

ඒ වගේම මේ ගලපිටගල ප්‍රදේශයේ රාත්‍රී කාලයේ ඉතා පැහැදිලි අහසක් දකින්න ලැබෙනවා. ඒ අහස ඉතා දැකුම්කලුයි. මේ ස්ථානය රූගත කරන ඕනෑම කෙනකුට වුණත් මේ අහස ඉතා සුවිශේෂ ආකාරයෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රදේශයේදී තරු රටා කිහිපයක්ම එක වර බලාගැනීමේ හැකියාවත් තියෙනවා. ඉතින් මේ හැම දේම එක්ක අතීතයේ පිටසක්වළ ජීවීන් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ ස්ථානයක් කියන මතය අද වෙනකොටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන කාරණයක් බවට පත්වෙලා තිබෙනවා. කොහොම නමුත් සමහරු කියන දෙයක් තමයි මානව රූපී මූර්තිය අතීතයේ සිදුකළ යම් කිසි පූජාවක් සඳහා නිර්මාණය කරපු එකක් බව.

මේ කතා සියල්ල අතරේ මේ ස්ථානය අපට පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන, අපේ අතීතයට සුවිශේෂ වටිනාකමක් එකතු කරන ස්ථානයක් විදියට පිළිගන්න අපට පුළුවන්. මේ ප්‍රතිමාව හෙළ ශිෂ්ටාචාරය තුළ ජීවත් වුණු ආදි මානවයාගේ මුහුණක්ද, එහෙමත් නැත්නම් පිටසක්වළ ජීවියකුගේ රුවක්ද, එහෙමත් නැත්නම් යම් පූජා විදියක් සඳහා මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක්ද කියන කාරණයත් අදටත් අබිරහසක්.

ඉතින් ගලපිටගලට යන ඕනෑම කෙනකුට මේ පර්වතය තුළ තියෙන මානව රූපී ප්‍රතිමාව දැක්කොත් අමුතු කුතුහලයක් හිතට දැනෙන්න පටන්ගන්නවා කියන කාරණය නම් රහසක් නෙවෙයි. පර්වතය උඩ තියෙන මේ අසාමාන්‍ය නිර්මාණය සම්බන්ධයෙන් පුරාවිද්‍යා සාක්ෂි සාධක ගවේෂණය කළහොත් ඉතිහාසයට නව කරුණු කාරණා බොහොමයක් එකතු වන බවත් විශ්වාස කරන්න පුළුවන්. කවදා හෝ දවසක ඔබටත් මේ අපූරු ස්ථානයට යන්න අවස්ථාව ලැබුණොත් එහි සුන්දරත්වය පමණක් විඳගෙන, ඒ වටිනා පරිසර කලාපය ආරක්ෂා කරලා එන්න අමතක කරන්න එපා.

SendShareShare
Previous Post

මහාචාර්ය රත්නායකට ලකුණු 82.9යි! මහාචාර්ය අම්පිටියවත්තට ලකුණු 60.9යි! මහාචාර්ය ශාන්තට ලකුණු 60.6යි! රනිල් සබරගමුවේ උපකුලපති තනතුර මහාචාර්ය ශාන්තට ලබා දෙයි! I Sri Lanka Latest News

Next Post

ෂාරුක්ලා විජේලා ජනකාන්ත වුණේ නිහතමානිකම නිසා… එහෙ එහෙම වුණාට මෙහෙ දැන් ජනකාන්තලා නැත්තෙ ඇයි? I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.