• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ෂාරුක්ලා විජේලා ජනකාන්ත වුණේ නිහතමානිකම නිසා… එහෙ එහෙම වුණාට මෙහෙ දැන් ජනකාන්තලා නැත්තෙ ඇයි? I Sri Lanka Latest News

November 3, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිනමා නිළියකගේ හෝ නළුවකුගේ නමට කලින් ජනකාන්ත කියන විශේෂණය හැඳින්වීමක් වශයෙන් යෙදෙන්නේ ඔවුන් සිය ප්‍රේක්ෂකයන්ගේ එහෙමත් නැතිනම් ජනතාවගේ සිත් තුළ යම් කාන්තියක් වැනි හැඟීමක් ජනිත කොට තිබෙන නිසාවෙනි. එලෙසම ජනතාවට ප්‍රිය වන නිසා ‘ජනප්‍රිය’ යන විශේෂණය මෙන්ම ‘ජනහිත දිනූ’ යන හැඳින්වීම් යෙදෙන්නේද ජනතාවගේ සිත් තුළ ඔවුන් විසින් ඇතිකොට තිබෙන ඒ සුවිශේෂ කැමැත්ත හේතුකොට ගෙනය.(Sri Lanka Latest News)

මෙතැනදී ප්‍රවීණ නළුවකුගේ හෝ නිළියකගේ අග්‍රගණ්‍ය බව හෝ අසීමිත දක්ෂතාව ප්‍රේක්ෂක සිත් තුළ ඇතිකොට තිබෙන ගෞරවය එකකි. එය වෙනමම තිබියදී සමහරුන් තම ප්‍රේක්ෂකයන් සමග ඇතිකරගන්නා සමීප බව සහ සොඳුරු කැමැත්ත වෙනමම එකකි. තවත් පැහැදිලිව කියනවා නම් අති දක්ෂතාවන් පිළිබිඹු කරන ඇතැම් නළු නිළියෝ තමා අන් අයට වැඩිය තම වෘත්තීය රංගන ජීවිතය තුළ ඇතිකොට ගෙන තිබෙන හැකියාව සහ විශේෂ සැලකිල්ල නිසා යම් අභිමානනීය බවක් තුළ ජීවත් වෙති. හැසිරීම් රටාවට තම තමන්ගේ සුවිශේෂ වටිනාකම අනුව අසාමාන්‍ය බවක් ආරූඪ කරගනිති. එතැනදී සිම්පල් බසින් කියනවා නම්, ‘මම පොරක්, මට ළං වෙන්න කාටවත් ලේසියෙන් බෑ’ කියන තියරිය ඔවුන් ලෝකයට කියාපාන්නට උත්සාහ ගන්නා අතර එම සීමාව තුළදී වැටක් බැඳ ගනිති.

ජනප්‍රිය නළුකම සහ තමාට හිමිවූ සුවිශේෂ බව නිසා තමාට ඇලුම් කරන ප්‍රේක්ෂකයන් සමග කරට අත දමාගෙන කතාකරන කලාකරුවන් මෙහි අනෙක් පිරිසය. ගමේ කඩේකදී වුවද ඕනෑම හන්දියකදී වුවද ෂූටින් කරන අතරතුර හෝ තමාට ප්‍රිය කරන ප්‍රේක්ෂකයන් සමග කතාබහ කරන්නට, ‘කනවද රටකජු ටිකක්, බොනවද තේ එකක්?’ කියා ඔවුන්ට රට කජු ගොට්ටක් පාන, තේ කෝප්පයක් හදා දෙන්නට හදන බොහෝ සාමාන්‍ය මිනිසුන් සමග හෝ මේ කියන ජනප්‍රිය නළු කුමාරයෝ අවුලක් නැතුව එකට එකතු වෙති. ඒ කාලයේ එහෙමය. ඒ කාලයේ කිව්වේ 70 – 80 දශකවල සහ 90 ගණන්වලත් සමහර අවස්ථාවල එහෙම සිදුවීම් තිබිණි.

ඉහත කී අර පිරිස් දෙක අතර පහසුවෙන්ම දෙන්නට පුළුවන් නිදසුන වන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සහ ඔහුගේ ජනප්‍රිය නළු සම්මානය හිටි අඩියේ තමන් වෙත නිරායාසයෙන්ම හරවාගත් ජනප්‍රිය සහ ප්‍රවීණ නළු විජය කුමාරතුංගය. මාධ්‍ය කලාවට අනුව සසඳා බැලුවත් ගාමිණී ෆොන්සේකාත්, විජය කුමාරතුංගත් දෙපැත්තකට දමන්නට පුළුවන. ගාමිණී එදා ඉන්ටර්විව් එකක් කරන්නට කැමැති වූයේ මාධ්‍යවේදීන් දෙදෙනකු සමග පමණය. ඒ, ප්‍රවීණ කෘතහස්ත මාධ්‍යවේදී එල්මෝ ගුණරත්න මහතා සහ ඒ.ඩී. රංජිත් කුමාර මහතාය. වෙනත් කිසිවකුට මාධ්‍ය කතිකා සඳහා ලෙහෙසියෙන් ඒ දවස්වල ඔහුගේ නිවෙසේ දොර හැරුණේ නැත.

විජය කුමාරතුංග ඊට හාත්පසින්ම වෙනස්ය. ඕනෑම වෙලාවක නවක මාධ්‍යවේදියකුට පවා ඔහුගේ නිවෙසේ දොර ඇරිණි. විජය ජීවත්ව හිටපු කාලේ ස්මාර්ට් ෆෝන් කලාව තිබුණා නම් ඔහුට කොල්ලන් කෙල්ලන් සමග සෙල්ෆි ගෙන ඉවරයක් නොවන බව සහතිකය. නිළියන්ගේ පැත්තෙන් ඒ දවස්වලට අනුව ගන්නවා නම් නිළි රැජින මාලනී ෆොන්සේකා, ශ්‍රියානි අමරසේන සහ ගීතා කුමාරසිංහද නිහතමානී හැසිරීම් රටාවක් පිළිබිඹු කළ ප්‍රවීණයන් ලෙස දැක්විය හැකිය. ඒ කොයික වෙතත් විජය කුමාරතුංග තරමට ප්‍රේක්ෂකයන් හමුවේ නිහතමානී වූ මිත්‍රශීලී කලාකරුවකු තවත් නැති තරම්ය. ගමේ තාලෙට කියනවා නම් එය හැන්දෙ වලඳෙ වැටීමකි.

කොහොමත් විජයගෙන් පසුව,

‘ආ කොහොමද මල්ලි ඉතිං…’ කියන කලාවට කා සමගත් සුහද වූ නළුවන් අතර අද සිටින්නේ රන්ජන් රාමනායක වැනි අයකු පමණය. අද කාලේ අපේ නළු නිළියන් සහ ප්‍රේක්ෂක ජනතාව අතර තියෙන සමීපතාව කොහොම එකක්ද?

ඒ ගැන නම් කතා කරන එකත් කනගාටුදායකය. අනූවෙන් පසුව පැමිණි නළු නිළියන් වාගෙම වසංගතයක්ව තිබෙන ටෙලි කලාව හරහා පැමිණෙන නළු නිළියන්ගේ ද ඇත්තේ අමුතුම ජාතියේ කලාවකි. ඔවුන්ගෙන් ඉන්ටර්විව් එකක් ගන්නා එක ෂාරුක් ඛාන්ලාගෙන් ඉන්ටර්විව් එකක් ගන්නවාට වඩා අමාරුය. මේක් අප් තට්ටුවක් මුහුණේ උලාගන්නා ඔවුහු තම වෘත්තිය තුළ රැඳී සිටීම සඳහා ෆේස්බුක් එක දඩමීමා කරගනිති.

යන හැම ගමන ගැන වාගේම දවාලට රෑට කන බොන විදිය ගැනත් ෆේස්බුක් එකට දමති. සුපිරි හෝටලයකට ගිහින් ‘මම ඔයාව බඳින්න කැමැතියි’ කියලා මුද්දක් දාන තැන ඉඳන් ඩිවෝස් වෙලා රණ්ඩු කරන තැනට වෙනකල්ම ෆේස්බුක් එක හරහා කැම්පේන් කරති. තමාව ජනප්‍රිය නළුවා හෝ නළිය කරන්නැයි කියා කන්නලව් කරන්නට ෆේස්බුක් එක හරහා ගෲප් හදාගනිති. මඟතොට හමුවන ප්‍රේක්ෂකයන්ව තුට්ටුවකට හෝ මායිම් නොකරන මේ අමුතු තාලේ අලුත් නළු නිළියෝ තුළ ප්‍රවීණයන් හමුවේ හැසිරෙන්නේද මහ ජාතියෙනි.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය කතිකාවන් සඳහා පැමිණෙන බොහෝ ප්‍රවීණ නළු නිළියන්,

‘අද අපේ නවකයන් ප්‍රවීණයකුට ගරු කරන්නවත් දන්නෙ නැහැ’ යන චෝදනාව මෑතක සිට නගා ඇත්තේ වරක් දෙවරක් නම් නොවේ. එක්කෙනකු දෙන්නකු හැරුණු කල අලුත් නිළියෝ ඉන්නා තාලය හරි අමුතුය. එය මහම මහා විකාරරූපීය. බලාගෙන යන විට මේ අඳබාලයන් කරපු යමකුත් නැත. මතක හිටින්න කළ රඟපෑමකුත් නැත. අන්තිමේදී ජනප්‍රිය සම්මානය ගන්නට ෆේස්බුක් එක හරහා ලයික් හෝ එස්.එම්.එස්. හිඟාකති. මෙතැනදී මතකයට එන්නේ පහුගිය සිංහල අවුරුදු දවස්වල ජගත් බෙනරගමගේව දාලා ‘නළුවන් ගෙදර, එළුවන් අවුරුදු සාදවල’ කියා කවුදෝ හැදූ පෝස්ටුවය.

ලංකාවේ කලාව එහෙමය. හැබැයි ඉන්දියාවේ නළු නිළියන්ගේ කලාව මීට වෙනස්ය. ඒ වෙනස සඳහා මුලින්ම දැක්විය යුතු ආදර්ශය දෙන්නේ විජයය. තලපති විජය තම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ තමාගේ නළුකම පැත්තක තබාය. අවුරුදු උත්සවයකට එනකොට රෝහලකට එනකොට පාසලකට එනකො ඔහු එන්නේ හැකි පමණ සාමාන්‍ය මිනිහෙකු තාලෙටය. කොටින්ම කියනවා නම් තමා විසින්ම සුපිරි පන්නයට තනා තිබෙන පිළිකා රෝහලට ඔහු යන්නේද ‘මගේ පැමිණීම වෙනුවෙන් රෝගීන්ව කලබල කරන්න එපා. මම හරි සිම්පල් මිනිහෙක්. ඔයාලා මට ඕනෑවට වැඩිය ගරු කරන එක මට වදයක්…’

තලපති විජයගේ හරිම සරල ටෝක් එක එයය. තව්සන්ඩ් ටෝක් හෝ ලොකු සීන් ඔහු ළඟ නැත.

‘ඔබ හරිම නිහතමානී’

කවුරුන් හෝ කියනකොට ‘රැජිනි සර් මට වැඩිය කොයි තරම් නිහතමානීද? මම මේ කොපි කරන්නෙත් ඒ කලාව තමයි’

තලපති විජය ඔහුට ආවේණික අර ලස්සන හිනාව දෙතොලට නගාගෙන කියන්නේ ඔළුව ඇලකරලාය. කිව්වත් වාගෙම ඒ රැජිනි කාන්ත්ගේ කලාවය. රැජිනි ඒ කලාව ඉගෙන ගත්තේ ශිවාජි ගනේෂන්ගෙනි. මැඩ්රාස්වල කොලිවුඩ් පුරවරයෙහි කෝටි ගණන් ඉපයූ සුපිරි තරු වාගෙම අදටත් කෝටි ප්‍රකෝටි ගණන් උපයන සුපිරි තරුද තම ප්‍රේක්ෂකයන් වූ සාමාන්‍ය ජනතාව සමග සුහද මිත්‍රශීලී ගනුදෙනුවක් තුළ පයුරුපාසානම් අදටත් පවත්වති. එලෙසම ඔවුහු තම ආදායමින් කොටසක් සමාජ සේවය සඳහා කැප කරති. මාධ්‍ය සමග සුහදව ගනුදෙනු කරති. ඔවුන්ගේ ඔළුව ලොකු නැත. ලොකු ටෝක් නැත. ෆේස්බුක් මේනියා නැත. බලෙන් ජනප්‍රිය නළු සම්මානය ලබාගැනීමේ රැල්ලට අපේ අලුත් තාලේ සැලුන් නළුවෝ මෙන් තම ගරුත්වය බිලිදී නැත.

ඒ දකුණු ඉන්දියානු කලාවේ මෙතඩ් එකය. උතුරු ඉන්දියානු කලාවේ මෙතඩ් එකත් එහෙමය.

සුපිරි පන්තියේ බංගලා තුනක්ම අයිති ප්‍රකෝටිපතියකු වූ අමිතාබ් හැම මාසයකම තමාට ළැදි ප්‍රේක්ෂකයන් හමුවීම සඳහා කාලය වෙන්කොට ඇත. කොරෝනා උවදුරින් පීඩාවට පත් තම ජනතාව බේරාගැනීමට සහ ඔවුන් වෙනුවෙන් ලක්ෂ ගණනින් මුදල් පරිත්‍යාග කළේය. ශ්‍රමය දානය කළ්ය. තම නිවෙසේ වසර ගණනක් මෙහෙකාරකම් කළ මහලු සේවකයාගේ දෙණට කර තැබීමෙන් මීට වසර ගණනකට පළමුව අමිතාබ් තම නිහතමානීත්වය ලෝකය හමුවේ මොනවට ප්‍රකට කළේය. ඒ වාගෙම දියවැඩියා රෝගීන් වෙනුවෙන් විදේශ ආධාර සහිතව ඔහු ආරම්භ කොට ඇති මහා පරිමාණයේ සායනයෙන් දිළිඳු ජනතාවට අත්ව තිබෙන සේවාව මහඟුය. ඒ රෝගීන්ව හමුවීමට ඔවුන් සමග සුවදුක් කතාබහ කිරීමට මාසයට දවස් දෙකක් මිඩංගු කරන්නේය.

කිං ඛාන් වූ ෂාරුක්ගේ නිහතමානීකම ගැන අලුතින් මොනවට කියන්නද?

ඔහුද බොහෝ විට අනුගමනය කරන්නේ යහපත් සමාජ සේවකයකුගේ දිවි රටාවය. කැපකරු මාපිය ක්‍රමයට දරුවන් සිය ගණනකගේ අඩුපාඩු සපුරන ඔහු තමාට පහර ගසන විරුද්ධවාදීන්ටද හිස නමා ආචාර කරන කලාව අනුගමනය කරන්නේය. ජවාන් හමුවේ තම අණසක නැවතත් පතුරුවන ආඩම්බරකමක් නැති මේ නිහතමානී නළු රජා, රජකු සතුව තිබිය යුතු ඌෂ්ණය පසෙක තබා කූල් එකේ සිය ජීවිතය සහ මිතුදම තමාට ළැදි මිනිසුන් හමුවේ බෙදාගන්නේ ආශ්වාදයෙනි.

බොලිවුඩ් සහ කොලිවුඩ්වල තරු කලාව එහෙම සරල වෙනකොට ලංකාවේ අපේ සැලුන් නළුවන් සීරියස් වෙන එක හරි අමුතු කලාවකි. ඒවා කියන්නට දේකුත් නැත. ඒ හින්දා ඉතින් අනේ කාලේ වනේ වාසේ කියන තාලෙට අපි අපේ තරු කලාව රස විඳින්නට හිත හදාගනිමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අදටත් අද්භූත හාස්කම් සිදුවෙන ගලපිටගල කන්දේ අබිරහස මෙන්න I Sri Lanka Latest News

Next Post

වැඩේ හරි! පොහොට්ටු සංවත්සරයට අද නෙළුම් මාවතේදී මහින්ද-බැසිල්-ගෝඨා ආයෙත් එකට වාඩිවෙයි! කපුකම කළේ කව්ද? VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.