• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාර්ලිමන්ට් ජෝක්ස් අලුත්ම එක බැලුවද? I Sri Lanka Latest News

December 4, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරණ වීරයො දුෂ්ටයො ඔක්කොම එකටජෝකර්ලා වැහි වැහැලා බලන්න හිරිකිත සටන් ජවනිකා…

පහුගිය දවසක පාර්ලිමේන්තුවේ අමුතු දෙයක් වුණා. සනත් නිශාන්ත මන්ත්‍රීවරයා විපක්ෂ නායකගෙ අතේ තිබ්බ කොලයක් ඇදලා ගන්නවා. විවිධ ආකාරයෙන් මේ ඇතිවුණු කලබලය නතර කරන්න උත්සාහ කළත් සාර්ථක වෙන්නෙ නෑ. ප්‍රසන්න රණවීර ඇතුළු පිරිස දිගින් දිගටම ගේමට එනවා. කතානායකතුමාට මේක බේරගන්නම බැරි වෙනවා. අන්තිමට පාර්ලිමේන්තුව කල්තියලා වැඩේ ගොඩෙන් බේරගන්න වෙනවා.(Sri Lanka Latest News)

සනත් නිශාන්තට පාර්ලිමේන්තුව යම් කාලයකට තහනම් වෙනවා. එච්චරයි වෙන්නෙ. ආයෙත් පාර්ලිමේන්තුව පටන් ගන්නවා. කෑකෝ ගහනවා. හූ කියනවා. රණ්ඩු සරුවල් වෙනවා. හෙටත් ඒකම වෙනවා. ආයෙමත් එහෙමම වෙනවා. තාවකාලිකව දඬුවම් ලැබෙනවා. පාර්ලිමේන්තු ලොබියෙ ඉන්න ළමයින්ව අයින් කරනවා, මේ නොහොබිනා හැසිරීම් දරාගන්න බැරි නිසා. මේ රටේ තියෙන උත්තරීතරම ආයතනයක් බව අපිට අමතක නොවුණට ඒ මහත්තුරු සහ නෝනලා ඒක පයිසෙකට මායිම් කරන්නෙ නෑ. ඒක හැම දාම එහෙමයි.

මතකද දන්නෙ නෑ අපේ පාඨකයන්ට අර දවස් පනස් නවයෙ ආණ්ඩු විගඩම. ඒකෙ අධ්‍යක්ෂතුමා එහෙම තාම හොඳින් ඉන්නවා. ප්‍රධාන නළුවයි දුෂ්ටයයි දෙන්නම එක නාට්‍යයක් පෙන්නුවා. විකට නළුවො නං ඕනෑ තරං. අද විකට නළුවො හුඟ දෙනෙක් එදා ඒ නාඩගමේදී රඟපෑවේ මැරයන්ට. කීප වතාවක්ම එක එක විගඩං වුණා. මතකද දන්නෙ නෑ කතානායකතුමා එදා පාර්ලිමේන්තු ආව හැටි. පොලීසියෙ සිය ගානක් එක පේළියට හැදිලා කතානායකට ආරක්ෂාව දීලා තිබ්බා. ඒත් එන්න ඉඩක් දුන්නෙම නෑ. ජොන්ස්ටන් ප්‍රනාන්දු පුටුවකින් ගැහුව අලංකාර දර්ශනය මුළු ලෝකෙම දැක්කා.

සමහර අය අතට අහුවෙන අහුවෙන එකෙන් ගැහුවා. එහෙට මෙහෙට විසිකළා. කතානායක පුටුවෙ බලහත්කාරෙන් ඉඳගත්තා. ඒ පුටුවට වතුර වත්කළා. ප්‍රසන්න රණවීර මිරිස් කුඩු දියකරපු වතුර ගැහුව බව කියවෙන්න ගත්තා. මේ කෙළිසෙල්ලම් මැද කතානායක පාර්ලිමේන්තුවට ආවා අසීරුවෙන්. එදා ඒ විගඩම් බලන්නම අපි හැමෝම පාර්ලිමේන්තු සජීව විකාශය ඉස්සරහ ඉඳගත්තා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිය ගානකගෙ නොහොබිනා හැසිරීම් පුංචි දරුවො ටිකගෙ දඟ වැඩ විදියට සලකන්න අපේ රටේ උගත් බුද්ධිමත් මහජනතාව පුරුදු වෙලා ඉන්න විදිය අපිට ඊළඟ ඡන්ද ප්‍රතිඵලයෙන් තේරුණා. හැබැයි එදා මේ නොහොබිනා හැසිරීම් කිසිම එකකට කිසිම දඬුවමක් ලැබුණෙ නෑ. නිකං ඔහෙ නම්ගම් කිව්වා විතරයි. නීතියෙන් පියවරක් ගත්තෙත් නෑ. දේශපාලනික වශයෙන් ඒ පක්ෂවලින් මොකොවත් කළෙත් නෑ. ඡන්දෙ වෙලාවේ මහ ජනතාව කරපු දේකුත් නෑ. එදා වගේම අදත් මේ අය ගහගන්නවා, මරාගන්නවා.

ඊට කලින් මැතිසබේ යකා නැටුව වාර අනන්තයි. දෙගොල්ලො ගහගෙන ටෙලිෆෝන් කඩලා පිහි ගෙනල්ලා එක පාරක් නාඩගමක් නැටුවා. තවත් පාරක් හාමුදුරුවරුන්ගෙ අරවා මේවා මිරිකලා විකාරයක් වුණා. හැබැයි මේ කිසිම එකකට නිසියාකාර දඬුවම් ලබාදුන් බවක් අපි දැක්කෙ නෑ. පහුගිය කාලය ඇතුළත අජිත් මාන්නප්පෙරුම, සනත් නිශාන්ත වගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව යම් යම් කාලවල තහනම් කිරීම් සිද්ධ වුණු බව ඇත්ත. නමුත් පාර්ලිමේන්තුව කියන උත්තරීතර ආයතනයේ දැඩි ලෙස විනය විරෝධී ලෙස හැසිරෙන මන්ත්‍රීවරුන්ට එරෙහිව යම් යම් නීතිමය පියවර ගත යුතුව තියෙද්දී ඒවා මගහැරුණේ කොහොමද කියන එක අපිට ප්‍රශ්නයක්.

මොකද ඒකට හේතුව මේ අය පාර්ලිමේන්තුවට එන්නේ රට හදන්න, නීති හදන්න මිසක් මංකොල්ල කන්න, කඩාගෙන බිඳගෙන දුවන්න, අනිත් එකාට කුණුහරුපෙන් බණින්න නෙවෙයි. මේ අදාළ සිදුවීම අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහත්තයා යම් කාරණයක් පැහැදිලි කරද්දී ඔහුට පසුබිමෙන් ඇහෙන කතා ඇත්තටම අපිට පත්තරේක ලියන්න පුළුවන් කතා නෙමෙයි.

ඒ වගේම අපි දැක්කා අර ඩයනා මන්ත්‍රීතුමියගේ රණ්ඩුවේ සිද්ධිය අතරතුරේදී ඔවුන් හැසිරෙන ආකාරය. ඔවුන්ගේ හැසිරීම කිසිසේත්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට නෙවෙයි සාමාන්‍යයෙන් ගමේ චණ්ඩියෙකුටවත් ගැළපෙන්නෙ නෑ. මේ වගේ හැසිරීමක් මරණාධාර සමිතියකදිවත් සිද්ධ වෙනවා නම් ඒක අනුමත කරන්න බැරි තරමටම පහත් විදිහට තමයි මේ මන්ත්‍රී මහත්වරු හැසිරෙන්නේ සහ මන්ත්‍රී නෝනාවරු හැසිරෙන්නේ.

ඔවුන්ට මේ විනය ගැන කිසිම තැකීමක් නැත්තේම එයට නිසි දඬුවමක් නොලැබෙන නිසා සහ මොන ජාතියේ වැරැද්දක් කරලා පාර්ලිමේන්තුවට යන්න ඡන්දෙ ඉල්ලුවත් අපේ රටේ ගොන් වහන්සේලා විසින් ඒ අය පාර්ලිමේන්තුවට යවන නිසා. මේකේ තවත් තියෙනවා නරක පැත්තක්. ඒ තමයි මේ අය විනය විරෝධී නම් මේ අය නරකයි නම් ඇයි ඒ ගොල්ලන්ට ටිකට් එක දෙන්නෙ කියලා අපිට අහන්න සිද්ධ වෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ඡන්දෙ ඉල්ලන්න කලින් ඔහුට හෝ ඇයට අදාළ පක්ෂය ලබාදිය යුතුයි ටිකට් එක. ඡන්දය ඉල්ලීමේ වරම.

මේ වරම නොලැබෙනවා නම් මේ කවුරුත් පාර්ලිමේන්තුවේ යන්නෙ නෑ. හැබැයි අවාසනාවකට කිසිම විනය නීතියක් ගැන නොහිතා සම්පූර්ණයෙන්ම තුට්ටු දෙකේ හැසිරීම් තියෙන මිනිස්සුන්ට ටිකට් එක හම්බවෙනවා, පාර්ලිමේන්තු යනවා. ගිහිල්ලා ආයෙත් මේ වගේ පිස්සු නටනවා. හැබැයි ඉවර වෙන පිස්සුවක් නම් නෙමෙයි මේක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ නියෝජිතයෝ විදිහට මේ අය රට හදන්න නම් මහන්සි වෙනවා අපිට පේන්නේ නෑ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘මිජවුම්’ සුළි කුණාටුව ගොඩබිමට ඇතුල්වෙන්න සූදානම්! හවසට මිලිමීටර් 75 ඉක්මවන වැසි! I Sri Lanka Latest News

Next Post

ටෙන්ඩර් දීලත් නැතිව-ටිකට් දෙන්නෙත් නැතිව-බලෙන් සල්ලි එකතු කරන කොළඹ ‘පාකින්’ මාෆියාව! දවසට එක්කෙනෙක් ලක්ෂයක් විතර හොයනවා! පොලිසියටත් ලොකු චෝදනාවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News
Exclusive

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

Load More
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

‘අපගේ රට ඉස්ලාමික රටක්. මමත් මුස්ලිම් ජාතිකයෙක්. ඒ වගේම ඉස්ලාම් ආගමිකයෙක්. ඉස්ලාම් ආගමේ තිබෙන ඉස්ලාමීය නීතිය තමයි ෂරියා නීතිය කියන්නේ....

Read more
අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.