• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපාධියේ බැච් ෆොටෝ එක ගන්න හිටපු දවසේ නිදියහනේ අවසන් ගමන් ගිය හර්ෂ…

October 31, 2022
in Exclusive, News
Reading Time: 6 mins read
A A
උපාධියේ බැච් ෆොටෝ එක ගන්න හිටපු දවසේ නිදියහනේ අවසන් ගමන් ගිය හර්ෂ…
Share on WhatsAppShare on Facebook

අපේ රටේ අනාගතය භාරගන්නට සිටින වටිනා තරුණ ජීවිත දිනෙන් දිනම අපට අහිමි වෙමින් ඇත්තේ ඉතා අකාරුණික අන්දමටයි. මානසික ආතතිය, විවිධ මානසික පීඩාවන් ආදී කරුණු නිසා මෙම තරුණ ජීවිත අහිමි වීම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. එවැනි තවත් සිදුවීමක් පසුගිය 21 වැනිදා අසන්නට ලැබුණේ සබරගමු සරසවියෙන්. එම සරසවියේ ව්‍යවහාරික අධ්‍යයන අංශයේ සිවුවැනි වසරේ ඉගෙනුම ලැබූ කළුතර පරගස්තොට පැල්පොල පදිංචිව සිටි ලසන්ත හර්ෂ ධනංජය සිසුවා නිදි යහනේම අබිරහස් අන්දමට මියගොස් ඇති පුවත පසුගිය 21 වැනිදා මාධ්‍ය මගින් ප්‍රචාරය වුණා. හර්ෂගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නැති බවයි ඒ පිළිබඳ විමර්ශන සිදුකරන පොලිසිය සඳහන් කරන්නේ. මෙය ඝාතනයක්ද, එසේ නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

25 හැවිරිදි මෙම තරුණයා කුඩා කල සිටම අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවටද එක සේ දස්කම් පාන්නට වුණා. අධ්‍යාපනයෙන් සහ ක්‍රීඩාවෙන් ඉහළට ගොස් රටට සේවයක් කිරීම ඔහුගේ බලාපොරොත්තුව වී තිබුණා. ඒත් ඒ සියලු අපේක්ෂාවන් සුන්වී යන්නට ගතවුණේ සුළු මොහොතක්.

පවුලේ එකම පිරිමි දරුවා මෙන්ම පවුලේ වැඩිමහල් දරුවා වුයේත් හර්ෂ. බණ්ඩාරගම ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබූ ඔහු එහි කබඩි කණ්ඩායමේ නායකයා ලෙසද කටයුතු කළා.

හර්ෂ දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීමට යන බව මිතුරන්ට පවසා නේවාසිකාගාරයෙන් පිටව ගොස් තිබුණා. නමුත් ඔහු ගොස් තිබුණේ සිය නිවෙසටයි. පසුගිය 20 වැනිදා හර්ෂ යළිත් සිය නේවාසිකාගාරයට පැමිණ තිබුණේ යතුරුපැදියකින්. ඒ, ඔහු මියයන්ට පෙර දිනයේදීයි. ඔහු පැමිණි පසු මවට දුරකතන ඇමතුමක් දී පවසා ඇත්තේ තමන් සරසවි නේවාසිකාගාරයට පැමිණි බවයි. නමුත් එය තමන් සිය මවට ලබාදුන් අවසාන ඇමතුම බව ඔහු හෝ මව දැන නොසිටින්නට ඇත. එදින මධ්‍යම රාත්‍රිය වන තෙක්ම නිවෙසේ ඇති පරිගණකයේ මතුව තිබූ යම් දෝෂයක් පිළිබඳ සිය සහෝදරිය සමග දුරකතනයෙන් කතාකරන්නටද හර්ෂ කටයුතු කර තිබුණා.
හර්ෂ පසුදා උදෑසන අවදි වන්නට ප්‍රමාද වීම පිළිබඳ නේවාසිකාගාරයේ මිතුරන්ට සැකයක් මතුව තිබුණා. හර්ෂට කතා කළත් ඔහුගෙන් ප්‍රතිචාරයක් නොමැති තැන මිතුරන් කළේ වෙර යොදා හර්ෂගේ සිරුර සෙලවීමයි. එහෙත් හර්ෂගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු තැන හර්ෂ මියගොස් ඇති බව මිතුරන්ට වැටහී ගොස් තිබුණා. ඔවුන්ට අදහාගන්නට නොහැකි වූයේ තමන් සමග පෙරදා රාත්‍රියේ නින්දට ගිය තම මිත්‍රයා මෙසේ මියගියේ කෙසේද යන්නයි. නේවාසිකාගාරයේ අනෙකුත් මිතුරන්ගේද සහාය ඇතිව හර්ෂව කඩිනමින් පඹහින්න ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන යන්නට ඔවුන් කටයුතු කළා. එහිදී ඔහුව පරීක්ෂා කළ වෛද්‍යවරුන් සඳහන් කළේ හර්ෂ මෙලොව හැරගොස් ඇති බවයි.

හර්ෂ නවාතැන් ගෙන සිටි සිංහරාජ නේවාසිකාගාරයේ මිතුරකු වූ යූ.කේ. දිනුක දිල්ශාන් පොලිසියට සාක්ෂි දෙමින් මෙලෙස සඳහන් කළා.

‘මේ මියගිහින් ඉන්නේ මගේ යාළුවෙක් වූ හර්ෂයි. හර්ෂ පසුගියදා ගෙදර ඉඳන් හොස්ටල් එකට ඇවිත් අපිත් එක්ක රෑ කෑම ගත්තා. අපි සියලු දෙනා එකටයි නින්දට ගියේ. පසුවදා අපි නැඟිට්ටත් හර්ෂ නැඟිට්ටේ නැහැ. අපි ඇඟෙන් හොල්ලලා කිහිප සැරයක් කතා කළත් හර්ෂ නැඟිට්ටේ නැහැ. අපි කැම්පස් එකේ අනිත් අයටත් ඒ ගැන කිව්වා. හර්ෂ නැඟිටින්නේ නැති නිසා පඹහින්න ඉස්පිරිතාලෙට අරන් ගියා. ඒත් ඩොක්ටර් කිව්වේ හර්ෂ මෙලොව හැරගොස් ඇති බවයි…’

අනතුරුව මිතුරන් විසින් සමනලවැව පොලිසියට මෙම සිදුවීම පිළිබඳ දැනුවත් කර ඇති අතර, සබරගමුව විශ්වවිද්‍යාලය මගින් හර්ෂගේ මවුපියන්ටද ඒ බව දැනුම් දෙන්නට පියවර ගෙන තිබුණා.

සමනලවැව පොලිස් ස්ථානාධිපති චින්තක විජේසිංහ සහ උප පොලිස් පරීක්ෂක ගමගේ, බළන්ගොඩ මහෙස්ත්‍රාත් බී.කේ.වී. හේෂානි රොද්‍රිගු මරණය සිදුවූ ස්ථානයට පැමිණ පරීක්ෂණ සිදුකළා. නේවාසිකාගාරයේ සහ අවට සැකකටයුතු කිසිවක් හමු නොවූ බවත්, හර්ෂට සරසවිය තුළ හෝ ඉන් පිටත පෙම්වතියක් සිට නොමැති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබුණේ. එසේම ඔහුගේ සිරුරේ බාහිර තුවාල හෝ සීරීම් කිසිවක්ද තිබී නැහැ. හර්ෂගේ මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය 21 වැනිදා සවස සිදුකළද, මරණයට නිශ්චිත හේතුවක් මේ වන විටත් අනාවරණ වී නැහැ. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බළන්ගොඩ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.කේ. සී.කේ. ආරියරත්න මරණය පිළිබඳ විවෘත තීන්දුවක් ලබාදෙමින් හර්ෂගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පියවර ගත්තා.

සරසවියේ උපාධිය සම්පූර්ණ කිරීමට හර්ෂට තවත් තිබුණේ මාස දෙකකට ආසන්න කාලයක්. නමුත් ඒ සිහිනය ජයගන්නට මත්තෙන් ඔහු මෙලොව හැරගියා. උපාධියට පෙනී සිටින සිසුන් කණ්ඩායමේ සමූහ ඡායාරූපය ගැනීමද යොදාගෙන තිබුණේ පසුගිය 23 වැනිදාටයි. නමුත් හර්ෂගේ අවසන් කටයුතු සිදුකෙරුණේද 23 වැනිදාමය.

හර්ෂගේ මේ අනපේක්ෂිත නික්මයෑම ඔහුගේ ආදරණීය මවුපියන්ට සේම සරසවියේ මිතුරු මිතුරියන්ටද වචනයෙන් කිව නොහැකි වේදනාත්මක අත්දැකීමක් වුණා.

වසර හතරකට ආසන්න කාලයක් තමන් සමග එකම සරසවියේ විනෝදයෙන් ගතකළ එකට අධ්‍යාපනය හැදෑරූ මිතුරන්ගේ කර මතින් හර්ෂගේ දේහය පැල්පොල පිහිටි ඔහුගේ නිවෙසට පසුගිය 22 වැනිදා රැගෙන ආවා. හර්ෂගේ මෑණියන් සිය ආදරණීය පුත්‍රයාගේ හදිසි අභාවය පිළිබඳ මෙලෙස සඳහන් කළේ දරාගත නොහැකි ශෝකයෙනුයි.

‘අනේ මට කතා කරන්න මගේ පුතේ… කතා කරන්න. අපිව දාලා ගියාද රත්තරනේ… අනේ මගේ රන් කඳ හිනාවෙලා මා දිහා බලන් ඉන්නවා…’ එලෙස විලාප දෙමින් හඬා වැටුණු හර්ෂගේ මව දුටු බොහෝ දෙනාගේ නෙත්වලට කඳුළු උනනු දැකගන්නට ලැබුණා.

හර්ෂගේ පියාද තම පුතුගේ වෙන්ව යෑම දරාගන්න නොහැකිව හදවතේ කැකෑරෙන වේදනාව පිටකළේ මෙලෙසයි.

‘මගේ පුතා කිසිම ලෙඩක් නැති දරුවෙක්… ඒ වගේ දරුවෙක් එකපාරටම නැති වුණේ කොහොමද…? මේවා වෛද්‍යවරු සාකච්ඡා කරලා මොකක්ද කියලා සොයා බලන්න ඕනේ… දැන් මගේ දරුවා නැතිවුණා. කිසිම අම්මෙකුට තාත්තෙකුට මේ වගේ දුකක් නොවෙන්න ඕනේ. අද තරුණ දරුවෝ අකාලයේ මියයනවා වැඩියි. නැවත නැවතත් වෛද්‍යවරුන්ගෙන් ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්න කියලයි….’

හර්ෂගේ වෙන්ව යාම පිළිබඳ සබරගමු සරසවියේ කබඩි සංගමේ සාමාජිකයන් සිය ශෝකය පළ කර තිබුණේ මෙවැනි සටහනක් තබමින්.

‘සිහිනයක්දෝ මේ තුන්යාමේ
දකිනුයේ අප එකවරේ…
සුමිතුරේ ඔබ අපව තනිකර
ගමන් කෙරුවද සුරපුරේ…
යන්නට බොහෝ දුර
තියෙන්න ඇති….
හීන කොතෙකුත්
හිතේ පොදි බැඳෙන්නට ඇති
ඔබේ සිනහව, ඔබේ කටහඩ
ඔබේ රුව අපේ සිත්තුළ තවම ඇති…
දෛවයේ සරදමින්
උපත පිටුපස
නිබඳ සෙවණැල්ලකි
මරණය…’

හර්ෂගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ධාරානිපාත වර්ෂාව නොතකා විශාල පිරිසක් පැමිණ සිටියා. පසුගිය ඉරිදා (23) ඔහුගේ අවසන් කටයුතු සිදුකළේ පැල්පොල පොදු සුසාන භූමියේදීයි.
හර්ෂගේ ආදරණීය මවුපියන් ඔහුගේ වෙන්ව යෑමේ දුක ජීවිත කාලය පුරාම විඳීවි.

ඒ අම්මලා තාත්තලා කොහොම හිත හදාගන්නද? තරුණ ජීවිතයක් නිකරුණේ අහිමි වීම කිසිවකුට දරන්න බැහැ. ඒ අහිමි වීම දැනෙන්නේ ජීවත්ව සිටින ආදරණීයයන්ට පමණයි.

උසස් අධ්‍යාපනය ලබන සිසුන් කෙරෙහි මවුපියන් මීට වඩා අවධානයෙන් කටයුතු කළ යුතුයි. මට නම් හැඟෙන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න දරුවන් ගෙදරින් මවුපියන්ගෙන් ඈත්ව යනවා. හොස්ටල්වල ජීවිතයෙදී ඔවුන්ට දැනෙන තනිකම, මානසික පීඩනයක් සහ දුක කියන්න කෙනෙක් ළඟ නැහැ. කෑවාද බිව්වාද සොයා බලන්න කෙනෙක් ළඟ නැහැ. තවත් අතකින් විශ්වවිද්‍යාල තුළ නවකවදය දරුණුවට ක්‍රියාත්මක වෙනවා. මේ දේවල් දරුවන්ට ගෙන දෙන්නේ දැඩි මානසික පීඩනයක්. මෙවැනි වාතාවරණයක් තුළ තම දරුවන් කෙරෙහි වෙනදාටත් වඩා අවධානයෙන් කටයුතු කරන ලෙස අපි සියලුම මවුපියන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ට ආදරය කරුණාව ළඟ හිටින මොහොතටත් වඩා අවශ්‍ය බව සිහිතබා ගන්න.

නින්දේදිම වුවත් හෘදයාබාධ ඇතිවිය හැකි බව වෛච්‍ය පරීක්ෂණවලින් දිනෙන් දිනම අනාවරණ වනවා. එවැනි අවස්ථාවල වේදනාව එක්කම කෑගහන්න බැරුව නින්දේදිම ජීවිතය හැර යෑම් සිදුවන්නටද හැකියි.

අද බොහෝ දරුවන් ආහාරයට ගන්නේ විෂ සහිත ආහාර නිසා ලෙඩ රෝගවලට ගොදුරුවන පිරිස වැඩියි. වර්තමානයේ විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ආහාර නිසි ප්‍රමිතියෙන් නැති බවට චෝදනා නැගෙනවා. රජය මේ ගැන අවධානය යොමු කළ යුතුයි. ලංකාවේ ආර්ථික තත්ත්වය නිසා දරුවන්ද දැඩි මානසික පීඩාවකට පත්ව සිටිනවා. දරුවන්ගේ හීන එන්න එන්නම බොඳවී යනවා. දහසක් බලාපොරොත්තු තියාගෙනයි මවුපියන් තම දරුවන්ව විශ්වවිද්‍යාලවලට යවන්නේ. ඒත් ඒ සිහින මෙලෙස බොඳවෙලා යනකොට කොහොමද දරාගන්නේ? මෙලෙස වාර්තා වුණේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබද්දී අපට අහිමි වූ පළමු සිසුවා නොවෙයි. මෙවැනි දරුවන් බොහෝ දෙනෙකු පසුගිය මාස කිහිපයේදීද දිවියෙන් සමුගත්තා ඔබටත් මතක ඇති.

හර්ෂ අපි නොසිතු ලෙසම ඔබ යළි නොඑන්නම යන්න ගිහින්. මතු උපදින භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවායි අපි හදවතින්ම ප්‍රාර්ථනය කරමු…



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ආණ්ඩුව ගැන 90%කටම විශ්වාසයක් නෑ! අලුත්ම සමීක්ෂණ වාර්තාව එළියට එයි!

Next Post

පැය 2 ගානේ දවස් 4ක් ලයිට් කපනවා!

MORE NEWS

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විමල්ගේ සහෝදරයාටත් රට ගමන් යෑම උසාවියෙන් තහනම් කරයි! VIDEO I Sri Lanka Latest News

ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කර රජයට පාඩුවක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සහෝදරයකු වන සරත් වීරවංශගේ...

Read more
ඩොලරය 330ට යයි!

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.