• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ තුවා, වඳ ටොෆි වෙනුවෙන් පෙනී හිටපු අපේ ඥානසාර හාමුදුරුවො පන්සල්වල ලයිට් කපද්දී පේන්න නැත්තේ ඇයි? වඩින්න එළියට අපි ඉන්නෙ කළුවරේ…

September 26, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
වඳ කොත්තු, වඳ බ්‍රෙසියර්, වඳ තුවා, වඳ ටොෆි වෙනුවෙන් පෙනී හිටපු අපේ ඥානසාර හාමුදුරුවො පන්සල්වල ලයිට් කපද්දී පේන්න නැත්තේ ඇයි? වඩින්න එළියට අපි ඉන්නෙ කළුවරේ…
Share on WhatsAppShare on Facebook

පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් බෞද්ධ භික්ෂුවක් වුවද බොහෝ රට වැසියන් උන්වහන්සේ හඳුන්වන්නේ ජාතික සහ ආගම්වාදී දේශපාලනය වෙනුවෙන් පෙනීසිටින හිමිනමක් ලෙසය. සහෝදර ජන කොටසක් වූ මුසල්මානුවන් පිළිබඳ වෛරී අදහස් සමාජගත කරන්නට මුල් වූ මත නිර්මාපකයන් අතර ඉදිරියෙන්ම සිටි බවට චෝදනා එල්ල වූ ඤාණසාර හිමියන් කලක සිට මෙරට පුවත් මවන්නට සමත්වූ චරිතයකි. වාර්ගික සුහදතාව බිඳලන ආකාරයේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම්වලට නිතර දායක වූ බවට චෝදනා එල්ල වූ උන්වහන්සේ පසුගිය කාලයේ ජාතික වශයෙන් වටිනාකමක් සහිත ‘එක රටක් එක නීතියක්’ නම් වූ ජනාධිපති කාර්යසාධක බළකායේද සභාපතිත්වයට පත්කරන්නට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළේය.

ජූලි 09 වැනිදා ජනතා විරෝධය හමුවේ පලා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි පැමිණ සිටී. එහෙත් ඔහු ජනාධිපති පුටුවට නංවා තනි සිංහල ආණ්ඩුවක් හදන්නට යත්න දැරූ ජාතිකවාදී බලවේග තවමත් ආගිය අතක් සොයා ගැනීමට නොමැති තරම්ය. සිංහලේ, රාවණාගේ, මතු නොව බොදු බලයද පෙරට දමා අටවා ගත් අටෝරාසියක් වූ සංවිධාන විසින් කෘත්‍රිම ආකාරයෙන් ඇති කරන ලද උදම් රළ පහර බැස ගියේ ජනාධිපති ගෝඨාභය ජනපති ධුරයෙන්ද, ඔහු සමග සිටි ජාතිකවාදී සංවිධාන සියල්ල කුණු රොඩු ලෙසින් ඈත දියඹට රැගෙන යාමෙනි. ඒ ආකාරයෙන් ආගිය අතක් සොයාගැනීමට නොහැකි ලෙස ජාතික දේශපාලනයෙන් විතැන් වූ සංවිධානයක් ලෙස ඉහත කී පූජ්‍ය ගලගොඩ ආත්තේ ඤාණසාර හිමියන් විසින් ගොඩනගන ලද බොදුබල සේනා සංවිධානය දැක්විය හැකිය.

රාජපක්ෂවරුන්ගේ පලායාමත් සමග ගලගොඩඅත්තේ හිමියන් සහ බොදුබල සේනාව කරළියෙන් බැස ගියද එම පිරිස සිදුකළ ව්‍යසනයන් අතිමහත්ය. ඒවායේ බලපෑම් තවත් දිගු කලකට ශ්‍රී ලංකාවේ වාර්ගික සහජීවනයට අහිතකර බලපෑම් කරනු ඒකාන්තය. සැබැවින්ම ගලගොඩඅත්තේ හිමියෝ රටට චරිතයක් වන්නේ උන්වහන්සේ පළකළ ඉස්ලාම් විරෝධී අදහස් නිසා මිස බෞද්ධ භික්ෂුවක් ලෙස අර්ථයෙන් ධර්මයෙන් කළ අනුශාසනා නිසා නොවේ. ඉතා දිගු කලක් සාමකාමීව ජීවත්වූ සිංහල – මුස්ලිම් ප්‍රජාවන් අතරේ නොහොඳ නෝක්කාඩු වර්ධනය කිරීමට දේශපාලන වුවමනාවන් විසින් මෙහෙයවූ පාර්ශ්වයන් ගණනාවක් උත්සාහ ගනිමින් සිටිනුයේ කලක සිටය. හලාල් ආහාර විරෝධයෙන් ඇරඹි මෙකී මුස්ලිම් විරෝධය දිනෙන් දින වර්ධනය වන්නට විය. ඒ සමගම ඊට නායකත්වය සපයන්නට බොහෝ භික්ෂුන්වහන්සේලා පෙරට එන්නට විය. ඤාණසාර හිමියෝද ඒ අතර වූහ. වඳ කොත්තු, වඳ බ්‍රෙසියර් සහ වඳ සනීපාරක්ෂක තුවා, වඳ ටොෆි පිළිබඳ නොමඟ යවනසුලු පුවත් සමාජගත කරමින් ආරම්භ කළ මුසල්මානු විරෝධය පසුකාලීනව මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාව ඉවත් කරන තැනට දුරදිග යන ලදී.

මේ ආකාරයෙන් සූක්ෂ්ම ලෙස සමාජගත කරමින් සිටි මුස්ලිම් විරෝධය ගාල්ල ගිංතොට, මහනුවර දිගන, අම්පාර සහ දර්ගානගරයේදී පුපුරා ගියේය. මුසල්මානුවන්ගේ දේපළ ගිනිබත් කරන ලද මිනුවන්ගොඩ, කුලියාපිටිය වැනි සෑම ස්ථානයකදීම මෙන්ම ආන්දෝලන්නාත්මක මාතෘකවක් වූ කූරගල පුදබිම සම්බන්ධ සිදුවීමේදීද ගලගොඩ අත්තේ ඤාණසාර හිමියෝ සහ උන්වහන්සේගේ නායකත්වයෙන් යුත් බොදුබල සේනාවේ නම් කියවුණි. පාස්කු ප්‍රහාරය සමග ලංකාවේ මුස්ලිම් විරෝධය තවත් ඉහළට ගෙන යන්නට විය. මුස්ලිම් පල්ලිවලට හමුදා පොලිස් නිල සුනඛයන් දමා පරීක්ෂා කරන තැනට කටයුතු දුරදිග ගියේය. පල්ලිවලින් සොයාගත් කඩු කිණිසි දිනපතා මාධ්‍ය ඔස්සේ ප්‍රදර්ශනය කරන්නට විය. එසේ සොයාගත් අවි ආයුධවලට කළේ කුමක්ද, නඩු පැවරුවේද කියා අද නිකමටවත් කිසිවෙක් විමසන්නේ නැතත්, එදා ඊට ලබාදුන් ප්‍රසිද්ධිය අතිමහත් විය. සිංහල බෞද්ධ මවුවරුන් 4,000ක් වඳ බවට පත්කළ බවට කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆී සහාබ්දීන්ට චෝදනා නැඟෙන්නේ මේ අතරය. ඒ වන විට ලංකාවේ බහුතරය වන සිංහල බෞද්ධයන් මුසල්මානු ප්‍රජාව ඉලක්ක කර වෛරී ක්‍රියාවන් සිදුකරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවා අවධානයට යොමුවෙමින් පැවතිණි.

ඤාණසාර හිමිගේ මුස්ලිම් විරෝධයෙන්, ජීවත්ව සිටිනා මුසල්මානුවන් පමණක් නොව, මියගිය අයද බැට කෑ බව රහසක් නොවේ. රජය විසින් පත්කළ විද්වත් කමිටුවකින් පවා කොරෝනා ආසාදිත මුස්ලිම් දේහ භූමිදානයට අවසර ලබාදෙද්දී ඤාණසාර හිමියෝ ඊට අඛණ්ඩව බලපෑම් කරන ලදී. මුසල්මානු සමාජයේ පවතින ආගමික සම්ප්‍රදායට අනුව දේහයන් භූමිදාන කිරීමේ සම්ප්‍රදායට බලපෑම් කරනු වස් ඤාණසාර හිමියෝ එදා දැඩි සේ දායක වූහ. ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රමුඛ ආගමික සහ වාර්ගික මතධාරීන්ගේ ඉස්ලාම් විරෝධය නිසා ශ්‍රී ලංකාව අතීතයේ පටන් අරාබි ලෝකය සමග පවත්වාගෙන ආ හොඳ හිත බිඳ දමන්නට සමත් විය. අද වන විට බරපතළ ඉන්ධන අර්බුදයක රට සිරවී සිටියද එක තෙල් බිඳුවක් අපට නොදෙන තැනට අරාබි ලෝකය විරසක වන්නට හේතුව පසුගිය වසර තුන හතරක කාලය තුළ මෙරට ක්‍රියාත්මක වූ මුසල්මානු විරෝධය මිස අනෙකක් නොවේ. ඉතා දිගු කලක් අරාබි රටවල් සමග හොඳ හිත පවත්වාගෙන යමින් සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පවා දේශීය වශයෙන් සිය පැවැත්මට මහෝපකාරී වූ සිංහල බෞද්ධ ප්‍රසාදය ගැන පමණක් සිතා ඤාණසාර හිමියන්ගේ මුස්ලිම් විරෝධය නතර කරන්නට කටයුතු නොකිරීම බරපතළ අඩුපාඩුවකි. පලස්තීනයට සහ ඊශ්‍රායලයට එකම සංචාරයක් අතරතුර ගොඩවදින්නට තරම් උපාය ශීලීවූ මහින්ද රාජපක්ෂට, ඤාණසාර හිමි ප්‍රමුඛ පිරිස වාර්ගික සුහදතාව බිඳලමින් ගෙන ගිය විනාශකාරී පිළිවෙත නතර කරන්නට වුවමනාවක් නොතිබීම පුදමසහගතය.

ඤාණසර හිමි‍යෝ රාජපක්ෂලා වෙනුවෙන් දේශපාලනය කළ බව ප්‍රකට කරුණකි. එහි දේශපාලනය වෙනුවෙන් උන්වහන්සේ ඕනෑම පාර්ශ්වයකට අභියෝග කරන්නට දෙවරක් සිතුවේ නැත. රාජපක්ෂවරුන්ගේ දැඩි වෛරයට ලක්වූ අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැළිගොඩගේ බිරිය සන්ධ්‍යා එක්නැළිගොඩ, ඤාණසාර හිමිගේ දැඩි වෛරයට ලක්වූයේ උන්වහන්සේගේ රාජපක්ෂවාදී දේශපාලනය නිසාමය. මෙහිලා අප බරපතළ ලෙස සැලකිව යුතු වන්නේ ඤාණසාර හිමි, සන්ධ්‍යා එක්නැළිගොඩට ‘කොටි ගැහැනිය’ ලෙස පරිභව කිරීමත්, ඇය වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥයාට ‘නපුංසක නීතිඥයා’ ලෙස අපහාස කිරීමත් නිසා පමණක් නොවේ. උන්වහන්සේ එසේ කළේ රටක සිවිල් සමාජය පූජාසනයක් ලෙසින් සලකන ස්ථානයක වීමද අපේ අවධානයට යොමුවිය යුතුය. සැබැවින්ම ඤාණසාර හිමියෝ සන්ධ්‍යා එක්නැළිගොඩට තර්ජනය කරනුයේ හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ විනිශ්චය ආසනය ඉදිරිපිටදීය. ඒ වන විටත් මහෙස්ත්‍රාත්වරයා නඩුව විමසමින් සිටි අතර, බලහත්කාරයෙන් අධිකරණ ශාලාවට කඩාවැදුණු ඤාණසාර හිමියෝ හුදු තර්ජනය කිරීමෙන් නතර නොවී අධිකරණයේ කටයුතුවලට බාධා කිරීමත් එහි ගෞරවයට අපහාස කිරීමක්ද සිදුකරන්නේය. 2016 ජනවාරි මස 25 දින හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයේ සිදුවූ මෙම සිද්ධිය හෝමාගම මහෙස්ත්‍රාත්වරයා වූ රංග දිසානායක විසින් අභියාචනාධිකරණයට පැමිණිලි කරන ලද අතර ඒ පිළිබඳ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් ඤාණසාර හිමියන්ට වසර 06කින් ගෙවීයන පරිදි වසර 19ක සිර දඬුවමක් නියම කරන ලදී. එකී සිරදඬුවම විඳිමින් සිටි ඤාණසාර හිමියන්ට ජනාධිපති සමාව පිරිනමන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරන ලද්දේය.

මෙහිලා වඩාත් පුදුම උපදවන කරුණ වනුයේ අධිකරණ පද්ධතියට එතරම් දරුණු අපහාසයක් කර වැරැදිකරුවෙක්වී සිර දඬුවම් විඳිමින් සිටි ගලගොඩ අත්තේ භික්ෂුව නීතිය පිළිබඳ ජනාධිපති කොමිසමක සභාපතිත්වයට පත්කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කිරීමය. ඒ, එක් රටක් එක් නීතියක් සඳහා වන ජනාධිපති කොමිසමය. සිය ඉස්ලාම් විරෝධයේ මූලාරම්භයේ සිටම ඉස්ලාමීය නීතියට එරෙහිව කටයුතු කළ අයකු වන ඤාණසාර හිමි වැන්නකුට මෙවැනි තනතුරක් භාරදීම හොරාගේ අම්මාගෙන් පේන ඇසුවාට දෙවැනි නැති බව මෙරට සිහි බුද්ධිය ඇති ජනයා පවසති. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක තේසවලමේ නීතිය, උඩරට නීතිය වැනි නීති ක්‍රම පිළිබඳ නිහඬව පසුවෙමින් මුස්ලිම් නීතිය පමණක් වෙනස් කරනට යෝජනා ගෙන ආ පිරිසෙන් කෙනකු වූ ඤාණසාර හිමියන් විසින් සකසන ලද එක රටක් එක නීතියක් යෝජනාවලිය නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉතිහාසයේ කුණු කූඩයට එක් කරන බව නම් ඒකාන්තය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අධිආරක්ෂිත කලාප ප්‍රකාශ කිරීම රාජ්‍ය රහස් පනතෙන් කරන්න බෑ! ජනතාවගේ මූලික අයිතිවාසිකම් අමුඅමුවේ උල්ලංඝනය කිරීමක්! වහාම අස්කරගන්න! මානව හිමිකම් කොමිසම ආණ්ඩුවට දැනුම් දෙයි!

Next Post

ජපානයේ ඉන්න ලාංකිකයෝ විරෝධතා ආරම්භ කරයි!

MORE NEWS

බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

Load More
බද්ද 14%කින් අඩු කරගැනීම හොඳයි! හැබැයි 30%ක් වැඩියි! අපනයන කඩාවැටීමේ අවදානමක් තියෙනවා! ඒ වගේම අමෙරිකාව අපේ ආයෝජකයන්ට කතාකරනවා! ඒ ආයෝජකයො අමෙරිකාවට ගියොත් අපේ ආර්ථිකය කඩන් වැටේවි! රස්සා නැතිවේවි! ඒ නිසා ආයෝජකයන්ට සහන දෙන්න වේවි! ඒ වගේම අපි චීනය-ඉන්දියාව-රුසියාව එක්ක වැඩිපුර ගනුදෙනු කරන්න ගියොත් තවත් 10%ක අමතර බද්දක් වැටෙනවා! ඒ නිසා ආණ්ඩුව රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරන්න ඕනෑ! IMF එකත් එක්ක වහාම කතා කරන්න! මහාචාර්ය අමින්ද මෙත්සිල 30%ක බද්දේ කවුරුත් නොදකින පැත්ත පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මහබැංකුවේ තීරණයෙන් රට තවත් අමාරුවේ? VIDEO I Sri Lanka Latest News

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...

Read more
ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවෙ විතරක් නෙමෙයි ලංකාවෙ ගොවියොත් පාරට බහින්න වගේ යන්නේ..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ හැමෝම සලේ ගැන කතා කරද්දී නාමල් ජවිපෙ ජාතික ලයිස්තුවේ හිටපු මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ තාත්තා ඊබ්‍රහිම් ගැන කතා කරයි! I Sri Lanka Latest News

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය විරුද්ධ වුණා..! මහාධිකරණ නීතීඥ සංගමය විරුද්ධ වුණා..! කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරු විරුද්ධ වුණා! ආණ්ඩුව රිවස් වුණා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.